පොලිස් මාර්ග බාධකයට හානි සිදු වී තිබූ අයුරු
පොලිස් නිලධාරීන් යට කළ ටිපර් රථය
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා පොලීසිය සිදුකරන කාර්යභාරය සුළුපටු නොවේ. ජනතාව වෙනුවෙන් කොතරම් හොඳ කළත් නිරන්තරයෙන් ඔවුන්ගේ ගැරහීමට ලක්වන රජයේ ආයතනයක් ලෙස පොලීසිය හඳුන්වා දිය හැකිය. ජනතාවට ඇතිවත් බැරි නැතිවත් බැරි පොලීසිය එක පැයක් සේවයෙන් ඉවත් වුවහොත් සිදු විය හැකි ව්‍යසනය සිතා ගත නොහැකිය.
සුළුතරයක් සිදුකරන දේවල් නිසා ගෞරවනීය පොලිස් සේවය අපකීර්තියට පත් වුවද මහජනතාවගේ ජීවිත හා දේපොළ ආරක්ෂා කිරීමට ගොස් සිය ජීවිතවලින් වන්දි ගෙවූ පොලිස් නිලධාරීහු එම සේවයට වරින් වර අභිමානයක් එක් කළහ.
කොරෝනා ව්‍යසනය මෙරට ඇතිවූ දින පටන් සිට ත්‍රිවිධ හමුදාව හා සමානව රාජකාරි කිරීමට පොලීසියට සිදු විය. හක්මන කෝංගල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකය ද ස්ථාපිත කරනු ලැබුවේ මහජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙනි.
ඒ අනුව හක්මන සිට මාතර දෙසට ද මාතර සිට හක්මන දෙසට ද ධාවනය වන වාහන හා ගමන් කරන පුද්ගලයින් පිළිබඳව එම මාර්ග බාධකයේ රාජකාරි කරන පොලිස් නිලධාරීහු හැම විටම සුපරික්ෂාකාරීව පසු වූහ. දිවා රෑ නොතකා පැය 24 පුරාම ඒ වෙනුවෙන් පොලිස් කණ්ඩායම් යොදවා තිබිණි.
දිනය ඉකුත් 13 වැනිදාය. වේලාව මැදියම් රැයට ආසන්න වෙමින් තිබිණි. කිරින්ද නගරයේ දී ද පොලිස් සැරයන් 17758 දිලීප් හා කොස්තාපල් 78262 මාලිත යන මහත්වරු රථ වාහන පරීක්ෂා කරමින් රාජකාරි කටයුතු කරමින් සිටියහ. ඒ අතරතුරදී එක්වරම ටිපර් රථයක් පැමිණ තිබෙන අතර ඔවුන් එම රථය පරීක්ෂා කිරීම සඳහා නතර කිරීමට සංඥා නිකුත් කර තිබේ.
එහෙත් ඒ පොලිස් අණ එක තඹ සතේකට ගණන් නොගත් රියදුරා ටිපර් රථය හක්මන දෙසට නොනවත්වා ධාවනය කර තිබුණි. ඒ සමගම පළා ගිය ටිපර් රථය නතර කර ගන්නා ලෙසට එම පොලිස් නිලධාරීන් දෙදෙනා කෝංගල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදීසිටි උපපොලිස් පරීක්ෂක ජයසේන මහතාට දුරකතනයෙන් දැනුම් දී ඔවුන් ද ටිපර් රථය පිටුපසින් සිය යතුරු පැදියෙන් ලුහු බැඳගෙන විත් තිබුණි.
කෝංගල පොලිස් මාර්ග බාධකය අසල සිටි නිලධාරීන්ගේ අණට කීකරු වූ ටිපර් රථ රියැදුරා කේන්තියෙන් මෙන් තිරිංග තද කර රථය නවතා තිබේ. ඒ සමගම කිරින්දේ සිට යතුරු පැදියෙන් පසු පස ලුහුබැඳගෙන ආ පොලිස් නිලධාරීන් දෙදෙනා ද එතැනට පැමිණ ඇත.
ටිපර් රථය පරික්ෂා කිරීමෙන් පසු රියැදුරුගේ රියැදුරු බලපත්‍රය ඇතුළු ලිය කියවිලි පොලීසිය ඉල්ලා තිබේ. ඒ වන විට ඔහුගේ රියැදුරු බලපත්‍රය වෙනත් රථ වාහන වරදකට මාතර කොටවිල පොලීසිය විසින් භාරයට ගෙන තිබුණි.
