(දයාසීලි ලියනගේ)
පලාගිය ත්රස්තවාදියකුට වෙඩි තැබීමෙන් මියයාම නිසා, ඔහුට වන්දි වශයෙන් ලක්ෂ 20ක මුදලක් ගෙවන ලෙසට අධිකරණයෙන් දෙන ලද තීන්දුවට අනුව මිය ගිය පුද්ගලයකුගේ ජීවිතයක වටිනාකම ලක්ෂ 20ක් ලෙසට නියම වී ඇති හෙයින් ගංවතුරින් හා නායයාම්වලින් මියගිය අයට අඩු වශයෙන් රුපියල් ලක්ෂ 10 බැගින්වත් ගෙවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය රජයෙන් ඉල්ලීමක් කරයි.
ත්‍රස්තවාදී නොවන රටේ අහිංසක ජනතාව මෙම විපතින් ජීවිතක්ෂයට පත්වී සිටින 300ක පමණ වූ පිරිසට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කීය.
චීනයෙන් මෙම අනාථ වූ පිරිසට රුපියල් මිලියන 400ක මුදලක් ලබාදී ඇති නිසා රජයට බරක් නොවන සේ මියගිය අයට රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ගෙවීමට පහසුවෙන්ම අවස්ථාව ලැබී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. හානිවූ අයට නිවාස ඉදිකිරීම සඳහා අයවැයෙන් වෙන් කළ මුදල් නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමෙන් ඔහු එම නිවාස ඉදිකර පෙන්වනු ඇතැයි ද ඔහු කීය.
මීට අමතරව ගංවතුර හා නයයාම්වලින් විනාශ වූ ව්‍යාපාර යළි නගාසිටුවීම සඳහා බිලියන 2ක ණය මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති අතර, පොලී නොමැතිව මෙම ණය මුදල් ලබාදිය යුතු බවද ඒකාබද්ධ විපක්ෂය රජයට යෝජනා ඉදිරිපත් කර සිටී.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය, ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලි
මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකා
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ග
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ත්රස්තවාදියාට ලක්ෂ 20යි ගංවතුර මරණයකට ලක්ෂයයි