වෙසක් මස ග්‍රහ ගමන ඔබේ ලග්නයට බලපාන හැටි


ඔබගේ ලග්නාධිපති කුජ හා නැකත් අධිපතීන් පීඩාවකින් තොරව ගමන් කරන මෙම මාසය අනාගත අභිවෘද්ධියට හේතුවන කාර්යයන්හි ප්‍රගතියක් පෙන්නුම් කරයි. ආත්ම විශ්වාසයෙන් වැඩකටයුතුවල නිරත වී ජයග්‍රහණ රැසක් ලබාගත හැකිවන්නේය. කෙසේ වෙතත් මෙම මස අවසන් සති දෙක තුළ තම දියුණුවට බාධා ගෙනදීමට හේතු යෙදෙන අතර භාරගෙන කරන වැඩ ප්‍රමාද වෙයි. සිතට භයක් ද ඇතිවිය හැකිය. මුදල් පිළිබඳ පාඩු හෝ අධික වියදම් හෝ ලාභ ප්‍රයෝජන අඩුවීම් හෝ පෙන්නුම් කරයි. විශ්වාසය නැතිවී යයි. අවසන් සති දෙක සුබඵලදායී වේ.

 


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය
මෙම මාසය තුළ ඔබගේ පාසල් හා වෘත්තීය අධ්‍යාපනික කටයුතුවලට අදාළ තරග විභාග ආදී කටයුතුවලින් ජයග්‍රහණ අත්වේ. බොහෝදුරට ඔබගේ අධ්‍යාපනික ඉලක්ක මෙම මාසය තුළ සපුරාගත හැකි වන්නේය.


ඔබට මෙම මාසය තුළ ආර්ථික දුෂ්කරතා ඇති නොවේ. විශේෂයෙන් ආර්ථික තත්ත්වය යහපත් කර ගැනීම සඳහා ගන්නා උත්සාහයන් මෙම මාසය තුළ සාර්ථකවනු ඇත. ලැබීමට තිබූ හිඟ මුදල් දිරි දීමනා වැනි මූල්‍ය අපේක්ෂා හිමිකර ගත හැකිවේ. තම වෙළෙඳ ව්‍යාපාරයේ කාර්යයකට හෝ ඉදිකිරීම් හෝ යන්ත්‍ර සූත්‍රාදියේ ලෝහවලට වියදම් කිරීමට සිදු වේ. එසේම මෙය උරුම හිමිකම් ලාභ හෝ ණය ගනුදෙනු බලාපොරොත්තු ඉටුකර ගතහැකි මාසයක් ද වන්නේය.


රැකියා කටයුතු රාජකාරීමය මෙන්ම ව්‍යාපාරික කටයුතු සිතෙහි සහනයෙන් මෙන්ම ක්‍රමවත් භාවයෙන් යුතුව කෙරෙනු ඇත. ස්වයං හා හවුල් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කටයුතු ද බාධාවෙන් තොරව කෙරෙනු ඇත. තරග විභාග සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටින මාසයක් වන අතර ඉන් ප්‍රතිඵල ද අත්වේ. විශේෂයෙන් රැකියා හා ව්‍යාපාරික කටයුතුවලට රහස් සතුරු කරදර මගින් වන අයහපත් බලපෑම් කෙරෙහි සැලකිල්ලෙන් කටයුතු කරන්න.

 


ප්‍රේම දිවිය හා යුග දිවිය
මෙම මාසය තුළ ඔබගේ ආදර දිවියේ හා විවාහ දිවියට අදාළ බොහෝ කටයුතු බාධාවන් මධ්‍යයේ කරගෙන යාමට පවත්වාගෙන යාමට සිදුවනු ඇත. එබැවින් ආදර කටයුතු හා විවාහ දිවියට විවිධ බාධක මතුකරයි. පවුලේ හෝ ආශ්‍රය කරන අය අතර ආරවුල් ස්වභාවයක් මතු වේ. ප්‍රේම දිවිය හා යුග දිවිය හේතුකොටගෙන විරුද්ධකරුවන් හෝ සතුරන් සමග අවුල් ඇති වේ. නැතහොත් අමුතුවෙන් විරුද්ධකාරයන් මතු වේ. සැමියා-බිරිඳ මෙන්ම තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා වෙනුවෙන් කිසියම් අතිරේක මුදලක් ද වියදම් වන දෑ සිදුවන්නේය.

 

 

ඔබගේ ලග්නාධිපති කිවි හා ලග්න නැකත් අධිපතීන් සුභ යෝග බලයෙන් යුක්තව ගමන් කරන මෙම මාසය පැහැදිලි ශුභඵල රාශියක් ගෙන එනු ලැබේ. උද්යෝගයෙන් ක්‍රියාශූරත්වයෙන් කටයුතු කරමින් අරමුණු සැලසුම් සාර්ථක භාවයට පත්කර ගනී. ඒ ඒ අවස්ථාවලදී විවිධ අයුරින් ලාභ ලැබෙනවා ඇත. සිතේ තිබුණ බලාපොරොත්තුවක් ඉෂ්ට වේ. නේවාසිකාගාර හෝ පදිංචියට සම්බන්ධව අවිනිශ්චිත ස්වභාවය පහවගොස් පදිංචිය පිළිබඳ ස්ථීර නිගමනයකට එළැඹීමටත් අවස්ථාව උදාවේ. ගෙදර දොර හා පදිංචි ස්ථානය, වැඩකරන ස්ථානය යන තැන්හි සුවපහසුව ගොඩනැගේ. මෙම මස අවසන් සතිය තුළ සේවා ඇගැයීමකට වුව ඔබ ලක්වෙනු ඇත. 

 


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය
දැනුම කුසලතාව වැඩි දියුණුවන මාසයකි. ඉගෙනීම් කටයුතු බාධාවෙන් තොරව කෙරෙනු ඇත. එමෙන්ම අධ්‍යාපනික කටයුතු නව මගකට යොමු කිරීමේ අදහස් පහළ වේ. පොත පතෙහි දැනුම මෙන්ම සාමාන්‍ය දැනුම ද වැඩි දියුණුවන මාසයකි.


