IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අවුරුදු දාහතේ දැරියක් සලෙළුන්ට විකිණූ ජාවාරම

 

ජයලාල් බියගම බස් නැවතුම ආසන්නයේ සිට එහි යන එන ත‍්‍රිරෝද රථ දෙස විමසිල්ලෙන් බලා සිටියේය. පැය කීපයක් රස්තියාදු වූ ඔහුට තමන් සෙවූ ත‍්‍රිරෝද රථය හමුවිය. ඔහු ත‍්‍රිරෝද රථයට ළවී බණ්ඩාරවත්තට හයර් එකක් යාමට කතා කළේය.   


මහත්තයා මම පොඩි බිස්නස් වැඩකට ආවේ. වැඩිවෙලා ඉන්න බැහැ. ආපහු මම ඉක්මනට මෙතැනට එන්න ඕන.   
අනේ මල්ලි බෑ කියන්න එපා, මම සාමාන්‍යයෙන් මේ වගේ ගමන් පාර්ක් එකේ වාහනයකින් යන්නේ නැහැ. ඒකයි මල්ලිට කතා කළේ.   
මෙසේ නොයෙක් දේ කියා තමන්ගේ හයර් එක යාමට ත‍්‍රිරෝද රථ රියදුරුව එකඟ කරගන්නට හේ සමත් විය. ගමන යන අතරතුර දෙදෙනා කතා බහ කරමින් කුලුපග වූහ. තනිකඩ ජීවිතයක් ගතකරන බැංකු නිලධාරියකු ලෙස පෙනී සිටි ජයලාල් තමන්ගේ සෙල්ලක්කාර ජීවිතය ගැන ත‍්‍රිරෝද රථ රියදුරුට හෙළි කළේ දීර්ඝ කාලයක සිට හඳුනාගෙන සිටි මිතුරෙකුට වතගොත කියන්නා සේය. ත‍්‍රිරෝද රථ රියදුරුටද තමන්ගේ බිස්නස් එක ගැන නොකියා ඉන්නට නොහැකි විය. බැංකු නිලධාරියකු වන මේ පුද්ගලයා දෙවියන් තමන්ට ගෙනත් දුන් හොඳ ගනුදෙනුකරුවෙක් සේ ඔහුට පෙනෙන්නට ඇත.  


මහත්තයාට ඕන නම් මට පුළුවන් වෙලාවක හොඳ කෑල්ලක් සෙට් කරන්න.   


අම්මපා! මරුනේ. ඔයාට කොහෙන්ද ලයින් එක එන්නේ?  


මේක මගේම බිස්නස් එක මහත්තයා. මගේ ළග වැඩකරන සෙට් එකක් ඉන්නවා. බලමුකෝ ඉස්සරහට.  


අනේ කොල්ලෝ මට අලුත්ම කෑල්ලක් ඕන. අලුත්ම නොවුණත් ළපැටි එකක් නම් කමක් නැහැ.  


ජයලාල් සතුටින් ඉපිල ගියේය. තම දුරකථන අංකයද රියදුරුට ලබාදී අවශ්‍ය තැනින් බැස ගියේ ළගදීම සතුටුදායක පිළිතුරක් බලාපොරොත්තු වන බව පවසමිනි. දින කිපයක් ගත වුණත් ත‍්‍රිරෝද රථ රියදුරුගෙන් ඇමතුමක් නොවුණෙන් ජයලාල් ඔහුට කතා කළේය.  


හෙලෝ ත‍්‍රීවිල් එකේ ....... නේද කතා කරන්නේ?  
ඔව්, කවුද කතා කරන්නේ?  


මම අර එදා හම්බවුණ බැංකුවේ මහත්තයා කතා කරන්නේ. මගේ වැ​ෙඩ් මොකද?  
හරි මහත්තයා එකක් තියෙනවා. හැබැයි ටිකක් ගාණ සැරයි  


කීයද?  
පහළොස් දාහයි  


ඒ ගැන හිතන්න එපා. ඔයාට ගාණ ලැබෙයි. අද හෙටම මට ඒක ඕන.  


හරි මහත්තයා හෙට හවස තුනට එන්නකෝ එදා හම්බවුණ තැනට.  


මගේ යාළුවාටත් එකක් ඕනෑ, ටිකක් පරණ වුණාට කමක් නැහැ.  


