නව ව්‍යවස්ථාවට එරෙහිව ‘එළිය’ නමින් නව සංවිධානයක් බිහි වෙයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරෝගාමීත්වයෙන් බිහි වූ මෙම සංවිධානයේ ආරම්භක සමුළුව බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී මෙම මස 6 වැනි දින සවස 5ට පැවැත්වේ.  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වෙති.