මූල්‍ය ක්ෂේත්‍රයේ බලපෑ ප්‍රශ්න ගැටලු රැසක් නිරාකරණය වනු ඇත. ක්‍රමානුකූලව වැඩි මහන්සියක් නැතිව ආදායම් ලැබෙන විදියට කටයුතු පිළියෙල වේ. දියුණුවට කටයුතු සැලසේ. එසේම ධන ලාභ මිල මුදල් ලාභ අලංකාර වස්තු ලාභ රෙදිපිළි ඇඳුම් පැලඳුම් ලාභ ලැබෙන මාසයකි. එනමුදු ගනුදෙනු වලදී වඩාත් කල්පනාකාරී වන්න. මේවායේදී වංචාකාරයින්ට පවා අසුවීමේ ඉඩක් ඇත. බොහෝවිට උරුම හිමිකම් අයිතිවාසිකම් වැනි දෑ ඔබට මෙම මාසය තුළ හිමිවේ.


ගත වූ මාසයට වඩා උනන්දුවෙන් උද්යෝගයෙන් රැකියා හා ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට හැකියාව ලැබේ. රැකියාව කෙරේ උනන්දුව වැඩිවීම නිසා රාජකාරිය ගැන උසස් දැනුමක් ලැබීමටත් හැකිවන්නේය. තනතුරු නිලතල ආදී අපේක්ෂා බාධාවකින් තොරව ඉටුවනු ඇත. සිතට ප්‍රීතිය සැනසීම ලැබෙනවා ඇත. කරන කියන රැකී රක්ෂාවලින් ද වෙළ හෙළඳ ව්‍යාපාරවලින් ද ලාභ ලැබෙන මාසයකි. ව්‍යාපාරික හා රාජකාරි ස්ථානයන්ට අදාළව බලපෑ අසහනදායි වටපිටාව පහව යයි.

 


ප්‍රේම දිවිය හා යුග දිවිය
ඔබට මෙම මාසය තුළ අදහස් කළ අන්දමට හෝ සැලසුම් කළ පරිදි ආදර සබඳතා හෝ විවාහ කටයුතු සිදුවීම නිසා හිතට සහනය සතුට ඇතිවන්නේය. සමහරවිට භාර්යාව සමග හෝ සහෝදරයන් සමග හෝ ආදරවන්තියන් සමග විනෝද ගමන් යාමට ඉඩ ලැබේ. කල්යල් ඇද ඇද පැවති විවාහ යෝජනාවක් හෝ පෙම් සබඳතාවයකට අදාළ කටයුත්තක් ස්ථිර තහවුරු වන අන්දමේ යමක් සිදුවේ. 

 

 

මිථුන ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති බුද හා ලග්න නැකත් අධිපතීන් සුබ යෝග බලයෙන් යුක්තව ගමන් කරන මෙම මාසය තුළ ප්‍රයෝජනවත් වැඩකටයුතු රැසක් ඔබට සිදුවනු ඇත. ඔබගේ වැඩකටයුතුවලට බලපෑ අවහිරතා දුෂ්කරතා ආදිය පහව යයි. මේ මස මුල් සති දෙක ඔබට ශුභදායී අයුරින් ගතවේ. තමා නිරත රැකියා ව්‍යාපාර ජීවනෝපාය මාර්ග, අධ්‍යාපන කටයුතු මෙන්ම ඉපැයීම් ක්ෂේත්‍රයට අදාළ දියුණුවක් ඉදිරියට යෑමක්, තත්ත්වයේ උසස් වීමක් ඇතිවේ. අතිරේක ධන ලාභ ලැබේ. තම වැඩ කටයුතුවලට ස්වකීයන් ඇතුළු පිටස්තර ජනයාගේ ද ආධාර උපකාර සහයෝගය ලැබේ. අවසන් සති දෙකේ දී සතුරන් ඊර්ෂ්‍යාකාරයන් ද ඇති කිරීමට ඉඩ තිබෙන බැවින් ප්‍රවේසම් විය යුතුයි. ස්ත්‍රීන් නිසා ගැටලු පැටලිලි ඇති වෙයි. ඉඳහිට වරින්වර වාසනාව මතුවෙන බවක් ද දක්නට ලැබේ.

 


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය
ඔබ මෙම මාසය තුළ උනන්දුවෙන් කැපවීමෙන් සියලු අධ්‍යාපනික කටයුතුවල නිරත වීම නිසා අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් අත්පත් කරගනී. අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් වෘත්තීය පාඨමාලා වෙනසකට ද කටයුතු පිළියෙල වේ.


ධන-අය භාවාධිපතීන් බලයෙන් යුක්ත බැවින් ආර්ථික හා දේපලමය වශයෙන් සැලකිය යුතු දියුණුවක් අත්කර ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසේ. බලපෑ මූල්‍ය දුෂ්කරතාවන් පහව යයි. එමෙන්ම ඔබට කිසියම් සාර්ථක ධනෝපායන මාර්ගයක් මෙම මස තුළ එළිපෙහෙලි වේ. දේපල ලාභ මෙන්ම මේවාට සම්බන්ධව බලපෑ ගැටලු ද නිරාකරණය වනු ඇත.


ඔබ නියුතු රැකියා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවල තත්ත්වයේ යහපත් වෙනසක් මෙම මස තුළ සිදුවන්නේය. රැකියා හා ව්‍යාපාරික ස්ථානයන්ට අදාළ මාරුවීම් වෙනස්වීම් සම්බන්ධ බලාපොරොත්තු ද සාර්ථක වේ. තමන් කරන රාජකාරිය ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන අතර එමගින් යම් යම් ලාභ ප්‍රයෝජනයන් ද සැලසෙනු ඇත. තාවකාලිකව නිරත වන රැකියාවන්හි ස්ථිරව තහවුරු වීම් සිදුවේ. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා ගොඩනැගෙනු ඇත. මේ කෙරෙන් දියුණුවට කටයුතු සැලසෙන මාසයකි.

 


ප්‍රේම දිවිය හා යුග දිවිය
ඔබ මෙම මාසය තුළ ක්‍රමවත්ව හා සැලසුම් සහගතව යුග දිවියේ හා ප්‍රේම දිවියේ කාර්යය කටයුතුවල නිරත වන්න. එමෙන්ම ඔබ ආදර සබඳතා හා විවාහ කටයුතුවලදී බෙහෙවින් ඥානාන්විත විය යුතුය. තම ආදරවන්තයා/ වන්තිය, බිරිඳ, ස්වාමියා අතර පවතින සම්බන්ධය, බැඳීම් වැඩි දියුණුකර ගැනීමට ශක්තිමත් කරගැනීමට විවිධ උපක්‍රම හා ක්‍රියාමාර්ග ගැනීමට වුවත්  සිදුවෙයි. මෙම මස අවසන් සති දෙක මේවා කෙරෙන් වැඩි වශයෙන් සැලකිලිමත් වන්න.

