(දයාසීලි ලියනගේ)
පුත්තලම ආනවිළුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් යන්ත්‍ර යොදා විනාශ කිරීමේ සිද්ධියට දේශපාලකයකුගේ සහෝදරයෙක් සම්බන්ධ බවට චෝදනා එල්ලවී ඇත.
ප්‍රාදේශීය දේශපාලන කටයුතුවල යෙදී සිටින මේ තැනැත්තා එක්තරා සභාවක හිටපු සභාපතිවරයෙක් බව ද කියති.
රාජ්‍ය නිලධාරියකුට පහරදීමට තැත් කිරීම ඇතුළුව චෝදනා රාශියක් මෙම ප්‍රාදේශීය දේශපාලනඥයාට එල්ලවී තිබෙන බව ද සඳහන්ය.
ආනවිළුන්දාව පරිසර පද්ධතිය වනජීවී නීතිය යටතේ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර රැම්සා සම්මුතියට අනුව තෙත් බිම් පද්ධතියක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇති ප්රදේශයකි.
මෙම විනාශය පිළිබඳව පුත්තලම සහකාර වනජීවී කාර්යාලය මගින් පසුගිය සිකුරාදා රජයට වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී පුත්තලම සහකාර වනජීවී අධ්යක්ෂ එරන්ද ගමගේ මහතා ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් කරමින් සිටින බවය. යන්ත්‍ර ක්‍රියාකරු හඳුනා ගැනීමට හා ඔහු සමඟ මෙම ක්‍රියාවලියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගනිමින් සිටින බව ද එරන්ද ගමගේ මහතා ප්‍රකාශ කළේය.
විමර්ෂණ කටයුතු අවසන් වන තුරු සිද්ධියට සම්බන්ධ අය ගැන ප්‍රකාශයක් කළ නොහැකි බව ද ඔහු කීය.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය, ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලි
මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකා
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ග
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අභයභූමිය ඩෝසර් කළේ දේශපාලන සහෝදරයෙක්