(දයාසීලි ලියනගේ)
තනතුරින් ඉවත් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. දහනව වැනි අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමන් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට හැකියාවක් නොමැති බව පසුගිය සිකුරාදා (16) පුවත්පත් කතුවරුන් සමග පැවැති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අරලියගහ මැදුරේ පැවැති මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍යවරයා පමණක් සහභාගි වී සිටියේය.
අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇතැයි වාර්තා වී තිබෙන බවට අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බවයි.
තරුණ පිරිස්වලට අවස්ථාව සැලසෙන පරිදි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කිරීමට ඉදිරියේදී සැලසුම් කරනු ලබන බව ද මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවයා කීය.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පිරිසක් පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමට යන බව කියන රජයකට සහාය දීමට යන බවට පැතිරී ඇති කතාව පිළිබඳව කළ විමසීමකදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ එවැන්නක් නොදන්නා බවයි.
යහපාලන රජය වසර 3ක කාලයක් තුළ අසාර්ථක වී ඇතැයි පවතින චෝදනා සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ ප්‍රශ්න තිබුණු බව සත්‍යයක් වුවත්, ඉදිරි කාලයේදී වෙනසක් කිරීමට බලමු යන්නයි.
පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අග්‍රාමාත්‍ය තනතුරට එරෙහිව සැකසෙන්නේ දැයි අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුව රැස්වූ විට හැකි නම් බහුතරය පෙන්වන ලෙසටයි.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය හොබවන ජාතික රජයක් ඉදිරියටත් පවත්වාගෙන යාමට එක්සත් ජාතික පක්ෂය ගෙන ඇති තීරණය නොවෙනස්ව පවතින බව සඳහන් වේ. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක්ම මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රකාශ කර ඇති බව දැනගන්නට ඇත.
ප්‍රශ්න හා අඩුපාඩු පවතින්නේ නම් ඒවා නිරවුල් කර ගැනීමට ඉදිරියේදී කිසියම් අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍යවරයා හා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දැනටමත් සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.
අග්‍රාමාත්‍ය තනතුරේ කිසිදු වෙනසක් සිදු නොවන බව ඇමැති රාජිත සේනාරත්න මහතා ද පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද ප්‍රකාශ කර තිබිණ. දැනට ඇමැති තනතුරු දරන සුළු පක්ෂ නියෝජනය කරන ඇමැතිවරු ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරේ තවදුරටත් රැඳී සිටිය යුතු බවට ප්‍රකාශ කර ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරේ සිටීම ගැන විරෝධය දක්වන පිරිසක් සිටී නම් ඔවුන්ට බාධාවකින් තොරව ඉවත් විය හැකි බව ද එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දැනුම් දී ඇති බව ද වාර්තා වේ.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආණ්ඩුව හැදීමේ එජාප ස්ථාවරය එහෙමමයි