IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


චාල්ස් ඇන්තනි පුතාට වෙඩි තිබ්බේ ප්‍රභාකරන්?

යුද්ධයේ අවසන් සමයේ පුදුමාතලන්හි රැදී සිටි ප්‍රභාකරන්ගේ පුත්‍රයා වූ චාල්ස් ඇන්තනි අන්ධ පාසලක සිටි තරුණියන් පිරිසක්  දූෂණය කළ බවට හා එම සිදුවීම සම්බන්ධයෙන් කෝපයට පත් ප්‍රභාකරන් චාල්ස් ඇන්තනීට වෙඩි තබා මරා දැමූ බවට තොරතුරු තමන්ට අසන්නට ලැබුණු බවට අවසන් සටන පැවැති සමයේ දිවි ගලවාගත් ධර්මාපුරම්, විශ්වමඩු වැනි ප්‍රදේශවල ජනතාව ප්‍රකාශ කරති. 


යුද්ධයේ අවසන් කාලයේ ප්‍රභාකරන්ගේ පුත්‍රයා වූ චාල්ස් ඇන්තනි පුදුමාතලන් අසල ප්‍රදේශයක කඳවුරක නැවතී සිට ඇත.

නවාරිකුඩම් ප්‍රදේශයේ අන්ධ ගැහැණු ළමුන් සඳහා වූ පාසලක් තිබිණි. වරින් වර පැමිණි එල්.ටී.ටී.ටී.ඊ පොලිසියට සම්බන්ධ පිරිස් එම පාසලේ අධ්‍යාපනය ලද තරුණියන් බලහත්කාරයෙන් පුදුමාතලන් ප්‍රදේශයට රැගෙන ගිය බවත්, එහිදී එම දැරියන් ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනි විසින් වරින් වර දූෂණය කෙරුණු බවත්, එය දැනගත් ප්‍රභාකරන් ඔහුට වෙඩි තබා ඝාතනය කළ බවට තොරතුරු  තමන්නට අසන්නට ලැබුණු බැව් අවසන් සටන පැවැති අවධියේ කොටින්ගේ අත්අඩංගුවේ සිට පසුව හමුදාවට භාර වී දිවි ගලවාගත් පිරිස් පසුගියදා එම ප්‍රදේශවල අප කළ සංචාරයේදී අපට පැවසූහ.


එල්.ටී.ටී.ඊ. සංවිධානය එවැනි සිදුවීම් සම්බන්ධයෙන් දැඩි විනයක් දැක්වූ බවද එවැනි ක්‍රියාවලට සම්බන්ධ වූවන් ඉන් ඉහතදීද සංවිධානය විසින් වෙඩි තබා මරා දැමූ බවද ඔවුහු පැවසූහ. 


චාල්ස් ඇන්තනි ඝාතනය කෙරුණේ ප්‍රභාකරන් විසින් යැයි තමන්ට අසන්නට ලැබුණු බවත් ඒ  පිළිබඳව ඇතැම් හමුදා නිලධාරින්ද දැන සිටි බවට තමන්ට ආරංචි වු අතර එහි සත්‍ය අසත්‍යතාව තමන් නොදන්නා බවත් ඔවුහු පැවසූහ. මේ සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක රොෂාන් සෙනෙවිරත්න මහතාගෙන් විමසු විට ඒ මහතා සඳහන් කළේ තමන් මෙවැනි කතාවක් මින් ඉහත අසා නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවත්ය.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා



අදහස් (3)

චාල්ස් ඇන්තනි පුතාට වෙඩි තිබ්බේ ප්‍රභාකරන්?

Nandalal de Silva - France Wednesday, 19 April 2017 09:38 AM

මේ අසාමාන්‍ය කතාවල ඇත්ත නැත්ත දැන ගැනීමට දැන් කාටවත් පුළුවන් කමක් නැත. චාල්ස් ඇන්තනි හෝ ප්‍රභාකරන් මිනී වලෙන් නැගිට පාපොච්චාරණ කලොත් පමණක් අපට මෙය විශ්වාස කරන්න පුළුවන්.

:       251       43

dingirala Thursday, 20 April 2017 01:48 PM

එහෙනම් ප්‍රභාකරනුත් එළාර කෙනෙක් උනා. එළාර රජ තුමාත් තමන්ගේ පුතාව අශ්ව කරත්තයට යටකර මරා දැමුවා එළදෙනකුගේ පැමිණිල්ලක් මත. ඒ එළදෙනගේ පැටියා එළාරගේ පුතා ඔහුගේ අශ්ව රථයට යටකොට මරා දැමුවා කියන පැමිණිල්ලට.

:       0       0

mahesen Friday, 21 April 2017 04:55 PM

එකත් හරියට එළාර රජතුමා හරක මරපු පුතාට දුන්නු දඬුවම වගේ .. බොරු සෝබන කතාවක් ..එලාරව පිම්බුව වගේ ප්‍රභාකරන්වත් පුම්බන්න වගේ හදන්නේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 153 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 41 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 65 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 23 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 9 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 9 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site