IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාලිකාවගේ සැමියාගෙන් ළමා නිවාසයේ දැරියන්ට අතවර

 

 අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශිෂ්ටතම සංකේතය දරුවන් යැයි කීවොත් කිසිවෙක් ඊට එරෙහි නොවනු ඇත. එහෙත් සමාජයේ අත්දැකීම්වලින් පරිණත වූවන් යැයි සැලකෙන, ජීවිතයේ මුහුකුරත්වයට පත්වෙමින් සිටින වැඩිහිටියන් විසින් ඒ සුන්දරත්වයේ සංකේතය කිලිටි කරන්නේ නම් එය කෙතරම් නරුම කමක් වනු ඇතිද? දරුවන්ගේ වගකීම භාරගත යුතු, දරුවන්ට මග පෙන්විය යුතු වැඩිහිටියන් දරුවන් නොමග යවන්නට තැත් කිරීම කෙතරම් මුග්ධකමක් වනු ඇතිද? එහෙත් අද අපේ සමාජය තුළින් එවැනි දෑ අසන්නට දකින්නට ලැබෙන අවස්ථා බහුල ය.   


 ‘‘වැලේ ගෙඩි වැලට බර නැතැයි’’ කී කාලය දැන් අවසන්ය. එක පවුලට දරුවෝ දහයක් පහළොවක් හිටියත් දෙමාපියන්ට එය බරක් නොවූ කාලයක් අපිට තිබිණ. දරුවන්ට කන්න දෙන්න වත්තෙන් පිටියෙන් යමක් සපයා ගැනීම දැන් දුෂ්කරය. අසල්වැසියන්ගේ උදව් පදව් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඥාති හිතමිත‍්‍රාදීන්ගේ උදව් පදව් ලබාගැනීමද දුෂ්කරය. ඒ ඔවුන්ගේ පෞද්ගලික ප‍්‍රශ්නයක් නිසා නොව, හැම දෙනාම ජීවන අරගලය තුළ සිරකරුවන් සිරකාරියන් බවට පත්ව ඇති නිසාය.   


 එවැනි වටපිටාවක සැමියා නැතිව දරුවන් රැකබලා ගැනීමට මවකට සිදුවන්නේ නම්, මවක් නොමැතිව පියෙකුට දරුවන් රැකබලා ගන්නට සිදුවන්නේ නම්, දෙමාපියන් දෙදෙනාම නොමැතිව වයෝවෘද්ධ ආච්චිට සීයාට දරුවන් භාරවී තිබේනම් එයින් පීඩාවට පත් වූ වැඩිහිටියෙකු කෙබඳු ක‍්‍රියාමාර්ගයක් ගනු ඇතිද? මෙවැනි සමාජයක් තුළ ප‍්‍රශ්නවලට පිළිතුර මත්පැන් බවට පත්කර ගත් පියවරුන් සිටීම, එවැනි පියවරු දරුවන් පොළොවේ ගසන තත්ත්වයට පත්වීම, දරුවන් මහ මග දමා යන මව්වරුන් පියවරුන්, දරුවන් උපන් මොහොතේම ගෙල සිරකර මරා දමන මව්වරුන් හමුවීම අරුමයක් විය හැකිද?   


 එලෙස තිබියදී තමන්ට දරුවන් හදාගන්න බැරි බව පවසමින් ළමා නිවාසයකට භාරදීම ගැන එක පැත්තකින් යම් අයෙකුට විවේචනයක් තිබිය හැකිය. එහෙත් ළමා නිවාසයකට දරුවෙක් භාර දෙන්නට ඕනෑම දෙමාපියෙකු පෙළඹෙන්නේ තමන්ට වඩා හොඳට දරුවන් රැකබලා ගන්න මේ ළමා නිවාසවලට හැකි වේවි යන විශ්වාසය මතය. ඇතැම් දෙමාපියන් දරුවන් දේශීය හෝ විදේශීය දෙමාපියන්ට දරුකමට හදාගන්නට දෙන්නේ අපි විඳින දුක දරුවන්ට ලබානොදිය යුතුය යන දැඩි උවමනාව නිසාය. එසේ තමන් වෙනුවෙන් දරුවන්ගේ රැකවරණය බාර ගන්නන් දෙමාපියන්ට දෙවියන් වැනිය. එහෙත් බොහෝ මානුෂීය ගුණාංග මිනිසුන් වෙතින් ඈත් වෙමින් යන යුගයක දෙවොලේ කැතකරන කපුවන් හමුවීම ද අරුමයක් නොවේ.   


 කොහුවල ප‍්‍රදේශයේ ළමා නිවාසයක් සම්බන්ධයෙන් පසුගියදා නැගුණ පුවත ද එවැන්නකි. බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිය ලබා ඇති මෙම ළමා නිවාසය පාලනය වන්නේ පාලක මණ්ඩලයක් මගිනි. අවුරුදු දහයත් දාහතත් අතර දරුවන් දහඅටදෙනෙක් මෙහි රැකවරණය ලබමින් සිටියහ. මේ ආයතනයේ රියදුරු ලෙස සේවය කළ පුද්ගලයෙකු විසින් එම ළමා නිවාසයේ දරුවන් අපයෝජනයට ලක් කළැයි සැකපිට කොහුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම තැනැත්තා එම ආයතන පාලිකාවගේ සැමියා බවද කියති.


 පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට ලැබුණ තොරතුරක් අනුව කොහුවල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් ප‍්‍රියශාන්ත මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම ළමා නිවාසය පරීක්ෂාවට ලක්කර අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පත්කර තිබේ.   


