IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගංවතුරෙන් වාසි ගන්න ආ උතුමෝ

ඇමැතිතුමාගේ ආධාර ඡන්ද දායකයන්ට විතරයි


ගංවතුරෙන් අනාථ වූවන්ට ආධාර බෙදා දීමේදී දේශපාලනය ගාවා නොගන්නා ලෙසට අග්‍රාමාත්‍යවරයා තරයේ උපදෙස් දී තිබියදී දකුණේ ප්‍රධාන පෙළේ ඇමැතිවරයෙක් තමන්ගේ ඡන්ද දායකයන් බහුලව සිටින ප්‍රදේශයකට පමණක් ආධාර ලබාදීම නිසා අවට ගම්වාසීන්ගේ හූ හඬ මැද ඉවත්ව ගොස් ඇති බව වාර්තාවේ.


ඇමැතිවරයා මෙම ආධාර ලබාදී ඇත්තේ කාර වූ තොටකටය. එම ප්‍රදේශය මුළුමනින්ම ප්‍රධාන පෙළේ පක්ෂයකට සම්බන්ධ ඡන්ද දායකයන් සිටින ගම්මානයකි. එහෙත් දේශපාලන භේදයකින් තොරව ප්‍රදේශයේ ජනතාව සියල්ලටම ජලයෙන් හානි සිදුවිය. එසේ තිබියදී මෙම දේශපාලනඥයා තමන්ගේ පාක්ෂිකයන් බහුලව සිටින ගමකට පමණක් ආධාර ලබාදීම ගැන උරණ වූ අවට වැසියන් හූ කියමින් අප්‍රසාදය පළකර ඇත.


ඒ අවස්ථාවේ ආරක්ෂක නිලධාරින් අදාළ දේශපාලනඥයා වාහනයේ නංවාගෙන ඉවත්ව ගොස් ඇති බව වාර්තාවේ. 

 


ඇමැති දන්නෙත් නැතිලු


ගංවතුර හා නායයාම්වලින් ජනතාව විපතට පත්වීම සිදුවූයේ පසුගිය සිකුරාදා දින සිටය. සෙනසුරාදා වනවිට හැකි සෑම තැනකින්ම බෝට්ටු ලබා ගනිමින් ගංවතුරෙන් කොටුවූ පිරිස් බේරා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය. ඉරිදා වනවිට ලැබුණු බෝට්ටු ප්‍රමාණවත් නොවන තරම්ය.


එහෙත් ප්‍රධාන පෙළේ අමාත්‍යාංශයක් පිටුපස බෝට්ටු 20ක්, ට්‍රැක්ටර් 15ක් හා වතුර බවුසර් 15ක් එක පෙළට ගාල්කර තිබුණත් ඒවා ප්‍රයෝජනයට ගෙන නොතිබුණ බව කියති.


මෙහි විශේෂත්වය වන්නේ අමාත්‍යාංශය පිටුපස මේවා ගාල්කර තිබෙන බව ඇමැතිවරයා හෝ නියෝජ්‍ය ඇමැතිවරයා දැන නොසිටීමයි.


ගංවතුර හා නායයාම් සිදුවීමෙන් දින 3ක් යනතුරුත් මේවා ප්‍රයෝජනයකට ගෙන නොතිබුණ බවද කියති. “ආපදාවලට මුහුණ දෙන හැටි තමයි” යනුවෙන් අමාත්‍යංශයේ සුළු සේවකයන් මේ ගැන කතාබස් කළ බවද කියැවේ. 

 


මන්ත්‍රී ඇඳුමට උඩින් කබායකුත් දාගෙන ගිහින්


ගංවතුරෙන් අනාථ වූවන්ගේ සුවදුක් බැලීමට මන්ත්‍රී ඇඳුමෙන් සැරැසී කබායක් ඇඳගෙන ගිය දේශපාලනඥයෙක් පිළිබඳ වාර්තාවේ.
මෙම දේශපාලනඥයා තම බල ප්‍රදේශයේ ජල ගැලීමෙන් පීඩාවට පත් ජනතාව බැලීමට ගොස් ඇත්තේ බෝට්ටුවකිනි. 
තනි සුදු පැහැති මන්ත්‍රී ඇඳුම ඇඳගෙන කබායක් දමාගෙන සිටි මෙම දේශපාලනඥයා අනාථ වූ ජනතාව හමුවීමට ගොස් ඇත. නිවෙස් අඩි ගණනින් ජලයෙන් යටවී ඉන්න හිටින්න තැනක් නැතිව ජලයේම සිටින මහජනතාව මන්ත්‍රීවරයාගේ ඇඳුම පිළිබඳව උපහාසයෙන් කතා කර ඇති බව කියති.

රත්නපුර නගරයට යාබද පහත්බිම් වැඩි ප්‍රමාණයක් ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක විශාල පිරිසක් ගංවතුරින් අවතැන් විය. උස් බිම්වල පිහිටි ගෙවල් හෝ පොදු ගොඩනැගිලි අතුලු ආරක්‍ෂිත තැන්වලට විශාල වශයෙන් පිරිස් එක් වන්නට විය.


මුල් දවසේ සවස් වන විට ගංවතුර ස්ථායි වූ අතර අඩුවැඩි වීමක් නොවුණි. මේ අතර ප්‍රාදේශීය වශයෙන් දේශපාලනයේ නියුතු තැනැත්තෙක් ද මේ අවතැන් වූවන් අතර විය. ඔරුවකින්වත් මේ කොටු වූ පිරිස සිටි තැනට පැමිණිය නොහැකි වූයේ හතර වටෙන්ම සැඩ පහර දරුණු වූු නිසාය.


