ඉරණවිල සංචාරක කලාපයකට අගමැතිගේ සැලසුමක් එයි

2017 දෙසැම්බර් මස 10 ප.ව. 02:43

0     214

ඉරණවිල ඇමෙරිකන් හඬ ආයතනය පවත්වාගෙන ගිය ඉඩම ආශ්‍රිතව අක්කර 500ක ඉඩම සංචාරක කලාපයක් සඳහා යොදා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණයකර ඇත.


ශ්‍රීලනිප දෙපිල සමගි කරන්න සංඝරත්නයේ වෑයමක්

2017 දෙසැම්බර් මස 10 ප.ව. 02:43

0     205

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එක් කිරීමේ තවත් උත්සාහයක් ලෙස ප්‍රධාන පෙළේ භික්ෂුන් වහන්සේ කිහිප නමක් සහ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් පිරිසක් මැදිහත්වී යළිත් සාකච්ඡා වටයක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


තවත් සහල් ටොන් ලක්ෂ 2ක් රටින් ගෙනෙයි

2017 දෙසැම්බර් මස 10 ප.ව. 02:41

0     77

එළැඹෙන උත්සව සමයේ සහල් මිල ඉහළයාම වැළැක්වීම සඳහා තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් කඩිනමින් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.


සපුගස්කන්ද තෙල් පිරිපහදුව විවිධාංගීකරණයට පියවර

2017 දෙසැම්බර් මස 10 ප.ව. 02:40

0     184

එකම වර්ගයේ බොර තෙල් වර්ගයක් භාවිතා කිරීම වෙනුවට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ භාවිතා කළ හැකි වෙනත් විකල්ප බොරතෙල් වර්ග හඳුනා ගැනීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇත.


පළාත් ඡන්දය ඉලක්ක කරගත් ජවිපෙ සමුළුවක් 17 දා කොළඹදී

2017 දෙසැම්බර් මස 10 ප.ව. 02:39

0     109

පළාත් පාලන මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් වෙන සියලු අපේක්ෂකයන් මේ මස 17 වැනිදා කොළඹට කැඳවා ඇත.


දෙමළ සන්ධානයේ ගැටුම් සමනය කිරීමට සම්බන්ධන් වෑයමක

2017 දෙසැම්බර් මස 10 ප.ව. 02:38

0     75

දැනට බිඳී ගොස් සිටින දෙමළ සන්ධානය යළි ඒකරාශි කිරීම සඳහා විපක්ෂ නායක හා දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා දැඩි උත්සාහයක නිරතවෙන බව වාර්තා වෙයි.


පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් 23ට පෙර

2017 දෙසැම්බර් මස 10 ප.ව. 02:36

0     40

ලබන වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මේ මස 22 දා මධ්‍යම රාත්‍රී 12 දක්වා ඉල්ලුම් බාර ගැනීම සිදුවෙයි.


ඉස්කාගාර සමාගම් 3ක් කෝටි 75ක හිඟ තියලා

2017 දෙසැම්බර් මස 10 ප.ව. 02:35

0     26

මත්පැන් නිෂ්පාදන ආයතන තුනකින් රුපියල් කෝටි 75 කට ආසන්න මුදලක් සුරාබදු දෙපාර්තමේන්තුවට අය විය යුතුව තිබෙන බව වාර්තාවේ.


තවත් චණ්ඩ මාරුතයක් ළඟ එන ලකුණු

2017 දෙසැම්බර් මස 03 පෙ.ව. 10:39

1     9828

ශ්‍රී ලංකාවට පසුගිය දින කිහිපයේ දී දැඩි බලපෑම් එල්ල කළ ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම මේ වන විට පහව යමින් තිබුණ ද දිවයින ආශ්‍රිතව තවත් පීඩන අවපාතයක් මේ වනවිට වර්ධනය වෙමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


හම්බන්තොට වරාය චීනයට පැවරීම 8 වැනිදා

2017 දෙසැම්බර් මස 03 පෙ.ව. 10:38

0     765

හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට දිගු කාලීන බදු පදනම යටතේ බාරදීම ලබන 8 වැනිදා සිදු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කපාපු පොල් රටින් ගෙනෙයි

2017 දෙසැම්බර් මස 03 පෙ.ව. 10:36

0     1188

පොල් මිල ඉහළයාම පාලනය කිරීම සඳහා කපාපු පොල් ආනයනය කිරීමේ යෝජනාවක් රජයට ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.


