විශේෂිත දරුවන්ට අලුත් ලෝකයක් හැදූ සුනේත්‍රා


 

මව්පියන් සහ දරුවන් අතර පවතින බැඳීම ඉතා ශක්තිමත් ය. මව්පියන් ප්‍රාර්ථනා කරන්නේ නිරෝගී දරුවකු ය. නමුත් දරුවා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකු වුවහොත්, ඔවුන්ට එය දරාගත නොහැකි සිත් වේදනාවක් බවට පත්වේ. එහෙත් කුමන තත්ත්වයෙන් යුක්ත වුව ද මව්පියන්ට දරුවා මුළු ජීවිතය තරම්ම වටී. ඒ නිසාම ඔවුහු තමන්ගේ මුළු ජීවිතයම දරුවා වෙනුවෙන් කැප කරති.   


විශේෂ අවශ්‍යතා ඇති එවැනි දරුවන්ට සුන්දර ලොවක් දායා ද කිරීමට උපරිම පරිශ්‍රමය දරන “සුනෙර පදනම” ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන ප්‍රමුඛ පෙළේ සමාජ සේවා ආයතනයකි. 2000 වර්ෂයේ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම පදනම මඟින් එවැනි දරුවන්ගේ සිත් සතන් සුවපත් කිරීම සඳහා නිරන්තරයෙන්ම කැපව සිටියි. 


වෙනස් හැකියා සහිතව ජීවත් වන තැනැත්තන්ගේ හැකියාවන් අනුකලනය කොට, ප්‍රජාවන් ගොඩනඟා එමගින් වෙනස් හැකියාවන් උත්කර්ශවත් කිරීමට හා ප්‍රශංසාවට පාත්‍ර කිරීමට සුනේත්‍රා බණ්ඩාරනායක සුනෙර පදනම පිහිටවූවා ය. ඇය ඔවුන්ට ජීවන රගහලක් ලබා දුන්නා සේම, ඔවුන් ද ඇයට ජීවිතයේ පාඩම් කියා දුන්හ. 


දශක දෙකකට වැඩි කාලයක් සිදු කළ සමාජයීය මෙහෙවර ගැන සුනෙර පදනම නිර්මාතෘ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය මේසේ අදහස් දැක්වූවා ය. 


 “අවුරුදු දහ හතක කාලයක ඉඳන්ම අපි විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අලු‍ත් ලෝකයක් ගොඩනඟලා දීලා තියනවා. එම දරුවන් ගත කරපු හුදෙකලා ජීවිතය අපි වෙනස් කළා. ඒ ගොල්ලෝ උපන් දවසේ ඉඳලා මරණය දක්වාම නිවස ඇතුළේ හිරවේච්ච ජීවිතයක් ගත කරන්නේ. සමාජයේ ජීවත්වන අය මෙම දරුවන් දිහා බලන්නේ අමුතු විදිහකට. ඒ වුණත් මේ දරුවන්ට විශේෂ හැකියාවන් තියෙනවා. එම විශේෂ හැකියාවන් මතු කර ගැනීම තමයි අපේ වගකීම. ඔවුන් සතු සැඟවුන දක්ෂතා උකහා ගෙන නිසි පිළිගැනීමකින් යුතුව ඔවුන්ව සමාජගත කීරීම තමයි මෙම පදනමේ අරමුණ. 


