මහමඟ හිඟාකන පියා මැරූ පුතා


ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

සාලියපුර, පාහියන්කඩවල රොබඩ් මුතුනායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

පියා මැරූ පුතා

 

රජරට පළාතේ ගමක සිදුවූ සත්‍ය සිදුවීමකි.මීට දශක තිහකට තරම් ඉහත ලොකු අයියා නමින් කා අතරත් ප්‍රසිද්ධ අයෙකු විය.   
දක්ෂ ගොවියකු වූ මොහුට විශාල ගව පට්ටියක්ද විය. මෙම අයට පිරිමි දරුවන් දෙදෙනෙකු ද විය. මෙයින් වැඩිමහල් පුත්‍රයාගේ වයස අවුරුදු විස්සක් පමණද බාලයාගේ වයස අවුරුදු හතක්ද විය.  තම පියාගේ කිසිම වැඩකට සහාය නොදැක්වූ වැඩිමහල් පුත්‍රයා මිතුරන් සමඟ සැරිසරමින් කාලය කා දැමීය.  


පියා විසින් දෙන අවවාද නොරිස්සූ මොහු දිනෙන් දින පාප මිත්‍රයන්ගේ ඇසුරට ගිජුවිය. අවසන පියා විසින් පුත්‍රයා නිවසින් එලවා දමනු ලැබූ අතර ආහාරවේල පවා නොදෙන ලෙස තම බිරිඳට අණකර සිටින ලදී.   කෙසේ වෙතත් ද‌ාරක ප්‍රේමයක මහිමේ හොර රහසේම මව විසින් බත් පත සඟවා තබා දීම නිති පතාම සිදුවිය.

 
දිනක් බැහැරක ගිය පියා විදුලි පන්දමක් ද ගෙන රාත්‍රී කාලයේ තම නිවසට ගොඩවිය.  තමා විසින් නිවසින් එලවා දැමුනු අකීකරු පුත්‍රයා සාලහෙයි ඇඳක් මත සුවසේ නින්දක සිටී. මාරාවේශ වූ පියා නිසොල්මන්ව මුළුතැන්ගෙට පියනගා මෝල්ගහ ගෙන විත් නින්දේ සිටි පුත්‍රයාගේ හිසට වැරෙන් පහරවල් කීපයක් එල්ල කළේය.

 
අවසානයේ මිනීමැරීමේ චෝදනාව අනුව යමින් අධිකරණය විසින් වසර දහයක සිර දඬුවමක් මිනීමැරූ පියා වෙත හිමිකර දෙන ලදී.  
මේ අතර මව් පිය සෙනෙහස අහිමි වීම තුළින් බාල පුතුද සමාජ ගතවී තම මියගිය සොහොයුරා මෙන් පාප මිත්‍රයන්ගේ ඇසුර ප්‍රියකරන්නෙකු බවට පත්වීය. පුතු ඝාතනය කිරීමේ වරදට වසර දහයක කාලය කල්දේරම් බතෙහි රස බැලූ පියතුමා මේ අතර නිදහස ලැබීමෙන් පසු සිය නිවසට පැමිණ සුපුරුදු පරිදි දෛනික කටයුතු ආරම්භ කර ජීවිතයට මුහුණ දීමට සූද‌ානම් විය.

 

තමා සිරගෙට නියමව විලංගුවේ වැටෙන විට ළබාලව සිටි තම බාල පුතු මේ වන විට තරුණකම ඉක්මවා ගොස් සිටි ගජ ඉලන්ද‌ාරියෙකි.   
දැන්​ දැන් මොහුගෙන් සිය පියානන්ට විවිධ බලපෑම් එල්ල වීම නිතරම සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත්විය. නිතරම පියාගෙන් මුදල් ඉල්ලා කරදර කිරීමත් අසතුටින් හෝ මුදල් දීමට එකඟ වීමත්, පියාගේ සිතට සහනයක් නොවන කරුණන් බවට පත්විය.  කාලය මෙසේ ගෙවී යද්දී විනාශකාර පුත්‍රයාට නිතර නිතරම මුදල් ලබාදීමත්, තමාගේ මානසික හා ශරීර ශක්තිය හීනවීමත් හේතු කොට ගෙන ආර්ථිකයද පිරිහී යන්ට විය.  


