සැප්තැම්බර් ග්‍රහ ගමන ඔබේ ලග්නයට


මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම මාසය සුබාසුබ අයුරින් ගත වේ. සැලසුම් කළ යම් යම් දෑ සාර්ථක කර ගැනීමටත් හැකි වන්නේය. ප‍්‍රයෝජනවත් වැඩවල නිරත විය හැකි මාසයකි. ලග්නාධිපති හා ලග්න නක්ෂත‍්‍රාධිපතීන් ද ශුභදායි ලෙස ගමන් කරන මෙම මාසය ඔබට වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වේ. ඇසුරු කරන්නන් සමග සහයෝගයෙන් සුහද බවින් කටයුතු කිරීමටත් හැකි වේ. සැලසුම් කළ යම් යම් දෑ සාර්ථක කර ගැනීමටත් හැකි වන්නේය. ප‍්‍රයෝජනවත් වැඩවල නිරත විය හැකි මාසයකි. කෙසේ නමුත් විටින් විට හිතට කරදරද, කයට දුක් පීඩාද ඇති කරති. විරුද්ධකරුවන් ද ඇති ඥාති මිත‍්‍රයන්ගෙන් ද ඈත් වීමට ඉඩ තිබේ. මව්පිය වැඩිහිටියන් හා අමනාප වේ. එනිසා ඒවා කෙරේ සැලකිලිමත් වන්න.  


අධ්‍යාපනය:  

ඔබට මෙම මාසසේ අධ්‍යාපනික වශයෙන් යම් යම් ජයග‍්‍රහණ සැලසෙයි. එමෙන්ම ආශාවකින් ඉගෙනීමේ කටයුතුවල නිරතවෙයි. ගතවූ දිනවල අධ්‍යාපන කටයුතුවලට අදාළව තමා කෙරෙන් බලපැවැත්වූ අඩු-ලුහුඩුකම් ද මගහැරී යයි. ඉගෙනගත් දෙය ඔබ ක්‍රියාවට පමුණුවාලන මාසයකි. කෙසේ නමුත් අධ්‍යාපන ආයතන තුළ සෙසු මිතූරු මිතුරියන් සමග කරන කටයුතුවලදී ඇතිවෙන නොතේරුම්කම් හා මෝඩකම් නිසා කරදර පාඩු ද සිදු වේ.  


ආර්ථික හා රැකියාවේ තත්ත්වය

ධන- අය භාවාධිපතීන් ශුභ යෝගයකින් යුතුව හැසිරෙන නිසා ඔබට මෙම මාසයේ සැලසුම් සහගතව කටයුතු කළහොත් ආර්ථික හා දේපළමය වශයෙන් වැඩිදියුණුවක් සලසා ගත හැකි අතර බලපෑ මූල්‍ය දුෂ්කරතා පහව යයි. නව ආදායම්මාර්ග එළි පෙහෙළි වන මාසයකි. උරුම හිමිකම් ප‍්‍රශ්න තම වාසියට විසඳෙයි.   

 

ප්‍රේම දිවිය හා යුග දිවිය  

මංගල භාවාධිපති පීඩාවකින් තොර නිසා ආදර දිවියේ හා විවාහ දිවියේ කටයුතු බාධාවකින් තොරව කෙරෙනු ඇත. යම් යම් අයගේ ඈත්ව ගිය සබඳතා නැවතත් ගොඩ නැඟේ. විශේෂයෙන්ම ආදර දිවිය හා යුග දිවියට අදාළ සිතේ හටගෙන තිබූ අවිනිශ්චිතතා පහව ගොස් ඒවායේ බලාපොරොත්තු සහගත බවක් ගොඩනැගේ. අවසන් සති දෙකේදී භාර්යාවගෙන් හෝ ස්වාමියාගෙන් ඈත් වීම් හෝ ඒ අයට අසනීප පීඩා වැනි අපල හෝ ඇති කරයි. 

 

ඔබගේ ලග්නාධිපති හා යෝග කාරක ග‍්‍රහයන් පීඩාවකින් තොරව ගමන් කරන බැවින් සිතට සහනය සතුට දනවන දෑ සිදුවේ. ක‍්‍රමානුකූලව වැඩ කටයුතුවල නිරත වෙමින් අනාගත අභිවෘද්ධියට හේතුවන වැඩ කොටසක් ද සපුරා ගනී. උත්සාහයේ ප‍්‍රතිඵල ලැබෙන මාසයකි. උදව් අපේක්‍ෂා කරන්නන්ගෙන් උදව් උපකාර ද නිසි පරිදි තම වැඩවලට ලැබෙනු ඇත. සතුරන්ගෙන් ඈත්වී වාසය කිරීමට ඉඩ ලැබේ. මිත‍්‍රයන්ගෙන් උපකාර ද සැලකිලි ද ලැබේ.

ඥාතීන්ගෙන් ද සැලකිලි හා කරුණාව ලැබෙනවා ඇත. උත්සාහයන්ගේ ප‍්‍රතිඵල ලැබේ. අලුත් වැඩපිළිවෙළක් ආරම්භ වේ. ප‍්‍රසිද්ධ වේ. ප්‍රීතිමත් ගමන් යාමට ඉඩ ලැබේ. සිතේ සතුට ඇතිවන සමාගම් පැවැත්වීමට ඉඩ ලැබේ. ද්‍රව්‍ය ලාභ ධාර්මික ලාභ ලැබෙන වාසනාවන්ත මාසයකි.  


