ලෝකයා දුකින් මුදවන්නට කළ දීර්ඝ චාරිකාව


​වෙසක් පුන් පොහොය අදයි

 

බුද්ධෝත්පාදක අවධිය ලොව විවිධ දර්ශනවාදයන් බිහි වූ සමයකි. මළවුන්, දේවතාවුන් යක්ෂයන් හා ස්වාභාවික වස්තූන් අදහමින් සිටි මිනිසාට බුද්ධිය උදා විය. කොතෙක් දාර්ශනිකයන් බිහි වුවත් දෙලොව හිත සුව පිණිස පහළ වූ එකම දාර්ශනිකයා බුදුන් වහන්සේ විය. උන් වහන්සේ වෙනත් ආගම්වල මෙන් නොදුටු දෙවියකු හෝ බ්‍රහ්මයකු කෙරේ පුද්ගලයෙකුගේ ගැලවීම බාර දී නැත.   


“තුම්හේහි කිච්චං ආතප්පං අක්ඛාරෝ තථාගතා” ‘‘තෙපි ම කටයුතු කළ යුත්තාහ. තථාගතයන් මග කියා දෙනු ඇත.’’ යනුවෙන් වදාළහ. උන්වහන්සේ විසින් දේශනා කරන ලද්දේ සම්පූර්ණ නිදහස සහිත ඒහි පස්සික ධර්මයකි. මැනවින් පරීක්ෂා කොට සැකයෙන් තොරව හොඳාකාරව වැටහේ නම් පමණක් පිළිගන්න යනුවෙන් උපදෙස් දීම සැබෑම ප්‍රජාතන්ත්‍රවාදයයි. එබැවින් බුදුන් වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදයේ පියා යැයි කීව ද නිවැරදිය.   


​බෞද්ධාගම ලෝකයේ ප්‍රථමවරට ධර්ම දූත ව්‍යාපාරයක් මෙහෙය වූ ආගමයි. එම කර්තව්‍යයේදී එක ද ලේ බිඳක් නොසෙල් වූ ආගම වන්නේ ද බුද්ධාගමයි. බොහෝ ආගම් පැතිරවී​ෙම්දී රුධිර ගංගා ගලා යාමට සැලැස්වීය. මිනිසුන් ඒ ආගම් වැළඳ ගත්තේ බොහෝ විට මරණ බිය නිසා හෝ වරදාන ලබා ගැනීම සඳහා හෝ මිස ආගම ගැන පැහැදීමකින් නොවේ.   


බුද්ධත්වය ලබා අට වැනි සතියේ දී උන් වහන්සේ ධර්මයේ ඇති ගැඹුරු බව මෙනෙහි කරන්නට වූ සේක. මා අවබෝධ කළ මේ උසස් දහම ගැඹුරුය. සුව සේ දැක්ක නොහැකිය. සුවසේ අව​බෝධ කළ නොහැකිය. මා අවබෝධ කළ ලෝකෝත්තර ධර්මය ශාන්තය. ප්‍රණීතය. තර්ක මාත්‍රයෙකි. මැඩ ගත නොහැකිය. ශූක්ෂ්මය. මනාව පිළිපන් නැණැතියන් විසින්ම දත හැකිය. මේ සත්ත්වයෝ තෘෂ්ණා​ෙවන් දැඩි සේ බැඳී ගියෝ එයින් මිදීමට තැත් නොකොට එයින් ම තෘප්තියට පැමිණ ඉඳිත්. ඥානාන්ධ වූ මොවුන් විසින් ප්‍රත්‍යාකාර ධර්මය ද නිවන ද දත නොහැක්ක. ඥානාන්දව ඉන්නාතුරු එය මොවුනට දෙසීම නිෂ්ඵල වෙහෙසීමකි. මා ඉතා පරිශ්‍රමයෙන් අවබෝධ කළ ගැඹුරු ධර්මය දෙසීමට තවම යෝග්‍ය නොවේ. රාගයෙන් රක්ත ද්වේශයෙන් ද්විෂ්ඨ වූවන් විසින් මෙය අවබෝධ කළ නොහැකිය. උඩු හොයට ගිය සියුම් ගැඹුරු දූරදර්ශ ඉතා ශූක්ෂ්ම වූ චතුස් සත්‍යය රාගයෙන් රත් වූ අවිද්‍යා අඳුරු කඳින් වැසුණු සිත් ඇති යෝ නොදත්හ.   


