IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දරුවාගේ පාසල ළඟදී බෝම්බ භීතිකාවට දිවිදුන් තාත්තා

විනාශ කළ සුන්දර කැදැල්ල

 

ගාල්ල මානවිල උපනන්ද විද්‍යාලීය ප්‍රාථමික විදුහලේ ඉකුත් 04 වැනිදා දහවල් 12.00 පමණ සිදුවූ වෙඩි තැබීමකින් හිටපු නාවික හමුදා සෙබළකු මියගොස් ඇත. එදින දහවල් ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ තම දරුවා රෝගාතුර වූ බවට ලද තොරතුරකට අනුව තම දරුවා පාසලෙන් රැගෙන යාමට පාසලට පැමිණි අවස්ථාවේ දී මෙම වෙඩි තැබීමට ලක් වී ඇත.   


පාසලේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළකු විසින් පාසලට ඇතුළුවීමට පැමිණි මෙම පුද්ගලයාට පාසලට ඇතුළු නොවන ලෙසට අවවාද කර ඇති අතර මේ අවවාදය නොතකමින් පාසලට ඇතුළුවීමට උත්සාහ කරමින් පාසලේ දෙවැනි ගේට්ටුව ද (දොරටුව) පසුකර යමින් පාසලට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී හමුදා සෙබළා අදාළ පුද්ගලයාට වෙඩි තබා ඇතැයි කියති.   


වෙඩි වැදුණු පුද්ගලයා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කිරීමේ දී මියගොස් තිබිණැයි රෝහල් පොලිසිය පැවසුවේ ය. මෙසේ වෙඩි වැදී ඇත්තේ ගාල්ල පිලාන නාගස් හන්දිය අසල පදිංචි කළුහැන්නදිගේ ප්‍රදීප් උදය කුමාර (39) නමැති තිදරු පියෙකි. මෙම මියගිය තැනැත්තාගේ දරුවන් තිදෙනෙකු 1, 2, වසරවල සහ මානවිල උපනන්ද ජාතික පාසලේ 10 වසර ඉගෙනුම ලබමින් සිටී. සිද්ධිය පිළිබඳව අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. සිද්ධියට අදාළ හමුදා සෙබළාගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කර තිබුණේ ය.   


මේ සිද්ධිය පිළිබඳව කියන තවත් පිරිසක් කීවේ හමුදා සෙබළා පාසලේ ආරක්ෂාවට යොදවා සිටිය දී ඒ අය සමග මෙම පුද්ගලයා පොරකෑ බවයි. තවත් සමහරු කියන්නේ අසල තිබූ ආරක්ෂිත ගේට්ටුවෙන් පනින්නට තැත් කළ නිසා වෙඩි තැබූ බවයි. මේ ආදී කතා රැසකි. ඇත්තටම සිදු වූයේ කුමක් ද යන්න කිසිවෙකු දන්නේ නැත. දැන් සියලුම වැරදි සියල්ලම වෙඩි වැදී මියගිය පුද්ගලයාගේ පැත්තට එකතුවෙමින් පවතින සෙයක් දැකිය හැකි වූයේ මේ වන විට සිදුකරන පරීක්ෂණ පිළිබඳව අසනා දකිනා විටදීය.   


සහරාන් ඇති කළ බෝම්බ භීතිකාව නිසා පාසල් මුර කරන්නට දෙමාපියන් හා සමහර පාසල්වලට යොදවන ලද ආරක්ෂක අංශ සිදු කළ යුතුව තිබුණේ බෝම්බ හෝ පුපුරණ ද්‍රව්‍ය ඇතිද යන්න පුද්ගලයාගේ ශරීරය පරික්ෂා කර බලා තම අසනීප වී සිටින දරුවා බලන්නට මේ තාත්තාට අවසරය දීමය. නමුත් එසේ සිදු වූ සෙයක් දැකිය නොහැකි විය.   


මරන්නට තරම් වරදක් මේ තාත්තා කළේ ද? ගිනි අවිය පත්තු කළේ ඇයි? මේ තාත්තා සම්බන්ධයෙන් අවුලක් ආරක්ෂක අංශවලට තිබුණේ නම් මරන්නටම වෙඩි තැබුවේ ඇයි?   
දරුවාට සරණක් වන්නට පිය සෙනෙහස ද ඇතිව ආ මේ තාත්තාට සිදුවූයේ වෙඩි උණ්ඩයකට ලක්වෙන්නටය.   