 

 

ඔබගේ ලග්නාධිපති සඳු හා ලග්න නැකත් අධිපතීන් සුබ යෝග බලයෙන් යුක්තව ගතවන මෙම මාසය තුළ උද්යෝගීමත්ව ක්‍රියාශීලීභාවයෙන් දෛනික කටයුතුවල නිරත විය හැක. සිතට වද දෙමින් පැවති ප්‍රශ්නයකින් නිදහස් වීමටත් පිළිවන්කම ලැබේ. සමස්තයක් වශයෙන් ගත්කල තම බලය ද ආදායම ද වර්ධනය වීමට කටයුතු පිළියෙල වේ. ලැබෙන්ට හෝ ලැබීමට තිබෙන මුදල් ලාභයක් කෙරේ විශේෂයෙන් බලාපොරොත්තු තබා ගැනීමට හැකිවේ. කුමන වැඩක ඔබ නිරතව සිටියත් එම අංශයේ උසස් වීමක් ලැබෙනු ඇත. ජීවිතයේ කිසියම් ස්ථාවර බවක අඩිතාලම යොදා ගැනීමට ඔබ සමත්වන මාසයක් බව කිව යුතූයි. තරගකාරී කටයුතුවලින් ජය ලැබෙන රැකිරක්ෂා තනතුරුවලින් දියුණුව ද සතුට ද ඇතිවන මාසයක් වන අතර ඔබ මෙහිදී ප්‍රයෝජනවත් ස්ථිර දෙයකට මුදල් යෙදවීම ඵලදායක වේ.

 


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය
ඔබගේ සියලු අධ්‍යාපනික කටයුතු අවහිර බාධාවකින් තොරව කෙරෙනු ඇත. විශේෂයෙන් තම අධ්‍යාපන කටයුතු නව මගකට යොමුවෙන මාසයකි. බලපෑ උදාසීන ගති පහව යනු ඇත. දැනුමට අලුත් යමක් එකතු වන දේවල් සිදුවේ.


ධන-අය භාවාධිපතීන් සුබදායක අයුරින් හැසිරෙන නිසා සැලසුම් කළ මූල්‍ය කටයුතු සාර්ථක වන්නේය. උරුම හිමිකම් සම්බන්ධ ගැටලු මතු කළත් ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගත හැක. අලෙවිකර ගැනීමට අපහසු දෙයක් අලෙවියට මග පෑදේ. විකිණීම් මිලයට ගැනීම්වලින් යම් යම් ලාභ ලැබේ. 


මෙම මාසය තුළ ඔබගේ රැකියා ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව කෙරෙනු ඇත. අලුත් රැකියා අපේක්ෂිත ඔබට ඊට අදාළ බලාපොරොත්තු ඉටුකර ගත හැකි වන්නේය. රැකියා ආයතනය තුළ තමා අගය කරන යමක් සිදුවන අතර අමතර වගකීම් ද පිරිනැමේ. තනතුරු නිලතල උසස්වීම් බලාපොරොත්තු අයගේ අදහස් සඵල වේ. වෙළෙඳ ප්‍රචාරක හෝ ප්‍රවාහන, සංචාරක වැනි ව්‍යාපාරයන්හි නිරත වන්නන්ට වැඩි දියුණුව සැලසෙන්නේය. ස්වාමි පක්ෂයේ හොඳ හිත දිනා ගැනීමට ද හැකිවනු ඇත.

 


ප්‍රේම දිවිය හා යුග දිවිය
මෙම මාසය තුළ ඔබගේ ආදර සබඳතා හා විවාහ කටයුතු ප්‍රශ්නකාරී ස්වභාවයකින් තොරව කෙරෙනු ඇත. තමාගේ අදහස්වලට ගැළපෙන විරුද්ධ ලිංගිකයකු සමග පෙම් සබඳතා ගොඩනැගෙනු ඇත. ප්‍රශ්න මධ්‍යයේ පවතින සබඳතා ප්‍රශ්නවලින් තොරව ශක්තිමත් භාවයට පත් වේ. එසේම ඔබ මෙම මාසයේදී විරුද්ධ ලිංගිකයන් කෙරේ ත්‍යාගවන්ත වීම, එසේම ඔබට ආදර බන්ධන ඇතිවීම, සැප පහසු ඇතිවීම, විරුද්ධ ලිංගික සැප ලැබීම, සමහරවිට සුදුසු වයස නම් විවාහවීම, මංගල යෝජනා ඇතිවීම පවා පෙන්නුම් කරයි.

 

 

ඔබගේ ලග්නාධිපති රවි හා ලග්න නැකත් අධිපතීන් බලයෙන් යුක්තව ගමන් කරන මෙම මාසය තුළ ඔබට සිය කාර්ය කටයුතු අවහිර බාධාවකින් තොරව කරගැනීමට හැකියාව ලැබේ. අනාගත අභිවෘද්ධියට හේතුවන ප්‍රයෝජනවත් දෑ රැසක් සිදුවේ. ඔබට පසුගිය දිනවල ඉටුකර ගැනීමට නොහැකි වූ කටයුතු රාශියක් මෙම මස තුළ ඉටුකර ගැනීමට ඔබ මෙම මාසයේ දී දැඩි උනන්දුවක් දක්වනවා ඇත. දිවියේ වර්තමාන කටයුතු හා අනාගතයට සම්බන්ධ කටයුතු තෘප්තිමත් ආකාරයෙන් කරගැනීමට පිළිවන්කම ලැබේ. අවසන් දින පහ ශුභදායී වෙනස්කම් රැසක් සිදුවන, අඩපණ තත්ත්වයක පවතින කටයුතු යථා තත්ත්වයට පත්කිරීමේ සැලසුම් සැකසෙන, රැකීරක්ෂා ව්‍යාපාර ආදියේ දියුණුවක් දකින්නට ලැබෙන දින කිහිපයකි.

