(පුෂ්පා වීරසේකර)
ඇඹිලිපිටිය ඒස් පවර් පෞද්ගලික ඩීසල් බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය එළැඹ සිටින නව ගිවිසුම අනුව එම බලාගාරයට ගිවිසුම්ගත අවුරුදු තුන සඳහා
රුපියල් කෝටි 72ක අනිවාර්ය ගාස්තුවක් නිකරුණේ ගෙවීමට ලංවීමට සිදුව ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට හෙළි කළේය.
ඒස් පවර් ආයතනයේ ඇඹිලිපිටිය බලාගාරයේ තුන්වැනි ගිවිසුම පසුගිය මාර්තු මාසයේදී අවසන් වූ පසුව සිවුවැනි ගිවිසුම අත්සන් කෙරුණේ ඉකුත් අප්‍රේල් මාසයේදීය. එම ගිවිසුම අනුව ඒකකයක් රුපියල් 26ක් වැනි ඉහළ මුදලක් යටතේ නැවතත් මෙගවොට් 100 සඳහාම තුන් වසරක් යනතෙක් ලංවිමට ගෙවීමට සිදුව තිබේ. එම මුදල විදුලිය ගත්තත් නොගත්තත් ගෙවිය යුතු අනිවාර්ය ගාස්තුවද ගෙවිය යුතුය.
2015 දී අවසන් වූ මුල් ගිවිසුම අනුව එකී බලාගාරය ඉදිකිරීමට වැයවූ ආයෝජන මුදලද සහිතව ගෙවා දමා තිබුණි. එසේ තිබියදීත් නව ගිවිසුම යටතේ නැවතත් අධික අනිවාර්ය ගාස්තුවක් ගෙවීමට සිදුවීම නිසා අත යට ගනුදෙනුවක් සිදුව ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය. තවද මුල් ගිවිසුම අවසන් වූ පසු 2016 අප්‍රේල් මාසයේදී එක් අවුරුදු ගිවිසුමක්ද නැවත 2017 අප්‍රේල් මස එක් අවුරුදු කෙටි කාලීන ගිවිසුමක්ද අත්සන් කරමින් මෙගවොට් 100ක ධාරිතාවක් ලබාගෙන තිබුණේ හදිසි අවශ්‍යතා මතය.
ගිවිසුම් අවසන් කළ බලාගාර රජයට පවරාගත යුතු බවට අමාත්‍ය මණ්ඩල නිර්දේශ තුනක් ලැබී තිබියදී වරින් වර ගිවිසුම් අලුත් කරමින් විදුලිය ලබා ගැනීම වංචා සහගත වැඩ පිළිවෙලක් බවද ඔහු පවසා සිටියේය. 2014 වසරින් පසුව එකදු නව බලාගාරයක්වත් ඉදි නොකළද ලංවිම මගින් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලට ගැනීමට රුපියල් කෝටි 32,000ක මුදලක් ගෙවා තිබෙන බවද එම ප්‍රකාශකයා කීවේය.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය, ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලි
මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකා
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ග
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇඹිලිපිටිය බලාගාර ගිවිසුමේ අතයට ගිවිසුමක සැකයක්!