(මහින්ද නිශ්ශංක)
පළාත් පාලන ආයතන 341ක් සඳහා ලබන 10 දා පැවැත්වෙන මැතිවරණයේ සියලු ප්රචාරක කටයුතු ලබන 7දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව ඡන්ද ප්රචාරක රැස්වීම් මෙන්ම ඡන්දය ඉල්ලා ගෙන්ගෙට යාම, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සහ සමාජ වෙබ් අඩවි හරහා ප්‍රචාරය ඇතුළු සියලු ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම තහනම් බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවැසීය.
පළාත් පාලන ආයතන 1,341ක් සඳහා නියෝජිතයන් 8356 දෙනකු තෝරාපත් කර ගැනීමට පැවැත්වෙන මෙවර මැතිවරණයට දේශපාලන පක්ෂ 43කින් ස්වාධින කණ්ඩායම් 272කින් අපේක්ෂක අපේක්ෂිකාවන් 57252ක් තරග වදින බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ලබන 10 දා පෙ.ව. 7.00 සිට ප.ව. 4.00 දක්වා මධ්‍යස්ථාන 13400කදී පමණ ඡන්දය පැවැත්වෙන අතර 2017 ඡන්දහිමි නාමලේඛනයට අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් 15760867 දෙනකු ලියාපදිංචිව සිටින බවද මැතිවරණ කොමිසම පවසයි.
මෙම පළාත් පාලන ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 13400කදී සිදුකිරීමට මැතිවරණ කොමිසම සැළසුම් කර අැත.
මෙවර මැතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා 560020 දෙනකු සුදුසුකම් ලබා සිටි අතර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට දින 5ක් වෙන්කර තිබුණි.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය, ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලි
මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකා
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ග
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ප්රචාරක කටයුතු 7 රෑ 12ට අවසන්