 


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය
විද්‍යාස්ථානාධිපති බලයෙන් යුක්තව සිටින බැවින් අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් ක්‍රියාශීලී භාවයෙන් කරගෙන යාමට හැකියාව ලැබේ. අවබෝධ ඥානය ධාරණ ශක්තිය ගොඩනැගී අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතියට කටයුතූ පිළියෙල වේ.


ඔබට මෙම මාසය තුළ ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට හැකිවන්නේය. බලපෑ මූල්‍ය අවහිරතාවයන් පහව යයි. ගනුදෙනු මෙන්ම දේපල ආරවුල් වැනි ප්‍රශ්න විසදෙනු ඇත. කලකට පෙර අහිමි වූ උරුම හිමිකමක් යළිත් ලබා ගැනීමට මාර්ග සැකසේ.
රැකියා කටයුතු හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ අඩාළව පැවති කාර්යයන් රැසක් සාර්ථකවීම සිදුවේ. මේවායේ අලුත් වෙනසකට ද කටයුතු පිළියෙල වේ. විරැකියාවට කෙටි කාලීනව පිළියමක් ලැබේ. අමුතුවෙන් ආරම්භ කරන කටයුතු මෙන්ම කරගෙන ආ කටයුතු ද දියුණුවට යයි. මෙම මස අවසන් සති දෙකේදී හවුල් කටයුතු ව්‍යාපාරයන්ට ප්‍රශ්නකාරී දෑ මතු වුවත් අවබෝධයෙන් කටයුතු කළහොත් අභියෝග ජයගත හැක. කෙසේ නමුත් මුල් සති දෙකේදී ආයතනය තුළ නිලතල හා අමතර වගකීම් ද ඔබ වෙත පැවරෙන යමක් සිදුවේ. 

 


ප්‍රේම දිවිය හා යුග දිවිය
ඔබට මෙම මාසය තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් අයහපත් නොවුණත් මීට අදාළ කටයුතුවලදී හොඳින් සොයාබලා තීරණ ගන්න. මැයි මුල් දින 15 තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් බලපෑ බාධක ඉවත්ව ගොස් මීට අදාළ බලාපොරොත්තු ඉටුකර ගැනීමට පසුබිම සැකසේ. අවිවාහක අයට විවාහ යෝජනා ගෙන එනු ලැබේ. ගෙදරදොර කටයුතුවලින් සිතේ සතුට හා සැනසීම ද ගෙනදුන්නත්, ප්‍රේමවන්තයින්ට ප්‍රශ්නකාරී දෑ මතුවේ. ඔබට මෙම මස මුල් සති දෙක ප්‍රේම හා යුගදිවියේ කටයුතු කෙරෙන් පසුතැවිලි වීමට සිදුවන කරුණු ගොඩනැගෙන නිසා ඊට නතු නොවන්න. පැවැති සහනශීලී භාවය ද තරමක් දුරට අඩුවී යන මාසයක් ද වේ.

 

 

ඔබට මෙම මස තුළ සිය කාර්යය කටයුතු කරගෙන යාමට සිදුවන්නේ අවිනිශ්චිතතා හා ගැටලු බාධාවන් මධ්‍යයේය. විශේෂයෙන් ඔබ අනුන්ගේ වැඩට සම්බන්ධ නොවී තමාගේ අරමුණ ඉටුකර ගැනීමට වැඩිපුර වෙහෙසෙන්න. ඔබ මෙම මාසය තුළ කරන කියන දේ කෙරේ සැලකිල්ලෙන් විමසිල්ලෙන් පසුවන්න. විශේෂයෙන් ඔබට මෙම මස අවසන් සතියේදී අවහිර බාධා අභියෝග මැඩගෙන කටයුතු කළ හැකි වුවත් මුල් සති තුන තුළ වැඩ කටයුතුවලට යම් යම් බාධක යෙදේ. පොදුවේ ඔබ මෙම මස තුළ ගනුදෙනු කටයුතු හා ඉපැයීම් මාර්ගයන්හි ගැටලු ඇති නොවන ලෙසට කටයුතු කරන්න. වැටීම්, තැලීම්, හදිසි පීඩා වැනි ආබාධ කෙරෙන්ද ආරක්‍ෂා වන්න. තමා බලාපොරොත්තු දේවලින් කරගෙන යන වැඩ කටයුතුවලින් ප්‍රගතියක් ගොඩනගාගන්නට දැඩි වෙහෙසක් දරන්ට සිදුවේ.

 


අධ්‍යාපන - ආර්ථික හා රැකියාවේ තත්ත්වය
මෙම මස තුළ ඔබගේ පාසල් හා වෘත්තීය අධ්‍යාපන කටයුතු සැලසුම් කළ පරිදි කරගෙන යාමට දැඩි කැපවීමක් දැක්වීමට සිදුවේ. ඉගෙනීමට පොත පතට සිත වැඩි වශයෙන් යොමු කරන්න. ඔබගේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දියුණුවට අමතර වැඩ කොටසක් සැකසෙන්නේ නමුදු අධ්‍යාපනික වරප්‍රසාද හා ශිෂ්‍යත්ව ලාභාදිය හිමිවන අවස්ථාවලට අවහිර බාධක යෙදෙනු ඇත. 


ගතවූ මාසයට සාපේක්‍ෂව ඔබට මෙම මස තුළදී ආර්ථික අමාරුකම් මතුකරයි. බොහෝවිට අවශ්‍ය දෙයට මුදල් ලබාගැනීම ද තරමක් අසීරුවනු ඇත. එසේම විනෝදාස්වාදයට අනවශ්‍ය ලෙස වියදම් කිරීමෙන් වළකින්න. අනපේක්ෂිත මෙන්ම අනවශ්‍ය වියදම් බහුල මාසයකි. 


රැකියා ව්‍යාපාරාදියට පවා යම් යම් අවහිර බාධාවන් මතු කරයි. රැකියා ව්‍යාපාරාදිය පැවති තත්ත්වයට වඩා උසස් තත්ත්වයට පත්කර ගැනීමට වඩාත් කැපවන්න. විරැකියාවට පිළියමක් සොයා ගැනීමට ගන්නා උත්සාහයන්ට බාධාවන් යෙදේ. මේවායේදී උනන්දුවෙන් කටයුතු කරන්න. උත්සාහය අත් නොහැරම කටයුතු කරන්න. එමගින් රැකියා ව්‍යපාරයන්හි අරමුණු සැලසුම් ඉටුකර ගැනීම අසීරු නොවේ.