එහි සිටියවුන්ගේ ඉල්ලීම මත මේ තැනැත්තා ආරෝපණය ද අඩුවෙමින් තිබූ සිය ජංගම දුරකතන ඇමතුමක් ගත්තේ තම පක්‍ෂයේ ඉහළ පුද්ගලයෙකුට විය යුතුය. අනෙක් පාර්ශ්වයෙන් කතා කළ තැනත්තාගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්  මේ තැනැත්තා ඉක්මනින් දුරකතනය විසන්ධි කළේය.


‘ඇයි මොකෝ සිග්නල් නැද්ද?‘ සහන බලාපොරොත්තුව අවතැන්ව සිටින පිරිස ඇසුවේ ය. 


‘වැඩක් නෑ මල්ලී... ඌ අහන්නේ අපේ අය කීදෙනෙක් ඔතන ඉන්නවාද කියලා.... මේ හැමෝම අපේ අය තමයි කියලා මම ෆෝන් එක විසන්ධි කළා. ගංවතුරෙත් මුං මනාප හොයනවා කාලකණ්නි....’ ප්‍රාදේශීයව දේශපාලනය කරන තැනැත්තා කීවේ කණගාටුවකිනි.


ගංවතුර ගලා ආවේ නොසිතූ තරම් වේගයකිනි. පැය හතරක් ඇතුළත අඩි දහයක් තරම් උසට ගංවතුර වැඩි විය. උදේම ගංවතුර ගලන බව දැනගත් විපක්‍ෂය නියෝජනය කරන ප්‍රබලයින් පිරිසක් රත්නපුරේ නගරය ආශ්‍රිතව කොටුවූ ජනතාවට උදව්වට ආවේ ය. ඒ වනවිට රාජ්‍ය නිලධාරීන් කිසිවෙකුත් ඒ ප්‍රදේශයට පැමිණ නොසිටියහ. ඒ හිතා මතා රාජකාරිය පැහැර හැරීමක් නොව ඔවුන් ද ආපදාවට ලක්ව සිටීම සහ පැමිණීමට ගොඩබිම් මාර්ගයක් නොවී ම නිසාය. අවතැන් වූවන් කඩිමුඩියේ බඩු මුට්ටු ගොඩ අදිද්දී මේ දේශපාලනඥයා සිය ප්‍රචාරක කටයුතු ද හීන් සීරුවේ ඇරඹුවේ ය.


‘බලන්න මෙච්චර විපතක් වෙද්දිත් මේ යහපාලන ආණ්ඩුවට නිලධාරියෙක් ගමට එවන්න බැරි හැටි. දැන් ගමේ නිලධාරීන් කී දෙනෙක් ඉන්නවා ද? ඉස්සර හිටියේ ග්‍රාම නිලධාරියා විතරයි.’ ඔහු ආණ්ඩුවට දොස් තැබී ය. කතාව අනුමත කළ පිරිසක් උස් හඬින් සිනා සෙන්නට වූහ.


‘මේ යකා මේ ඇවිදින් පිස්සු කතා කරනවා. ග්‍රාමසේවක මහත්තයාගේ ගේත් යටවෙලා. බොරදියේ මාලු බාන මේ වගේ යක්කු’ දේශපානලඥයාට නොඇසෙන්න දේශපාලනඥයාගේ කතාව අසාගෙන සිටි කිහිප දෙනෙක් හෙමිහිට පැවසූහ.


මේ අතර ගංවතුර තවමත් බැසගොස් නැති අයගම සහ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල බොහෝ ගම්මානවලට ළඟාවිය හැක්කේ බෝට්ටු හෝ ඔරු පාරුවලින් පමණි. ගොඩබිමින් යන්නට ඇති අති දුෂ්කර පාරවල් හොයාගෙන විවිධ සමාජ සේවකයන් මෙන් ම දේශපාලනඥයින් ද එහි ගොස් ජනයාට ආධර උපකාර කරති.


රත්නපුර-පානදුර පාරේ හැරනියාවක ප්‍රදේශයේ අලුතින් ඉදිකළ පාලමකින් ගොඩවී අතුරු පාරකින් මැදගලතුරට ළඟාවිය හැක. ඒ දින හතකට පසුවය. කලවාන පැත්තෙන් ද ඒ වනවිට පාර වාහනයක් එන්නට හදා තිබුණි. එතැන පාලම උඩ සිටින පිරිසක් මැදගලතුර ගමට යන්නට නොහැකි බව පවසමින් ගෙනෙන ආධාර තමන් සතු කරගන්නට උත්සාහ දරයි.


පළාත් සභාවේ අමාත්‍යවරයෙකුගේ පුතෙක් මෙතැනින් අවතැන් වූවන්ට ආහාර හා ජලය ගෙනගොස් දෙන්නට මැදිහත් විය. ඒ අය ආධාර බෙදා එද්දී පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ගේ ආරක්‍ෂාව මැද පරිවාර වාහන කිහිපයකින් රටේ මුල් පෙළේ දේශපානඥයෙක් පැමිණ සිටියේය. එතැනට ද සෙනඟ එක්රොක් වී සිටියහ. ‘මහත්තයලා බත්පැකට් එකක් හරි ගෙනත් දුන්නා... දැන් එක දාගන්න ඇවිල්ලා’ පැමිණ සිටින්නේ කවුදැයි විපරම් කරද්දී එහි සිටි අවතැන් වූ අයෙකු පැවසුවේය.

අජිත්ලාල් ශාන්තඋදය



අදහස් (0)

ගංවතුරෙන් වාසි ගන්න ආ උතුමෝ

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 112 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 28 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 45 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 23 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 9 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 9 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site