බුදුරජාණන් වහන්සේ මන්දෝත්සාහයෙන් සහම්පතී මහා බ්‍රහ්මයා කැළඹී ගියේය. ඔහු දස දහසක් සක්වල දෙවි බඹුන් කැටිව බුදුන්වෙත ගොස් ධර්මය අව​ෙබා්ධ කර ගැනීමට සමත් අය සිටිය හැකි බැවින් අමා දොර (ධර්මය) විවෘත කරන ලෙස ආයාචනා කළහ. බුදුන් වහන්සේ එය පිළිගත් සේක.   


එසේ පිළිගෙන ‘‘චරත භික්ඛවේ චාරිකා බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය ලොකානුකම්පායළු’’ ආදී වශයෙන් එතෙක් සසුන් ගත වී සිටි භික්ෂූන් හැට නම අමතා මහණෙනි මම සියලු දිව්‍ය වූ ද, මනුෂ්‍ය වූද පාශයෙන් මිදුනෙමි. තෙපි ද එසේමය. මහණෙනි දෙව් මිනිසුන්ගේ දියුණුව පිණිස යහපත පිණිස සැප පිණිස ලොවට අනුකම්පා පිණිස ගම් නියම් ගම් හි සැරිසෙව. තෙපි දෙදෙනෙක් එකී මගින් නොයව්. මුල යහපත් වූ මැද යහපත් වූ කෙළවර යහපත් වූ අර්ත සහිත ව්‍යඥ්ජන සහිත සියලු ආකාරයෙන් පරිපූර්ණ පිරිසිදු ධර්මය දේශනා කරවි. බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරව්. මද වූ කෙලෙස් ඇති සත්ත්වයෝ ඇත්තාහ. ධර්මය අසන්නට නොලැබුණොත් ඔවුනට උසස් ගුණ නොලැබී යයි. ධර්මය අසා අවබෝධ කරන්නෝ ඇති වෙති. එබැවින් දම් දෙසීමට පිටත්ව යවු. අමරණීයත්වයට දොර විවෘත කොට ඇත. කන් ඇත්තෝ අන්ධ විශ්වාසය අත් හරිත්වා. මහණනි, මමත් උරුවෙල් දනව්වට ධර්ම දේශනා පිණිස යන්නෙමියි පවසා තනිවම පා ගමනින් වැඩි සේක.   


බුදුන් වහන්සේ උරුවෙල් දනව්වට වඩින ගමනේ භද්‍රවග්ගිය කුමරුවන් තිස් දෙනෙකු මහණ කරන්න ලැබී එම තිස් දෙනා ද ධර්ම දූත මෙහෙයෙහි යෙදීම පිණිස දිසාවන් තිහකට යැවූහ.   

 

බුදුරජාණන් වහන්සේ මන්දෝත්සාහයෙන් සහම්පතී මහා බ්‍රහ්මයා කැළඹී ගියේය. ඔහු දස දහසක් සක්වල දෙවි බඹුන් කැටිව බුදුන්වෙත ගොස් ධර්මය අව​ෙබා්ධ කර ගැනීමට සමත් අය සිටිය හැකි බැවින් අමා දොර (ධර්මය) විවෘත කරන ලෙස ආයචනා කළහ. බුදුන් වහන්සේ එය පිළිගත් සේක.


ධර්ම සංඝායනා නිසා බෞද්ධ ඉගැන්වීම් ව්‍යාප්ත වන්නට විය. ප්‍රථම සංඝායනා නිසා ඓතිහාසික හා ව්‍යාප්තියට මග සැලසුණි. දෙවැනි සංඝායනාව නිසා මහා සංගීති වාදය ඇති විය. තෙවන ධර්ම සංගායනාවෙන් පසු ථෙරවාදය ව්‍යාප්ත වන්නට විය.   


සංගායනාවලින් පසු අශෝක මහ රජතුමා මොග්ගලීපුත්තතිස්ස මහ තෙරුන් ඇතුළු භික්ෂු සංඝයාගේ සහයෝගයෙන් ජාත්‍යන්තර මහා ධර්ම දූත ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. අශෝක රජතුමා විසින් සම්පාදනය කරන ලද අශෝක ධර්මය මුලදී ගිරි ලිපි පර්වත ලිපි, ටැම් ලිපි ආදිය මගින් ප්‍රචාරය කර හරින ලදී. පසුව තානාපති සබඳතා උපයෝගී කර ගත්තේය.   


රටවල් නවයක් ඇතුළත් වන පරිදි මහා ජාත්‍යන්තර ධර්ම දූත සේවාව මෙසේ ආරම්භ කරන ලදී.   


