බිරියට දැනුණ බිය සැමියා මරණින් බේරයි


මරණාසන්න  මනෝ සංඥ‌ා

 

සැමියා නිවසින් පිටත්ව ගිය ක්ෂණයෙන් බිරියට දැනුණේ මින් පසු ජීවත්ව සිටින සැමියා දැකගැනීමට නොලැබෙන බවය. බියට පත් වූ බිරිය කළ යුත්තේ කුමක්දැයි සිතමින් සිටියාය. මේ අතර ඇගේ මිතුරියක් නිවසට පැමිණියාය. තමාට ඇති වූ මනෝ සංඥාව ඇය මිතුරියටද කීවාය. ගමන නොයන ලෙස සැමියාට කියන ලෙස මිතුරියගෙන් උපදෙස් ලැබුණි. එදින රාත්‍රියේ සැමියා දුරකථනයෙන් බිරිය ඇමතුවේය. ‘‘අනේ! ඔයා ප්ලේන් එකේ යන්න එපා, ගෙදර එන්න’’ යයි ඇය සැමියාට කීවාය. බිරියගේ ඉල්ලීම අනුව ඔහු ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන අවලංගු කළේය. ඔහු ගමන් කිරීමට ආසන වෙන්කර ගෙන තිබූ ගුවන් යානය අනතුරකට පත්වී එහි ගමන් කළ සියලුම මගීහු මරුමුවට පත් වූහ. 

 
මනෝ සංඥා නිසා ඇතැම් පුද්ගලයන්ගේ ජීවිත බේරුණු අවස්ථා රැසක් ලොව සිදු කළ මනෝ විද්‍යා පර්​ෙ‌ය්ෂණ අතර (NEAR DEATH EXPERIENCES) යනුවෙන් අනාවරණය වේ. විශේෂයෙන් දෙමාපියන් සහ දූ දරුවන් අතරත් සැමියන් සහ බිරියන් අතරත් වැඩි වශයෙන් මෙම මනෝ සංඥා ක්‍රියාත්මක වී ඇත. එවැනි සිදුවීම් පිළිබඳව ලොව සිදු කළ මනෝ විද්‍යා පර්​ෙ‌ය්ෂණ (PROCEEDINGS OF THE SOCIETY FOR PSYCHOLOGICAL RESEARCH) මගින්ද ඉදිරිපත් කර තිබේ.   


මීට වසර ගණනකට උඩදී මහත් ප්‍රසිද්ධියට පත් වූ ඇමෙරිකාවෙන් හෙළි වූ එවැනි මනෝ සංඥාවක් වර්ජිනියා විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා පර්​ෙ‌ය්ෂණ අංශය මගින් ප්‍රකාශයට පත් කළේය. සැමියා රැකියාව සඳහා නිවසින් පිටත්ව ගිය ක්ෂණයෙන් බිරියට දැනුණ මනෝ සංඥ‌ාවක් නිසා සැමියාගේ ජීවිතය බේරුණු එම සිදුවීමට හේතුවූයේ ගුවන් යානා අනතුරකි. එම ගුවන් යානයෙන් ගමන් කිරීමට නියමිතව සිටි සැමියාට එහි ගමන් නොගන්නා ලෙස බිරිය ඉල්ලා සිටියේ ඇගේ මනසට දැනුණු මනෝ සංඥාව නිසාය. සැමියාද සිය බිරියගේ ඉල්ලීම පරිදි එම ගුවන් ගමන අවලංගු කිරීම නිසා ඔහුගේ ජිවිතය ආරක්‍ෂා කර ගැනීමට ඔහුට හැකි විය. 

 
අතිශය පුදුම උපදවන මෙම මනෝ සංඥාවට සම්බන්ධ සැමියාගේ රැකියාව වූයේ වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියැළීමය. ඒ සඳහා ඔහු විවිධ ප්‍රදේශවලට සංචාරය කළේය. ඇතැම් විට විදේශවලට යාම ද ඔහුගේ සිරිතය. ඔවුන් පදිංචි ප්‍රදේශයේ සිට ගුවන්තොටුපළට යනු ලබන්නේ දුම්රියෙනි. ගුවන් ගමනක් යාමට අවශ්‍ය වූ විට දුම්රියෙන් ගමන් කර එතැන් සිට ගුවනින් යාමට ගමන් පහසුව යොදාගැනේ. එවර ඔහු යා යුතු වූයේ වොෂින්ටන් නුවරටයි. ඔවුන් පදිංචිව සිටි පිලඩෙල්ෆියා සිට බොස්ටන් දක්වා දුම්රියෙන් ගමන් කර බොස්ටන් සිට වොෂින්ටන් බලා යාමට ඔහු ගුවන් යානයක ආසනයක් වෙන්කර ගත්තේය.   