අප දැනට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් 5000 කට වැඩි පිරිසකගේ ජීවිත නගා සිටුවන්නට අපි කටයුතු කර තිබෙනවා. ඔවුන් සමග ඔවුන්ව තේරුම් ගත් පිරිසක් වැඩ කරනවා. ඔවුන් පුහුණු කරන දක්ෂ පිරිසකුත් අපත් සමඟ සිටිනවා. හැම සුමානෙම ලංකාවේ ස්ථාන 06ක වැඩමුළු පවත්වනවා. සතියකට පැය 03ක කාලයක් වැඩමුළු සඳහා වෙන් කරනවා. මේ දරුවන්ට අවශ්‍ය අතපය දිගහැරලා කරන ව්‍යායාම, යෝගා ව්‍යායාම, විවිධ කටහඬ භාවිත කරලා කරන ක්‍රියාකාරකම් යනාදිය දක්ෂ පුහුණුකරුවන් 36 දෙනෙක් විසින් සිදු කරනවා. අපේ පුහුණුකරුවන් අලු‍ත් නිර්මාණශිලී ක්‍රියාකාරකම් හඳුන්වලා දීලත් තියනවා. එක දිගටම ඒවා කරන්නේ නැහැ. සංගීතයක් යොදා ගනිමින් නර්තනය, චිත්‍ර ඇදීම, රඟපෑම (වේදිකා නාට්‍ය) ආදියට දරුවන්ව ටිකෙන් ටික එකතු කර ගන්නවා. අපි මෙම දරුවන් ඕනෑවට වඩා වෙහෙස කරවන්නේ නෑ. මේ දේවල් කරන්න කියලා බල කරන්නෙත් නෑ. ඒ ගොල්ලන්ට පුළුවන් විදිහට කරන්න කියලා තමයි කියන්නේ. මේ දරුවන්ව යොමු කරන සෑම ක්‍රියාකාරකමකම ගැඹුරු අර්ථයක් තියනවා. මේ සෑම දෙයකින්ම අපි බලාපොරොත්තු වූයේ එය යැයි ද සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය කියා සිටින්නීය. 
ඔවුන්ගේ ජීවිතයේ ඛේදනීය ගමන් පථය වෙනස් කරමින් ගීතය සහ නර්තනය ඔවුන්ගේ ලෝකයේ ඉහළම තැනට ගෙන ඒමේ කතාන්දරය හිතන තරම්ම සරල නොවිණි. 


මෙලෙස දශක දෙකක කාලයක් පුරාවටම ආබාධිත දරුවන් සහ තරුණයන් ප්‍රසංග කලාව තුළින් සවිබල ගැන්වීම සනිටුහන් කරමින් ඔවුන්ගේ ගමන ගැන කියැවෙන සුමි ෂන්මුරාජා සහ මලක ප්‍රේමසිරිගේ ඡායාරූප සමඟ ස්මිත්‍රී ඩැනියෙල් විසින් රචිති වින්ග්ස්- ද සුනෙර ස්ටෝරි නම් වූ පොතක් ද මේවනවිට මුද්‍රණය වී ඇත. 
මේ රටේ බිහි වූ අග්‍රාමාත්‍යවරුන් දෙපළක් වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා හා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය (ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය) ගේ වැඩිමහල් දියණිය වූ සුනේත්‍රා බණ්ඩාරනායකගේ මේ මෙහෙවර අපමණය. බුලර්ස් පටුමගෙහි පිහිටි ඇගේ නිවසේ සිට දේශපාලනයෙන් ඈත් වූ නව මාවතකට ඇයව ගෙන ගිය අහඹු සිදුවීම ඇය මෙසේ සිහිපත් කළාය. 
සුනෙරා කතාව ආරම්භ වන්නේ මීට වසර 22 කට පමණ පෙර වැසි දිනක සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය ඇගේ මිතුරකු වූ නාට්‍ය අධ්‍යක්ෂක සහ නර්තන ශිල්පී වුල්ෆ්ගැන්ග් ස්ටැන්ජ් එක්ව ප්‍රසංගයක් නැරඹීමට පෙළඹවීමෙනි. සිය මිතුරා වූ ස්ටැන්ජ් කළේ කොළඹ සිට ආබාධිත දරුවන් තෝරාගෙන ඔවුන් නර්තනයට හා සංගීතයට රඟපෑමයි. මෙම ළමුන් වේදිකාවේ වැඩ කළ අයුරු පිළිබඳව සුනෙත්‍රා ආකර්ෂණය වූවාය. සුනේත්‍රාගේ අරමුණ ගැන විශ්වාසයෙන් සිටින ස්ටැන්ජ් ඉදිරියටත් මේ කර්ත්‍යව්‍ය සිදු කිරීමට ඇය පෙරමුණට ගැනීමට උනන්දු කළේය. 


