IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නැති ට්‍රැෆික් ඇති කරන ට්‍රැෆික් පොලිස්

 

‘‘අයියෝ අද මාර පරක්කුයි. හෙණ ට්‍රැෆික් එක. ඔෆිස් යන්නත් පරක්කු වෙනවා’’ අනේ මන්දා මේක කවදා ඉවර වෙයිද දන්නේ නැහැ මේ ට්‍රැෆික් එක.  


මේ වචන මාලාව අද වෙන විට සෑම කෙනෙකුගේම මුවින්ම පිටවෙයි. විශේෂයෙන් කොළඹ නගරයට පැමිණෙන අධික වාහන සංඛ්‍යාව නිසා ජනාකීර්ණ ප්‍රදේශවල නිතරම පාහේ වාහන තදබදයක් පැවතීම සුලබ කාරණයකි. මෙම වාහන තදබදයට මුහුණ දුන් අයෙකු නොවේ නම් බොහොම කලාතුරකින් හමු වූ අයකු විය යුතුය. කලට වේලාවට රාජකාරියට හෝ තම අවශ්‍යතා ඉටුකර ගැනීමට යාමේ දී නියමිත වේලාවක් සඳහන් කළ නොහැකිය.  


අද නිවසින් බැහැරව සිය රාජකාරී කටයුත්තක් හෝ මොනයම් කටයුත්තකට නිවෙසින් එළියට ගියවිට නැවත නිවසට හෝ අදාළ ස්ථානයට එන යන වේලාව නිෂ්චිතව කිව නොහැක. බොහෝ දෙනෙකු නිකරුණේ කාලය ගත කරන්නේ මහමගය. කාලය හා ශ්‍රමය වැය කරන්නේ මහමඟට නිසා අමතරව කාලයක් හා ශ්‍රමයක් වැය කිරීමට සිදුවෙයි.  


මෙයට හේතු කිහිපයක් බලපාන බව ද සඳහන් කළ යුතුය. අධික වාහන සංඛ්‍යාවක් දිනපතාම කොළඹ නගරය ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවලට ඇදි එයි. ප්‍රමාණවත් මහා මාර්ග පද්ධතියක් නොමැති වීම ද ඊට බලපාන කරුණකි. රථ වාහන පාලනය කිරීම සඳහා නගරයේ බොහෝ ස්ථානවල විදුලි සංඥා සවිකර ඇත. එහෙත් එම විදුලි සංඥා අක්‍රිය කොට රථවාහන පාලනය සඳහා රථ වාහන අංශයේ පොලිස් නිලධාරියකු හෝ කිහිප දෙනෙකු යොදවා සිටිති. අද බොහෝ දෙනෙකු රථ වාහන තදබදයක් වූ විට කතා කරන්නේ ෂුවර් එකටම ඉස්සරහ පොලිසිය ඇති, ඒකයි ඔය ට්‍රැෆික් එක යනුවෙනි.  


අද බොහෝ දෙනෙකු රථ වාහන තදබදයක් ඇතිවූ විට පොලිසියට දෙහි කපති. පොලිස් නිලධාරීන් විදුලි සංඥා අක්‍රීය කොට ඔවුන් රථ වාහන පාලනය සියතට ගැනීම නිසා තදබදය ඇති වෙන බව බොහෝ දෙනාගේ මතයයි. එය එසේ වන්නේද? එසේ නම් විදුලි සංඥා කුමකට ද?  


හදිසි වාහන තදබදයකදී පොලිසියේ සේවාව අත්‍යවශය. එහෙත් දිනපතාම රථවාහන හැසිරවීම සඳහා විදුලි සංඥා අක්‍රීය කොට ඔවුන් ඒ රාජකාරිය බාර ගෙන ක්‍රියා කරති. මෙය කෙතරම් ප්‍රායෝගික ද?  


විදුලි ආලෝක සංඥා සවිකර ඇත්තේ වාහන තදබදය අවම කිරීමට හා ඒවා නිසි පරිදි ධාවනයට කාල වේලා වෙන් කිරීමටයි. ඒවා යම් ක්‍රම වේදයකට අනුව ඉදිකර ඇත. එක් දිසාවකට ධාවනය වෙන වාහන සංඛ්‍යාව ධාවනය වූ විට එම විදුලි ආලෝක සංඥා මගින් ඊළඟ දිසාවේ මාර්ගයේ ධාවනයට ඉඩ ලබා දෙනු ඇත. එය දැනට වසර ගණනාවක සිට ක්‍රමවත්ව පැවතිනි.  