අධ්‍යාපනය:  

විද්‍යස්ථානාධිපති ශුභාශුභ මිශ‍්‍ර බැවින් ඔබගේ අධ්‍යාපන කටයුතුවලට මෙම මස මුල් සති දෙක යහපත් වන අතර අවසන් සති දෙක තුළ සිය ඉගෙනීමේ කටයුතු කරගෙන යාමට සිදුවන්නේ යම් යම් අවහිරතා හා බාධා මධ්‍යයේය. අධ්‍යාපන ආයතන තුළ අලුත් හිත මිත‍්‍රයන්ගේ ආශ‍්‍රය ඇති වේ. අළුත් පිරිසක් ආශ‍්‍රයට ලැබේ.  


ආර්ථික හා රැකියාවේ තත්ත්වය  

මෙම මාසයේ ඔබගේ ආර්ථික කටයුතු සාර්ථක වන අතර, හදිසි වාසනා ලොතරැයි ලාභ වැනි දෙයින් පවා යම් යම් මූල්‍යමය ලාභ ප‍්‍රයෝජන හිමිවෙයි. ලැබෙන උපයන දෙයින් ප‍්‍රයෝජනවත් වැඩක් ද සිදුවෙයි. මිල මුදල් පිළිබඳ ලාභ ලැබේ. ආර්ථික හා දේපළ ලාභ කෙරෙන් හොඳ දේ සහ ප‍්‍රයෝජනවත් දේ සොයා ගැනීමට ලැබේ.  


ප්‍රේම දිවිය හා යුග දිවිය  

ඔබගේ ආදර සබඳතා හා විවාහ දිවියේ කටයුතුවලට තදබල ගැටලු ප‍්‍රශ්න මතු නොවේ. අවිවාහක ඔබට විවාහ සැප හිමිවන වාතාරවණයක් සැකසේ. ප්‍රේම සබඳතා අරමුණු ඉටු වේ. අවසන් දින 10යේ විවාහ හා ප්‍රේම දිවියේ කටයුතුවල ප‍්‍රශ්න පැනනැගීමේ වාතාවරණයක් ඇත. තමාට ස්ත්‍රීන්ගෙන් කරදර ඇති වුවත් වාසනාවන්ත කාලයකි. ප්‍රීතිමත් විරුද්ධ ලිංගිකයකුගේ ආශ‍්‍රයක් ඇති වේ.

 

ඔබගේ ලග්නාධිපති හා යෝගකාරක ග‍්‍රහයන් පීඩාවකින් තොරව ගමන් කරන බැවින් මෙම මස තුළ තම වැඩකටයුතු කරගෙන යාමට විවිධ පුද්ගලයින්ගේ ආධාර උපකාර මැනවින් ලැබේ. බලපැවැත්වූ අවහිර බාධාවන් පහව ගොස් බලාපොරොත්තු සහගතව කටයුතු කිරීමට පිළිවන්කම ද ලැබේ. එබැවින් මෙය සුබදායක අයුරින් ගතවන මාසයකි. උසස් අයගෙන් උපකාරද, සැලකිලිද ලාභ ප‍්‍රයෝජනද ලැබෙන මාසයකි. තම තත්ත්වයද තිබුණාට වඩා උසස් වේ.   
අධ්‍යාපනය   


යම් යම් බාධා මධ්‍යයේ නමුදු අධ්‍යාපන කටයුතුවල වැඩ කොටස් නිසි පරිදි කර ගනී. කෙසේ නමුත් බාධක යෙදෙන නිසා ඔබ ඒ කෙරේ අවධානයෙන් යුතුව කටයුතු කළහොත් අපේක්‍ෂිත අධ්‍යාපනික ඉලක්ක සපුරා ගැනීමට හැකි වන බව කිව යුතුය. මේ සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් ලැබේ. මෙම මස අවසන් සති දෙකේ දී අධ්‍යාපනයට අදාළව කරගෙන යන කටයුතු ද අලුතින් ආරම්භ කරන කටයුතු ද වැඩිදියුණුවට යයි. විභාගවලින් තරගවලින් ජය වේ.  


ආර්ථික හා රැකියාවේ තත්ත්වය

අඩපණ තත්ත්වයේ පැවැති ඉපැයීම්මාර්ග ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සැලසේ. තම අපේක්‍ෂිත ආර්ථික ඉලක්කවලින් කොටසක් හෝ සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසේ. උරුම හිමිකම් ප‍්‍රශ්න විසඳේ. යම් යම් අය සමග කරන සියලු කටයුතු ද ගනුදෙනු ද සඵල වේ. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ.  

 

ප්‍රේම දිවිය හා යුග දිවිය  

මෙම මස තුළ ඔබගේ ප්‍රේම දිවියේ හා විවාහ දිවියේ කටයුතු සිතැඟි පරිදි ඉටුවේ. අවිවාහකයනට විවාහ යෝජනා ගෙන එයි. හදිසි හමුවීම් මත යම් යම් විරුද්ධ ලිංගික දැන හැඳුනුම් ඇති වුවත් ඒවාට හැඟීම්වලට වහල් නොවී කටයුතු කරන්න. බලපෑ විවාහ බාධක පහව යයි. අවිවාහකයින්ට විවාහ යෝජනා ගෙනදෙන අතර විරුද්ධ ලිංගිකයින් සමගද ආශ‍්‍රය හා ආදර සම්බන්ධකම් පවත්වන්ට ඉඩ ලැබේ.  