දැන් දැන් පුත්‍රයා ඉල්ලා සිටින පරිදි මුදල් ලබාදීමට තමන් ළඟ නැතත් පුත්‍රයා ඒ කිසිවක් අනුමත කිරීමට ​හෝ පිළිගැනීමට සූද‌ානම් නැත.  
මුදල් නොමැතිකම කොපමණ පහද‌ා දුන්නත් නොපැකිළෙන පුතා ජීවිත තර්ජන කිරීමට පවා එළැඹ සිටී.  තවද මුදල් නොමැතිනම් ඉඩම් විකුණා හෝ තමාට මුදල් ලබා දෙන මෙන් තර්ජන කර සිටී.  අවසානයේ වරින් වර ඉඩකඩම් උගස් කර මුදල් ලබා දීමට පවා පියා ක්‍රියා කරන්නට විය.  අවසානයේ පියාගේ සියලුම සේසත සිඳී ගොස් රජයෙන් ලබා දෙන ලද පදිංචි ඉඩම පමණක් සන්තකයට පත්විය.  
දිනක් නිවසට පැමිණි පුත්‍රයා පියාගෙන් මුදල් ඉල්ලා සිටි අතර, මුදල් දීමට නොමැති බවත්, ඉතිරිව ඇත්තේ පදිංචි නිවස සහිත බිම් කොටස බව පමණක් බවද පැහැදිලි කරමින් කියා සිටියේය.  


මේ කිසිවක් ගැන නොතැකූ පුත්‍රයා පදිංචි ඉඩමද උගස් කර හෝ විකුණා දමා තමාට මුදල් ලබා දෙනමෙන් බලකරන්නට පෙළඹිණ.  
පදිංචි නිවස සහිත ඉඩම උගස් කිරීම හෝ විකිණීම තමන්ට වැටී සිටින්නටවත් තැනක් අහිමි වන බව පියා කොපමණ පෙන්වා දුන්නද එයද පුත්‍රයාගේ ප්‍රශ්නයට අවශ්‍ය පිළිතුරු නොවීය.  මේ හේතුව නිසා පිය පුතු අතර වාදය සීමාව ඉක්මවා යෑමට වැඩි වේලාවක් ගත නොවිණ.  මෙහිදී පුතා අතට මුඟුරක් පත්වූයෙන් පියාගේ හිස ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් එල්ල කරන පහරින් පියා බිම පතිත වූයේ ලේ විලක් මැද මැරී වැටෙමින්ය.  


තමාගේම ලෙයින් ජනිත කළ පුතා මරා දැමූ පියා තමාගේම බාල පුතා අතින් මෙසේ මරණයට පත්විය. පසු දිනම පොලිස් අත්අඩංගුවට පත් පියා මැරූ පුතා අධිකරණය මඟින් දඬුවම් ලැබ කාලයකට පසුව නිදහස් වී සුපුරුදු නිවසට පැමිණේ.  මේ වන විට ඔහුට අතගැවසි මුදල් නොමැත.   අවසානයේ පියා සතු නිවාසය සහිත ඉඩම ඔහුගේ මතකයට නැගිණ.  මෙම ඉඩමින් කොටසක් විකුණා දැමීමෙන් ලත් මුදල් කෙටි කාලයකින් වියදම් කිරීමට තරම් දැනුමක් ඔහුට තිබිණ.  බිම් කොටස් වශයෙන් විකුණා දැමූ ඔහු අවසානයේ නිවසද විකුණා දැමීමට ක්‍රියා කළේය.  ඉඩකඩම් විකුණා දැමීමේදී වටිනාකම පිළිබඳව දැනුම මොහුට නොතිබුණ අතර ඉඩම් ගන්නෝ ද නොවටිනා ලංසුව අනුව ගනුදෙනුව කිරීමට වග බලාගත්හ.  


දැන් මොහුට රාත්‍රිය ගත කිරීමට වත් ස්ථානයක් නොමැත. බස් නැවතුම්පළක හෝ අසල පාළු නිවසක රාත්‍රිය ගතකරයි. උදයේම පිබිදෙන මොහු නන්නාදුනන මිනිසුන් ඇති නගරවල සැරි සරමින් හදවතේ සිදුරක් ඇති තම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට යැයි අසත්‍ය ප්‍රකාශ කරමින් හා අසත්‍ය ලියකියවිලි පෙන්වමින් මුදල් ඉල්ලා යමින් අදටද මෙම ප්‍රදේශයේ ජීවත් වේ.

 

 

අකුරැස්ස පහළ මලිදුව,   

 

චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවක් මෙසේය.  

මිතුරා වෙනුවෙන් සුරතලා මැරූ පාප මිතුරන්ට මෙලොවදීම පව් පලදුන් හැටි.  


