IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පිළිකා රෝගීන්ට හිසකෙස් දන්දෙන පිංකම

 

‘‘ආරෝග්‍යා පරමා ලාභා’’ යන්න බුදු වදනේ එන නිරෝගීකම පිළිබඳ ලබා දෙන කදිම විග්‍රහයකි. රජෙකු වුවත් ලෙඩකු වෙතොත් පලක් නැතැයි ජන වහරේ කියැවේ. නීරෝගීව ජීවත්වීමට අපි සැවොම කැමැත්තෙමු. නමුත් කවර හෝ හේතුවක් නිසාවත් රෝගීවීම යනු කායිකව මෙන්ම මානසික සහනයට ද බරපතළ බලපෑමකි.  


පිළිකාව වැනි රෝගයක් වැලඳුණු අයෙක් කෙතරම් චිත්ත පීඩාවට පත්විය හැකිද? මරණය සමඟ සෘජුවම ගැටෙන්නට ඔවුන්ට සිදුවීම මෙහි ඇති එක්තරා දුක්ඛිත තත්ත්වයකි.  


එබඳු රෝගීන්ට සුවසෙත සැලසීම අප කා අතින් හෝ සිදුවිය යුත්තක්ද වේ.  


එවැනි සද්ක්‍රියාවක් කිරීමට අදහසක් පහළ වූ කතානායක කරු ජයසූරිය මැතිතුමාගේ දියණිය වන වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය මේ වන විටත් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.  


ඇයගේ නැගණිය වූ ඉන්දිරා ජයසූරිය පිළිකා රෝගයෙන් පීඩා විඳ මරණයට  පත්වූවාය. ඇය ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙද්දී ඇගේ හිසකෙස් ඇයට අහිමි වූයේ ද බලා සිටිද්දීමය. ඒ කාලයේ ඇයට භාවිත කරන්නට විග් එකක් සැදූ නමුත් ඇයට එය පළඳින්නට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ ඇයට ජීවිතයෙන් සමුගන්නට සිදු වූ නිසාය.  


නමුත් එම ‘විග්’ එක ලංකාවට ගෙනැවිත් හිසකෙස් නැතිව පිළිකා රෝහලේ අඬ අඬා සිටි දරුවකුට පරිත්‍යාග කර තිබෙන්නේ ද ඒ දරුවාගේ හිසට සහනයක් ලබා දෙමිනි.  


ඒත් සමඟම පිළිකා රෝගීන්ට විග් ලබාදීමේ සද්ක්‍රියාවක් සම්බන්ධ අදහසක් පහළ වූ බවද වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය පවසන්නීය.  
‘‘ඉන්දිරාගේ සෙනෙහ - Indira's Love’’ යනුවෙන් ආරම්භ වුණු මේ වැඩකටයුත්ත පිළිබඳ වැඩි විස්තර ලංකා ජයසූරිය මහත්මිය ‘‘ඉරිද‌ා ලංකාදීප’’යට පැවසුවේ මෙලෙසිනි. 

 

 

මොකද්ද මේ වැඩකටයුත්ත?  
2016 නොවැම්බර් මාසෙ කතානායකතුමාගෙ පොඩි දියණිය, මගේ නැගණිය අවුරුදු 40දී පිළිකා රෝගය වැලඳී මිය ගියා. ඒ මියයෑමත් සමඟ අපි වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහත්මයා සමඟ එකතුවෙලා ‘‘පිළිකා සරණ භාරය’’ නමින් වැඩසටහනක් ආරම්භ කළා. වෛද්‍ය සමාධි රාජපක්‍ෂ අවුරුදු පහළොවකට අධික කාලයක් තිස්සේ ''Cancer Care Association''හි ලොකු වැඩකොටසක් කරපු කෙනෙක්. ඒ හරහා තමයි මේ සංවිධානය පිහිටෙව්වේ.  


පිළිකා රෝගීන් වෙනුවෙන් කෙස් කළඹෙන් කොටසක් දන්දීමේ ව්‍යාපෘතිය මොකද්ද?  
අපි ලංකාවේ පිළිකා තත්ත්වය ගැන විශ්‍්​ෙල්ෂණයක් කළාම දැනගන්න ලැබුණා ගොඩක් දුරට පිළිකා ධුරක ඖෂධයක් විද්දම පළමුවෙනි මාත්‍රාවෙන්ම කෙස් කළඹ අහිමිවෙන බව, සාමාන්‍යයෙන් කාන්තාවකට වරලස, කොණ්‍ඩය කියන දේ ඉතාමත් වැදගත් පංච කල්‍යාණයේ වටිනා අංගයක්නෙ. කාන්තාවන් කොහොමත් බාහිර පෙනුම ගැන ගොඩක් උනන්දුයි. රැකියාවල නිරතවෙන අය කොහොමත් ඒ ගැන ගොඩක් හිතනවා.  