 

මෙම මාසය ඔබට වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වන්නේය. ගතට සිතට සැපත සතුට ගෙන දෙන මාසයකි. ලලිතකලා කෙරෙහි ළැදියාවක්ද සිතෙහි ඇති වේ. උත්සාහයන් හි ඵල ලැබේ. එමෙන්ම වැඩි වශයෙන් සිතෙහි සහනය සතුට ගොඩනගයි, ශරීර සැපයට අවශ්‍ය දේ පහසුවෙන් ලැබේ. සිත් ප්‍රීතියෙන් කාලය ගත වේ. විනෝද දායක මාසයකි. මොන යම් ක‍්‍රමයකින් හෝ මහත් සතුටක් ඇති වීමට කරුණක් යෙදෙයි. එය ලාභයක් ලැබීම නිසා හෝ හිතවත් ඥාති මිත‍්‍ර සංගමයක් නිසා හෝ පස්කම් සැප ලැබීමක් නිසා හෝ විය හැකි සතුටකි. තමාව පිළිගැනීම ඇතිවන කාලයකි. හිතවතුන් හා හිතවතියන් තමාව හොඳින් පිළිගෙන ආදර සංග‍්‍රහ කරයි. එබැවින් හිතවතුන් හමුවීමට යාමට මෙය හොඳම මාසයකි.  


අධ්‍යාපනය-  

ඔබ ඉගෙනීම් කටයුතුවලට වැඩි වශයෙන් යොමු වීමට උත්සුක වේ. එසේම ​ෙමම මාසයේ දී ඔබ ඉගෙන ගන්නා ප‍්‍රමාණයට වැඩියෙන් ඔබේ ඥානය ද වර්ධනය වෙයි. උද්​ෙ‌යා්ගය උනන්දුව කැපී පෙනෙන මාසයකි. අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කෙරෙනු ඇත.  


ආර්ථික හා රැකියාවේ තත්ත්වය  

ධන - අය භාවාධිපතීන් සුබ භාව ගතව ගමන් කරන නිසා ඔබට ගත වූ මාසයට වඩා මෙම මාසය තුළදී ආර්ථිකමය සහ දේපළමය වශයෙන් යම් යම් ලාභ ප‍්‍රයෝජන සැලසෙනු ඇත. උරුම හිමිකම් ප‍්‍රශ්න විසඳේ. ණය ගනුදෙනුවලින් නිදහස් වීමටත් හැකිවේ. ආයෝජනවලට අවශ්‍ය මුදල් ලැබෙන මාසයක් බැවින් එවැනි දෙයට අතගැසීම ඵලදායක ෙව්.   


ප්‍රේම දිවිය හා යුග දිවිය  

විවාහ කාරක හා මංගල භාවාධිපතීන් සුබදාායි ලෙස ගමන් කරන නිසා මෙම මාසය තුළ ඔබගේ ආදර සබඳතා හා විවාහ කටයුතුවලට මතුව තිබූ ප‍්‍රශ්නකාරී ගති හා බාධාවන් පහව ගොස් සාමය සතුට ගොඩනැගේ. එසේම දැනහැඳිනුම් ප්‍රේම සබඳතා පහසුවෙන් ඇතිවන මාසයක් ද වේ. මේවාට සම්බන්ධ කියන කරන දේ සාර්ථක වන මාසයකි.   
සාර්ථක විවාහ යෝජනා හා ප්‍රේම සම්බන්ධතා දැනහැඳිනුම් වැනි දෑ ගොඩනැඟේ.  

 

සිංහ ලග්නය හිමි ඔබට මෙම මාසය ශුභාශුභ මිශ‍්‍ර ඵල ගෙන දෙන්නේය. එබැවින් තම අරමුණු සැලසුම් සාර්ථක කරගැනීමට වඩාත් කැපවන්න. මෙම මස අවසන් සති දෙක වැඩ කටයුතුවලට බාධා ඇති කළත් මුල් සති දෙක ශුභ ඵල සහිතයි. ඔබ මෙම මස මුල් සති දෙකේදී හදිසියට තීන්දු තීරණ නොගෙන, ආවේගශීලීව කටයුතු නොකරන්න. පොදුවේ ඔබට දැඩි ප‍්‍රශ්න කරදර මතුවන මාසයක් නොවේ. පසුගිය දිනවල බලපෑ නේවාසිකාගාර හෝ පදිංචියට සම්බන්ධව අවිනිශ්චිත ස්වභාවය පහවගොස් පදිංචිය පිළිබඳ ස්ථිර නිගමනයකට එලැඹීමටත් අවස්ථාව උදා වේ.  
අධ්‍යාපනය  


මෙම මාසය තුළ ඔබගේ අධ්‍යාපන කටයුතුවල ප‍්‍රගතිය උදෙසා කටයුතු පිළියෙල වේ. තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට වැඩිහිටියන්ගෙන් ද අඩුවකින් තොරව මිල මුදල් හා ද්‍රව්‍යමය ආධාර උපකාර ලැබේ. අවබෝධ ඥානය, ධාරණ ශක්තිය මැනවින් ගොඩනැගේ. අවසන් දින 10 තුළ යම් යම් බාධා මතු වීමට ඉඩ ඇත.