මීට කලකට පෙර ගමක විසූ දක්ෂ දඩයක්කරුවෙකි. නම කර්තේලිස්ය. ඔහු දඩයමට දැඩි ලෙස ලොල් වූවෙකි. කර්තේලිස්ට දඩයම සෙල්ලමකි. එසේම එය ඔහුගේ හොඳ ආද‌ායම් මාර්ගයක්ද විය. මේ නිසාම කර්තේලිස්ගේ දවසේ කටයුතු අතර මුල්තැන ගත්තේ වන සතුන් දඩයමයි. දිනක් සිරිත් පරිදි දඩයමේ යන අතරතුර වළකට වැටී ගොඩ ඒමට නොහැකිව සිටි ඌරු පැටියකු කර්තේලිස් දුටුවේය. ඌ දඩයම් කිරීමට තරම් ප්‍රමාණවත් නැත. තර්තේලිස්ට ඌරු පැටියා කෙරෙහි දැඩි ආදරයක් ඇති විය. සතා අත්හැර දමායාමට කෙසේවත් හිත නුදුන්නේය. ඌ ඇති දැඩි කරගත හොත් අනාගතයේ ඇතිවන වාසියද සිහිපත් විය. සිතිවිලි රැසකට මැදිවූ කර්තේලිස් ඌරු පැටියා ගෙදර ගෙන ගොස් ඇති දැඩි කිරීමට අවසානයේ තීරණය කළේය.  


එතැන් සිට ඌරු පැටියා කර්​ෙත්ලිස්ගේ නිවෙසේ සුරතලකු බවට පත්විය. ඉතා ආදරයෙන් සාත්තු සප්පායම් කළේය. හොඳින් රැක බලා ගැනීම නිසාම වැඩි කලක් නොයා ඌරු පැටියා ඉතා පුෂ්ටිමත් ඌරු නාම්බෙකු බවට පත්වූයේ බලා සිටියදීමය. දැන් ඌරු නාම්බාට කූඩුව ඉඩ මදිය. කර්තේලිස්ටද ඌ මෙල්ල කළ නොහැකිය. දිනපතාම වාගේ ගම පුරා ඇවිද රිසි සේ කා බී හැන්දෑවට නිවසට පැමිණීමට ඌරු නාම්බා පුරුදු විය. ගමේ ඇවිදින අතර තුරදී ඌරු නාම්බා මගදී හමුවන ඇතැමුන්ට පහර දීමටත් ගමේ ගෙවතුවලට පැන ඒවාට අලාභ හානි කිරීමටත් පුරුදු විය. මේ නිසා තම සුරතලා පිළිබඳ දිනකට පැමිණිලි හත අටක් කර්තේලිස්ට එන්නට විය. දැන් දැන් සුරතලා තමාට පමණක් නොව ගමටම මහා කරදයක් වී ඇති බව ඔහුට වැටහෙන්නට විය. මේ කරදයෙන් මිදීමට ක්‍රමයක් සොයා කර්තේලිස් දහ අතේ කල්පනා කරන්නට වූයේ සුරතලයට ඇති කළ සතා නිසා ඌට අනර්ථයක් කරන්නටද හිත් නුදුන් නිසාය. ඔහුට සතා කෙරේ මහත් ආදරයක් ද ඇත්තේය.  


අවසානයේ ඔහු තීරණයක් ගත්තේය. මේ සඳහා සුදුසු විසඳුමක් සොයා ගැනීමට ඔහු වැනිම වූ හොඳම මිතුරන් දෙදෙනාගේ පිහිට පැතීය. කර්තේලිස් තමාට සිදුවී ඇති කරදරය මිතුරන් දෙදෙනා ඉදිරියේ පවසන්නට වූයේ කුමක් හෝ විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා බැගෑපත් වෙමිනි. මිතුරන් දෙදෙනා කදිම විසඳුමක් ගෙනාවේ “අයියෝ අපේම මිනිහෙකුට උදව්වක් නොදී කොහොමද?” යි පවසමිනි.

කර්තේලිස්ට මිතුරන් දෙදෙනා පෙනුණේ තමා ගලවා ගැනීමට පැමිණි දේව දූතයන්‍් ලෙසිනි. කතා කර ගත් පරිදි මිතුරන් දෙදෙනා දිනක් මග රැක සිට උෟරු නාම්බා අල්ලාගෙන ගොස් ඌට දස වධ දී මරා මස් ටිකද විකුණා හොඳ ආද‌ායමක් ද ලබා ගත්තේ තම මිතුරාටද නොසෑහෙන්න ස්තූති කරමිනි. මේ බව කර්තේලිස් දැන ගත්තේ ද ටික දිනකට පසුවය. ඔහු පහසුවෙන්ම කරදරයෙන් මිදුණි. දැන් කරදර ඉවරය. හැමෝටම සතුටුය.  