කාෂ්මීර ගන්ධාර දේශයට මජ්කධන්තික මහ රහතන් වන්සේ, මහීෂ මණ්ඩලයට මහා දේව මහ රහතන් වහන්සේ, වනපාස දේශයට රක්ඛිත තෙරුන් වහන්සේ, අපරන්තක දේශයට යෝනක ධම්ම රක්ඛිත තෙරුන් වහන්සේ, මහා රට්ඨ දේශයට මහා ධම්මරක්ඛිත තෙරුන් වහන්සේ, යෝනක දේශයට මහා රක්ඛිත තෙරුන් වහන්සේ, ස්වර්ණ භූමි දේශයට සෝන උත්තර තෙරවරු, හිමවත් පෙදෙසට මජ්ජිම තෙරුන් වහන්සේ, තම්බපන්ණි දේශයට (ලංකාව) මහා මහින්ද ථෙර ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්ධසාල තෙරවරු සහ භණ්ඩුක උපාසක, සුමන සාමණේර වශයෙනි.   


සිව්වැනි ධර්ම සංගායනාවෙන් පසු කණිෂ්ක රජතුමා මහායාන බුද්ධාගමෙහි ප්‍රවර්ධනය සහ ව්‍යාප්තිය සඳහා කරන ලද සේවාව දෙවැනි වන්නේ අශෝක මහ රජතුමා කළ සේවයට පමණි.   


​ෙතවෙනි සියවසේ මැද භාගයේදී මිහිඳු මා හිමිපාණන් විසින් බුද්ධාගම ලංකාවට ගෙන එනු ලැබීය. උන් වහන්සේ මෙරටට වැඩි දිනයේදී ම දේශනා කළ චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා රජතුමා සහ තවත් 40000 ක් දෙනා බුදු සමය වැළඳ ගත් බව සඳහන්ය. දෙවන දිනයේ ද අනුරාධපුරයට පැමිණ දන් වළඳා අවසානයේ රජතුමා හා දේවිය ඇතුළු 500 දෙනෙකුට ධර්මය දේශනා කළහ. මෙසේ නිතර ධර්ම දේශනා පවත්වන්නට වූ අතර බණ ඇසීමට පැමිණි ජනතාව ද වැඩි වන්නට විය. මේ නිසා මුලදී දේශනා පැවැත්වූ ඇත් හල ඉඩ කඩ මද වී ඒ සඳහා නන්දන උයන ලබා ගැනීමට සිදු විය.   


ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කළ උත්සවයට දකුණේ කාවර ග්‍රාමය, චන්දන ග්‍රාමය, උතුරේ තිවක්ක බ්‍රාහ්මණ ගම ආදී දිවයිනේ විවිධ පෙදෙස් වලින් නියෝජිතයන්ගේ පැමිණීම ඒ වන විට ලක්දිව ජනාවාස ව තිබූ බොහෝ පෙදෙස්වල බුදු දහම ප්‍රචලිතව තිබූ බවට සාක්ෂි දරයි. ප්‍රථමයෙන් පැන නැගුණ බෝධි අංකුර අටත් දෙවැනිව පැන නැගුන අංකුර දෙතිසත් ලක්දිව නොයෙකුත් ප්‍රදේශවල රෝපණය කිරීම බුදු දහම තව දුරටත් ප්‍රචලිත වීමට හේතු වන්නට ඇත.   


ලංකාවේ නොයෙකුත් පෙදෙස්වල හමුවන ලෙන් ලිපි, සෙල්ලිපි හා මහා වංශය ථූපවංශය වැනි වංශකතා වල ද බුද්ධාගම පැතිර ගිය ආකාරය පිළිබඳ විස්තර සපයා ඇත. ලංකාවේ බුද්ධාගම මුල් බැස ගැනීම දේවානම්පියතිස්ස රජු සමයේ සිදු වූ බව සැලැකුවහොත් එහි දෙවෙනි අදියර දුටු ගැමුණු රජු සමයේ සිදු වූ බව කිව හැකිය. මහා වංශය ථූපවංශය වැනි වංශ කතා එම කාල පරිච්ඡේද පිළිබඳ දීර්ඝ විස්තර සපයා ඇත.   
එදා මෙන් නොව අද පුද්ගලයා වෙත ළඟා වීම සඳහා බෙහෙවින් වැඩි දියුණු වූ මුද්‍රිත මාධ්‍යය, විද්‍යුත් මාධ්‍යය, ගමන් පහසුකම් ලබා ගත හැකිය. ඒ නිසාම ලංකාව පැය 24 පුරාම දහම් දෙසන ලොව එකම රට බවට පත්ව තිබේ. බුද්ධ පුත්‍රයන් වහන්සේලා තම යුතුකම හරි හැටි ඉටු කරතත් එදා පා ගමණින් වැඩම කොට කළ ප්‍රචාරයෙන් තරම් ජනතාව ඵල ලබාගෙන ඇතැයි සිතීම උගහටය.+

 

 

 

 

කේ.ඩබ්ලිව්.ඒ. ජයවර්ධන