ඔවුන්ගේ පළමු පියවර වූයේ රණවිරු සෙවනේ සිටි හි ආබාධිත සොල්දාදුවන් 10 දෙනකු, යුද්ධයෙන් පීඩා විඳි නැගෙනහිර තරුණයන් සහ ස්ටැන්ජ්ගේ සමහර නියාමකයන්ය. ඔවුන් සියල්ලන්ම නවාතැන් ගත යුතුව තිබුණි, 40 දෙනෙකුගෙන් යුතු ශක්තිමත් කණ්ඩායමක් සති හයක් පුරා ස්ටැන්ජ් සමග සහ නර්තන උපදේශකවරුන් ඒක්ව සිදුකළ පුහුණුවීම්වලින් පසුව ‘‘සුනෙර’’ පදනමේ පළමු නිෂ්පාදනය සාර්ථක විණි. 
“මේ සියලු‍ දෙනාගේ පුහුණුවීම හා නවාතැන් සඳහා නාමික මුදලකට මීපේ ගුරු පුහුණු ආයතනය ලබා ගැනීමට අපි වාසනාවන්ත වුණා. මෙහි පිරිමි සහ ගැහැණු සිටියේ සියලු‍ පහසුකම් මධ්‍යයේ. මෙහි දී සුනෙර පදනමේ නර්තන උපදේශකවරුන් වන රෝහණ දේව පෙරේරා සහ රමණි දමයන්ති යුද්ධයේ ඇති පීඩාකාරී බව රංගනයෙන්, නර්තනයෙන් ඔවුන් පුහුණු කරවන්නට පෙරමුණ ගත්තා. යුද්ධය මිනිසුන්ට කරන බලපෑම කුමක්ද? එය ඔවුන්ව විනාශ කර දමන්නේ කෙසේද?, එතුලින් මිත්‍රත්වය විනාශ කරන්නේ කෙසේද? යනාදී සෑම දෙයක් ඉගෙන ගත් බව පැවසුහොත් නිවැරදි යැයි මා විශ්වාස කරනවා. සුනෙරා සැමවිටම කරන නිර්මාණයකම සැබෑ ජීවිත කතාවල මූලාකෘතිය නිරූපණය කිරීමට සෑම විටම උත්සාහ කළා. මන්ද “අපි සුරංගනා කතා විශ්වාස නොකරන නිසා” යැයි සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය කියා සිටින්නීය. නළු නිළියන් උදේ සිට රාත්‍රිය දක්වා පෙරහුරු කළ අතර ඔවුහු එම ක්‍රියාවලිය ගැන සතුටු වූහ. ආබාධිත සොල්දාදුවන් දෙමළ දරුවන් සමඟ හොඳින් කටයුතු කරන බව දැනගත් විට සුනේත්‍රාගේ ලොකුම බිය දුරු වූයේ ඒවකට රටේ පැවති වාතාවරණය හමුවේය. - ගැහැනු ළමයින් පවා ඔවුන්ගේ රෝද පුටු තල්ලු‍ කරති. සුනේත්‍රා මෙසේ පවසයි. “මම හිතුවා‘ මගේ දෙවියනේ වෙන කිසිවක් නැතත් අවම වශයෙන් මිත්‍රත්වයක් ගොඩනඟා ගන්නවා කියලා.’’ 

 