හරි මහත්තයා තිස්හයක එකක් තියෙනවා, සෙට් කරන්නම්  
ත‍්‍රිරෝද රථ රියදුරු සමග කතා කරගත් පරිදි තරුණයා තම මිතුරාද සමග යොදාගත් තැනට ගියේය. නියමිත වෙලාවට ත‍්‍රිරෝද රථය පැමිණියේය. අවුරුදු දාසයක් දාහතක් කිව හැකි පෙනුමක් ඇති දැරියක් සමඟ ඇගේ මව තරම් වයසේ කාන්තාවක් එහි සිටියාය. මහත්තයා මම දන්න තැනක් තියෙනවා එතැන ආරක්ෂිතයි.   


හැඳුනුම්පත් ඉල්ලයිද?  


මහත්තයාගේ එ්ක තියෙනවා නේ.  


මට නම් තියෙනවා. මෙයාට තියෙනවාද දන්නේ නැහැ.  


ඒකට කමක් නැහැ, මහත්තයාගේ හැඳුනුම්පත දුන්නාම ඇති. අපි දන්න තැනක් නේ.  


මේ කතාබහ අතරතුර හදිසියේ කඩා පැන්න පිරිසක් වාහනයේ රියදුරු හා එහි සිටි දැරියත්, වැඩිහිටි කාන්තාවත් අල්ලා ගත්හ.   


මේ මොකද? මොනවද තමුසෙලාට ඕන?   


අපිට දැනගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා අපි යමු.   


ඒ අය අතර සිටි ප‍්‍රධානියෙක් වැනි අයෙක් පැවසූහ. මේ සියල්ල පොලිසියේ සැලැස්මක් බව ත‍්‍රිරෝද රථයේ රියදුරුට වැටහුණේ තමන්ගේ අතට මාංචු වැටෙන විටය.   


වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය මේ සැලැස්ම සකස් කරනු ලැබුවේ එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප‍්‍රශාන්ත මහතාගේ දුරකථනයට පැමිණි ඇමතුමකින් ලද තොරතුරකට අනුවය. බියගම ප‍්‍රදේශයේ ත‍්‍රිරෝද රථ රියදුරෙක් පාසල් වියේ දැරියන් යොදාගෙන කරන ජංගම ගණිකා ව්‍යාපාරයක් ගැන එයින් කියැවිණ. මේ ඇමතුමට අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේත්, වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මහතාගේ ද උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි හේමාල් ප‍්‍රශාන්ත මහතා සිය කණ්ඩායම යොදාගෙන සැලැසුම සකස් කළේය. ඒ සැලැසුම්ට අනුව පොලිස් කොස්තාපල් 428 ජයලාල් මහතාට සැකකරු හඳුනාගෙන ගනුදෙනුවකට පොලඹවා ගැනීමේ වගකීම පැවැරිණ. ඉහත සඳහන් පරිදි ගනුදෙනු සිදුවූයේ ඒ සැලැස්මට අනුවය.  


මේ සැලැසුම මගින් අත්අඩංගුවට ගත් සැකකරු අවිවාහකයෙකු වන අතර කලක සිට ගමේ තරුණියන්ට හිතවත් වී ඔවුන් තමන්ගේ වසඟයට ගන්නට පුරුදුව ඇත. එපමණක් නොව ඔහු ගමේ සිටිනා සැමියා රට ගිය බිරින්ඳෑවරුන්, එසේත් නැත්නම් සැමියා දුරබැහැර රැකියාවල නියුතුව සිටිනා පවුල්වල බිරින්ඳෑවරුන් සමග විවිධ උපක‍්‍රම භාවිත කරමින් හිතවත් වේ. පසුව තමන් සමග ලිංගික සම්බන්ධතා පවත්වන තත්ත්වයට ඔවුන් පත් කරගන්නා සැකකරු ඔවුන්ට හොඳින් වියපැහැදම් කර පසුව වෙනත් අය සමඟ මේ වෘත්තීයේ යෙදීමට ඔවුන් පොලඹවා ගනී. එයට අකමැති වන අය බිය ගැන්වීමට කරුණුද ඔහු සතුව තිබේ. ඒ ඔවුන් තමන් සමඟ එකට අඹුසැමියන් ලෙස හැසිරුණු බව මාපියන්ට හෝ සැමියාට හෝ දන්වන බවට පැවැසීම වැනි කාරණා මගිනි. එසේම ළාබාල තරුණියන්ට ලස්සනට අඳින්න පලඳින්න ලොකු හෝටල්වලින් විවිධ කෑම කන්න, ප‍්‍රියසාදවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන චාන්ස් එකක් බව පවසමින් ඔවුන් තුළ ඒ කෙරෙහි ආශා ඇති කිරීමෙනි.   


