(අජන්ත කුමාර අගලකඩ)
ඒකාබද්ධ විපක්ෂය සමග සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ එකතු කර නව දේශපාලන සන්ධානයක් පිහිටුවන ලෙස කර ඇති ඉල්ලීම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (09) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ එකතු කර නව දේශපාලන සන්ධානයක් පිහිටුවන්නැයි ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ යන දේශපාලන පක්ෂ විපක්ෂ නායකවරයා වෙත ලිපියක් බාර දෙමින් ඉල්ලා තිබිණි.
වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, අසංක නවරත්න සහ ඩී. කලංසූරිය යන මහත්වරුන්ගේ අත්සනින් මෙම ලිපිය බාර දී ඇති බව වාර්තා විය. මේ අතර ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊ.පී.ඩී.පී. සංවිධානය, ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය ඇතුළු තවත් පක්ෂ කිහිපයක්ද නව සන්ධානය සමඟ එකතුවී කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව දැනගන්නට ඇත.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පොහොට්ටුව ඇතුළේ නව සන්ධානයකට සාකච්ඡා අනිද්දා?