සහල් වලින් බියර් පෙරීමෙන් මිලත් ඉහළ යයි හිඟයකුත් ඇති වෙයි

2017 දෙසැම්බර් මස 03 පෙ.ව. 10:35

0     297

සහල්, බියර් සෑදීමට ගන්නා අමුද්‍රව්‍යයක් ලෙස ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් රටේ සහල් හිඟයක් ඇතිවීම හා මිල ඉහළ යාම පිළිබඳව විරෝධය දැක්වීමට පාර්ලිමේන්තු


වරාය නගරයේ අලුත් භූමිය ඉඩම් කොමසාරිස් යටතට

2017 දෙසැම්බර් මස 03 පෙ.ව. 10:34

0     396

කොළඹ වරාය නගරය ඉඳිකිරීමේ දී අලුතින් එකතු කරන ලද භූමිය ඉඩම් කොමසාරිස්වරයාට පැවරීමෙන් පසු අදාළ ව්‍යාපෘතියට බාරදීමට යන බව වාර්තා වේ.


ශ්‍රීලනිපයේ හතරක් ඡන්දෙට පෙර මහින්ද ළඟට

2017 දෙසැම්බර් මස 03 පෙ.ව. 10:33

0     457

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙක් ඇතුලුව සිව් දෙනෙක් ඇමැති තනතුරුවලින් ඉවත්වී ඉදිරි දින කීපය තුළ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ​ෙවන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.


නාමයෝජනා කැඳවීමේ නිවේදනය හෙට

2017 දෙසැම්බර් මස 03 පෙ.ව. 10:32

0     15

සියලුම පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පැවැත්වීම සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය හෙට (4) නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.


ආපදා ලොක්කෝ හෝටලේක සාකච්ඡා

2017 දෙසැම්බර් මස 03 පෙ.ව. 10:31

0     41

රටපුරා ආපදා තත්ත්වයක් පවතිද්දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විධායක මට්ටමේ නිලධාරින් ගණනාවක් පසුගිය සිකුරාදා (1) කළුතර ප්‍රධාන පෙළේ හෝටලයක ආපදා කළමනාකරණ සැළැස්ම ගැන සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තාවේ.


කොටි නායකයාගේ උපන් දිනය උතුරේ සැමරුණේ මෙහෙමයි

2017 දෙසැම්බර් මස 02 ප.ව. 12:56

0     197

උතුරේ මහවිරු සැමරුණු ආකාරය ගැන අද රටම කතාවෙන්නේ අළු යට තිබූ ගිනි පුපුරු මෙන් තැනින් තැන මතු වූ කොටි පුල්ලි නිසා වුවද රටටම පෙනී ගිය තවත් කරුණක් වුණේ මේ ගිනි පුපුුරු තවමත් දැවෙමින් පවතින බවටයි. එක් අතකින් සිවාජිලිංගම් කොටි නායකයා වුණු වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ගෙදර නොවැම්බර් 26 වනදා උපන්දින කේක් කපද්දි අනෙක් පැත්තෙන් කිලිනොච්චිය හා මුලතිව් දිස්ත‍්‍රික්කවල නොවැම්බර් 27 වනදා මහවිරු සැමරුණේ ජාතික මහවිරු දිනය වශයෙනුත් කොටි සංවිධානයේ පුෂ්පය වූ නියඟලා


ගෝඨාභයට එරෙහි නඩුව මොකක්ද ?