 


ප්‍රේම දිවිය හා යුග දිවිය
මෙම මස තුළ ඔබේ කේන්දර සටහනේ කුජ, කේතු ගමන් කරන ආකාරය එතරම් යහපත් නොවන නිසා ඔබගේ ආදර සබඳතාවලට හා යුග දිවියේ කටයුතුවලට යම් යම් බාධා අවහිර ඇතිවන්නේය. විවාහ යෝජනාවක් හෝ ප්‍රේමදිවියේ පොරොන්දුවක්ද වෙනස්වීමට ඉඩ ඇත. රහස් ගමන් යෑමෙන් ද වළකින්න. පොදුවේ ප්‍රේමදිවියේ හා විවාහ දිවියේ ප්‍රශ්න ඇතිනොකර ගැනීමට සැලකිලිමත් විය යුතු මාසයකි. 

 

 

ඔබගේ ලග්නාධිපති හා ලග්න නැකත් අධිපතීන් සුභාසුභ මිශ්‍ර බලයෙන් හැසිරෙන නිසා ඔබගේ වැඩ කටයුතුවලට මෙම මාසය සුබාසුබ මිශ්‍ර බවක් ගොඩනැගේ. මුල් දින 15 තුළ අවහිර බාධා අභියෝග මැඩගෙන කටයුතු කළ හැකි වුවත් අවසන් දින 15 තුළ වැඩ කටයුතුවලට බාධා මතුවේ.

 


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය
මැයි මුල් සති දෙකේදී අධ්‍යාපනයේ නිරත වන්නන්ට තම පාසල් හා වෘත්තීය අධ්‍යාපනික කටයුතුවලට යහපත් පසුබිමක් සැකසේ. එසේම මුල් සති දෙකේදී තම සියලුම අධ්‍යාපනික කටයුතු සිතැඟි පරිදි උද්යෝගිමත්ව කරගෙන යාමට හැකි වුවත් අවසන් සති දෙකේදී මතුවන බාහිර ප්‍රශ්න හා උදාසීන ගති මුල්කොට ඉගෙනුම් කටයුතු අඩපණ වීමට ඉඩ ඇත. එබැවින් ඒවා කෙරේ නිසි අවබෝධයෙන් හා අවධානයෙන් කටයුතු කරන්න.


විශේෂයෙන් ඔබට මෙම මාසය තුළ ප්‍රසිද්ධ වශයෙන් මිල මුදල් ලැබීමට හා හානි වීමට අවකාශ පවතින බැවින් මුදල් කළමනාකරණය ක්‍රමවත්ව කරන්න. විනෝදාස්වාදය වෙනුවෙන් අනවශ්‍ය ලෙස වියදම් නොකරන්න. මුල් දින 15 තුළ බලපෑ මූල්‍ය අවහිරතාවක් ද පහව යයි. එසේම එහිදී රැකියාවේ හෝ රාජකාරියේ යම් වෙනසක් දියුණුවක් සිදුවෙයි. රැකියා ස්ථානයේ මෙන්ම ව්‍යාපාරික කටයුතුවලට අදාළව බලපෑ ප්‍රශ්න විසඳෙයි. තමන්ගේ වැඩ අතපසු නොවන අයුරින් අන් අයට ද උදව් උපකාර කරන්නට මේ කාලයේදී වැඩි වශයෙන් සිදුවේ. අහිමිවන තත්ත්වයක පැවති මුදලක් දේපලක් හිමිවන තැනට පසුබිම සැකසේ.


ඔබට මෙම මස මුල් සති දෙකේදී රැකියා හා වෙළෙඳ ව්‍යාපාර ආදී කටයුතුවල නව ප්‍රගතියක් අත්වන ලෙසට කටයුතු සිදුවන්නේය. තම රැකියා හා ව්‍යාපාරික කටයුතුවලට සහාය ලැබිය යුත්තන්ගේ සහාය ද මැනවින් ලැබේ. මෙම මස අවසන් සති දෙකේදී රැකියා හා ව්‍යාපාරික කටයුතුවල ගැටලු ප්‍රශ්න ඇති නොවන ලෙසට කටයුතු කරන්න. හවුල්කරුවකු හෝ එකට වැඩකරන හිතවතකු අමනාපවීමේ ඉඩක් පවතින නිසා අවධානයෙන් පසුවන්න. එසේම මෙහිදී විදෙස් රැකියාවලට අන්‍යයන්ට මුදල් දීමෙන් වළකින්න.

 


ප්‍රේම දිවිය හා යුග දිවිය
විශේෂයෙන් ඔබට මෙම මැයි මාසය තුළ ආදර සබඳතා හා විරුද්ධ ලිංගිකයන් සමග ඇසුර පහසුවෙන් ගොඩනැඟුණත් ඒවා මුල්කොට යම් යම් ප්‍රශ්නකාරී දෑ සිදුවීමේ ඉඩක් ද ඇත. කලබලයට තීන්දු තීරණ නොගන්න. බොහෝ දුරට මෙම මාසය තුළ තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමග හෝ බිරිඳ ස්වාමියා සමග සංචාරක විනෝද ගමන් යෑමටත් අවස්ථාව උදාවේ. අවසන් සති දෙක මෙවැනි අහිතකර බලපෑම් ගහණ වේ. 

 

ඔබගේ ලග්නාධිපති කුජ ශුභ යෝග බලයෙන් සිටින අතර යෝගකාරකයින් කේන්ද්‍ර ත්‍රිකෝණ වීමත් නිසා ඔබගේ අරමුණු සැලසුම් සිතැඟි පරිදි ඉෂ්ට සිද්ධ කර ගැනීමට මෙම මාසයේදී ඉඩකඩ සැලසෙන්නේය. අනුන්ගෙන් ප්‍රශංසා, හොඳ නාම ලැබේ. අලංකාර වස්තු ලැබීමෙන් සිත් ප්‍රීතිය උපදවයි. ශරීර සැප පහසුවද ඇති වේ. විරුද්ධ ලිංගිකයින් සමග වාසනාවන්ත හිතවත් සම්බන්ධකම් පැවැත්වීමට ඉඩ ලැබේ. 