 දරුවන්ට නිදා ගැනීමට කාමර වෙන්කර තිබියදී ඒවායේ නිදාගැනීමට ඉඩක් ලබා නොදී වෙනම තැනක නිදාගැනීමට සැලැස්වීම, එම ස්ථානයට රියදුරුට පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක්වීම, දරුවන් ඇඳුම් මාරු කරන ස්ථානයේ ආරක්ෂක කැමරා සවිකර තිබීම, ආදී කිසිවක් මේ ආයතනයේ පාලිකාවගෙන් එහා සිටිනා පාලක මණ්ඩලයේ ඇසට හසු නොවූයේද? නොඑසේ නම් කිසියම් හේතුවක් නිසා නොදුටුවා සේ සිටියේද? පිළිතුර කුමක් වුවත් ඔවුන් අතින් වගකීමක් පැහැර හැරී ඇති බව ප‍්‍රතික්ෂේප කළ හැකි නොවේ.   


 දෙවියන්ගේ අතට දරුවන් භාර දෙන්නාසේ දෙමාපියන් විසින් හෝ අධිකරණ මාර්ගයෙන් හෝ මේ දරුවන් ඔවුන් අතට පත් කරනු ලබන්නේ ඔවුන් රැකබලා ගනිමින් යහපත් පුරවැසියන් බවට පත් කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. කිසියම් පිරිසක් එකතු කරගෙන සංවිධානයක් ගොඩනගා රාජ්‍ය නොවන සංවිධානයක් සේ ලියාපදිංචි කරගෙන ළමා නිවාසයක් පවත්වාගෙන යාම හෝ වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාම සමාජයේ සුවසෙත පිණිසම නොව තම තමන්ගේ සාක්කුද පුරවා ගනු පිණිස සිදුකරන්නක් බවට අද වන විට පත්වෙමින් තිබීම මේ ඛේදවාචකයේ තවත් පැත්තකි. මේ සියලු ළමා නිවාස හෝ වැඩිහිටි නිවාස සඳහා පූර්විකාවක් නොවේ. දරුවන්ගේ හව් හරණක් නැති, ඇතැම්විට දරුවන්ට රැකබලා ගැනීමට තරම් කාල වේලාවක් නැති දෙමාපියන් රැකබලාගැනීම, දෙමාපියන්ට බලාගන්න නොහැකි දෙමාපියන් අහිමි දරුවන් රැකබලාගැනීම යුතුකමක්, සමාජ වගකීමක්, පිංකමක්සේ සලකමින් මෙවැනි නිවාස පවත්වාගෙන යන්නෝද සිටිති.   


 ගැටලුව තිබෙන්නේ ළමා නිවාස පවත්වාගෙන යාම ගැන නොවේ. ඒවා අදාළ ආයතන විසින් නිසි පරිදි අධීක්ෂණය වන්නේද යන්න ගැනය. බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක අධිකාරිය යටතේ ලියාපදිංචි ළමා නිවාස එකසිය විස්සක් බස්නාහිර පළාත තුළ පවතින අතර එයින් වැඩිම ප‍්‍රමාණයක් පවතින්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේය. බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක අධිකාරියේ තොරතුරු අනුව මෙම නිවාසවල දරුවන් හාරදහසක් පමණ රැකවරණය ලබති. බස්නාහිර පළාත තුළ පවතින බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක අධිකාරියේ ප‍්‍රාදේශීය කාර්යාල දොළහකින් මෙම නිවාස මසකට වරක් පරීක්ෂාවට ලක්වනු ඇත.   


 මසකට වරක් නිලධාරින් විසින් සිදුකරන ක්ෂේත‍්‍ර පරීක්ෂාවේදී අපේ කතාවට පාදක වූ ළමා නිවාසයේ අඩුපාඩු ඇස ගැටුණේ නැත්තේ ඇයි? ඔවුන් සිදුකර තිබෙන්නේ පුරුද්දට ගොස් අත්සන් කර එන්නා වැනි කටයුත්තක්ද යන්න ඉහළ නිලධාරීන් විසින් සොයා බැලිය යුතුව තිබේ.  


 මේ ​ෙවන විට ප‍්‍රශ්නගත ළමා නිවාසයේ පාලිකාව වෙනස් කර ඇති බව දැන ගන්නට තිබේ. ගැටලුවට පත්වූ දරුවන් දැන් යොමුකර තිබෙන්නේ කොතැනකටද? මේ පිළිබඳව අදහස් දැක්වු බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චන්දිමා දිසානායක මහත්මිය මෙම දරුවන් අධිකරණයේ නියෝග මත පොලිස් ආරක්ෂාව මධ්‍යයේ එම ළමා නිවාසයේම රඳවා තබා ඇති බව පැවසීය.   


 ප‍්‍රශ්නවලට පිළිතුරු තාවකාලිකව ලැබේ. එහෙත් ස්ථිරසාර පිළිතුරු අප සෙවිය යුතුව ඇත. මල් වැනි දරුවන් පත්වන මෙවැනි ගැටලු අවසන් කරන්නට නොහැකි නම් අවම කරන්නට හෝ අප සමාජයක්සේ සිතිය යුතු කාලය තව තවත් පස්සට දැමිය හැකි නොවේ.

මුදිතා දයානන්ද සහ
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ



අදහස් (0)

පාලිකාවගේ සැමියාගෙන් ළමා නිවාසයේ දැරියන්ට අතවර

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 182 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 43 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 74 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 27 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 10 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 9 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site