අත්අඩංගුවට පත් තරුණිය පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටි දැරියකි. ඇගේ මවත් පියාත් දෙදෙනාම කුලී වැඩ කර මහත් වැර වෑයමෙන් පවුල නඩත්තු කරති. මේ දැරියගේ වෙනස්කම් දුටුවත් ඇයට අවවාද කිරීමට ඉඩක් ලැබුණේ නැත. ඒ තරමටම ඇය හිතුවක්කාරී ලෙස හැසිරීම එයට හේතුවයි. ත්‍රිරෝද රථ රියැදුරුට ගනුදෙනුකරුවන් මුණ ගැසෙන ආකාරයට ඇයට පණිවුඩ ලැබේ. එවිට ඇය නිවසින් බැහැරව යන්නේ විවිධ බොරු කියමිනි. එක් ගනුදෙනුකරුවෙකුගෙන් ඇය වෙනුවෙන් ලබාගන්නා පහළොස් දහසක මුදලකින් ඇයට පන්දහසක් හිමි වේ. මේ මුදල ඇය වැය කළේ අලුත් අලුත් විලාසිතාවලින් යුත් ඇඳුම්, ආයිත්තම් මිලදී ගැනීමටය. රූපලාවන්‍යාගාරවලට ගොස් රුව හැඩකර ගැනීමටය. නිවසටද ඇතැම් අවස්ථාවල ඇය වියදම් නොකළා නොවේ. එහෙත් ඇගේ ප‍්‍රධාන අරමුණ වී තිබුණේ අලුත් විලාසිතා සඳහා මාපියන්ගෙන් නොලැබෙන මුදල් තමන් විසින්ම සොයා ගනු ලැබීමය. ත‍්‍රිරෝද රථ රියදුරු තම පවිත‍්‍රභාව කෙලෙසූ පසු එහි ආරක්ෂා කිරීමටද කිසිවක් නැති බව වටහා ගත් ඇය ඔහු විසින්ම දෙනු ලැබූ පවුල් සැලැසුම්ක‍්‍රම අනුගමනය කරමින් මෙම වෘත්තීයේ යෙදෙන්නට තීරණය කර ඇත.  


ඇය සමඟ මිතුරා වෙනුවෙන් පැමිණි කාන්තාවගේ වයස අවුරුදු තිස් හයක් බව පැවසුවත් ඇගේ ඇත්ත වයස අවුරුදු පනස් හයකි. ඇයද සැමියා දුරබැහැර රැකියාවක නිරතවීම නිසා දරු දෙදෙනකු සමඟ නිවසේ වෙසෙන්නියකි. ඇයගේ ගාස්තුව එතරම් ඉහළ නැත. එය විටින්විට වෙනස් වේ. එහෙත් ඇයට එක් ගනුදෙනුකරුවකු වෙනුවෙන් ලැබෙන්නේ රුපියල් එක්දාස් පන්සීයකි. ඉතිරි මුදල යන්නේ ත‍්‍රිරෝද රථ රියදුරුගේ සාක්කුවටය. මේ කාන්තාවන්ට තම ගනුදෙනුකරුවන්ගේ ආශා පමණක් නොව ත්‍රිරෝද රථ රියදුරුගේ ආශාද සංතෘප්ත කිරීමට සිදුවේ. ඒ තම රැකියාව පවත්වාගෙන යාමට ගනුදෙනුකරුවන් සොයා දීම වෙනුවෙනි.   


මේ වැටැලීම සිදුකරනු ලැබුවේ පානදුර වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ, උප පොලිස් පරීක්ෂක සම්පත්, පොලිස් සැරයන් 39546 වික‍්‍රමරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන 428 ජයලාල්, 308070 තේනුවර, කාන්තා පොලිස් කොස්තාපල් 84159 දිල්කි හා පොලිස් කොස්තාපල් රියැදුරු අබේරත්න යන නිලධාරීන් කණ්ඩායම විසිනි.   

මුදිතා දයානන්ද සමග
බිමල් ශ්‍යාමන් ජයසිංහ



අදහස් (0)

අවුරුදු දාහතේ දැරියක් සලෙළුන්ට විකිණූ ජාවාරම

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 396 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 78 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 168 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 38 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 11 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 13 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site