 


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය
පාසල් හා වෘත්තීය අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වන්නේය. කලක් තිස්සේ සිතා සිටි අයුරින් අධ්‍යාපන ආයතන හෝ විෂයන් වෙනසකට හෝ අවස්ථාව උදාවේ. ඉගෙනීමට අවශ්‍ය පොත්පත් තාක්‍ෂණික උපකරණ යනාදිය මිලදී ගැනීමටත් හැකියාව ලැබෙන්නේය. 


විශේෂයෙන් මෙම මාසය පුරාවටම ඔබගේ ධනෝපායන මාර්ගයන්ට හා තම ආදායමට අවහිර බාධාවන් ඇති නොවේ. එමෙන්ම ඔබට මෙම මස තුළදී මිල මුදල් හා දේපලමය ලාභ ප්‍රයෝජනයන්ට බලයක් ගොඩනැගේ. තැන්පත් ධනයට යමක් එකතු කර ගත හැක. හිතමිත්‍රයෙකුගේ හෝ ඥාතියෙකුගේ විශේෂ අනුග්‍රහයක් ලැබීම හේතුවෙන් අනාගත අභිවෘද්ධිය සලසා ගත හැකි අලුත් වැඩපිළිවෙළක් ඉපැයීම් මාර්ගය කෙරෙන් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසේ. 


කර්මස්ථානය සුභ ග්‍රහදෘෂ්ටියෙන් පෝෂණය වන නිසා රැකීරක්‍ෂා ව්‍යාපාරාදියේ පැවති ව්‍යාකූලතාවයන් වියැකී ගොස් උද්යෝගිමත්ව හා නිරවුල්ව කටයුතු කළ හැකි වේ. තම සුදුසුකම්වලට ගැළපෙන රැකියා ඉල්ලුම්පත් හෝ නව රැකියා අවස්ථා හෝ ගෙන දේ. ස්වයං හා හවුල් ව්‍යාපාරාදී කටයුතුවල දියුණුවද ඇති වේ. මෙම මස අවසන් සති දෙක ඔබට ශුභදායී අයුරින් ගතවේ. ගත සිත ප්‍රබෝධයෙන් යුතුව සිතේ සැනසිල්ල උදාවන අලුත් සංකල්පනා කෙරේ සිත යොමුවන මාසයකි.

 


 ප්‍රේම දිවිය හා යුග දිවිය
ඔබට මෙම මස තුළදී සමාජීය ඇසුර ගමන් බිමන් මුල්කොට ගෙන දැන හැඳිනුම් ප්‍රේම සම්බන්ධතා ගොඩනැගුණත් ඒවාට යම් යම් විරුද්ධකම් ද ඇතිකරයි. දුරස්ව ගිය හෝ බිඳී ගිය සබඳතා නැවතත් යථා තත්ත්වයට පත්වේ. ඔබට පහසුවෙන් ආදර සබඳතා ගොඩනැගුණත් විශේෂයෙන් ඔබ මෙම මාසයේදී ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් දුර දිග සිතා බලා ඥානාන්විතව ක්‍රියා කරන්න. පෙම් සබඳතා හෝ විවාහ දිවියේ කටයුතුවල ද නවෝදයක් ඇතිවේ. මුල් සති දෙක මේවායේ නොසිතු විරූ අවුල් සහගත තත්ත්වයන් වුව මතුකරයි.

 

 

මෙම මාසය තුළ ඔබගේ අත්‍යාවශ්‍ය කටයුතු කෙරෙන සුභාසුභ මිශ්‍ර බවක් ගොඩනැගේ. මෙම මස අවසන් දින 15ට වඩා මුල් දින 15 තුළ වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙළ වේ. හිසට මහත් බරක්ව පැවති තමාට අදාළ ප්‍රශ්නයක් ගැටලු සහගත තත්ත්වයක් සාර්ථක ලෙස විසඳා ගැනීමට පිළිවන් වාතාවරණයක් මෙහිදී ගොඩනැගේ. අධ්‍යාපන, ඉපැයීම් මෙන්ම රැකීරක්ෂා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවලද ප්‍රමාණවත් දියුණුවක් දක්නට ලැබෙන කාලයක්ද වේ. මුදල් ලැබීම සතුටුදායක තත්ත්වයෙන් පවතී. විශේෂයෙන් කිවයුතු වන්නේ ඔබට මෙම මාසය යම් යම් වැඩ රාජකාරි අධික වීමෙන් විවේකය අඩු වුවද තම අනාගත සුබසිද්ධිය වෙනුවෙන් ප්‍රයෝජනවත් වැඩකටයුතු රාශියක් ක්‍රියාත්මක කිරීමට හැකිවීමේ ප්‍රීතිය ඔබට භුක්ති විඳීමට පිළිවන. 

 


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය
මෙම මාසය ඔබගේ ඉගෙනුම් කටයුතුවලට අයහපත් නොවේ. අවසන් දින 15 තුළ වරින්වර සුළු සුළු බාධා ඇති වුවත් ප්‍රමාණවත් මෙන්ම සෑහීමකට පත්විය හැකි තරමේ අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව උදාවේ. 


ඔබ මෙම මැයි මස අවසන් දින 15 තුළ ගනුදෙනු කටයුතු හා ඉපැයීම් මාර්ගයන්හි ගැටලු ඇති නොවන අයුරින් කටයුතු කරන්න. ඔබට එතරම් මුදල් ලාභ නොලැබෙන බවක් අන්‍යයන්ට පෙනුනත් අන්‍යයන්ට පැහැදිලිව නොපෙනෙන මාර්ගවලින් යම් යම් මුදල් ලාභ හිමිවේ. මුල් දින 15 තුළ ධනය දේපල කෙරෙන් සැලකිය යුතු වර්ධනයක් ගොඩනැගේ.


ඔබගේ රැකියා ව්‍යාපාර කටයුතු දැඩි පීඩාවකින් තොරව සාමාන්‍ය තත්ත්වකින් කෙරෙනු ඇත. අන්‍යයන් යටතේ රැකියා ව්‍යාපාරවල නිරත වන ධනු ලග්න හිමියන්ට තරමක සිත් තැවුල් මතු කළත් ස්වයං ව්‍යාපාර ආදියේ නිරත වන්නන්ට ඒවායේ වැඩි දියුණුවක් සැලසේ. අධ්‍යාපන, රැකියා ව්‍යාපාර මෙන්ම ඉපැයීම් ක්‍ෂේත්‍රයට අදාළව තම දියුණුව පිළිබඳව නව සැලසුම් ක්‍රියාමාර්ග කිහිපයකට ඔබේ මනස යොමුවන බවත් ඒවා ක්‍රියාවට නැංවීමටත් අවශ්‍ය අයගේ සහයෝගය ඔබට මෙම මස තුළ ලැබේ. 