 
ආර්ථික හා රැකියාවේ තත්ත්වය  

ඔබගේ ආර්ථිකමය පැත්තෙන් බලන කල ඔබට යම් යම් මූල්‍ය ලාභයන් ලැබෙනු ඇත. කලකට පෙර සැලසුම් කළ දෙයින් හෝ අන්සතු මුදලක් හෝ දේපළක් ලබා ගැනීමටත් අවස්ථාව මෙම මස තුළ සැකසේ. ආදායම් වියදම් සම තත්ත්වයෙන් පවතින මාසයකි. එබැවින් ලාභ බලාගෙන කරන කටයුතුවලට යහපත් කාලයකි. ආදායම් වැඩිකර ගත හැකි මාර්ග ගැන කල්පනා වෙයි. විශේෂයෙන් ඔබ මේ මාසයේදී තමාගේ දෛනික ආදායම හෝ වේවා ස්ථිර ආදායම හෝ ඒවා දියුණුකර ගැනීම සඳහා නවතම කි‍්‍රයා පිළිවෙතක් අලුත් ක‍්‍රමවේදයක් සකසා ගනී.

   
ප්‍රේම දිවිය හා යුග දිවිය  

ඔබට විරුද්ධ ලිංගිකයන් සමග විවිධ අයුරින් සම්බන්ධ වීමට, එකට කටයුතු කිරීමට අවස්ථාව වැඩි වශයෙන් ලැබෙන බැවින් යුග දිවියේ හා ප්‍රේම දිවියේ කටයුතුවලදී වඩාත් කල්පනාකාරී වන්න. පොදුවේ යුගදිවි ගෙවන්නන් වඩාත් ඥානාන්විතව මෙම මාසයේදී කටයුතු කරන්න. මේ සම්බන්ධ කටයුතුවලදී අපවාද චෝදනා වුව එල්ලවීමේ අවධානමක් පවතී. අවසන් සති දෙක ගෙදර දොර හා පවුල් ප‍්‍රශ්න, ප්‍රේම දිවියේ ගැටලු වැනි දේ සිදු නොවන අයුරින් කටයුතු කරන්න.   

 

ඔබගේ ලග්නයේ ග‍්‍රහයින් දෙදෙන තරමක පීඩාකාරී අයුරින් හැසිරීම අයහපතට හේතු වන නමුදු සැප්තැම්බර් අවසන් දින 15ට වඩා මුල් දින 15 පැහැදිලි ශුභ ඵල රාශියක් ගෙනදීමට හේතු වන්නේය. පොදුවේ මෙම මස තුළ සිතේ සන්සුන් බව නොරැකෙයි. විවේකයට බාධා ගෙනදෙන අයුරින් උන්හිටි ගමන් හදිසි ගමන් යෙදේ. නැතහොත් අනුන්ගේ කරදරවලට වුව මුහුණදෙන්ට සිදුවේ. ගමන් බිමන්වලදී හදිසි අනතුරු වැනි දෑ ගෙන දිය හැකි බැවින් වාහන පැදවීම්වලදී වඩාත් ආරක්ෂාවන්න.   


අධ්‍යාපනය  

ඉගෙන ගන්නා කාලයේ පසුවන කන්‍යා ලග්න හිමි කුමන විනෝද කටයුතුවල සහ බාහිර විවිධ ක්‍රියාවන්හි ද නිරත වුවත් මෙම මාසයේ දී තම ඉගෙනීම් කටයුතු ද අතපසු නොකර ගනිමින් අධ්‍යාපනයට අදාළ බලාපොරොත්තු ද කෙසේ හෝ ඉටුකර ගනී.   


ආර්ථික හා රැකියාවේ තත්ත්වය  

සැප්තැම්බර 15 තෙක් ඔබගේ අවශ්‍ය දෙයට අවශ්‍ය වේලාවට මිල මුදල් ලැබෙනු ඇත. එසේම ඔබට මෙම මාසයේ මිල මුදල් අතමිට ගැවසෙන අතරම ඒවා නිකරුණේ නාස්ති වී නොයයි. යුතුකම් ඉටුකිරීමට ගතවූ මාසෙට වඩා මෙම මස තුළ වියදම් ප‍්‍රමාණයක් සිදුවේ. අවසන් සති දෙක ඔබගේ වැඩකටයුතුවල අස්ථිර භාවය, ප‍්‍රමාදතාව ක‍්‍රමානුකූල බවක් නොමැතිවීම යනාදිය ඇති කළත් මුල් සති දෙකේ දී ආදායම් තත්ත්වය යහපත් වී සතුරු කරදර තුරන් වී උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙන් තම අත්‍යවශ්‍ය කාර්යය කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවන්නේය.  


ප්‍රේම දිවිය හා යුග දිවිය  

ඔබ ආදර සබඳතා හා විවාහ කටයුතුවල දී ගතවූ මාසෙට වඩා මෙම මාසයේ දී බෙහෙවින් පරෙස්සම් සහගතව කටයුතු කරන නිසා ආදර දිවියේ හා යුග දිවියේ ප‍්‍රශ්නකාරී තත්ත්වයක් මතු නොකර ගනී. පොදුවේ මෙය ආදර දිවියට හා යුග දිවියට බලපෑ ප‍්‍රශ්නකාරී දේ විසඳෙන මාසයක් ද වන්නේය. තමාට අයත් වගකීම් හා පොරොන්දු කලට වේලාවට ඉටු නොකිරීමෙන් ගෙදර දොර පවුලේ අයගෙන් හා ඇසුරු කරන්නන්ගේ දෝෂාරෝපණයට ලක්වේ. යුගදිවිය හා ප්‍රේම දිවිය සතුටින් සහජීවනයෙන් පවත්වාගෙන යාමට උත්සාහ ගන්න. 