එහෙත් මෑත කාලයේ එම රාජකාරිය පොලිසිය බාර ගෙන තිබේ. පෙරවරු වේ සහ පස්වරුවේ විදුලි ආලෝක සංඥා පුවරු අක්‍රීය කොට පොලිස් නිලධාරීහු එම රාජකාරිය රථ වාහන තදබදය පවතින කාලයේ බාර ගනිති. එහෙත් බොහෝ දෙනා සඳහන් කරන්නේ මේ නිසා රථ වාහන තදබදය තවත් උග්‍ර වී ඇති බවයි. ‘‘බල්ලගේ වැඩේ බූරුවා කරන්න’’ ගියාම ඔහොමයි කියා බොහෝ දෙනෙකු ප්‍රකාශ කරති.  
ඇත්තටම පොලිසිය කරන්නේ ‘‘බල්ලගේ වැඩේ බූරුවා කරනවා’’ වගේ වැඩක් නොවේද? පොලිසිය​ නොමැති තැන්වල බොහෝවිට විදුලි සංඥා ක්‍රියාත්මක වීම නිසා වාහන තදබදය අඩු වී තිබේ.  


විදුලි ආලෝක සංඥා තිබියදී ඇයි පොලිස් නිලධාරීන් ඒ රාජකාරිය බාර ගන්නේ? ඔවුන් නිසා වාහන තදබදය තවත් වැඩි වෙනවා මිස අඩුවක් වන්නේ නැත. ඔවුන් නොසිටියා නම් අගේට වාහන ටික ට්‍රැෆික් ලයිට්වලට අනුව ගමන් කරනවා මේ බොහෝ රියදුරන් හා මගීන් කියන දේය.  


පොලිස් නිලධාරියකු වාහන හසුරවන්නේ ඔහුට සිතට නැගෙන ආකාරයටයි. ඔහුට සිතුනහොත් එක මං තීරුවක වාහනවලට කාල සීමාවකින් තොරව ගමන් කිරීමට ඉඩ සලස්වයි. බලා සිටින පිරිස ඔහේ බලා ගෙන සිටිති. තමන්ගේ වාරය පැමිණෙන තුරු සිටින ඔවුන් අර පොලිස් නිලධාරියාගේ හත්මුතු පරම්පරාවම සිහි කරයි. පොලිස් නිලධාරියාට හිතුනොත් මාර්ගය හරහා ගමන් කරන මගීන්ට ඉඩ ලබාදෙයි. නැතිනම් මගීන් ද වරු ගණනක් පාර හරහා මාරු වීමට පෙරම් පුරති.  


ඇතැම් පොලිස් නිලධාරීන් විදුලි සංඥා අක්‍රීය කොට එක් මාර්ගයක් විවෘත කොට වාහන ගමන් ගන්නා අයුරු බලා සිටිති. හදිසියේ ඒ අතරතුර ඔහුට සිය ජංගම දුරකථනයට ඇමතුමක් ලද හොත් ඔහුට නැවත විදුලි ආලෝක සංඥා සක්‍රීය කිරීමට මතක නැත. මේ නිසා බැට කන්නේ අහිංසක මගී ජනතාවයි. විදුලි ආලෝක සංඥා නිසි පරිදි ක්‍රියාත්මක නොවන අවස්ථාවක ඔවුන් එම ස්ථානවල රාජකාරී සඳහා යෙදවීම සුදුසුය. එසේ නොමැති අවස්ථාවල විදුලි ආලෝක සංඥා අක්‍රිය කොට පොලිස් නිලධාරීන් ඒ රාජකාරිය බාර ගැනීම කොතරම් ප්‍රායෝගික ද? එසේ නම් විදුලි ආලෝක සංඥා සඳහා විශාල මුදලක් වැය කොට ඉදිකිරීම අවශ්‍ය නැත.  