 


ප්‍රේම දිවිය හා යුග දිවිය
විශේෂයෙන් ඔබ මෙම මාසය තුළ ආදර සබඳතා හා විවාහ කටයුතුවලදී සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න. ඔබගේ ප්‍රේමවන්තයා, ප්‍රේමවන්තිය මෙන්ම සැමියා, බිරිඳ අතර සැකයේ බීජය හටගැනීම නිසා දෙදෙනා අතර අමනාපකම් ඇතිවීමේ ප්‍රවණතාවක් ද ඇත. විශේෂයෙන් මැයි මස අවසන් දින 15 තුළ මේවා කෙරෙන් වඩාත් අවධානයෙන් කටයුතු කරන්න. මුල් සති දෙක අවසන් වනවිට ප්‍රේමදිවියේ මෙන්ම යුග දිවියේත් අනපේක්ෂිත ප්‍රශ්න එහි සමගිය බිඳීයන දෑ සිදුවීමේ ඉඩක් පවතින බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. 

 

 

මකර ලග්නය හිමි ඔබට මෙම මාසය වැඩ කටයුතු ක්‍රියාදාමයන්ට ශුභ අශුභ මිශ්‍ර බවක් ගොඩනැගේ. විවිධ අවහිර බාධා මධ්‍යයේ ක්‍රියාකිරීමට සිදුවන බැවින් අවධානයෙන් පසුවන්න. විශේෂයෙන් මැයි මස මුල් සති දෙක යම් යම් අවහිර බාධා මධ්‍යයේ ක්‍රියාකිරීමට සිදුවන බැවින් අවධානයෙන් පසුවන්න. ස්වකීයන්, පවුලේ අය සම්බන්ධිත ප්‍රශ්න යටතේ තම විවේකයට බාධා ඇතිවන හදිසි ගමන් බිමන් මාසය පුරාවටම මෙන් යෙදේ. ඔබ ආර්ථික මෙන්ම ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ පොරොන්දු ගිවිසුම් වැනිදෑවලට සම්බන්ධවීමේදී ඉතා සැලකිලිමත් වන්න. ප්‍රේම දිවියට අදාළ හෝ හවුල් ව්‍යාපාරයකට අදාළව හෝ කලක පටන් පැවති වැදගත් සබඳකමක් බිඳ වැටෙන තත්ත්වයක් මතුවේ. ඉවසීමෙන් දුරදිග බලා වැඩකටයුතු නොකළහොත් ඔබගේ දෛනික සියලු කාර්ය කටයුතු බිඳ වැටීමට පිළිවන් මාසයකි.

 


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය
මැයි මුල් සති දෙක තුළ ඔබගේ පාසල් හා වෘත්තීය අධ්‍යාපන පාඨමාලා කටයුතු කෙරෙන් යම් යම් අවහිර බාධා මතු කළත් අවසන් සති දෙකේදී මෙවැනි පීඩාවන්ගෙන් මිදී ඉගෙනීම් කටයුතුවල නිරත වීමට අවස්ථාව උදාවේ. 


ආර්ථික හා දේපල කෙරෙන් යහපතට කටයුතු සිදුවුවත් මෙම මස මුල් සති දෙක තුළදී නිෂ්ප්‍රයෝජන හා අනවශ්‍ය වියදම් බහුල වේ. ගනුදෙනු හා මුදල් පරිහරණයේදී බෙහෙවින් සැලකිලිමත්වන්න. අවසන් සති දෙකේදී විකිණීම්, මිලයට ගැනීම් ආදියෙන්ද යම් යම් ලාභ ප්‍රයෝජන සැලසේ. 


මෙම මස අවසන් දින 15 තුළ රැකියා හා ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් යහපත් වෙනසක් ගොඩනැගෙන්නේය. නිරත රැකියා ව්‍යාපාරයන්හි ඉදිරි ගමනක් ඇති වේ. ආයතන තුළ බලපෑ රහස් සතුරු කරදර පහව යයි. එමෙන්ම මෙහිදී නව ආයෝජනයකට සම්බන්ධ වීමට ද  හැකිවේ. 

 


ප්‍රේම දිවිය හා යුග දිවිය
මෙම මස මුල් සති දෙක තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සැනසිලිදායක වාතාවරණයක් මතු නොවුණත් මැයි මැද භාගයෙන් පසු ආදර සබඳතා හා විවාහ යෝජනාවන්ට අදාළ අරමුණු සැලසුම් පහසුවෙන් ඉටුවනු ඇත. අවිවාහක ඔබට විවාහ යෝජනා ගෙන එනු ලැබුණත් ඒවාට බාධකයන් ද යෙදේ. 

 

 

ඔබගේ ලග්නාධිපති හා ලග්න නක්ෂස්ත්‍රාධිපතීන් ශුභයෝග බලයෙන් යුක්තව මෙම මාසය තුළ ගමන් කරන නිසා උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්කර ගත හැකිවේ. තම අරමුණු සැලසුම් ඉෂ්ට සිද්ධ කර ගැනීම උදෙසා අන්‍යයන්ගෙන් අවශ්‍ය සහාය, උදව් උපකාර නිසි පරිදි ලබා ගැනීමට ද හැකිවේ. තමා නිරත රැකියා ව්‍යාපාරාදියේ ප්‍රගතියට වැඩි දියුණුවට කටයුතු පිළියෙල වේ. එසේම නිර්මාණ ශක්තිය ප්‍රදර්ශනය කිරීමටත් අවස්ථාව සැලසේ. ජීවනෝපාය මාර්ග ස්ථානයන්හි වගකිවයුත්තන්ගේ අවධානය තමන් වෙත යොමුවෙන මාසයක්ද වේ. අඩපණ තත්ත්වයේ පවතින කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ අදහසක් ඔබට පහළ වන අතර ඊට අවශ්‍ය සහාය අවශ්‍ය පුද්ගලයන්ගෙන් ලැබේ. 