 

තුලා ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති සිකුරු හා යෝගකාරකයින් ශුභාශුභ මිශ‍්‍ර අයුරින් පසුවන නිසා මෙය ඔබට ශුභාශුභ මිශ‍්‍ර ඵල උදාකරන මාසයකි. කෙසේ නමුත් හදිසියට කලබලයට කටයුතු නොකරන්න. ඇසට හිසට ඇතිවිය හැකි අනතුරු පීඩාවලින් ආරක්‍ෂා වන්න.  


අධ්‍යාපනය  

මෙම මස මුල් සති දෙක ඉගෙනීම් කටයුතුවල ප‍්‍රගතියක් ගොඩනැගෙනු ඇත. වෘත්තීය හා පාසල් මෙන්ම උසස් අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක් බලා සතුටු විය හැකි වන අතර උසස් අධ්‍යාපන කාර්යයකටද සිත යොමු වේ. අධ්‍යාපන හා තරගකාරී කටයුතුවලින් ජය ලැබෙන නව පාඨමාලා විෂය ධාරාවන්ගෙන් නව දැනුම ද සතුට ද ඇතිකරයි.  


ආර්ථික හා රැකියාවේ තත්ත්වය  

මුල් දින 15 තුළ ඔබගේ ආදායම් තත්ත්වයේ ප‍්‍රගතියක් පෙන්නුම් කරයි. විකිණීම්, මිලයට ගැනීම් ආදියෙන් ලාභ ප‍්‍රයෝජන සැලසේ. හදිසි ධන ලාභාදිය වුවත් ලැබීමට ද අවස්ථාව ඇත. අවසන් සති දෙක ණය ගනුදෙනු මෙන්ම උරුම හිමිකම් ප‍්‍රශ්න, බදු ප‍්‍රශ්න යනාදිය වුවත් ඇති වේ. සමස්තයක් වශයෙන් ගත්කල මෙම මස මුල් සති දෙකේ දී තම බලය ද ආදායමද වර්ධනය වීමට කටයුතු පිළියෙල වේ. ලැබෙන්නට හෝ ලැබීමට තිබෙන මුදල් ලාභයක් කෙරේ විශේෂයෙන් බලාපොරොත්තු තබා ගැනීමට හැකිවේ. ඔබ මෙම මාසයේ දී ප‍්‍රයෝජනවත් ස්ථිර දෙයකට මුදල් යෙදවීමට වගබලා ගන්න. නැතහොත් ඒවායින් අලාභ, පාඩු සිදුවේ. පැරණි හිතවතුන්ගේ ආශ‍්‍රයද ඔවුන්ගේ උපකාර ද ලැබේ.  


ප්‍රේම දිවිය හා යුග දිවිය  

විවාහ කාරක සිකුරු හා මංගල භාවාධිපති කුජ පීඩාවකින් තොර නිසා මෙම මස තුළදී ඔබගේ ආදර සබඳතා හා විවාහ දිවියට අදාළ අරමුණු සැලසුම් පහසුවෙන් බාධාවකින් තොරව ඉටුකර ගැනීමට හැකි වන්නේය. ආදර සබඳතා හා විවාහ යෝජනාදිය මෙන්ම යුගදිවි කටයුතුවලට බලපාන, බලපාමින් තිබූ අවහිර බාධා පහව යයි. කෙසේ නමුත් මීට අදාළ කටයුතුවලදී ද ඔබ හදිසියට කලබලයට කටයුතු නොකරන්න.  

 

තුලා ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති සිකුරු හා යෝගකාරකයින් ශුභාශුභ මිශ‍්‍ර අයුරින් පසුවන නිසා මෙය ඔබට ශුභාශුභ මිශ‍්‍ර ඵල උදාකරන මාසයකි. කෙසේ නමුත් හදිසියට කලබලයට කටයුතු නොකරන්න. ඇසට හිසට ඇතිවිය හැකි අනතුරු පීඩාවලින් ආරක්‍ෂා වන්න.

 
අධ්‍යාපනය  

මෙම මස මුල් සති දෙක ඉගෙනීම් කටයුතුවල ප‍්‍රගතියක් ගොඩනැගෙනු ඇත. වෘත්තීය හා පාසල් මෙන්ම උසස් අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක් බලා සතුටු විය හැකි වන අතර උසස් අධ්‍යාපන කාර්යයකටද සිත යොමු වේ. අධ්‍යාපන හා තරගකාරී කටයුතුවලින් ජය ලැබෙන නව පාඨමාලා විෂය ධාරාවන්ගෙන් නව දැනුම ද සතුට ද ඇතිකරයි.  