බොහෝ රියදුරන්ට රියදුරු බලපත්‍රයක් නිකුත් කරන්නට පෙර විදුලි ආලෝක සංඥා, මාර්ග නීතිරීති පිළිබඳ අවබෝධයක් ලබාදෙයි. රතු පාට වර්ණයෙන් රථය නවතා තැබිය යුතු බවත්. කහපාට වර්ණයෙන් රථය යාමට සූදානම් කළ යුතු බවත් රියදුරන්ට කරුණු පහදා දෙයි. කොළ වර්ණය දැල් වූ විට රථය ගමන් කළ යුතුයි. එහෙත් අද බොහෝ විදුලි ආලෝක සංඥාවල දක්නට ලැබෙන්නේ කහ වර්ණය දැල්වෙනවා පමණි. එහිදී රියදුරන් කළ යුත්තේ කුමක්ද? යන්න පිළිබඳ නැවත අවබෝධයක් ලබා දිය යුතුයි. බොහෝවිට විදුලි සංඥා ආලෝක අක්‍රීය කළ විට දැල්වෙන්නේ කහ පාට වර්ණය පමණි. එවිට රථ වාහන හසුරවන්නේ පොලිස් නිලධාරියා විසිනි.  


මුලින් සඳහන් කළ පරිදි පොලිස් නිලධාරියාගේ මොළයෙන් ලැබෙන සංඥා අනුව වාහන හසුරුවයි. ඔහුට සිතුන හොත් ගමනට අවසර දෙයි. නැතිනම් මගීන් බලා සිටිය යුතුයි. බොහෝ දෙනෙකු පවසන්නේ පොලිස් නිලධාරියකු නොමැති විට නිසි පරිදි වාහන ගමනාගමනය සිදුවෙන බවයි.  


වත්මන් ආණ්ඩුව බලයට පත්වෙන විට ප්‍රභූන් රැගත් පරිවාර රථ ගමන් කිරීම මහජනතාවට පීඩා නොවන ලෙස ගමන් කළ යුතු බවට ප්‍රකාශ කෙරුණි. එහෙත් අද එය හාත්පසින්ම වෙනස්ය. විටෙක රටේ ජනාධිපති හෝ අගමැති වැනි ප්‍රභූන් ගමන් කරන විට බොහෝ මගීන් මහ මඟ පසෙකට වී රැදි සිටිය යුතුය.  


මැතිවරණය ආසන්නයේ ඡන්දය ලබාගැනීම සඳහා (මැති ඇමැති වන්නට පෙර) ඔවුන් ඡන්ද දායකයන් වෙත පාගමනින් පැමිණ ඡන්දය තමන්ට ලබා දෙන ලෙස බැගෑපත් වෙති. ඡන්ද ජයග්‍රහණයෙන් පසු ඔවුන් මහ මඟ ගමන් කරන විට ඡන්දදායකයන් මාර්ගයේ රැඳි සිට ඔවුනට ඉඩදිය යුතුය. මෙය කෙතරම් සාධාරණ ද? විදේශ රාජ්‍ය නායකයකු මෙරටට පැමිණිය හොත් ඔවුනට ගමන් කිරීම සඳහා මාර්ගයේ ඉඩ සලසා දීම තරමක් සාධාරණය. ඒ ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රික ස්වභාවයක් ඔවුන්ගේ වරප්‍රසාද නිසාත්ය. එහෙත් මෙරට ප්‍රභූන්ට එය කොතරම් ගැලපේද?  


රථ වාහන තදබදයක දී හදිසි ලෙඩෙකු රැගත් ගිලන් රථයක් ගමන් කිරීමට කොතරම් අපහසුතාවකට ලක්වේද? යන්න පිළිබඳ විමසා බැලිය යුත්තේ එහි ගමන් කරන අය පමණි. එම ගිලන් රථයකට හෝ මරණාසන්න රෝගියාට ද විකල්පයක් නැත. එවැනි ගිලන් රථ සිය නළාව ශබ්ද නගමින් රථ වාහන අතරේ සිරවී සිටින අයුරු බොහෝ දෙනෙකු දැක ඇත. එහෙත් ඔවුනට අනිකුත් වාහන අභිබවා යාමට ඉඩකඩක් නැත. ඔවුන් බොහෝ දෙනෙකු විලාප දෙන්නේ රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරියාටයි. පොලිස් නිලධාරියකු නොසිටින්නේ නම් නිසි පරිදි වාහන ගමන් කළ හැකි බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.  