ලංකාවේ පිළිකා ​අතරින් කාන්තාවන්ට වැඩිපුරම තියෙන්නෙ. පියයුරු පිළිකාව. මගෙ නැගණියට තිබුණෙත් පියයුරු පිළිකාවක්. ඉතින් ඒකත් එක්කම අපිට හැඟුණා පිළිකා රෝගී කාන්තාවන් වෙනුවෙන් විග් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළොත් හොඳයි කියලා. හිසකෙස් නැතිවීමෙන් මානසිකව ඇද වැටෙන තත්ත්වයකුත් තියෙනවනෙ. ඉතින් මීට පෙර මෙවැනි වැඩපිළිවෙළක් තිබිලත් නැති නිසා තමයි මේ වැඩකටයුත්ත ක්‍රියාත්මක කළේ.  


මේ අලුත්ම වැඩකටයුත්තක් මුල්වරට ලංකාවේ සිදුකරන?  
ඔව්, මේ ලංකාවේ මුල්වරට සිදු කරන දෙයක්. ලෝකෙ බැලුවම මෙවැනි වැඩසටහන් තියෙනවා. අපි දැනගත්තා ලංකාවේ කාන්තාවන් වුණත් ගොඩක් දුරට ඒගොල්ලන්ගෙ කෙස් කළඹ කපලා ඒවා ඇමරිකාව හෝ එංගලන්තය වැනි රටවල්වලට යවනවා. පිළිකා රෝගීන්ට විග්ස් හදන්න. නමුත් ඒවා පිළිකා රෝගීන්ට ලබාදෙන්නෙ යම්කිසි සහනදායී මිලකට. නොමිලේ විග්ස් ලබාදෙන වැඩසටහනක් ලෝකෙ කොහෙවත් නෑ. අපි මේ දේ කරන්නෙ නොමිලේ. නමුත් විග් එකක් කියන්නෙ සෑහෙන්න වටිනා දෙයක්.  


විග් එකක වටිනාකම කීයද?  
එක විග් එකක් හදන්න ලක්‍ෂ දෙකක් පමණ වෙනවා. නමුත් අපේ පිළිකා සරණ භාරයට ස්වභාවික හිසකෙස් සැපයීමෙන් පසුව රුපියල් විසි පන්දහසක සහන මිලකට සකසන ලද කෙස් කළඹක් පිළිකා සරණ භාරය වෙත සපයන්නට ලලිත් ධර්මවර්ධන මහතා එකඟ වුණා. රමණි ප්‍රනාන්දු සැලෝන් ආයතනය ඒකාබද්ධව තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ.  


ඇත්තටම ස්වභාවික කොණ්‍ඩ කියන්නෙ ඉතාමත් මිල අධික දෙයක්. හිසකෙස් මිලිග්‍රෑම් 500ක මිල රුපියල් (70,000) හැත්තෑදහසක් පමණ වෙනවා. ඉතින් මේ වැඩසටහන ආරම්භ කළාට පසුව සෑහෙන පිරිසක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. තමන්ගෙ හිසකෙස් දන් දෙන්න.  


ඒ සඳහා රමණි ප්‍රනාන්දු මහත්මිය ඇයගේ ආයතනය හරහා හිසකෙස් කැපීම සිදු කරනවා. ඒ සියල්ලම ඇය නොමිලේ තමයි සිදු කරන්නෙ. අද වෙද්දී එතුමියගේ සියලු ආයතන (Ramani Fernando Salon) වල පිළිකා රෝගීන් සඳහා හිසකෙස් දන්දෙන්නන්ගේ කෙස් භාරගැනීම සිදු කරනවා.  