ආර්ථික හා රැකියාවේ තත්ත්වය  

මුල් දින 15 තුළ ඔබගේ ආදායම් තත්ත්වයේ ප‍්‍රගතියක් පෙන්නුම් කරයි. විකිණීම්, මිලයට ගැනීම් ආදියෙන් ලාභ ප‍්‍රයෝජන සැලසේ. හදිසි ධන ලාභාදිය වුවත් ලැබීමට ද අවස්ථාව ඇත. අවසන් සති දෙක ණය ගනුදෙනු මෙන්ම උරුම හිමිකම් ප‍්‍රශ්න, බදු ප‍්‍රශ්න යනාදිය වුවත් ඇති වේ. සමස්තයක් වශයෙන් ගත්කල මෙම මස මුල් සති දෙකේ දී තම බලය ද ආදායමද වර්ධනය වීමට කටයුතු පිළියෙල වේ. ලැබෙන්නට හෝ ලැබීමට තිබෙන මුදල් ලාභයක් කෙරේ විශේෂයෙන් බලාපොරොත්තු තබා ගැනීමට හැකිවේ. ඔබ මෙම මාසයේ දී ප‍්‍රයෝජනවත් ස්ථිර දෙයකට මුදල් යෙදවීමට වගබලා ගන්න. නැතහොත් ඒවායින් අලාභ, පාඩු සිදුවේ. පැරණි හිතවතුන්ගේ ආශ‍්‍රයද ඔවුන්ගේ උපකාර ද ලැබේ.  


ප්‍රේම දිවිය හා යුග දිවිය  

විවාහ කාරක සිකුරු හා මංගල භාවාධිපති කුජ පීඩාවකින් තොර නිසා මෙම මස තුළදී ඔබගේ ආදර සබඳතා හා විවාහ දිවියට අදාළ අරමුණු සැලසුම් පහසුවෙන් බාධාවකින් තොරව ඉටුකර ගැනීමට හැකි වන්නේය. ආදර සබඳතා හා විවාහ යෝජනාදිය මෙන්ම යුගදිවි කටයුතුවලට බලපාන, බලපාමින් තිබූ අවහිර බාධා පහව යයි. කෙසේ නමුත් මීට අදාළ කටයුතුවලදී ද ඔබ හදිසියට කලබලයට කටයුතු නොකරන්න.  

 

ධනු ලග්නය හිමි ඹබගේ අත්‍යවශ්‍ය වැඩ කටයුතු කෙරෙන් ශූභාශූභ මිශ‍්‍ර බවක් ගෙන දේ. විශේෂයෙන් පූර්ව සූදානමකින් විමසිලිවන්තව කටයුතු කළහොත් අතපසු වූ වැඩකොටස් රැසක් කර ගැනීමට අවස්ථාවක් සැලසේ. සැප්තැම්බර මුල් දින 15 තුළ සැලසුම් සාර්ථක කර ගනිමින් ප‍්‍රයෝජනවත් දෑ ඇරඹීමටත් හැකි වන්නේය. මේ මස ආරම්භයේ සිටම මෙන් ශුභඵල උදාවන සැටියක් පෙන්නුම් කරයි. පීඩාකාරී වාතාවරණයක් තිබුණේ නම් ඉන් මිදීමට හැකි වන අතර සිතට සතුට සහනය ළඟාවනු ඇත. විකිණීම් මිලයට ගැනීම් වැනි ගනුදෙනුවලින් ලාභ ලැබේ. ගෙදර දොර අඩුපාඩු මඟ හරවා ගැනීමටත් හැකිවේ.  


අධ්‍යාපනය  

ඉගෙනීම් කටයුතුවලට, පොත පතට උනන්දුව ඇති වේ. මෙම මස අවසන් දින 15 තුළ අධ්‍යාපනයට බාධා අවහිර ඇති කළත් ඉන් ලොකු පාඩුවක් සිදු නොවේ. මුල් දින පුස්තකාල, පොත් අ​ෙලවිසල්, අධ්‍යාපනික ප‍්‍රදර්ශන ආදී ස්ථානයන්හි වැඩිපුර ගත කිරීමට අවස්ථාව ද ලැබේ.   


ආර්ථික හා රැකියාවේ තත්ත්වය  

දෛනික මූල්‍ය අවශ්‍යතා සපුරා ගත හැක. යම් යම් ආර්ථික ලාභ ලැබෙන්නට තිබූ මාර්ග මැනවින් හෙළිපෙහෙලි වේ. ප‍්‍රමාද වූ උරුම හිමිකම් අයිතිවාසිකම් ලාභ හිමිකර ගැනීමටත් හැකි වන්නේය. ලැබෙන මුදල් නාස්ති නොවන මාසයකි. විවාහක අය තම බිරිඳගේ පාර්ශ්වයේ ඥාතියකු සමඟ එක්ව ඔවුනගේ ආධාරයෙන් තමාගේ ආදායම වැඩිකර ගැනීමට විශේෂිත යමක් අරඹයි. සෙසු අය ශක්තිමත් හවුල් ආයෝජනයකට සම්බන්ධ වෙයි.  


ප්‍රේම දිවිය හා යුග දිවිය  

ඔබගේ ආදර සබඳතා හා විවාහ දිවියේ කටයුතු කෙරෙන් යහපතට කටයුතු සිදුවේ. ඔබ සංචාරක විනෝද ගමන්, බිමන් හි තම ආදරවන්තිය/ ආදරවන්තයා සමග වැඩිපුර නිරතවීමට මෙම මාසයේ දි බොහෝවිට යොමු වේ. එසේ නමුත් ආදර දිවියේ කටයුතු ක්‍රියාවලට බාහිර විවිධ ප‍්‍රශ්න බාධක යෙදේ. මුල් දින 15 න් පසු මේවාට බලපාන ඇතැම් ප‍්‍රධාන ප‍්‍රශ්න ද විසඳී සහනය ගොඩනඟයි. පවුලේ උදවිය හෝ හිතමිතුරන් සමඟ බිඳුණු හිතවත්කම නැවතත් ගොඩනැගේ. ඔබ තමාගේ පෞද්ගලික කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන මාසයකි.   