එහෙත් මේ සතුට වැඩි කලක් නොතිබුණි. මිතුරන් දෙදෙනාගෙන් එකෙකුට හිටි හැටියේම උණ රෝගයක් වැළදුණි. දින කීපයක් දැඩි සේ ආසාධ්‍යව සිටි ඔහු මෙළොව හැරගියේ සිදුවූයේ කුමක් ද යන්නවත් සිතාගත නොහැකිවය. මේ සිදුවීමනේ දැඩිසේ කම්පාවට පත් මිතුරන්ට ගත කළ හැකි වූයේ තවත් මාස කීපයක් පමණි. පුදුමයකි ඉතා හොඳ නීරෝගී තත්ත්වයෙන් පසුවූ දෙවන මිතුරාටද හිටි හැටියේම දිනක් කිසිදු හේතුවක් නොමැතිව වමනයක් හා බඩයාමක් වැලදුණේ කිසි ලෙසකින්වත් නතර කළ නොහැකි වන ලෙසය. රෝගය වැළදී දෙවන දිනයේදීම ඔහුටද ඉතා අවාසනාවන්ත ලෙස මෙළොව හැර යන්නට සිදුවිය. නිදැල්ලේ සිටිය යුතු අහිංසක සතෙකුට වධ හිංසා කර මරණයට පත් කිරීමේ පාපය මෙළොවදීම පලදුන් බව බොහෝ ගැමියන්ගේ අදහස විය.  

 

නිකදළුපොත කරුණාද‌ාස සපුතන්ත්‍රි මහතා ලියා එවූ කතාවක් මෙසේය.

 නිදන් හෑරූ විපාකය පළදුන් සැටි.  

ඉක්මණින් ධනවත් වීමේ අදහසින් පන්සල් ​ෙද්වාල ආදියෙහි ඇති වටිනා නිධන් වස්තු සොරකම් කිරීමේ යෙදුණ මිතුරන් දෙදෙනකු තම ව්‍යාපාරය ජයටම ගෙන ගියේ නීතියේ ඇස්වලටද වැලි ගසමිනි. හොඳ නරක නොදන්නා මොවුන් නිතරම බරවූයේ පාපයටයි. ආගම අබිං වගේයි. හිතුවක්කාරය.  


බිරින්දෑවරුන්ගේ අණද නොතකති. තමන් හරි යැයි සිතමින් නිතරම වරදට පෙළඹීම මේ දෙදෙනාගේ සිරිත විය.  
දිනක් රාත්‍රී කාලයේ මොහු පන්සලකට කඩා වැදුණේ එහි ඇති බුදු පිළිමය තුළ වටිනා නිධානයක් ඇති බව සැලවීම නිසයි. මිටි, කුලුගෙඩි ගෙන දෙදෙනා වැඩ අැරඹූහ. මෙය කුඩා පන්සලක් නිසා වැඩ සිටින්නේ එක් හිමිනමකි. මුරකරුවෙකු ද නැත. කැලෑ රොදින් වැසුණ ගල් තලාවලින් වටවී ඇත.  


තන්හාව සිතෙහි පොදි බැඳගෙන වටිනා බුදුපිළිමයක් කඩා බිඳ දමුවේ සිත් පිත් නැති මෘගයන් ලෙසය.

 
අවි ආයුධ පසෙකට දැමූ යහලුවන් දෙදෙනා වටිනා නිධානය තමන් සතුකර ගත් අතර දහඩියෙන් නෑවී බියෙන් ගැහෙමින් යතුරු පැදියට නැගුණේ නිවසට යාමටය. කිසිවකුට අසුවේ යැයි බියෙනි. වේගයෙන් යතුරු පැදිය ධාවනය කළේ තන්නාව සිත තුළ පොදි බැඳ ජීවිතය ගැනද නොසිතමිනි. පාර අයිනේ යකඩ කම්බි පැටවූ ලොරියක් නවතා තිබූ අතර රාත්‍රිය නිසා දෙදෙනාට මෙය නොපෙනීම කරුමයට හිටියේය. වාහනය පදවාගෙන යන අයගේ බඩ හරහා කම්බි කීපයක් කිඳ‌ා බැස්සේ අනුකම්පා නැති ලෙසය. පසුපස ගිය මිතුරාද විසිවී වැටුණි. දෙදෙනාම මහමඟ මිය ගියේ බලන්නටවත් බැරි ලෙසය. එකෙකුගේ බඩවැල් විසිවී තිබුණ අතර අනෙකාගේ හිස්වැසුමද ගැලවී ඔළුව පැලී අතපය ද කැඩී මියගොස්ය.  


පව් කිරීමේ විපාකය වැඩි කාලයක් නොගොස් පැය කීපයදී සිදුවීම බුදු දහමේ බලය කාටත් කියා දෙන එකක් බව මෙයින් පැහැදිලි වෙයි.  
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිද‌ා ලංකාදීපයට යොමු