2017 දෙසැම්බර් මස 02 පෙ.ව. 12:00

0     139

ලංකාවේ දේශපාලන ලෝකය සීතල වන දවසක් නම් ඇත්තේම නැතුවා වාගේය... සීතල යුද්ධ අලුයට ගිනි මෙන් දවසින් දවස අපේ දේශපාලන ලෝකය රත් කරවයි. ඒ ආකාරයට බලද්දී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සුදානම පසුගිය සති කිහිපයකම ලංකාවේ දේශපාලන ලෝකය රත් කළේය. සති කිහිපයකම ලංකාවේ දේශපාලන ලෝකය රත් කරවූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සුදානමට පසුගිය 29 වැනිදා කඩුල්ලක් දැමුවේය. ලබන 06 වැනිදා තෙක් බලපැවැත්වෙන අන්දමට ඒ කඩුල්ල දැමුවේ අභියාචනා


ළමයින් රැක ගන්න ඉන්න ළමාරක්ෂක නිලධාරියෙක් ළමයකුට පෙම් කරන්න කතා කරලා

2017 දෙසැම්බර් මස 02 පෙ.ව. 12:00

0     209

ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ තීරණ ජනතාව වෙත රැගෙන යෑමේ හස්තය නොහොත් නිලබල යාන්ත්‍රණය දේශපාලන විද්‍යාවේදී හඳුන්වනු ලබන්නේ සිවිල් සේවය වශයෙනි. එය මෙරට ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලන යුගයේය. අපේ රටේ සාරය උරාබීමට පැමිණි සුදු අධිරාජ්‍යයන්ගේ කාර්ය පහසුව සඳහා ඔවුන් විසින්ම යොදවන ලද ගැතියන් පිරිසක් ලෙස එවක මෙරට වැසියන් විසින් සිවිල් සේවකයෝ හඳුන්වනු ලැබූහ. නීතිය හා සාමය සුරැකීම, බදු මුදල් එකතු කිරීම ආදී එවක ඔවුන්ගේ කාර්යභාර අතර විය. අද වන විට අපේ රටේ


ඉන්දියානු අනාවැකිකරුගේ භූමිකම්පා අනාවැකිය හරියයිද ?

2017 නොවැම්බර් මස 27 පෙ.ව. 11:48

0     23179

2017 දෙසැම්බර් 31 දිනට පෙර ආසියානු මහද්වීපික වෙරළ කලාපයට දරුණු භූ කම්පාවක් හා සුනාමියක් ඇතිවන බවට එක්තරා පුද්ගලයකු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලිපියක් යොමු කරමින්් අනතුරු අඟවා තිබේ. මෙම අනාවැකිය පළ කර ඇත්තේ බී.කේ.


සියයට 25 කාන්තා නියෝජනයෙන් පක්ෂ රැසක් අසීරුවේ

2017 නොවැම්බර් මස 27 පෙ.ව. 11:43

0     467

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා සැකසීමේදී කාන්තා නියෝජනය සියයට 25ක් විය යුතු බවට පවතින නීතියට අනුව දේශපාලන පක්ෂ ගණනක් දැඩි අසීරුතාවකට මුහුණපා සිටින බව වාර්තා වේ.


අගමැති රනිල්-සෝනියා ගාන්ධි සාකච්ඡාවක්

2017 නොවැම්බර් මස 27 පෙ.ව. 11:24

0     199

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය අතර සාකච්ඡා 23 වැනිද‌ා සන්ධ්‍යාවේ නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේදී පැවැත්විණි.


මන්ත්‍රී දුරකථන ලැයිස්තු ලැබුණේ ඇලෝසියස්ගේ දුරකථන බිල්පතෙන්

2017 නොවැම්බර් මස 27 පෙ.ව. 11:22

0     649

කෝප් කමිටු සාමාජිකයන් පස් දෙනෙකු අර්ජුන ඇලෝසියස් මහතා සමග දුරකතනයෙන් සාකච්ඡා කර ඇති බව අනාවරණය වී ඇත්තේ ඔහුගේ දුරකථනයේ විස්තරාත්මක බිල්පතකින් (Detail Bill) වන අතර, මේ රජය මගින් කිසිම පුද්ගලයකුගේ දුරකථනයට හොරෙන් සවන්දීමක් නොකරන ලද බව එක්සත්