ඒ ඉකුත් 09 වැනි දින කොටවිල පොලිස් වසමේ දී අපරීක්ෂාකාරීව රිය ධාවනය කොට විදුලි රැහැන් කණුවකට රුපියල් එක් ලක්ෂ දහතුන් දහස් නවසිය අනූඅටක අලාභයක් සිදු කිරීමේ වරදටය.
ඊට පසු දිනම ඔහු අදාළ මුදල ගෙවා තාවකාලික රියදුරු බලපත්‍රය ලබාගෙන තිබෙන අතර ඊට අදාළ නඩුවට ඉකුත් 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණි.
කොටවිල පොලීසියෙන් නිකුත් කර තිබූ තාවකාලික රිය පැදවීමේ බලපත්‍රය ලබාගෙන ඇති මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් පොලිස් අණ නොතකා අන්තරාදායක ලෙස රිය පැදවීමේ වරදට වෙනත් දඩ කොළයක් රියැදුරුට නිකුත් කර තිබේ.
මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ලලිතා විතානාච්චි මහත්මිය මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වමින්
එම අවස්ථාවේ දී කේන්තියට පත් රියදුරා “බොලා යට කර මරා දමනවා” යයි කියමින් ටිපර් රථයට ගොඩ වී හක්මන දෙසට ගමන් කළ බව කියති. පසුව මිනිත්තු දහයකින් පමණ පසු ඔහු නැවතත් වේගයෙන් ටිපර් රථය පදවාගෙන විත් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් යටකර පළා ගොස් තිබුණි. ඉන් තිදෙනෙක් ඉවතට පැන දිවි බේරා ගත්තෝය.
බරපතළ තුවාළ ලැබූ පොලිස් කොස්තාපල් 78262 මාලිත විතාරණ මහතා මාතර මහ රෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් තිබුණි. ඔහු සමග එකට තුවාල ලැබූ පොලිස් සැරයන් 17758 දිලීප් මහතා එම රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ද සැරයන් 60818 පුෂ්පකුමාර මහතා හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ද ඇතුළත් කරන ලදී.
සිද්ධිය දැන ගත් විගස මාතර නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා තුවාල ලැබූ නිලධාරීන්ගේ තත්ත්වය සොයා බැලීමටත් සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමටත් පැමිණියේය.
මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ අවසන් කටයුතු සිදු කිරීම දක්වා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට සෙසු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ඊට අමතරව පළා ගිය ටිපර් රථ රියදුරා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට චන්දන හේරත් මහතා හක්මන පොලීසියේ ස්ථානාධිපති නලීන් වීරවර්ධන හා මාතර කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ ස්ථානාධිපති එච්.කේ. කමල් යන මහත්වරුන්ට නියෝග කළේය.
මියගිය පොලිස් කොස්තාපල් මාලිත විතාරණ (36) මහතා වලස්මුල්ල මොදරවානේ පදිංචිකරුවෙකි. දෙදරු පියෙකු වන ඔහුට අවුරුදු 07ක පුතෙක් හා අවුරුදු 03 ක දියණියක සිටිති. 2008 වසරේ දී පොලිස් සේවයට එක්ව ඇති ඒ මහතා වීරකැටිය කොටවාය මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ඔහුගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ලලිතා විතානාච්චි මහත්මිය ඉදිරියේ දී පැවැත්විණි.
ඒ මහත්මියගේ නියෝගය මත පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සුමිත් අඹේපිටිය මහතා බර වාහනයක් ශරීරය උඩින් ගමන් කිරීම නිසා උදරයට පහළ ඉන්ද්‍රියන්ට හානී සිදුවීම හේතුවෙන් ඇති වූ අභ්‍යන්තර ලේ වහනයෙන් එම මරණය සිදුව ඇති බවට ප්‍රකාශ කළේය.
පොලිස් නිලධාරීන් යටකර පලා ගිය ටිපර් රථය හුංගම කට්ටකඩුව ගෝඨයිම්බර ගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පසුව පොලීසිය සොයා ගත්තේය. ඉන් පැය කිහිපයකට පසු අපරාධය සිදු කළ ලුනම උහපිටිගොඩ පදිංචි 34 හැවිරිදි ටිපර් රථ රියදුරු ද පොලීසීය සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබීය.
ටිපර් රථය පදවා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම හා අන්තරාදායක ලෙස රිය පදවා අනතුරක් සිදු කර පළා යාම යන චෝදනා යටතේ මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ එම සැකකරු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.
සිත් පිත් නැති ටිපර් මාරයාට බිල්ලක් වූ පොලිස් කොස්තාපල් මාලිත විතාරණ මහතාගේ අවසන් කටයුතු ඉකුත් 16දා වලස්මුල්ල මොදරවාන පවුලේ සුසානභූමියේ දී සිදු කෙරිණි.