ඒ වගේම මේ ක්‍රියාවේදී ලලිත් ධර්මවර්ධන මහතා මේ ලබාදෙන හිසකෙස්වලින් විග්ස් හදන්නෙ. ලංකාවෙ මිනිස් හිසකෙස්වලින් විග් හදන එකම පුද්ගලයා ඔහු තමයි. ඉතින් මේ විග් එකක් හදන්න සාමාන්‍යයෙන් දවස් 14, 15ක් වගේ වැය වෙනවා. නමුත් ඔහු ඉතාම නිහතමානීව මේ ක්‍රියාවලියට සම්බන්ධ වුණා. මේ වැඩසටහන අපි ආරම්භ කළේ‍ ඉකුත් 20 වැනි දා මේ වෙද්දී අපි විග්ස් 3ක් ලබාදීලා තියෙනවා. මේ වෙද්දී ඉල්ලීම් රාශියක් ද අපිට ලැබිලා තියෙනවා.  


මේ තත්ත්වය සිදු කරනු ලබන්නෙ මේ රෝගීන්ගෙ මානසික සුවය සඳහානෙ. ඉතින් මේ විග්ස් ලබාදුන් රෝගීන් මොනවගේ ප්‍රතිචාරයක් ද දැක්වූවේ?  
ඇත්තටම ගොඩක්ම සතුටු වුණා. අපිට හිතන්නත් බැරි තරමේ ප්‍රශ්නවලට ඔවුන් මුහුණදෙනවා තමන්ගෙ හිසකෙස් නැතිවුණාම මේ හේතුව නිසා ඔවුන් මානසික වශයෙන් පීඩාවට පත්වෙනවා. ගොඩක් අය විවෘතව කියන්න කැමතිත් නෑ. තමන්ට පිළිකාවක් කියලා. ඉතින් අපිට හරිම සතුටුයි. මේ වගේ උදව් කරන්නට ලැබීම ගැන. අපිට පෞද්ගලිකව ඒ අයගෙ විස්තර කියන්න අමාරුයි. මොකද ඒකට එයාලා කැමැති නෑ.  


ඉතාමත් කැමැත්තෙන් ඒ අය විග්ස් අරගෙන හිසකෙස් දන් දුන්න හැමදෙනාටමත් ගොඩක් කෘතඥපූර්වකව තමයි ඒවා ලබා ගත්තෙ. ඉතින් මේ වගේ උතුම් සද්ක්‍රියාවකට සම්බන්ධ වෙන්න ලැබීමත් සතුටට කාරණාවක්.  


මේ සඳහා හිසකෙස් දන්දෙන්න කොයිතරම් පිරිසක් දායක වුණාද?  
මේ දිගටම ව්‍යාප්තවන වැඩසටහනක්. අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා රමණි ප්‍රනාන්දු මහත්මිය සහ ලලිත් ධර්මවර්ධන මහතා සමග. අවුරුද්දක කාලයක්. නමුත් අපි මේ දේ දිගටම කරගෙන යනවා.  


මේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට පෙර 150 වගේ පිරිසක් දායක වෙලා හිටියා. තවමත් දිගටම අපිට ඇමතුම් එනවා. හිසකෙස් දන්දීමට. ඉතින් අපි කියන්නෙ තමන්ගෙ හිසකෙස් දන්දෙන්ට කැමැතිනම් ළඟම ඇති ‘‘රමණි ප්‍රනාන්දු සැලෝන්’’ ආයතනය සමඟ සම්බන්ධ වෙලා ඒ පිළිබඳ වැඩි විස්තර කතා කරන්න පුළුවන්. ඒ වගේම 0112363211 දුරකථන අංකයට ඇමතුමක් ලබාදීමෙන් ද විස්තර ලබාගත හැකියි.  


හිසකෙස් දන්දීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ගැනත් කතා කළොත්?  
කොණ්ඩයක් සෑදීමට අවම වශයෙන් පෝනිටේල් 8-15 පමණ අවශ්‍යයි. හිසකෙස් අවම වශයෙන් අඟල් 8ක් වත් දිග විය යුතුයි. පරිත්‍යාග කළ හැකි හිසකෙස්වල උපරිම දිග පිළිබඳ සීමාවක් නැහැ.  


පරිත්‍යාග කිරීමට පෙර හිසකෙස් තෙල්, හෙයා ස්ප්‍රේ, මූස් හෝ වෙනත් ආලේපනවලින් තොරව පිරිසිදුව තිබිය යුතුයි. ඒ නිසා හිසකෙස් කැපීමට දිනකට පෙර හිසකෙස් ෂැම්පු හා කන්ඩිෂනර් යොදා සෝදා පිරිසිදු කර කිසිම හැඩගැන්වීමකින් හෝ අමතර නිෂ්‍පාදන ගැල්වීමකින් තොරව තබාගත යුතුයි.  