ශ්‍රීලනිපය ශක්තිමත් කරන කටයුත්තට අදාළ පාර්ශ්ව අනුමැතිය ලැබුණා

2017 නොවැම්බර් මස 27 පෙ.ව. 11:21

0     303

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් තමා හැමවිටම පෙනී සිටින බවත් ඒ සඳහා අදාළ පාර්ශ්වවලින් තමාට අනුමැතිය ලැබී ඇති බවත්


නොරොච්චෝලෙ විදුලිය බලාගාරයට අලුත්ම ටර්බයින චීනයෙන් නොමිලේම

2017 නොවැම්බර් මස 27 පෙ.ව. 11:20

0     760

නොරොච්චෝලය තාප විදුලිය බලාගාරයේ වසර 10කට වඩා පැරණි ටර්බයින ඇතුළු ප්‍රධාන යන්ත්‍ර සූත්‍ර යළි අලුතින්ම සවිකිරීමට චීනය තීරණය කර තිබේ.


අඩු කළ ආහාර මිල සහනය පාරිභෝගිකයාට තවම නැහැ

2017 නොවැම්බර් මස 27 පෙ.ව. 11:19

0     18

අයවැයට පෙර අර්තාපල්, ලොකු ලූනු, පරිප්පු, හාල්මැස්සන්, කරවල හා ෆාම් තෙල් ආනයනික බදු අඩු කර ඇතත්, එම වාසිය පාරිභෝගිකයන්ට ලැබෙන පරිදි ඒවායේ සිල්ලර මිල තවමත් අඩුවී නැතැයි ඔවුහු පවසති.


නව ව්‍යවස්ථා සම්පාදනයේදී පටු වාසි අතහරින්න

2017 නොවැම්බර් මස 27 පෙ.ව. 11:18

0     14

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම, සාර්ථක ආර්ථික ප්‍රගතියක් ඇති කිරීමට පූර්ව අවශ්‍යතාවක් බව විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.


ඡන්ද ලියාපදිංචියට ජනපතිගෙන් සංශෝධනයක්

2017 නොවැම්බර් මස 27 පෙ.ව. 11:13

0     17

ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සං​ෙශා්ධනය කිරීම සඳහා වූ යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.


​ෙඩංගු උණට උණ ගොබ පැණිය

2017 නොවැම්බර් මස 27 පෙ.ව. 08:44

0     248

​මෙහි ලා දක්වන්නේ ඩෙංගු උණ රෝගය වහා සුවකර ගත හැකි අතිවිශිෂ්ට අත්දුටු ගුණ ඇති ඔෟෂධ යෝගයක් ඕනෑම ඩෙංගු රෝගියෙකුට පැය අටකට වරක් බැගින් පස් වේලක් මෙය පානය කැර වූ විට වහා උණ බසී. ​රෝගය සුවවේ. ගෞරවණීය වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේ පෙන්වා වදාළ ‘උණ ගොබ ස්වරසය’ ගෙන මේ මහඟු ඖෂධය සකස් කරනු ලැබේ. බෙහෙත සාදන පිළිවෙළ:


උතුරේ මොකද වෙන්නේ ?

2017 නොවැම්බර් මස 26 ප.ව. 08:00

0     232

ගෙවුනු වසර කිහිපයට වඩා මේ වසරේ නොවැම්බර් මාසය තුළ උතුර උණුසුම් වී ඇත. එක් පැත්තකින් තියුණු ආයුධ ගත් මැර කල්ලි වල පහර දීම්ද අනෙක් අතින් කොටි මහවිරු සැමරුම් වගේම කොටි නායකයාගේ උපන්දිනය සැමරීමට නියමිත වෙද්දී දේශපාලනික උණුසුමත් පක්ෂ බෙදීම් හා ජාතික කොඩියේ උණුසුමත් එක්ක උතුරේ වැසියන්ට ප‍්‍රශ්න රැසකට මුහුණ පාන්නට සිදුව ඇත.