IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අපේ නාවික හමුදාවටත් මැරීන් බළකායක්

 

නාවික හමුදා ඉතිහාස පොතට නව සුවිශේෂීය සන්ධිස්ථානයක් එක්කරමින් නාවික හමුදා මැරීන් බළඇණියේ 164 ක් වූ ප්‍රථම කණ්ඩායම පසුගිය 27 වැනි දින මන්නාරම මුල්ලිකුලම් වයඹ නාවික විධාන මූලස්ථානයේ දී විසිර ගියේය.

නාවික හමුදාපති වසිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත ස්ථාපිත කරන ලද මෙම මැරීන් බළඇණියේ ප්‍රථම බළඇණිය විසිරයාම ඉතිහාස ගත වූ අතර ඒ හේතුවෙන් මෙම මැරීන් බළඇණියේ ප්‍රථම කණ්ඩායම විසිර යාමේ සහ ලාංඡන පැළඳවීමේ උත්සවය මහත් උත්කර්ෂවත් ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

2015 නොවැම්බර් මස 13 වැනි දින එක්සත් ජනපද මැරීන් බළකාය විසින් එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ඩියාගෝ නුවර පැවති එක්සත් ජනපද පැසිෆික් ජලතරණ නායකත්ව සම්මන්ත්‍රණයට නාවික හමුදාපතිවරයාට ආරාධනා ලැබී ඇති අතර එහිදී ශ්‍රී ලංකාව තුළ මැරීන් බළකායක් ස්ථාපිත කිරීමට නාවික හමුදාපතිවරයා වෙත අදහසක් මතු වී ඇත. එම අදහස තවදුරටත් දළුලා වැඩෙමින් ශක්තිය, පරාක්‍රමය, ජයග්‍රහණය යන ආදර්ශ පාඨය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළඇණිය 2016 සැප්තැම්බර් මස දී 26 දින ස්ථාපිත කරන ලදී. මෙම මැරීන් බළඇණිය, මැරීන් භටයින්, මැරීන් බළකාය, නාවික පාබල බළඇණිය යන විවිධ නම්වලින් හැඳින්වෙන බව නාවික හමුදාව සඳහන් කරයි.

මැරීන් බළඇණියට බඳවා ගැනීම නාවික හමුදා තේරීම් මණ්ඩලයක් හමුවේ සිදුකර ඇති අතර ස්වෙච්ඡා නාවික හමුදා භටයින් මේ සඳහා කැඳවා තිබුණි. මෙම තේරීම් මණ්ඩලය ඉදිරියේ නාවික භටයින් විනාඩි 13 ක කාලයක් තුළ කිලෝ ටීටර් 2 ක දුරක් දිවීම, ඩිප්ස් ව්‍යායාම 45 ක් විනාඩි දෙකක් ඇතුළත දැමීම, සිටප් ව්‍යායාම 45 ක් විනාඩි 02 ක් ඇතුළතදී දැමීම, සිදුකළ යුතුව තිබූ අතර ඒවා සියල්ල එක පෙළට එකින් එක එකවර සිදුකළ යුතු ඇත. මේ සඳහා 577 දෙනකු ඉදිරිපත්ව ඇති අතර ඔවුන් අතරින් දක්ෂයින් 174 දෙනකු තෝරාගෙන තිබුණ ද අවසානයේ අති දක්ෂ නාවික භටයින් වශයෙන් මාස 4 ක පුහුණුව නිමාකර මැරීන් බළඇණියට එක්ව තිබුණේ භටයින් 164 දෙනකු පමණි. ඉන් 6 දෙනකු නාවික හමුදා නිලධාරීහු වෙති.

1 දරා ගැනීමේ සහ ජලයේ නොනැසී ජීවත්වීමේ පුහුණුව. (පැය 7-8 කාලයක් තුළ ජලයේ උඩ පාවෙමින් සිටීම)

2 වනගත සටන් පුහුණුව, නගර බද සටන් පුහුණුව,

3 මැරීන් කණ්ඩ, කණ්ඩායම් සටන්, උපක්‍රම හා භූමියේ හැසිරවීමේ පුහුණුව,

4 මැරීන් උපක්‍රම මෙහෙයුම් සැලසුම් කිරීමේ පුහුණුව

5 ප්‍රගුණ වෙඩික්කරු පුහුණුව

6 භූ ජලතරණය මෙහෙයුම් පුහුණුව,

7 සන්නද්ධ රථ පෙළ මෙහෙයුම් පුහුණුව

8 උපක්‍රමික සටන් භූමියේදී ප්‍රථමාධාර ලබා දීමේ පුහුණුව, නවීකරණය කරන ලද කෘත්‍රිම වෙඩි බෙහෙත් පිළිබද පුහුණුව,

9 බළඇණි ආධාර අවි හැසිරවීමේ සහ උපයෝගී කරගැනීමේ පුහුණුව

10 නාවික සහ ගොඩබිම ආධාර අවි ලබා ගැධෑමේ යන අංශ මැරීන් පුහුණුවේ අන්තර්ගතය වේ. ලෝකයේ ඕනෑම රටක මැරීන් බළඇණියක් බිහිකර ඇත්තේ කිසිවකුගේ ආධාරයක් උපකාරයක් නොමැතිව තනිවම ජීවත් වීමටයි.

