IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපතිගේ එජාප විරෝධී ප්‍රකාශ ශ්‍රීලනිප ඡන්දගොඩ වැඩිකර ගැනීමටයි

(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)  
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වේදිකාවේ සිට එක්සත් ජාතික පක්ෂයට ප්‍රහාර එල්ල කළද ජනාධිපතිවරයා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර කිසිදු විරසකයක් නොමැති බවත් ජනාධිපතිවරයා එසේ ප්‍රහාර එල්ල කරනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දගොඩ වැඩි කර ගැනීමේ දේශපාලන උපක්‍රමයක් වශයෙන් බවත් උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.  


කවරාකාරයේ ප්‍රහාර, ප්‍රතිවිරෝධතා තිබුණද පෙබරවාරි 10 වැනිදායින් පසුව ජනාධිපතිවරයා හා අගමැතිවරයා ශක්තිමත්ව රජය ඉදිරියට ගෙනයන බවද ඇමැතිවරයා පැවසීය.  


පෙබරවාරි 10 වැනිදායින් පසුව තනි එජාප ආණ්ඩුවක් බිහි කරන බවට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ ද එබඳු ප්‍රකාශ කරන තරුණ මන්ත්‍රීවරුන්ට දේශපාලන අවබෝධයක් නොමැති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.  


එක්සත් ජාතික පක්ෂයට බාර දී තිබූ ආර්ථිකය මෙහෙයවීමේ වගකීම තමන් අතට පවරා ගන්නා බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ පැවසීය.  


‘‘රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තීරණ ගන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවතින ආර්ථික කමිටුවෙන්. එම කමිටුවෙන් ගන්නා සෑම තීරණයක්ම කැබිනට් මණ්ඩලයට දාලා අනුමැතිය අරගෙනයි ක්‍රියාත්මක කරන්නේ. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිතුමයි. එතුමාගේ මූලිකත්වයෙන් රැස්වෙලා ගන්න තීරණ තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා එතුමා මොන අදහසින් එහෙම ප්‍රකාශයක් කළා ද කියලා හිතාගන්න අමාරුයි.

 



අදහස් (0)

ජනපතිගේ එජාප විරෝධී ප්‍රකාශ ශ්‍රීලනිප ඡන්දගොඩ වැඩිකර ගැනීමටයි

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 365 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 73 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 144 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 37 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 10 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 11 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site