 


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය
මෙම මාසය තුළ ඔබට ඔබගේ අධ්‍යාපනික කටයුතුවල සාර්ථකත්වයන් බලා සතුටු විය හැකිවන අතර උසස් අධ්‍යාපන කාර්යයකට ද සිත යොමුවන්නේය. නේවාසික පහසුකම් ද සැලසී වෘත්තීය අධ්‍යාපන කටයුතුවලද විශේෂ ප්‍රගතියක් සලසා ගැනීමට මග පෑදේ. සමස්තයක් වශයෙන් ගත්කල උගත්කමට හැකියා කුසලතාවයට තැන ලැබෙන මාසයක්ද වේ. 


තම ආර්ථික කටයුතු වැඩිදියුණු කර ගැනීම උදෙසා ඔබ මෙම මාසය තුළ බෙහෙවින් ඇප කැපවී කටයුතු කරන ස්වභාවයක් පෙන්නුම් කරයි. එසේම මෙම මාසය තුළ ක්‍රමයෙන් ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට හා දේපල බලය වැඩි දියුණු කර ගැනීමටත් අවස්ථාව උදාවේ. 


ඔබගේ රැකියා හා ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ගතවූ මාසයට වඩා යහපත් වෙනසක් මැයි මාසයේදී පෙන්නුම් කරයි. නියුතු රැකියාවේ මෙන්ම ස්වයං හා හවුල් ව්‍යාපාරාදියේ ඉදිරි ගමනක් ඇතිවේ. රාජකාරියට බලපා තිබූ බාධාවක් ඉවත්ව යනු ඇත. රාජකාරියට හෝ ව්‍යාපාරයට අදාළ විදේශ ගමනක් යෙදීමේ ඉඩ ප්‍රස්ථා ඇත. අමතර වගකීම් මෙන්ම යම් යම් වරප්‍රසාද ද ආයතන තුළින් ඔබ වෙත පිරිනමනු ඇත.

 


ප්‍රේම දිවිය හා යුග දිවිය
මෙම මස මුල් සති දෙකේදී ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සතුට සැනසුම ගෙනදෙන දෑ සිදුවුවත් අවසන් සති දෙකේදී මේවායේ ඇති කරන යම් යම් ප්‍රශ්නකාරී දෑ කෙරේ සැලකිල්ලෙන් විමසිල්ලෙන් පසුවන්න. ප්‍රේම දිවියේ හෝ යුග දිවියේ අනපේක්ෂිත ප්‍රශ්න මෙන්ම පෙම් කරන්නන් අතර ඔවුනොවුන් කෙරෙහි සැක ඇතිවන දෑ හට ගැනීම වැනි තත්ත්ව පෙන්වයි. 

 

 

ඔබගේ ලග්නාධිපති හා ලග්න නැකත් අධිපතීන් ද බලයෙන් යුක්තව හැසිරෙන මෙම මාසය තුළ ඔබගේ අරමුණු සැලසුම් බොහෝ දුරට ඉටුකර ගැනීමට අවස්ථාව සැලසෙන්නේය. එහෙත් කලබලයට නොසොයා නොබලා දෛනික කටයුතුවල නිරත නොවන්න. සතුරු බාධක යෙදුනත් ඒවා මැඩගෙන කටයුතු කළ හැක. එසේම බලාපොරොත්තු නොවූ අපේක්ෂා නොකළ අංශයකින් ඔබේ යහපතට අදාළවන විශේෂ අනුග්‍රහයක් ද සැලසේ. පමණ ඉක්මවා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවන තත්ත්වයක් පැන නැගුණත් ඉන් යම් යම් යහපත් දේ සිදුවේ.

 


අධ්‍යාපන, ආර්ථික හා රැකියාවේ තත්ත්වය
විශේෂයෙන් ඔබ මෙම මාසය තුළ අධ්‍යාපනික කටයුතු කෙරෙහි දැඩි උනන්දුවක් කැපවීමක් කළ යුතුය. විනෝදයට බරව කෙලි සෙල්ලමින් කටයුතු කිරීමට නොයන්න. පොදුවේ අවබෝධ ඥානය ධාරණ ශක්තිය ගොඩනැගෙන මාසයකි. 


මෙම මාසය තුළ අඩපණව පැවති ඔබගේ ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගත හැකි වන්නේය. අමතර ආදායම් මාර්ගයක්ද සලසා ගැනීමට අවස්ථාව උදාවේ. මුල් සති දෙකේදී අනවශ්‍ය වියදම්වලින් මිදී කටයුතු කරන්න.


ඔබගේ රැකියා හා ව්‍යාපාරික කටයුතු කෙරෙහි වැඩි දියුණුවක් සැකසෙන අතර රාජකාරියට හා ව්‍යාපාරික ස්ථානවලට අදාළව පැවති ගැටලුකාරී ස්වභාවයක් හා අවිනිශ්චිතතාවයක් පහව ගොස් තෘප්තිමත් භාවයෙන් රාජකාරිවල නිරත වීමට පසුබිම සැකසේ. අලුත් රැකියා අපේක්ෂිත ඔබට උත්සාහ ගතහොත් නව රැකියා ලාභ හිමිකර ගත හැකිය. විදෙස් රැකියාවක් කෙරේ සිත ඇදී යන අතර ඒ සම්බන්ධ බලාපොරොත්තුද ඉටුකර ගත හැක. ආයතනය තුළ තම හැකියා කුසලතාවන්ට නිසි තැන ලැබෙන මාසයකි. කෙසේ නමුත් හවුල් ව්‍යාපාරවල ගැටලු ඇති නොකර ගන්න.

 


ප්‍රේම දිවිය හා යුග දිවිය
මෙම මාසය තුළ ඔබගේ ආදර සබඳතා හා යුග දිවියේ කටයුතු කෙරෙන් සුබ අසුබ මිශ්‍ර බවක් ගොඩනැගේ. කලක් අතහැර දමා තිබූ පෙම් සබඳතාවක් නැවත ගොඩනැගෙන යමක් සිදුවේ. ඒ එසේ වී නමුදු ඔබට මෙම මාසය ගතවීමට ප්‍රථම අධ්‍යාපන, ආර්ථික, රැකියා මෙන්ම යුගදිවියට අදාළ වන කාර්යයන්හි අනාගතාභිවෘද්ධියට අදාළ සැලැස්මක් අඩිතාලමක් දමා ගැනීමට ද හැකිවනු ඇත.

බෙන්තොට
හේමන්ත වීරසිංහ