IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


චීන දුම්වැටියෙන් ඇමැති මණ්ඩලය රත්වෙයි!

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

විදේශ රටවලින් දුම්වැටි ගෙන ඒම සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය තුළ දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිවූ බව රජයේ ආරංචි මාර්ග පවසයි.  


දුම්වැටි විදේශ රටවලින් ආනයනය කිරීම සම්බන්ධයෙන් මෙරට දුම්කොළ සමාගම් කලබලයට පත්ව ඇතැයි මෙහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දී තිබේ.  

එසේ දුම්වැටි ආනයනය කිරීම නිසා මෙරට දුම්කොළ සමාගම්වල නිෂ්පාදනය පහත වැටීමේ අවදානමක් ඇතැයි එම සමාගම් බිය පළකර සිටිති.  


ඔවුන් බලධාරින් සහ මාධ්‍යවේදීන් සිය ග්‍රහණයට හසුකර මෙසේ දුම්වැටි ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රචාරයක් ගෙන යමින් සිටින බවත් එය මෙරට දුම්වැටි නිෂ්පාදනයට බාධාවන බවත් ඔවුන් ප්‍රචාරය කරන බව එම ආරංචි මාර්ග පැවැසීය.  


මෙහිදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් තමන්ට කිසිදු ආකාරයේ දුම්වැටි ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි පෙන්වා දීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගත් බව එම ආරංචි මාර්ග පැවැසීය.  


දුම්වැටි භාවිතය අඩු කරන බවට ලෝකයට පොරොන්දුවක් දී ඇති අතර එය වැඩි කිරීමට ඇතැමුන් දරන උත්සාහයට තමන්ට එකඟ විය නොහැකි බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. දැනට දුම්වැටි නීති විරෝධීව මෙරටට රැගෙන එන අතර එය නීත්‍යානුකූලව ගෙන ඒමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබි ඇතැයි මෙහි දී පෙන්වාදී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.  


එසේ දුම්වැටි විදේශ රටවලින් ආනයනය කරන්නේ නම් කොළඹ වරායේ සහ කටුනායක ගුවන් තොටුපළේ ස්කෑන් යන්ත්‍ර සවිකොට පරීක්ෂණ කටයුතු පුළුල් කරන ලෙසටද මෙහිදී අවධානය යොමු වී ඇත.

 



අදහස් (1)

චීන දුම්වැටියෙන් ඇමැති මණ්ඩලය රත්වෙයි!

Nana Sunday, 14 July 2019 07:54 AM

රාජිතගේ සිරිසේනගේ වැඩ නිසා රටේ දුම් පානය අඩුවී ඇති බවවත් නොදන්නේද?

:       1       1

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 364 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 70 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 142 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 36 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 10 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 11 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1668 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site