(නිශාන්ත කුමාර බණ්ඩාර)
මින් ඉදිරියට රටපුරා කුණු ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පනතක් මගින් පැහැදිලි නීතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ යටතේ කුණු රැස් කිරීම, වර්ග කිරීම, බැහැර කිරීම, බැහැර කෙරෙන ස්ථාන හඳුනා ගැනීම සඳහා නව නීති රාමුවක් හඳුන්වා දෙනු ලබන බව මහවැලි සංවර්ධන හා පාරිසරික කටයුතු නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා කීය.
දැනට කුණු ඉවත් කිරීමේ කටයුතු අවිධිමත් ලෙස සිදුවෙන අතර පැහැදිලි ක්‍රමවේදයක් අනුගමනය නොකෙරේ.
දැනට කුණු දමන භූමියේ කාල සීමාව නිර්ණය කොට ඒ කාලය තුළ පමණක් කුණු බැහැර කිරීමද අනිවාර්යය කෙරේ.
කුණු බැහැර කිරීමේදී නිසි ක්‍රමවේදයක් හෝ නිසි අධිකාරියක් නොමැතිවීම නිසා මෙම ගැටලුව මතුවූ බවත් මින් ඉදිරියට ඒ සඳහා වෙනමම අධිකාරියකට බලය පවරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
දැනට සිදුකෙරෙන්නේ සියලුම වර්ගවල කුණු ඒකරාශි කොට අදාළ ස්ථාන වෙත බැහැර කිරීමකි.
මින් ඉදිරියට කුණු වර්ගීකරණය කොට ඒ ඒ අදාළ ස්ථාන වෙත පමණක් බැහැර කිරීමට නව නීති තුළින් හඳුන්වා දීමට ක්‍රියා කරන බව ඔහු ප්‍රකාශ කළේය.
කඩිනමින් එම නීති සකස්කොට ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේය.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කසළ ප්‍රශ්නය විසඳුමට පනතක් සකස් වෙයි