 

මකර ලග්නයෙන් උපන් ඔබට මෙම මාසය තම අත්‍යවශ්‍ය කටයුතු කෙරෙන් ශුභාශුභ මිශ‍්‍ර බවක් ගොඩනැගේ. අනපේක්ෂිත අයුරින් යහපතට කටයුතූ සිදුවේ. මෙය ඔබේ අනාගත අභිවෘද්ධිය උදෙසා අලුත් කටයුතු කිහිපයක ආරම්භයට අවස්ථා කිහිපයක් සැකසෙන මාසයක් ද වේ. විශේෂයෙන් ඔබට යම් යම් පැතිකඩ මගින් යම් යම් වාසි සහගත දේවල් මෙන්ම ලාභ ප‍්‍රයෝජනයන් ද සැලසෙනු ඇත. උගත්කමට හා හැකියා කුසලතාවයන්ට නිසි තැන ලැබෙන මාසයකි.  


අධ්‍යාපනය  

ඔබගේ සියලු අධ්‍යාපනික කටයුතු අවහිර බාධාවකින් තොරව කෙරෙනු ඇත. විශේෂයෙන් තම අධ්‍යාපන කටයුතු නව මගකට යොමුවෙන මාසයකි. පොතපත කියවීමට පෙරට වඩා කාලය යොදවයි. බලපෑ උදාසීන ගති පහව යනු ඇත.

  
ආර්ථික හා රැකියාවේ තත්ත්වය  

මූල්‍ය ක්ෂේත‍්‍රයේ බලපෑ ප‍්‍රශ්න ගැටලු රැසක් නිරාකරණය වනු ඇත. ආදායම අඩු වැඩි වූවාට හිත ස්ථිරව තබා ගෙන දෛනික කටයුතුවල නිරත වීමටත් පිළිවන. බොහෝ විට උරුම හිමිකම් අයිතිවාසිකම් ප‍්‍රශ්න පැනනගී. තමාගේ රැකියා ව්‍යාපාරික කටයුතු මෙන්ම අධ්‍යාපන කටයුතු ප්‍රියමනාප අන්දමට ක‍්‍රමවත්ව කරගත හැක. සිතට නිදහස තෘප්තිය අවශ්‍ය පරිදි ලැබෙන මාසයක්ද වන්නේය. කෙසේ වෙතත් පසුගිය දිනවල ගොඩගැසී තිබූ රාජකාරි වැඩ මෙන්ම වෙනත් දෛනික කාර්ය කටයුතු ටිකින් ටික ලිහිල් වෙයි. යම් යම් කටයුතු කෙරෙන් මනසේ පැවති ආතතිය ද පහව යයි. හදිසි ධන ලාභ නැතහොත් පාරිතෝෂික දීමනා හිඟ වැටුප් දිරි දීමනා වැනි දෙයක් හෝ ලැබේ.

   

ප්‍රේම දිවිය හා යුග දිවිය  

ඔබට මෙම මාසය තුළ අදහස් කළ අන්දමට හෝ සැලසුම් කළ පරිදි ආදර සබඳතා හෝ විවාහ කටයුතු සිදුවීම නිසා හිතට සහනය සතුට ඇතිවන්නේය. කල්යල් ඇද ඇද පැවති විවාහ යෝජනාවක් හෝ පෙම් සබඳතාවකට අදාළ කටයුත්තක් ද ස්ථිර තහවුරු වන අන්දමේ යමක් සිදුවේ.   

 

ඔබගේ ලග්නාධිපති ශනි හා යෝගකාරයින් ශුභාශුභ මිශ‍්‍ර බලයෙන් හැසිරෙන මෙම මාසය ඔබගේ අත්‍යාවශ්‍ය වැඩකටයුතු කෙරෙන්ද ශුභාශුභ මිශ‍්‍ර බවක් ඇති කරයි. එබැවින් ආත්ම විශ්වාසය අත් නොහැර උනන්දුවෙන් උත්සාහයෙන් දෛනික කාර්යය කටයුතුවල යෙදෙන්න. මෙම මස මුල් සති දෙක සුබ ඵලත් අවසන් සති දෙක අසුබ ඵලත් ගෙනදීම සිදුවෙයි. එසේම අවසන් සති දෙක තුනටියේ පීඩා මුත‍්‍රා ආසාදන වැනි රෝග මතු වන කාලයකි.  


අධ්‍යාපනය:  

විද්‍යස්ථානාධිපතිගේ පිහිටීම මත සසඳාබලන විට මෙම මස මුල් සති දෙකේදී ඉගෙනීම් කටයුතුවලට අයහපත් නොවුණත්, අග සති දෙකේදී සිය අධ්‍යාපනික කටයුතු කරගෙන යාමට සිදුවන්නේ නොයෙකුත් අවහිරයන් හා බාධාවන් මධ්‍යයේය. පොත පතට වැඩි වශයෙන් සිත යොමා කටයුතු කරන්න.  


