IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විදුලිය සහ ජල ගාස්තු ඉහළ යන පෝලිමේ

(අජන්ත කුමාර අගලකඩ)  
ඉන්ධන මිල ඉහළ දැමීමට සමගාමීව විදුලිය සහ ජල ගාස්තු ද ඉහළ දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.  


ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව දැවිතෙල් මිල ගණන් ද ඉහළ යන බැවින් විදුලිය ගාස්තු ද ඉහළ දැමීමට සිදුවනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.  

ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැවි තෙල් ලීටරයක් රුපියල් 80 ක පමණ මිලකට විදුලිබල මණ්ඩලයට දැනට සපයන අතර නව මිල ගණන් අනුව දැවි තෙල් ලීටරයක මිල රුපියල් 90 ක් පමණ වනු ඇතැයි ඔහු සඳහන් කළේය.  


දැවි තෙල් සඳහා යන පිරිවැය වැඩිවන බැවින් විදුලිය ගාස්තු වැඩිකිරීම හැර වෙන විකල්පයක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.  
මේ අතර ජල ගාස්තු වැඩි කළ යුතු බව ජල සම්පාදන හා නගර සැලසුම් ඇමැති රාවුෆ් හකීම් මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇතැයි වාර්තා වේ.  


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා පැවැති කැබිනට් රැස්වීමේදී රාවුෆ් හකීම් ඇමැතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.  


ජල බිල වැඩිකිරීම සම්බන්ධයෙන් කාලයක සිට කතා කරන නමුත් විසඳුමක් ලැබී නැතැයි පවසා ඇති ඇමැතිවරයා ජල බිල වැඩි කිරීම පිළිබඳව සලකා බලන්නැයි නැවත ඉල්ලීමක් කර ඇත.  


ඇමැති හකීම් මහතා මෙම යෝජනාව කර ඇත්තේ ඉන්ධන මිල වැඩිකළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව පිළිබඳව සාකච්ඡා කළ අවස්ථාවේදීය.  

 

 



අදහස් (2)

විදුලිය සහ ජල ගාස්තු ඉහළ යන පෝලිමේ

wiki Friday, 18 May 2018 12:15 PM

ඔව් හොදයි 255 ක් නඩත්තු කරන්න එපැයි අපි. ඉතින් වැඩි කරන්න.

:       0       3

Raveendra Thursday, 24 May 2018 02:31 AM

පින්ගුත්තරයෝ 225 ම දුක කෙසේ වෙතත් සියලු සුරසැප ( කිතුල්ගස් කලන්තයද ඇතුළුව) සාමාන්‍ය ජනතාව බදු ගෙවපියවුකෝ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 131 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 37 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 59 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 23 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 9 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 9 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site