වතුකරයේ කොටි බලු දඩයමේ


 

ප්‍රධාන රක්ෂිතවල සැරිසැරූ දිවියන් ගොදුරු සොයා තේ වතුවලට පිවිසීමත් එම දිවියන් වතුකම්කරුවන්ට පහරදී තුවාල සිදුකිරීමත් නිසා බියපත්වූ වතු කම්කරුවන් තම දෛනික කටයුතුවලට පවා නොගොස් නිවෙස්වලම රැඳී සිටීම පිළිබඳව පසුගිය මාස කිහිපය තුළ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය තුළින් වරින් වර කතා බහට ලක්කෙරිණි.   


මීට වසර පහකට පමණ ප්‍රථම තේ වතුයායවල දිවියන් සැරිසරන බවට වාර්තාවී නොමැති අතර ප්‍රධාන රක්ෂිතවල කාලයක් තිස්සේ සැරි සැරූ දිවියන් දැක තිබුණේ එම රක්ෂිතවල දර කැඩීමට ගිය කිහිපදෙනෙකු පමණි.   
නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඇතැම් තේ වතු සමාගම් විසින් තේ වතු නිසි ලෙස නඩත්තු නොකර කැලෑ බවට පත්වීමට ඉඩ සැලසීමත් සමගම එම වතුයායවල්වල දිවියන්ට පමණක් නොව ඕනෑම සිව්පාවෙකුට රිසි සේ ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් මතුවිය.   


එබැවින් මෙතෙක් රක්ෂිතවල සැරිසැරූ දිවියන්, වල් ඌරන්, මුවන්, ගෝනුන් මෙන්ම විෂකුරු සර්පයෝ ෙම් වන විට රක්ෂිත බවට පත්වී ඇති තේ වතුයායවල වාසය කරති.   


දෛනිකව තේ දලු නෙළන වතු කම්කරුවන්ට දිවියන්, වල් ඌරන් පහරදීම නිසා කිහිපදෙනෙකුට තුවාල සිදුවූ අතර ඔවුන්ගේ සුරතලයට ඇති කරන සුනඛයෝ එසේ සැරි සැරූ දිවියන්ගේ ගොදුරු බවට පත්වූහ.   
මෙසේ තේ වතුවල සැරි සරන දිවියන් වතු කම්කරුවන්ගේ දැඩි මර්දන හමුවේ දැන් ඒ තේ වතු අවට තිබෙන ගම්මානවලට පිවිසී ඇති බව ගම්වාසීහු කියා සිටිති.   


මෙයට ආසන්නතම සිදුවීම වන්නේ හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයට ආසන්නයේ කඳු මුදුනක තේ වතුයායක් මධ්‍යයේ පිහිටා ඇති කුඩාඔය නම් ගම්මානයේ වැසියෝ ෙම් දිනවල දිවියන් සැරි සැරීම නිසා දැඩිව භීතියට පත්වී සිටීමය.   


වතු කම්කරුවන් එසේ සැරිසරන දිවියන්ට පහරදීමට හෝ ඝාතනය කිරීමට උත්සහ නොකර එම දිවියන් අල්ලා රක්ෂිතවලට මුදාහරින ලෙස වනජීවී නිලධාරීහු ගම්වාසීන්ගෙන් ඉල්ලා සිටිති.   


තම නිවසේ සුරතලයට හා ආරක්ෂාවට ඇති කරන සුනඛයින් විශාල ප්‍රමාණයක් ෙම් වන විට දිවියන් විසින් ගොදුරු ලෙස රැගෙන ගොස් ඇති බවත් එවන් තත්ත්වයක් මත එම සතුන් රාත්‍රී කාලයේ තම නිවාස තුළම රඳවා ගැනීමට සිදුවී ඇති බව ගම්වාසීහු මැසිවිලි නගති.   

