IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දිය යුතුයි

ඇමැති දිගම්බරම්  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  
දැනට බන්ධනාගාරගත වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානය පවසයි.  

එම සංවිධානයේ අමාත්‍ය පලනි දිගම්බරම් මහතා ප්‍රකාශ කළේ තමන් දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කළද තමන්ගේ පෞද්ගලික මතය වී ඇත්තේ ඥානසාර හිමියන් නිදහස් කළ යුතු බවයි.  


අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව ඥානසාර හිමියන් හෙළිකළ විට ඇතැමුන් එය හාස්‍යයට ලක්  කෙරිණ.  
නමුත් දැන් එය සනාථ වී ඇත. මෙම තොරතුරු හෙළිකළ අවදියේම පරීක්ෂා කළේ නම් මෙවැනි විනාශයක් වළක්වා ගැනීමට ඉඩ තිබුණ බවද අමාත්‍යවරයා පැවැසීය. ඒ නිසා තමන්ගේ මතය වී ඇත්තේ උන්වහන්සේට ජනාධිපති සමාව යටතේ වහා නිදහස් කළ යුතු බවයි. 

 

 



අදහස් (10)

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දිය යුතුයි

wimal Monday, 13 May 2019 10:34 AM

මගේ අදහස නම් උන් වහන්සේගෙන් සමාවගෙන නිදහස් කල යුතු බව යි.

:       280       1289

Karunathilaka Bulukumbura Wednesday, 15 May 2019 05:57 AM

සත්‍යය අවබෝධ කර දුන්නා අපි මේ ගැන බලන්නේ නම් උන් වහන්සේ වහා නිදහස් කරන ලෙස ඉල්ලා සිටි මූ

:       0       0

A.M.A.K.ADIKARI Wednesday, 15 May 2019 07:23 AM

අනිවාර්යයෙන්ම නිදහස් කොට, සියළු චෝදනාවලින් නිදහස් කළයුතුය.

:       0       0

Sugath Friday, 17 May 2019 03:49 AM

එතකොට රටේ නීතියට මොකද වෙන්නේ. නීතිය සැමට පොදු දෙයක්.

:       612       194

Saman wekikala Friday, 17 May 2019 06:16 AM

එතකොට මේ කියන විදියට හාමුදුරුවන්ට නිදහස දෙන එක වැරදිද? උන් වහන්සේ කතා කලේ රට වෙන්වෙන්.

:       4       1020

siri Friday, 17 May 2019 09:26 AM

උන්වහන්සේ වැරදිකාරයා වුනේ වචන බාවිතය නිසා . ඉතින් එහෙම නම් කඩු තොග පිටින් හමුවෙන මෙම කාලයේ ඒවාට සම්බන්ද අයට දඩුවම් කෝ?

:       0       0

sena Sunday, 19 May 2019 12:19 AM

උසාවියට අපහසකල කියමින් ඥානසාර හිමි හිර ගතකල දිගින්දිගටම් උසාවියට අපහසකල රන්ජන් රාමනායක මාස ගණනක් තිස්සේ තවමත් කට මත දොඩවමින් නිදහසේ සිටී. ලංකාවේ අධිකරණය පාලකයින්ගේ අයුධයකි. මැතිවරණයක් පැවත් වීමට විරුද්ධව සත් පුද්ගල විනිසුරුවන් තීරණය කලේ මේ අයගේ ඕනෑකම අනුවය. මැතිවරණයක් පවත්වුවනම් මෙම විනාශයෙන් ගොඩ ඒමට හැකියාව තිබුණි

:       0       0

jerome Sunday, 19 May 2019 03:38 AM

හාමුදුරුවන්ගෙන් සමාවගෙන නිදහස් කලයුතුයි, නමුත් උන්වහන්සටත් වගකීමක් තියෙනවා රටේ පැවති සාමකාමී තත්ත්වය එලෙසින්ම පවත්වාගෙන යෑමට.

:       0       3

Dharmapala Sunday, 19 May 2019 05:40 PM

උසාවිය විහිළුවක් කරන්න එපා. අම්ම ගහද්දි තාත්ත බේරනවා වගේ හිරේ දාපු වැරදි කරපු පුද්ගලයන්ට සමාව දෙන එක විකාරයක්.

:       85       2

Sujani Sunday, 19 May 2019 09:04 PM

මේ රටේ කොහෙද එක නීතියක් තියෙන්නේ. අවුරුදු 18 අඩු ගැණු ලමයි කසාද බදින්න සමහර ආගමිකයන්ට අවසර ඇත . අනෙක් අය අවුරුදු 20 හිරේ යනවා. ගැහැණු එක්කෙනෙක්ට වඩා ගන්න සමහර ආගමිකයන්ට පුළුවන් .අනික් ආගමිකයෝ එහෙම කලොත් අවුරුදු 7 හිරේ.

:       4       74

ඔබේ අදහස් එවන්න

පුවත්

ජනපති ඡන්දෙට ලෑස්තියි: මැ.කො. කෝටි දාහක් වෙන් කරයි
2024 අප්‍රේල් මස 01 323 0

ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු‍ කටයුතු සූදානම් කර ඇතැයි එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.


ඥානසාර හිමි නිදහස් කරන්නැයි අභියාචනාධිකරණයට ඇපෑලක්
2024 අප්‍රේල් මස 01 537 0

ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාවන්ට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කර උන්වහන්සේ නිදොස්


රුසියන් - යුක්‍රේන යුද්ධයෙන් මියගිය ශ්‍රී ලංකීය කුලී හේවායන් ගැන තොරතුරු නෑ
2024 අප්‍රේල් මස 01 580 0

රුසියා-යුක්රේන යුද්ධයේදී කුලී හේවායන් වශයෙන් කටයුතු කරමින් සිටියදී මියගිය ශ්‍රී ලාංකිකයන් ගැන ඒ රටවල තානාපති කාර්යාල ඔස්සේ ආරක්ෂක අමාත්‍යාංශයට මෙත


2029 වෙන විට තත්පරයක් අඩුවෙයි
2024 අප්‍රේල් මස 01 91 0

පෘථිවිය කැරකෙන වේගය එසේත් නැති නම් භ්‍රමණය ​ෙවන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩු​ ෙවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.


අඩු වැටුප් නිසා 250 දෙනෙක් හෙද සේවය හැර ගිහින්
2024 අප්‍රේල් මස 01 117 0

ප්‍රමාණවත් වැටුපක් නොලැබීම නිසා මේ වසරේ ගෙවීගිය කාලය තුළදී මධ්‍යම රජයේ රෝහල්වල සේවය කළ හෙද නිලධාරීන් හා නිලධාරිනියන් 250 දෙනෙකු සේවයෙන් ඉවත්ව ගොස් තිබ


ලංකාවේ ලූනු ගෙඩිය පල්ලම් බැහැලා
2024 අප්‍රේල් මස 01 124 0

පසුගිය වසර තුනක කාලයේදී රටේ බී ලූනු වගාකරුවන් සංඛ්‍යාව සියයට අසූ හයකින් පහළ බැස ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවල සඳහන් වන බව පේරාදෙණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site