පරිත්‍යාග කිරීම සඳහා කැපීමට පෙර හිසකෙස් වියළි තත්ත්වයේ තිබිය යුතුයි.  


හිසකෙස් පෝනිටේලයක් ලෙස හෝ ගොතා තිබිය යුතුයි.  


වර්ණ ගන්වන ලද හෝ ෆර්ම් කරන හොඳ හිසකෙස් ද පිළිගැනේ.  


ලේයර් කරන ලද කෙටිම කොටසේ දිග අඟල් 08ක් වේනම් ලේයර් කරන ලද හිසකෙස් ද පරිත්‍යාග කළ හැකියි.  


කැරලි ගැසුණු කෙස් අවම අඟල් 8ක් වන ලෙස හා කෙලින් සිටින ලෙස සකස් කළ හැකියි.  


මෙලෙස හිසකෙස් දන්දෙන පිරිසට අපි ස්තූතිය පුද කරලා සහතික පතක් ලබා දෙනවා. දැනටමත් 1000 ප්‍රමාණයේ සහතිකපත් මුද්‍රණය කරලා තියෙනවා. දෙවැනි අදියරේ 5000 ප්‍රමාණයක සහතිකපත් මුද්‍රණය කරන්න දීලයි තියෙන්නෙ. එතරම් දුරකට ඉල්ලීම් තියෙනවා. ඒ වගේම තමයි අපේ තවත් වැඩසටහනක් තියෙනවා. හිසකෙස් දන්දෙන්නට අවස්ථාවක් නැති පිරිසට විග්ස් ලබාදීමට යම්කිසි දායකත්වයක් ලබාදීම සඳහා. ඒවත් ‘රමණි ප්‍රනාන්දු සැලෝන්’ ආයතනයේ සිදු කෙරෙනවා.  


ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනෑ මේ සෑම කෙස්වලටම පිළිකා සරණ භාරයෙන් අපි වගකීමක් දරනවා. මොකද අපි ගන්න කෙස් සියල්ල වාර්තාගත කරලා ඒවයෙ බර මැනලා ඒ සියල්ල ලබාදෙන්නෙ ලලිත් ධර්මවර්ධන මහත්මයට, එතුමාත් මේ හැමදේම පාවිච්චි කරන්නෙ ලොකු වගකීමකින්. මොකද පිළිකා සරණ භාරය වශයෙන් අපි වගකීමක් දරනවා. මේ ලබාදෙන හිසකෙස්වලින් පිළිකා රෝගීන්ට විග් ලබාදෙන බවට අපි සාක්ෂි දරනවා. ඒක ලොකු වැඩ පිළිවෙළක්.  


මේ පදනමේ ඉදිරි වැඩ කටයුතු ගැනත් කියමුද?  
පිළිකා සරණ භාරයේ අපේ වැඩසටහන් තුනක් ක්‍රියාත්මක වෙනවා.  


මේ විග්ස් දෙන වැඩසටහන ‘‘ඉන්දිරාගේ සෙනෙහස’’ කියලා ක්‍රියාත්මක වෙන්නෙ. ඊට අමතරව ඉන්දිරා ජයසූරිය උපකාරක ඇමතුම. එය ආරම්භ කළේ දෙසැම්බර් මාසයේදී. පිළිකාව සම්බන්ධ ඕනෑම ගැටලුවක් පිළිබඳ එහිදී කතා කරනවා. 365 දවසෙම එය විවෘතව පවතිනවා. ඒ වගේම අපිට පෞද්ගලිකව ලැබෙන ඉල්ලීම් තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ඉල්ලීම්, බෙහෙත් ආදිය ලබාගැනීම සඳහා ඉල්ලීම්.  


එවැනි දේවල් සිදුවෙනවා. ඉතින් ‘‘ඉන්දිරා ජයසූරිය ළමා සත්කාරක සේවය’’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ‘‘අපේක්ෂා’’ රෝහලේ ළමා වාට්ටු සමඟ. එහිදී මාසිකව ළමයින් සමඟ වැඩසටහනක් පවා සිදු කරනවා. ‘‘ලස්සන ෆ්ලෝරා’’ ආයතනයත් සමඟ ඒකාබද්ධව ඒ හැමදේටම ස්වෙච්ඡාවෙන් අපිට උදව් කරන කණ්ඩායම් ඉන්නවා.  