ආර්ථික හා රැකියාවේ තත්ත්වය  

මෙම මස තුළ ඔබගේ ආර්ථිකමය හා දේපළමය කටයුතු කෙරෙන් එතරම් සෑහීමකට පත්විය හැකි යමක් සිදු නොවුණත්, හිඟ මුදල් දිරි දීමනා වැනි මූල්‍ය ලාභයන්ද ලැබෙනු ඇත. විකිණීම් මිලයට ගැනීම් ආදියෙන් සුළු වශයෙන් ලාභ ප‍්‍රයෝජන සැලසෙන්නේය. ධෛර්යයෙන්, ක‍්‍රියාශූර බවින් කටයුතු කොට තමාගේ සැලසුම් ක‍්‍රියාදාමයන් කෙසේ හෝ සාර්ථක කර ගනී. ඉපැයීම් කටයුතු ක‍්‍රමවත් භාවයෙන් මනා කළමනාකරණයකින් පවත්වාගෙන යාමටත් පුළුවන්කම ලැබේ. ගනුදෙනු ප‍්‍රශ්න දේපළ ආරවුල් මුල් සති දෙක තුළ විසඳේ.  


ප්‍රේම දිවිය හා යුග දිවිය  

ඔබට සංචාරක ගමන් බිමන් විනෝද සවාරි හෝ උත්සව ආදියට සම්බන්ධ වීමක් හේතු කොටගෙන ආදර සබඳතා විරුද්ධ ලිංගික දැන හැඳිනුම් ගොඩනැගෙන්නේය. ඔබ නොසොයා නොබලා හදිසියේ ගන්නා තීන්දු තීරණ නිසා විවාහ දිවියේ හා ප්‍රේම දිවියේ ගැටලු ප‍්‍රශ්න මතුවීමටත් ඉඩ තිබෙන නිසා හැඟීම්වලට වහල් නොවී කටයුතු කරන්න. ශුභාශුභ මිශ‍්‍ර බවක් මේවා කෙරෙන් ද ඇති වන්නේය.   

 

ඔබගේ ග‍්‍රහ බලය මෙම මස තුළ බලවත් බැවින් වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වන්නේය. උත්සාහයන්හි ප‍්‍රතිඵල අත් වෙයි. සැලසුම් සහගතව සොයා බලා කටයුතු කළහොත් තමා අතගසන වැඩ වරදින්නේ නැත. නිවසේ සාමය, සතුට, මැනවින් රැඳෙන මාසයකි. විශේෂයෙන් කිවයුතු වන්නේ සැලසුම් කළ කටයුතු ආයෝජන ක‍්‍රියාවන් ඒ අයුරින්ම සාර්ථක කර ගත හැකිය.  


අධ්‍යාපනය   

මෙය ඉගෙනීම් කටයුතුවලට යහපත් මාසයකි. ඔබගේ සියලු අධ්‍යාපනික කටයුතුවලට අදාළව අනාගත ශුභසිද්ධියට හේතු වන ක්‍රියාවන් රැසක් සිදුවේ. අධ්‍යාපනයට අදාළව බලපෑ ප‍්‍රශ්න රැසක් විසඳේ. මාසය අවසන් වීමට ප‍්‍රථම කලක සිට සිතේ පැවති වැදගත් බලාපොරොත්තුවක් ඉටුකර ගැනීමට වාසනාවක් පෑදේ. එමෙන්ම මෙය තම සහජ හැකියාවන් ප‍්‍රදර්ශනය වන මාසයකි. යම් යම් කරුණු පිළිබඳ පැවති අවිනිශ්චිත හා සැකසංකා වැනි දේ පහව ගොස් සැහැල්ලුවෙන් ගත වේ. අධ්‍යාපනයේ නියුතු වූවන්ට තරග විභාග හෝ වෙනත් තරගකාරී කටයුතුවලින් විශිෂ්ට ජයග‍්‍රහණ ද අත්පත් වෙයි.

 
ආර්ථික හා රැකියාවේ තත්ත්වය  

ධන - අය භාවාධිපතීන්ගේ බලය මත සැසඳීමේදී ආර්ථික හා දේපළවල වැඩිදියුණුව අපේක්‍ෂිත අයුරින් සැකසේ. බලපෑ ආර්ථික දුෂ්කරතා ජය ගැනීමේ මං පෙත් විවර වන්නේය. වැටුප් වර්ධක, දිරි දීමනා, මුල්‍යධාර, ණය දීමනා වැනි දේ ලබා ගැනීමට බලපෑ බාධාවන් ද ඉවත්ව යෑමෙන් ඒවාට ද යහපත් වාතාවරණයක් සැකසේ. ජීවනෝපාය මාර්ග ස්ථානයන්හි පරිසරය යහපත් වෙයි. අමතර ආදායම් මාර්ගවල සැලකිය යුතු දියුණුවක් දක්නට ලැබේ.   


ප්‍රේම දිවිය හා යුග දිවිය  

මෙම මස තුළ ඔබගේ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සිතට සතුට දනවන දේ සිදු වේ. දැන හැඳිනුම් ප්‍රේම සබඳතා වැනි දේද ගැළපෙන මෙන්ම නොගැළපෙන අයුරින් ද ගොඩනැගේ. විරුද්ධ ලිංගිකයා සමග සතුටින් සෙනෙහසින් කටයුතු කිරීමට හැකිවන්නේය. අවිවාහකයනට විවාහ යෝජනා ගෙන එනු ලැබේ. ජීවනෝපාය මාර්ගවල ප‍්‍රගතියක් දක්නට ලැබෙයි. පෙම් සබඳතාවලින් විවාහ යෝජනා ඉදිරිපත් වුවත් ඒ කෙරේ දෙවරක් තෙවරක් සිතන්න. තුනටියේ පීඩා මුත‍්‍රා ආසාදන වැනි රෝග මතුවන සතියකි. 

 

 

 

බෙන්තොට - 
හේමන්ත වීරසිංහ