මියගිය තාත්තා වූ නාවික සෙබළා වසර ගණනාවක් නාවික හමුද‌ාවේ සේවය කර සිටියේ ය. හෙතෙම නාවික හමුදාවේ තූර්ය වාදක කණ්ඩායම නියෝජනය කළේය.   
හෙතෙම ආරක්ෂක සේවයෙන් විශ්‍රාම ලබන්නේ 2011.11.01 වැනි දින දීය. කුමාරයාගේ වීණාවේ තත්සරයට ආදරය බැඳි කුමරිය වූ මිය ගිය කුමාරගේ බිරිඳ ද නාවික හමුද‌ාවේ සේවය කරන්නීය. ඇය ද නාවික හමුද‌ාවේ සේවය කරන අතරේ හටගත් ආදරයකින් දෙදෙනා විවාහ වූයේ දෙමාපියන්ගේ කැමැත්ත මත හෙළ චාරිත්‍රවලට නිසි තැන දෙමිනි. අද එය නිල් දිය මත බොඳවී ගොසිනි.   


“කේ.ටී. දෙමිණි දෙව්හරා දියණියට අසනීප තත්ත්වයක් ඉක්මනින්ම පාසලට එන්න” කුමාරට උන් හිටි තැන් අමතක විය. හෙතෙම දියණිය සොයා දියකාවෙක් මෙන් උපනන්ද විද්‍යාලයට ගියේය. සිදුවූයේ විපතකි. උණ්ඩයකට බිලි වීමය.   

 

 

 

කුමාරගේ බිරිඳ හිටපු නාවික සෙබළියක වූ පී.එච් අයේෂා මංගලි පවසනුයේ තමා හා තම දරුවන්ට මෙයා හරි ආදරෙයි. අපි පස්දෙනා විතරයි ගෙදර ඉන්නේ. ළමයි පාසලට කුමාර අරගෙන යන්නේ යතුරුපැදියෙන්. දරුවන් එක එක වේලාවට අරගෙන යන්නේ නෑ පාසලට එක්වරමයි අරගෙන යන්නේ. අපිට ලොකු බලාපොරොත්තු තිබුණේ නෑ. අපිටම කියා ගෙයක් දොරක් හද‌ාගෙන කාටවත් කරදරයක් නැතිව ඉන්න තමයි අපි කල්පනා කළේ. දරුවන් ලොකු වුණාම මේ අයත් හමුදාවට දාන්න තමයි කුමාර නිතරම කීවේ. නාවික හමුදාවටම දමන්න තමයි මහත්තයාගේ කල්පනාව වූයේ ඒ සියල්ලම මේ අය අපිට නැති කළා. අපි අසරණයි. අපිට කුමාරයෙක් වාගේ සිටි කුමාර අපිට නැති වුණා. දරුවන්ට තාත්තා නැති බව මම කියන්නේ කොහෙමද? ඒ අඩුව පුරවන්නේ කොහෙමද? අපි අසරණයි.   


කුමාරට වූ විපත සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නට 04 දින හැන්දෑවේ ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිටියේය.   

 

 

 

සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත
ගාල්ල අමල් වික්‍රමරත්න   

 



අදහස් (2)

දරුවාගේ පාසල ළඟදී බෝම්බ භීතිකාවට දිවිදුන් තාත්තා

Prasanna Monday, 08 July 2019 11:30 AM

ශ්‍රී ලංකාවේ නීතිය කුමක්ද? ඕනෑම සන්නද්ධ පුද්ගලයෙකුට සාමාන්‍ය සිවිල් වැසියන්ට වෙඩි තැබිය හැකිද? ඇයි ඔහු ඔහුගේ හදවතට වෙඩි තැබුවේ. මගේ දැනුමට අනුව යමෙකු ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නේ නම් සහ නීතියට අනුව ඔවුන්ට පාලනය කළ නොහැකි නම් ඔවුන් දණහිසට පහළින් වෙඩි තබයි. එසේ නම් ශ්‍රී ලංකන් පොලිසිය සහ හමුදාව දණහිසට ඉහළින් වෙඩි තබන්නේ ඇයි? කරුණාකර පැහැදිලි කරන්න. ඕනෑම වගකිවයුතු පුද්ගලයෙක් මගේ ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුය

:       8       22

m.w.nishantha ranesh Tuesday, 09 July 2019 01:55 PM

මේක හරිම අවාසනාවන්ත තත්වයක් - අවියකින් තොර පුදගයකුට පරික්ෂාවක් කර යවන්නට හැකියාවක් තියෙද්දී ඔහුව ත්‍රස්තවාදියකු ලෙස පෙනීම හරිම සෝචනීයයි. අනික විදුහල්පතිවරයාට හෝ පන්ති බාර ගුරුවරයාට වගකීමක් තියෙනවා මේ ගැන මුර කුටිය දැනුවත් කරන්න. එහෙම වුන බවක් පෙනෙන්න නැ එක ලොකු අඩුවක්.

:       0       26

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 406 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 78 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 174 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 38 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 11 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 13 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site