ඔවුන්ගේ පළමු රංගන ඉදරිපත් කිරීම වූයේ ‘ බටර්ෆ්ලයි විල් ඔල්වේස් ෆ්ලයි ‘ නමින් හැඳින්වූ නාට්‍යයයි. බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී රඟ දැක්වූ එය සාර්ථකත්වයක් අත්කර ගත් බව කිව යුතුමය. මන්ද එය එක්සත් රාජධානියේ. මහ කොමසාරිස්වරයාගේ සිට එරට ශ්‍රී ලංකා අවන්හල් හිමිකරුවන් දක්වා රසිකයෝ බොහෝ දෙනෙක් ඒම නිර්මාණය සමග එක්වූහ. එය කොතරම් බලපෑමක් සිදුකළාද? යන්න කිවහොත් සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියගේ ඔක්ස්ෆර්ඩ්හි පැරණි මිතුරන් පවා එම රංගනය දැක හැඟුම්බර වූහ. 
ඉංග්‍රීසි කතා කරන ප්‍රේක්ෂකයන් කිසිදු කරදරයකින් තොරව මේ නාට්‍යය රසවින්දනය කළ අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය පදනමේ මැදිහත් වීමෙන් බ්‍රිස්බේන් වෙත ගෙන ගිය අතර එහිදී ඔවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ ප්‍රධානීන් ඉදිරියේ මේ නාට්‍ය රඟදැක්වීය. එය ඔවුන් ඉන්දියාවේ ද රඟ දැක්වීමට නියමිතව තිබුණි. 
සුනෙරාගේ තුන්වන නිෂ්පාදනය වූයේ ස්වින්ගින්ග් ටයිම්ස් යන නාට්‍යයයි. යුද්ධයෙන් මුදල් ඉපයීමේ නපුරු පුරුද්ද, “තුවක්කු, කාලතුවක්කු, ගුවන් යානා” යන සියල්ල යුද්ධයක දී සියල්ල වෙනස් කරන බව ඒත්තු ගැන්වීම සිදුවිණි. 


පසුගිය වසර විස්ස තුළ සුනෙර පදනමේ නාට්‍ය නිර්මාණවලට සහභාගීවිම හරහා අත්කර ගෙන ඇති දේ ආබාධිත තරුණ තරුණියන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල හදවත් තුළ කැටයම් කර ඇත. ඒවායේ වෙනස ආශ්චර්යමත් ය. 
“ඔවුන්ට දැන් ඔවුන්ගේ දෙමව්පියන් සමඟ පාරේ ඇවිදින්න පුළුවන්, ඔවුන්ට කෙනෙකුට‘ සුබ උදෑසනක්’’ කියා සුබ පැතුම් ඒක් කිරීමේ හැකියාව ලැබී තිබෙනවා., සිල්ලර කඩයකට ගොස් යමක් මිළ දී ගැනීමට ඇති හැකියාව තම සහෝදර සහෝදරියන් සමඟ සෙල්ලම් කිරීමෙන් ලබන සතුට යන මේ සියල්ලක්ම ඔවුන් අද වනවිට භුක්ති විඳිනවා.- ඔවුන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඔවුන් බොහෝ දුරට ආබාධිත නොවන දරුවන් හා සමානයි. ” ඇය කියන්නීය. 


පුහුණුකරුවන් නොමැතිව සුනෙර පදනමේ කිසි විටෙකත් සාර්ථක නොවනු ඇත, 40 කට ආසන්න පුහුණුකරුවන් සංඛ්‍යාවක් නිසා ඒ ඒ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් දියුණු වුවා යැයි පැවසුවහොත් නිවරැදියි. ඒම පුහුණුකරුවන් හැමවිටම තමන් කරන රාජකාරිය ගැන දැඩි උනන්දුවක් දැක්වූවෝ වෙති. එක්තරා දරුවකු වඩාත්ම කැමති දේ, නැටුම්, නාට්‍ය හෝ චිත්‍ර ඇඳීම දැක බලා ගැනීමටත්, ඔවුන්ට තවදුරටත් මඟ පෙන්වීමටත් හැකියාව මේ පුහුණුකරුවන් තුළ පැවතියා යැයි ද සුනේත්‍රා මහත්මිය සඳහන් කළාය. 
අද වන විට සුනෙර පදනම රට පුරා වැඩමුළු 38 ක් පවත්වා ඇති අතර, ප්‍රාදේශීය ලේකම් හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමඟ වැඩ කිරීමෙන් ආබාධිත තරුණ තරුණියන්ගේ සියලු‍ භාරකරුවන්ට මෙම සේවාව දැනගැනීමට හැකියාවක් ලැබුණා මේ එක් වැඩමුළුවලකට 20 සිට 40 දක්වා වු සාමාජිකයන් ගෙන් යුතු පිරිසක් එක්කර ගැනීමට කටයුතු කළ බවද ඇය පැවසුවාය. 


