(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපතිවරණයෙන් අනතුරුව එන මහ මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සම නායකයන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් පත් කිරීමට යෝජනාවී ඇතැයි වාර්තාවේ.
මීළඟ මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් පුටුව ලකුණ යටතේ තරග කිරීමට පක්ෂ දෙකම දැනටමත් එකඟවී ඇත.
ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවා ගැනෙන අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුමට ඉදිරි සති දෙක ඇතුළතදී අත්සන් කෙරෙනු ඇතැයි දැන ගන්නට තිබේ.
මෙම සන්ධානය සඳහා ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කරන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ දහයක් පමණ එක්වනු ඇතැයි පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
යෝජිත ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ විධායක සභාවෙන් සියයට 51ක් පොදුජන පෙරමුණටද සියයට 31ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද හිමිවේ.
ඉතිරි සියයට 18 එම සන්ධානයෙ හවුල්කාර පක්ෂවලට හිමිවනු ඇත.
සන්ධානයෙ ලේකම් ජාතික සංවිධායක, භාණ්ඩාගාරික යන තනතුරු පොදුජන පෙරමුණට ඉල්ලා ඇති අතර නියෝජ්‍ය ලේකම් උප සභාපති ධුර කිහිපයක් ශ්‍රීලනිපයට දීමට යෝජනාවී ඇත. මේ අතර ශ්‍රීලනිපය හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුම මේ සතියේදී අත්සන් කෙරේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට ගිය අතර ඔහු පෙරේදා (11) රාත්‍රියේ යළි දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය. එය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන උත්සවයකදී අත්සන් කිරීමට සැලසුම්කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අවබෝධතා ගිවිසුම අනිද්දා (15) දිනයේදී අත්සන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තාවේ.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අලුත් සන්ධානයේ සම නායකත්වය මහින්දට-මෛත්‍රීට