ඒ සඳහා මෙම බළඇණියට අවශ්‍ය පුහුණුව ලබාදී ඇති අතර ඒ අතරට වෛද්‍යවරුන්, සන්නිවේදන නිලධාරීන්, ස්නයිපර් වෙඩික්කරුවන්, කාලතුවක්කු සහ මෝටර් ප්‍රහාර එල්ල කිරීමට දක්ෂයින්, ප්‍රභූ ආරක්ෂක රාජකාරියේ දක්ෂයින්, ඉලක්කයට වෙඩි තැබීමේ දක්ෂයින්, කිමිදුමේ දක්ෂයින්, වාහන ගොඩබිම වෙත ගෙන යාමේ උපකරණ, ජංගම මුළුතැන්ගේ ජලය ලබා ගැනීමට ජංගම ආරෝ ප්ලාන්ට්. වාහන, සියලු අංශ වලින් බලඇණිය සන්නද්ධවී ඇත.

 

රට තුළ ඇතිවන ඕනෑම තත්ත්වයකදී කිසිවකුගේ ආධාරයක් නොමැතිව දින 3-4 අතර කාලයක් තුළ ජනතාව බේරා ගැනීමේ කටයුතු සිදුකිරීමේ සඳහා මෙම සියලුදේ ඔවුන් වෙත ලබා දී තිබේ. නාවික හමුදා මැරීන් බළඇණියේ අණදෙන නිලධාරි කමාන්ඩර් ඉන්දික විජේරත්න මහතා මැරීන් බළඇණියේ ක්‍රියා ක්‍රියාරීත්වය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය. “මැරීන්ලා ගොඩ සිටින්නේ ගොඩබිම ප්‍රදේශයේ කිසිවකුගේ උපකාරයක් හව්හරණයක් නොමැතිව තනියම ජීවත්වෙන පිරිසක් වශයෙනි. ගොඩබිම සිදුවන ඕනෑම අවස්ථාවකදී දින 3-4 කාලයක් පුරා කිසිවකුගේ සහයක් නොමැතිව අවශ්‍ය කටයුතුවල නිරත වීමට මැරීන් බළඇණියේ භටයින්ට හැකියාව තිබෙනවා ඒ සඳහා ඔවුන්ගේ සියලු අවශ්‍යතා තනිවම සපුරා ගැනීමට හැකියාව තිබෙනවා.

බළඇණියට අවශ්‍ය සියලු බඩු භාහිරාදිය මුහුදේ සිට කිලෝමීටර් 2 පමණ දුරින් විශාල නැව්වල ගබඩාකර තිබෙනවා. අවශ්‍ය වුවහොත් ඔවුන් ඒවා ගොඩබිම වෙත රැගෙන එනු ලබනවා. මැරීන් කියන්නේ විශේෂ හමුදාවක් නොවේ. මැරීන්ලා කියන්නේ අතර මැද සිටින පිරිසක්. ඔවුන් විශේෂ කණ්ඩායමක් වශයෙන් ගණන් ගැනෙන්නේ නැහැ. ඔවුන්ට විශේෂ හමුදා කණ්ඩායම් වෙත උපකාර කිරීමේ හැකියාව තිබෙනවා. විශේෂ හමුදා කණ්ඩායම් සිදු කරන්නේ තෝරාගත් සතුරු ඉලක්කයක් වෙත රහසිගතව ගොස් ප්‍රහාරයක් එල්ල කිරීමයි. නමුත් මැරීන් භටයින් සිදුකරන්නේ විශාල ප්‍රදේශයක් සතුරාට පෙන්වා එම ප්‍රදේශයට එන බවට දැනුම් දී ඒ වෙත ගොස් ප්‍රහාර එල්ල කිරීමයි.