සුනෙර පදනම හැමවිටම උත්සාහ කළේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හා තරුණ පිරිස් සමග යම් කිසි කර්තව්‍යයක නිරත වීම සහ ඔවුන් එකට එකතු කිරීමටය. “ඔවුන් මිතුරන් කර ගන්න. සෑම කෙනෙකුම තම ශක්තිය අන් අය සමඟ බෙදා ගැනීමට පෙළඹවීමයි අපි කරන්නේ, ඒ නිසා ඔවුන්ට තනිවම (අප විසින් යම් පුහුණුවක් ලබා දී) ඔවුන්ගේ සීමාවෙන් පිටතට පැමිණ, ඔවුන්ට හැකියාවන් ඇති බවත්, මෙම හැකියාවන් අවට සිටින පුද්ගලයන් විසින් අගය කරනු ඇති බවත් හඳුනාගනු ලැබුවා. යැයි ද සුනේත්‍රා මහත්මිය පැවසුවාය. 
සුනෙර පදනමින් මෙහෙයවන වැඩමුළුවක් සතියකට වරක් පැය තුනක් පුරා පැවැත් වේ. එම වැඩමුළු සැහැල්ලු‍වෙන් සංගීතයෙන් ආරම්භ කර විවේක සුවයෙන් සිටීමට යෝග සැසියකින් අවසන් විය. සෑම වැඩමුළුවකදීම වේදිකා නාට්‍යයක් කරන අතර, පුහුණුකරුවන් විසින් ලියූ පිටපතක් ඊට ඒක්වන විශේෂිත අවශ්‍යතා ඇති අයකු විසින් ඉදිරිපත් කිරීම සිදු කරනු ලබයි. 


සෑම අංගයක්ම මිනිත්තු 20 ක් වන අතර, පුහුණුකරුවන් සහ දෙමව්පියන් අවසාන මොහොතේ ස්පර්ශයන් එකතු කර, ආතතියෙන් පෙළෙන ඔවුන්ට මානසික නිදහස් ළඟා කර දෙන්නේය. සෑම ප්‍රසංගයක අවසානයේදී ඒම විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගෙන් හා තරුණ පිරිස්වල මුහුණු වලින් කියැවෙන්නේ “ මා දෙස බලන්න; මම ඔබ හා සමානයි. ඔබට ඇති අයිතිවාසිකම් , මා සතුව ඇතී, යන්නයි. ඔවුන් එසේ නොකියන නමුත් ඔබට ඔවුන්ගේ මුහුණෙන් එය දැකිය හැකිය 


විමුක්ති ගමනක් දෙස ආපසු හැරී බලන විට සුනේත්‍රා පාපෝච්චාරණය කරන්නේ සුනෙර පදනම මගින් ඇගේ ජීවිතය “විශාල ලෙස වැඩිදියුණු වූ” බවය.“එය පුදුම සහගතයි - ඔවුන් දෙන ආදරය, නොවරදවාම. අපි ආත්මාර්ථකාමී වෙනවා , අපි කෑදරයි, නමුත් මාව විශ්වාස කරන්න ඔවුන්ට ඒ කිසිවක් නැහැ. අපි ඔවුන්ගෙන් ඉගෙන ගන්නවා. අපි ඔවුන්ට උගන්වනවාද? නැත්නම් ඔවුන් අපට උගන්වනවා ද? යම් අවස්ථාවක දී මමම එම ප්‍රශ්නය අසා ගන්නවා යැයි ද සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය පැවසුවාය. 
‘‘ She Gave Them they Gave Her Life Lessons" යන මැයෙන් මැයි 09 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතට යොමාල් සෙනරත් යාපා ලියූ ලිපියක සිංහල අනුවාදයකි. 

 

 

සකස් කළේ - තිළිණි ද සිල්වා