ඒ හැමදේමත් එක්ක පියයුරු පිළිකා හඳුනාගැනීම සඳහා පිළිකා පරීක්ෂණ යන්ත්‍ර ලබාදෙන වැඩසටහනකුත් ක්‍රියාත්මක කරලා තියෙනවා. මොකද ''Mobile'' ''Mammography" මැෂින් රජයේ රෝහල්වල තියෙන්නෙත් එකොළහයි. ඉතින් ලංකාව වටේම ඒ වැඩපිළිවෙළත් ආරම්භ කරලා පියයුරු පිළිකා අවදානම් තියෙනවනම් ඒ හැසිරවීම තමයි තුන්වෙනි වැඩපිළිවෙළ.  


පිළිකා රෝගීන් වෙනුවෙන් කෙස් කළඹෙන් කොටසක් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ‘‘ඉරිද‌ා ලංකාදීප’’යට අදහස් දැක් වූ පිළිකා සංගමයේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහතා.  


තවමත් අපේ රටේ පමණක් නෙමෙයි ලෝකයේ කොයිතරම් වෛද්‍ය විද්‍යාව දියුණු වුණත් යම්කිසි කෙනෙකුට රෝග විනිශ්චයට අනුව පිළිකාවක් වැලඳී ඇති බව පැවසුවාම මුළු ජිවිතයම කඩා වැටෙනවා. නමුත් අමතක කරන්න එපා සියලු දෙනාගෙම ශරීරයේ මේ පිළිකා සෛල තිබෙන බව.  


අපි කවුරුත්ම මේ රෝගයෙන් මිදුණු පිරිසක් නෙමෙයි. ඒ නිසා අපිට පිළිකාවක් වැල​ෙඳන්නෙ නැහැ කියලා ස්ථිර නිගමනයකට ඒම අපහසුයි.  


සමහර රෝගී කාන්තාවන් ඉන්නවා තමන්ගෙ කොණ්‍ඩෙ රැකගන්න රෝගයට ලබාදෙන බෙහෙත් පවා ප්‍රතික්ෂේප කරන. මොකද කාන්තාවන් විශේෂයෙන්ම බාහිර පෙනුම ගැන ගොඩක් උනන්දු වෙනවනෙ. ඒ වගේම බාහිර පෙනුම නැති වුණාම සමාජයට මුහුණ දෙන්නට බියවීම, යම් යම් වෘත්තිමය කටයුතු කරන සමාජයත් සමඟ ගැටෙන්න බොහෝ රෝගීන් බයවෙනවා. වගේම මුළුගැන්වෙන ස්වභාවයක් තියෙනවා.  


නමුත් ආත්ම ශක්තියකින් යුක්තව නැවත සමාජයට මුහුණ දෙන්න පුළුවන්කමක් වගේම තමන් කරගෙන ආ වෘත්තීමය කටයුතු හා වෙනත් දෑ බියෙන් සැකෙන් තොරව ඉදිරියටත් කරගෙන යෑමට හැකිවීම මේ විග් ලබාදීම තුළින් සිදුවෙනවා. 

ධනු විජේරත්න



අදහස් (21)

පිළිකා රෝගීන්ට හිසකෙස් දන්දෙන පිංකම

ලක්මිණි දමයන්ති Friday, 06 July 2018 03:47 AM

ලොකු පින්කමක්. මට ගොඩාක් සතුටුයි. මොකද මටත් පිනක් කරගන්න අවස්ථාවක් ලැබුනා. මගේ කොණ්ඩෙත් මං අනිවාර්යයෙන්ම දෙනවා.

:       4       16

මදුමාල් සුරංජන් Wednesday, 17 October 2018 02:38 AM

මමත් කැමති මගේ හිස කෙස් දන්දෙන්න

:       0       16

Iresha Nadeeshani Sunday, 21 April 2019 02:34 AM

ඇත්තටම ලොකු පිංකමක්

:       0       6

K.D.සුදරශනී ලක්මාලි Wednesday, 19 June 2019 03:20 PM

මමත් කැමති මගේ කොණ්ඩය දෙන්න ඒක ලොකු පිනක්

:       6       16

ඉනෝකා මධුරංගී Sunday, 27 October 2019 06:58 PM

මට කොන්ඩෙ දන් දෙන්න ඕනේ ඒත් කොහොමද

:       0       18

අනුර ශාන්ත Sunday, 22 December 2019 12:59 PM

ඇත්තටම ගොඩාක් ලොකු පින් කමක් අපේ දූත් මේ පාර දන් දෙන්න හිතන් ඉන්නවා

:       0       1

U.S.P.Dulanjali Friday, 17 January 2020 05:31 AM

මේ වැඩ සටහන ගොඩාක් හොදයි.