 

 

ෙම් පිළිබඳව ඉරිදා ලංකාදීප සමග අදහස් දැක්වූ හැටන් කුඩාගම ඒ.ඩබබ්ලිව්. රමණි මහත්මිය මෙසේ කීවාය.  


ඉස්සෙල්ලාම ගෙනිච්චේ අපේ බල්ලා තමයි. ඌ ලොකු බල්ලෙක්. අපි හිතුවේ නිකම්ම නැති වෙලා කියලා. උඩ ගෙවල්වලත් බල්ලන් නැතිවෙද්දි තමයි අපි දන්නේ දිවියෙක් ඇවිල්ලා ගිහිල්ලා කියලා. මිනිස්සු නම් දැකලා තියනවා. ෙම් ගමේ බල්ලෝ පහලොවක් විතර අල්ලලා තියනවා. අරං ගිහිං ති​ෙයන්​ෙන හත්අට දෙනෙක් විතර. තව බල්ලන් සූරලා තුවාල කරලා කියනවා. තව එළුවෙක් එහෙමත් අර වත්තෙන් අරං ගිහි තියනවලු. අපි ඉතින් වනජීවී නිලධාරින්ට කියන්නේ ෙම් භීෂණය නැති කරල දෙන්න කියලා තමයි. ළමයෙකුට සෙල්ලම් කරන්නත් බැහැ. අපිට රෑකට එළියට බහින්නත් බැහැ.   


කුඩාගම්මානයේම පදිංචි එස්.එම්. ෙම්රි- අපේ සුදු බල්ලාවත් දිවියෝ කාලා. ඌ දැන් බයටම අපේ ගෙවල් අස්සෙමයි ඉන්නේ. අපේ ළමයි රෑට පන්ති එහෙම ගිහිං එනවා. එතකොට බයයිනේ. අපට රෑකට නින්දක් නැහැ. බයේ තමයි හැමෝම ඉන්නේ. ගමට ඇවිල්ලා ගිහිල්ලා තියනවා. අපි හවස ඉඳන් රෑ වෙනකම් බලන් ඉන්නවා. අපි පොලිසියටත් කිව්වා. ගමේ බල්ලෝ පහළොවක් විතර අරං ගිහි තියනවා. ඉතිං අපි හුඟාක් බයෙන් ඉන්නේ. ෙම්කට ඉක්මනට විසඳුමක් ලබා දෙන්න කියලා අපි තමයි ඉල්ලන්නේ.   


එස්. සුරංග මෙසේ කීය. මම දැන් හතර පාරක් විතර දැක්කා. අපේ බල්ලාගේ අැඟට දිවියන් පනිනවා මගේ ඇස් දෙකෙන්ම දැක්කා. අ​ෙප් ගමේ පොඩි ළමයි ගොඩක් ඉන්නවා. අපි පොලිසියටත් කිව්වා, කෝ කිසිම දෙයක් වුණේ නැහැ. ඉතිං වනජීවී නිලධාරින්ටත් කියලා මොකක් හරි දෙයක් කළානම් හරි. කූඩුවක් ගෙනල්ලා තිබ්බ නම් අර පැත්තට වඩා ඉක්කමනට ෙම් දිවියා අල්ල ගන්න පුලුවන්. මොකද දිවියෝ දැන් හැම දාම එන්න පුරුදු වෙලානෙ ඉන්නේ. ගුහාවක් තියනවා ෙම් කැලෑවේ. එ්කේ දිවියෝ ඉන්නවා කියලා තමයි අපි නම් සැකකරන්නේ. 

 

හැටන් කුඩාඔය ප්‍රදේශයේ ගුවන් ජායාරූපයක්   

 

 

ඝාතනය කර තිබූ දිවියෙක්

 

 දිවියන් සිටින බව පැවසෙන ගල් ගුහාව  

 

 දිවියන් අල්ලා ගැනීමට වනජීවී නිලධාරින් ක්‍රියාකළ අයුරු  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ජායාරූප සහ සටහන නොර්වුඩඩ් 
රංජිත් රාජපක්ෂ