මන්ත්‍රී ඡන්දයෙන් තේරීපත්වෙලා
(දයාසීලි ලියනගේ)
පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ පක්ෂයට සියයට 50ක ප්‍රතිශතයක් ලැබී නොතිබූ ගාල්ල මහ නගර සභාවේ පුරපති හා මීගමුව මහ නගර සභාවේ පුරපති තේරීම සඳහා පැවැති රහස් ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ සභිකයෝ දෙදෙනෙක් තේරී පත්වී සිටිති.
ඒ අනුව ගාල්ල මහ නගර සභාවේ පුරපති අපේක්ෂක ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ ප්‍රියන්ත සහබන්දු මහතා ද මීගමුව මහ නගර සභාවේ පුරපති ලෙස ඉදිරිපත් කළ දයාල් ලංසා මහතා ද රහස් ඡන්දයෙන් තේරී පත්වී සිටින බව එම පක්ෂයේ පාලන ලේකම්, පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා පැවසීය.
තවත් පළාත් පාලන ආයතන ගණනාවක් සඳහා රහස් ඡන්ද විමසීම හෙට (26) පැවැත්වෙන බව ද රේණුක පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ‘‘බුලත් කොළය’’ හා ‘‘අත’’ ලකුණින් තේරී පත්වී සිටින සභිකයන්ගේ සහාය ජයග්‍රාහකයා තේරීම සඳහා ලැබී ඇති බව වාර්තා වේ.
මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ පුරපති තේරීම සඳහා පැවැති විවෘත ඡන්ද විමසීමේදී දයාල් ලංසා මහතා තේරී පත් වූ බවයි.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගාල්ල-මීගමුව නගරාධිපතිවරු පොහොට්ටුවෙන්