කැලෑ සටන්වලදීම සෑම හමුදාවකටම උපකාර කිරීමේ හැකියාව මැරීන් භටයින් වෙත තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් අවශ්‍ය පුහුණුව ලබා තිබෙනවා. ඇමෙරිකානු මැරීන් භටයින්ගේ පුහුණුව ලැබු නිලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිටින අතර ඔවුන්ගෙන් මෙම පිරිස මූලික පාඨමාලාව හදාරණ අතර වරින්වර යුද නෞකාවලින් ලංකාවට පැමිණෙන ඇමෙරිකන් මැරීන් භටයින්ගෙන් ද පුහුණුව ලබනවා. ඇමෙරිකන් මැරීන් භටයින්ට වසර 175 ඉතිහාසයක් තිබෙනවා. ඒ ඉතිහාසය පුරාම ඔවුන් එම රටේ අවශ්‍යතාවන් වෙනුවෙන් සටන්කර තිබෙනවා. ජනතාවට උදව් අවශ්‍යය කුමන අවස්ථාවේද මැරීන්ස්ලා එම රටවල් වෙත ගොස් සිය රටේ ගෞරවය ආරක්ෂාවන අයුරින් සේවය කරනවා. උදාහරණයක් වශයෙන්, සුනාමි අවස්ථාවේදීත් මෑතකදී ඇති වූ ගංවතුර තත්ත්වයෙදීත් ඇමෙරිකානු මැරීන් භටයින් ලංකාවට පැමිණ ජනතාවට අවශ්‍ය සේවය ලබා දුන්නා. එය පාදක කරගෙන තමයි ලංකාවෙත් මැරීන් භටයින් බිහිකර තිබෙන්නේ. ඉදිරියේ ලෝකයේ ඕනෑම රටක ආපදාවක් සිදුවුවහොත් නාවික හමුදා නෞකාවලින් එම රටවලට ගොඩබැස සේවය කිරීම අපේ බලාපොරොත්තුවයි.

 

 

එසේම ඉදිරියේ රටතුළ නැවත කිනම් වූ සටනක් ඇති වූ අවස්ථාවක අපි මුහුදින් එම ස්ථානයට ගොඩ බැස එයට සාර්ථකව මුහුණ දී එය මැඩ පැවැත්වීමට කටයුතු කරනවා. ඉදිරියේ දී සෑම වසරකම නාවික හමුදාව සහ ඇමෙරිකාවේ මැරීන් භටයින් අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරතවන අතර ඒ සඳහා ඇමෙරිකාව සහය පළකර තිබෙනවා. මෙහිදී රටවල් දෙකේ මැරීන් භටයින් අතර ගිනි අවි පුහුණුව ඇතුලු සියලු දැනුම හුවමාරුව සිදුවෙනවා. අපේ ගිනි අවි දැනුම් අපි ඔවුන්ට ලබා දෙනවා ඔවුන්ගේ දැනුම අපි ලබා ගන්නවා.

නාවික හමුදාව භූ ජලතරඟ මෙන්ම වෙනත් නාවික මෙහෙයුම් සඳහා වැදගත් මෙන්ම අත්‍යවශ්‍යවන විශේෂ භට පිරිසක් නිර්මාණය කිරීමේ එක් පියවරක් වශයෙන් මෙම මැරීන් බළඇණිය ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි. සාමකාමී වාතාවරණයකදී ඔවුන්ට මානුෂීය සහන සැලසීම සහ ආපදා සහන සැලසීමේ මෙහෙයුම්වලට දායකවීමට අවැසි හැකියාව ඇති අතර ගැටුම් සහගත වාතාවරණයකදී ඒ සඳහා සෑම අයුරින්ම සන්නද්ධව ලොව අනිකුත් මැරීන් භටයින් මෙන් සිය ආවේනික රාජකාරි කිරීමට හැකියාව ඇත. ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළඇණිය අනාගතයේ මෙරට විශාල වෙනසකට මුලපුරණු නොඅනුමානය.

ඔවුන් නිසැකවම සිය ආදර්ශ පාඨය වන “ශක්තිය - පරාක්‍රමය-ජයග්‍රහණය ”අනුව සිය රාජකාරි ඉටුකරමින් මව්බිම වෙනුවෙන් මව්බිමේ ගෞරවය වෙනුවෙන් අභිමානනීය මෙහෙවරක් ඉටුකරනු නොඅනුමානය.

ඉන්දිකා රාමනායක
මන්නාරම මුල්ලිකුලම් සංචාරයෙන් පසු
ඡයාරූප - ඉෂාන් සංජීව



අදහස් (1)

අපේ නාවික හමුදාවටත් මැරීන් බළකායක්

praneeth rathnayaka Monday, 20 March 2017 05:38 AM

ඇත්තටම මේ වගේ බලකායක් දකිද්දී අපිටත් සේවය කරන්න එන්න හිතෙනවා. නාවික හමුදාපතිතුමනි ඔබතුමාට මගෙ හදපිරි ප්‍රසාදය. අපගේ රණවිරුවන්ට බුදුසරණයි, සියලු දෙවියෝ ඔවුන් රැකදේවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 179 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 42 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 74 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 26 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 10 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 9 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1451 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site