මහජනතාව පවසන්නේ විදුලි සංඥා සවිකර තිබියදීත් පොලිස් නිලධාරීන් ඒවා අක්‍රීය කරමින් වාහන හැසිරවීම නිසා බොහෝ දුරට රථ වාහන තදබදයක් පවතින බවයි. විදුලි සංඥා පුවරු නැති ස්ථානවල පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවන එක ප්‍රමාණවත් වෙන අතර බොහෝ විට පොලිසිය විසින් වාහන තදබදයක් ඇති කරන බව මගී ජනතාව සඳහන් කරති. විශේෂයෙන් පදිකයන්ට ද මේ නිසා දැඩි දූෂ්‍කරතාවලට ද මුහුණ දීමට සිදු වී තිබේ. වාහන දිගින් දිගටම ගමන් කිරීමට පොලිසිය විසින් ක්‍රියා කරවීම නිසා මගීන්ට පාර මාරු වීමට වැඩි කාලයක් බලා සිටීමට සිදුවෙන බවට පදිකයෝ චෝදනා කරති.   


විශේෂයෙන් පදිකයන්ට ද මේ නිසා දැඩි දුෂ්‍කරතාවලට ද මුහුණ දීමට සිදුවී තිබේ. වාහන දිගින් දිගටම ගමන් කිරීමට පොලිසිය විසින් ක්‍රියාකරවීම නිසා මගීන්ට පාර මාරු වීමට වැඩි කාලයක් බලා සිටීමට සිදුවෙන බවට පදිකයෝ චෝදනා කරති.  


කෙසේ වෙතත් බොහෝ දෙනා තුළ පවතින මතය වී ඇත්තේ පොලිස් නිලධාරියකු නිසා වාහන තදබදයට මූලික හේතුව වී ඇති බවයි. විදුලි සංඥා අනුව රථවාහන ගමනා ගමනයට ඉඩ සලස්වන්නේ නම් නිසි ක්‍රමවේදයකට අනුව වාහන ධාවනය සිදුවෙයි. ඒ නිසා ඉදිරියේදීවත් වාහන තදබදය අවම කිරීමට නිසි වැඩපිළිවෙළක අවශ්‍යතාවය සඳහා සුදුසුම කාලය දැන් එළඹ තිබේ. ඇතැම් විට පොලිසිය විසින් මංතීරු ක්‍රමය විටින් විට අත්හදා බලා පිළියම් යෙදවීමට උත්සහ කරති. එහෙත් එය දින කිහිපයකට පමණක් සීමා වෙයි. ඒ නිසා සතියක පමණ කාලයක්වත් විදුලි සංඥා අක්‍රිය නොකොට අත්හදා බැලීමක් කළ යුතුවෙයි.  


ඒ නිසා දැන්වත් විදුලි සංඥා පුවරු අක්‍රීය නොකොට නිසි පරිදි ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන ආකාරය නිසි පරිදි අධ්‍යයනය කොට ඊට යහපත් ප්‍රතිචාරයක් නොමැති නම් පමණක් පොලිසියේ සහය ලබාගත යුතුව ඇත.  


බොහෝ විට රාත්‍රි කාලයේ මංසන්ධිවල දැකිය හැක්කේ සෑම දිසාවකටම දිවෙන මාර්ගයන් සඳහා කහ වර්ණය දැල්වෙන ආකාරයයි. එහිදී රියදුරන් ක්‍රමවත්ව තම රථය ධාවනය කරන අතර ඔවුන් ඉතා අවබෝධයෙන් සිය රථය පාලනය කර ධාවනයේ යෙදවෙයි. ඒ අවස්ථාවේ රාජකාරියේ නිරත වීමට පොලිස් නිලධාරියකු නැත. එහෙත් බීමත්ව හෝ යම් යම් ක්‍රියා නිසා අනතුරු සිදුවෙන අවස්ථා ද නැතුවා නොවේ. එවැනි අවස්ථාවල දී රියදුරන් දැනුවත් කිරීම පොලිසියේ වගකීම නොවේද?  


ඒ නිසා රථ වාහන තදබදය සඳහා නිසි වැඩ පිළිවෙළක අවශ්‍යතාව ඉදිරියටවත් සලකා බැලිය යුතුයි.

සටහන
නිශාන්ත කුමාර බණ්ඩාර
ඡායාරූපය - ඇලෙක්සැන්ඩර් බාලසූරිය



අදහස් (0)

නැති ට්‍රැෆික් ඇති කරන ට්‍රැෆික් පොලිස්

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 120 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 34 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 48 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 23 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 9 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 9 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site