ඉවසිය යුතු තැන ඉවසීමක් නොමැති වීම නිසා කුඩා දරුවන් දෙදෙනෙකුට සිය පියා අහිමි විය. සෙනෙහෙවන්ත බිරිඳකට තම සැමියා අහිමි විය. තවත් පොලිස් පවුල් දෙකක් අසරණ විය. ඒවාට වග කිව යුතු රියදුරුට මීනී මැරීමේ චෝදනාව එල්ල වී සිර ගත වීමට සිදු විය.
පිරිසක් මෙම සිද්ධිය දැක අනේ අපොයි කියති. පොලීසිය පිළිබඳව හිතේ තරහක් ඇති තවත් අය සිද්ධිය සාධාරණීකරණය කරති. එම නිසා පොලීසිය හා මහජනතාව අතර විශ්වාසය ගොඩනැගීමේ වැඩපිළිවෙළක්ද රටට අවශ්‍යව ඇත.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ජේ. සිල්වා මහතාගේ උපදෙස් මත මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ හක්මන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලීන් වීරවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් මේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
ක්‍රිෂාන් ජීවක ජයරුක්
ඡායාරූප දෙනගම යසන්ත ආරියසේන
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය, ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලි
මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකා
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ග
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දඩ කොළයක් දුන්නාට කේන්තියෙන් පොලිස් නිලධාරියකු හප්පා මැරූ නරුමයා
අංජන Tuesday, 21 July 2020 06:58 AM
ආපහු හරවන් ඇවිත් යටකරලා මරන්න තරම්, කොච්චර අසාදාරණයක් ඒ මනුස්සයට පොලීසියෙන් වෙන්න ඇතිද... වරදක් නොකර දවසක් හරි පොලීසියෙ අයගෙන් කුණු කතා අහන්න වුන ඕන කෙනෙක්ට ඒක තේරෙනවා. පොලීසියෙ බහුතරයක් අයගෙ අසභ්‍ය හැසිරිම, මනුස්සකමක් නැති කතා බහ නිසා සමස්ත පොලීසියම ජනතා අප්‍රසාදයට පත්වෙලා තියන හැටි....
පුටුපාලSaturday, 01 August 2020 02:56 PM
ඇත්තටම පොලිසියේ සමහර මහත්වරු අහිංසක මනුෂ්‍යයින්ට දරුණු විදිහට වද දෙනවා සාමය නීතිය ආරක්ෂා කරන නිලධාරීන් දකින්න ලැබෙන්නෙ කලාතුරකින් ඒනිසා පොලිස් නිලධාරීන්ට අනුකම්පා කරන අය අඩුයි ඒ මහත්තුරුන්ගෙ හොදට වඩා නරක වැඩ වැඩි.
සමාරා Thursday, 23 July 2020 08:44 AM
ඔය ටිපර් එක එලවපු මනුස්සයගෙ පැත්තෙන් කියන දේත් අහලම ලිව්වා නම් හොදයි.
Kuma Sunday, 26 July 2020 02:08 PM
පොලිස් නිලධාරීන් හරි අහිංසක ඇති. ඒකයි මේ.
අලි ජේම්ස්. Sunday, 02 August 2020 12:37 AM
කරුණාකර මේ රියදුරන්ගේ පොටෝ එක් දාන්න ඕනේ. රටේ ජනතාව දැනුවත් කරන්න.
මරික්කාර් Thursday, 06 August 2020 03:08 AM
මෙම සාපරාධි අපරාධ මිනිමෙරුමේ පාපයට නීතියේ උපරිම දඩුවම් දෙන අතර මේවගේ පාප කාර්ය රියදුරු විසින් මින් ඉදිරියට කිසිසේත් නොවියුතු විදියට ඉතා ඉක්මනින් නීති රාමුව සකස් කිරීම මෙි රටෙ හා ජනතාවගේ අවශ්‍යතාව සැලකිය යුතුයි.
upali Monday, 10 August 2020 11:46 AM
මට තියෙන අත්දැකිම් අනුවනම් පොලිසිය තමයි කුඩ්ඩො පාතලායො හොරු හදන්නේ.
Lahiru Thursday, 20 August 2020 01:14 AM
රියදුරුට වූන අසාධාරණයක් මේකේ සටහන් වෙන්නෙ නෑ
M.mangala Friday, 21 August 2020 02:44 AM
ජීවිතයක් තොර කිරීමේ අයිතියක් කිසිවෙකුට නැත.