IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අපි යන තැන්වලට ආණ්ඩුවේ ශ්‍රීලනිපය එවන්න එපා

(අජන්ත කුමාර අගලකඩ)  

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා 16 දෙනාගේ කණ්ඩායම යන ප්‍රදේශවලට ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 23 දෙනා සහභාගි නොකරන්නැයි ආණ්‍ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 
 

දහසය දෙනාගේ කණ්ඩායම ඉකුත් බ්‍රහස්පතින්දා (14) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මෙම ඉල්ලීම කර ඇති බව වාර්තා වේ.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව 16 දෙනාගේ කණ්ඩායම ප්‍රසිද්ධියේ කියා සිටියදී ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් කිහිප දෙනකු ශ්‍රීලනිපය එජාපය සමග දිගටම ආණ්ඩුව කරන බවට ප්‍රකාශ කිරීම මෙම ඉල්ලීම කිරීමට හේතු වී ඇතැයි පැවැසේ.  


මෙවැනි තත්ත්වයක් තුළ, ඔවුන් සමග ගොස් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකළ නොහැකි බව 16 දෙනාගේ කණ්ඩායම ජනාධිපතිවරයා හමු වී ප්‍රකාශ කර ඇත. ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායම යන ප්‍රතිසංවිධාන කටයුතුවලට ආණ්ඩුවේ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් සම්බන්ධ වන්නේ නම් තමන් ඊට සහභාගි නොවන බව 16 දෙනාගේ කණ්ඩායම ජනාධිපතිවරයාට දන්වා ඇතැයි වාර්තා වේ.  


මෙම සාකච්ඡාවට 16 දෙනාගේ කණ්ඩායමෙන් මන්ත්‍රීවරු 12 දෙනෙක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද සහභාගි වූහ.  

 



අදහස් (0)

අපි යන තැන්වලට ආණ්ඩුවේ ශ්‍රීලනිපය එවන්න එපා

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 394 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 78 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 166 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 38 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 11 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 13 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site