:       0       1

L.g Tharindu Madushan Friday, 21 February 2020 03:09 AM

මමත් ගොඩාක් ආසයි මගෙ කොන්ඩ ඔක්කොම දන් දෙන්න ඒත් කොල්ලොන්ගේ කොන්ඩ දන් දීමට හැකියාවක් තිබේද.? අගල් 06කට වඩා අනිවාරයෙන්ම තිබිය යුතුද.

:       0       10

RIBM SL බන්ඩාර Friday, 30 July 2021 01:31 AM

පිරිමි අයට දෙන්න බැරිද. කොහෙටද ලබාදෙන්න ඕනී..

:       0       0

Leshani gangamini Monday, 20 September 2021 07:29 PM

ඇත්තටම මමත් ගොඩක් කල් ඉදන් හිසකෙස් දන්දෙන බලන් ඉන්නෙ...

:       0       5

චතුරිකා එරන්දි Wednesday, 24 November 2021 11:08 PM

මමත් කැමතී මගේ කොන්ඩෙ දන් දෙන්න. අනුරාධපුරයේ දන් දෙන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්ද...??

:       0       0

D.තිලිණි කංචනමාලා Saturday, 27 November 2021 01:49 PM

මටත් ආසයි මගේ‌ කොන්ඩෙ දන්දෙන්න.

:       0       1

I.D.K.හංසමාලී එදිරීසුරිය Tuesday, 30 November 2021 10:06 AM

මමත් මේ පිංකමට දායක වෙන්න කැමති කොහොමද ඒක කරන්නේ ?

:       0       0

රුවිනි Thursday, 06 January 2022 05:00 PM

ඉදිරියේ දි පැවැත්වීමට නියමිත වැඩසටහනක් පිලිබදව මා වේත තොරතුරැ ලබා දෙන්න.මමත් කැමැත්තෙන් සිටිනවා හිසකෙස් දන් දෙන්න.ස්තූතියි.

:       0       0

R.Chaminda Prabath Monday, 24 January 2022 11:46 AM

මහත් පුණ්‍යකර්මයක්.. මේ උතුම් පිංකම සදහා පිරිමි පුද්ගලයින්ට සම්භන්ද විය හැකිද..? සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ලබාදිය හැකිද.?

:       0       0

සදමාලි රත්නායක Tuesday, 09 August 2022 08:40 AM

මගේ කෙස් කළඹ ලබා දෙන්න ඉතාමත් කැමතියි

:       0       0

පමෝධා අරවින්දි කහඳවල Thursday, 11 August 2022 07:47 PM

අනේ මාත් හිසකෙස් දන් දෙන්න කැමති. කොහොමද දෙන්නේ කියලා කියන්නකෝ

:       0       0

Ishanka Dharmarathna Friday, 12 August 2022 02:33 PM

මෙම වැඩසටහන ගොඩක් හොඳයි, මටත් දායක වෙන්න පුලුවන්ද? මට පරිත්‍යාග කිරීමට හැකි හිස කෙස් වල දිගු ප්‍රමාණය අඟල් 12ක් පමණ වේ. එය ප්‍රමාණවත් වේවිද?

:       0       1

Chaminda manoj Monday, 15 August 2022 05:22 PM

ලොකු පිංකමක් ඔබ කරන්නෙ ඔයාල සියලු දෙනාටම ගොඩක් පිං

:       0       0

Madhu premarathna Sunday, 09 October 2022 01:58 PM

හිසකෙස් දන්දීම සදහා කැමතියි, ඔයාලා එක්ක එකතු වෙන්න කොහොමද?

:       0       1

චතුරංග Saturday, 21 January 2023 04:12 PM

ගොඩක් හොද වැඩසටහනක්.මාගෙ දියණිය ඇගේ කෙස් රෝගීන් හට පරිත්‍යාගය කිරීමට කැමැත්තෙන් සිටී.නමුත් මේ දිනවල කෙස් ලබා නොගන්නා බව සත්‍යයක් ද. ඒ පිලිබදව අපව දැනුවත් කරන්නේනම් තවත් සතුටට කරුණකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 93 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 25 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 31 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 22 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 9 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 9 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1484 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site