(මහින්ද නිශ්ශංක)
පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය සැමරීම සඳහා පෙළපාළි පෙරහැරයාම සහ රැස්වීම් පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රි 12 තෙක් සම්පූර්ණයෙන් තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත අනුව මෙම තහනම බල පැවැත්වෙන බව පවසන පොලිස් අධිකාරි ගුණසේකර මහතා, එම නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද කීය.
විශේෂයෙන් පෙළපාලි හා පෙරහර යාම් සහ රැස්වීම් පැවැත්වෙන ස්ථාන වීඩියෝ සහ ඡායාරූප ගතකොට ඒවාට සහභාගිවූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවද පොලිස් අධිකාරිවරයා පැවසීය.
මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධව නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරින්, විශේෂ කාර්ය බළකාය සහ සිවිල් ආරක්ෂක සභිකයින් 65758 දෙනකු යෙදවා සිටින බවද පොලිස් අධිකාරි ගුණසේකර මහතා කීය.
මේ අතර මැතිවරණ පැමිණිලි සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පොලිසිය මගින් අපේක්ෂකයින් 61 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අතරින් දූෂණ හා නීති විරෝධි ක්‍රියා සම්බන්ධව චෝදනා ලැබ සිටින අපේක්ෂකයින් අදාළ චෝදනාවලට වැරැදිකරු වුවහොත් ඔවුන් තේරීපත් වුවද මන්ත්‍රීධුරය අහිමිවිය හැකි බවද පොලිසිය පවසයි.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය, ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලි
මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකා
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ග
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අද රාත්‍රී 12 තෙක් පෙළපාළි-රැස්වීම් තහනම්