(අජන්ත කුමාර අගලකඩ)
මීතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් සිදුවූ ඛේදවාචකයේ වගකීම ප්‍රධාන ආයතන 4 කට පැවරෙන බව ඒ සම්බන්ධයෙන් සොයා බැලිමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
කොළඹ මහ නගර සභාව, කොළොන්නාව නගර සභාව, බස්නාහිර පළාත් අප ද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතනවලට මෙම වගකිම පැවරෙන බව වාර්තාවේ සඳහන් වන්නේ යැයි දැන ගන්නට තිබේ.
කසළ ඉවත් කිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය නොකිරීම සහ මීතොටමුල්ල කසළ බැහැර කිරීමේ කටයුතු සඳහා බාහිර ආයතන වෙත ගෙවා ඇති මුදල් අසාමාන්‍ය අයුරින් වර්ධනය වී තිබීම පිළිබඳව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාටද වාර්තාවෙන් චෝදනා එල්ලවී ඇතැයි වාර්තාවේ.
මීතොටමුල්ල කසළ කන්ද 2017 වසරේ අප්‍රේල් 14 වැනි දින නායයාම හේතුවෙන් ඇතිවූ ඛේදවාචකයෙන් පුද්ගලයෝ 32 දෙනෙක් මිය ගියහ.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය චන්ද්‍රදාස නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ අතර එම කොමිෂන් සභාව සිය වාර්තාව ඉකුත් 6 වැනිදා ජනාධිපතිවරයාට බාර දුන්නේය.
ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු කටයුතු සූදානම් කර ඇතැයි එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාවන්ට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කර උන්වහන්සේ නිදොස්
රුසියා-යුක්රේන යුද්ධයේදී කුලී හේවායන් වශයෙන් කටයුතු කරමින් සිටියදී මියගිය ශ්‍රී ලාංකිකයන් ගැන ඒ රටවල තානාපති කාර්යාල ඔස්සේ ආරක්ෂක අමාත්‍යාංශයට මෙත
පෘථිවිය කැරකෙන වේගය එසේත් නැති නම් භ්‍රමණය ෙවන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩු ෙවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
ප්‍රමාණවත් වැටුපක් නොලැබීම නිසා මේ වසරේ ගෙවීගිය කාලය තුළදී මධ්‍යම රජයේ රෝහල්වල සේවය කළ හෙද නිලධාරීන් හා නිලධාරිනියන් 250 දෙනෙකු සේවයෙන් ඉවත්ව ගොස් තිබ
පසුගිය වසර තුනක කාලයේදී රටේ බී ලූනු වගාකරුවන් සංඛ්‍යාව සියයට අසූ හයකින් පහළ බැස ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවල සඳහන් වන බව පේරාදෙණ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කුණු කන්ද නාය ගියේ රාජ්‍ය ආයතන 4ක වරදින්