දින කීපයක වෙළෙඳ ව්‍යාපාර සංචාරය සඳහා ඔහු බිරිඳගෙන්ද සමුගෙන නිවසින් පිටත්විය. සැමියා නොපෙනී යනවාත් සමඟ ඔහු දෙස බලා සිටි බිරිඳට මහත් බියක් දැනුණි. ඇයට දැනුණේ තම සැමියා ජීවත්ව සිටියදී නැවත දැක ගැනීමට නොලැබෙන සිතුවිල්ලකි. කළ යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිව ඇය කම්පනයට පත්ව සිටියාය. ඒ අතර ඇගේ මිතුරියක් නිවෙසට පැමිණියාය.   


තමාට ඇති වූ මානසික හැඟීම ඇය මිතුරිය සමගද හෙළිකර සිටියාය. ගුවනින් යාමට ප්‍රථම ඇයට සැමියා දුරකථන ඇමතුමක් දුනහොත් ගමන නොයන ලෙස දැන්වීම එකම විසඳුම බැව් මිතුරිය පැහැදිලි කර දුන්නාය.   


දුම්රිය ගමනාන්තයෙන් පසු එම ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතුවල යෙදුණ සැමියා පසුදින ගුවන් මගින් නිව්​ෙ‌යා්ර්ක් නගරය බලා පිටත්ව යන බැව් බිරියට දුරකථනයෙන් පැවසීය.   
තමා බලාපොරොත්තුව සිටි සැමියාගේ දුරකථන ඇමතුම නිසා සතුටට පත් වූ ඇය ‘‘අනේ! ඔයා ඒ ගමන අවලංගු කර ආපසු එන්න’’ යයි සැමියාගෙන් ඉල්ලා සිටියාය. එසේ කියන්නේ ඇයිද යයි ඔහු බිරියගෙන් විමසා සිටියේය.   


‘‘මගේ හිතට හරි බයක් දැනෙනවා. ඔයා ඒ ප්ලේන් එකේ යන්න එපා. ආපහු එන්න’’ ඇගේ එකම ඉල්ලීම විය.   


වෙනත් කිසිදු දිනෙක බිරිය එවැනි ඉල්ලීමක් කර නොතිබීම නිසා ගමන අවලංගු කිරීමට ඔහු තීරණය කළේය. බිරියට ඇති ඉමහත් ආදරය නිසා ඇගේ ඉල්ලීම ඉවත දැමීමට ඔහුට නොහැකි විය.   


ගුවන් ටිකට් පත මිලදී ගත් ගුවන් සමාගම ඇමතූ ඔහු තමාගේ ගමන අවලංගු කරන නිසා ටිකට්පත අවලංගු කරන ලෙස දන්වා සිටියේය.   


බිරියගේ ඉල්ලීම මත ඔහු ගුවන් ගමන අවලංගු කරනු ලැබුවේ 1949 ඔක්තෝබර් 31 වැනිදා රාත්‍රියේය. පසුදාට පහන් විය. ඔහු පොරොන්දු වූ පරිදි ආපසු ඒමට දුම්රිය ගමන යොදාගෙන තිබිණි. නොවැම්බර් 1 වැනිදා ඔහු ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානය අනතුරකට පත් වූයේ බිරිය සහ සැමියා මවිතයට පත් කරවමිනි.   
​බොස්ටන් නගරයෙන් පිටත් වූ ගුවන් යානය අනතුරට පත්වූයේ වොෂින්ටන් ගුවන් තොටුපොළ ආසන්නයේදීය. වෙනත් ගුවන් යානයක් පැදවූ ගුවන් නියමුවෙකු මගින් සිදුවූ වැරැදි ක්‍රියාමාර්ගයක් නිසා එම අනතුර සිදුවිය. අනතුරට පත් වූ ගුවන් යානයේ ඒ වෙන විට මගීන් පනස්පස් දෙනෙකු ගමන් ගත් අතර ඔවුන් සියලු දෙනාම මරණයට පත්වූහ. නොවැම්බර් 2 වැනිදා NEW YORK TIMES පුවත්පත ඡායාරූප සහිතව මෙම ගුවන් අනතුර පිළිබඳ වාර්තා කළේය.   


(55 KILLED IN WORST U.S CIVIL AIR CRACH- BOLIVIAN P 38 BREAKS AIRLINER IN TWO 100 FEET ABOVE WASHINGTON AIRPORT) යනුවෙන් එම වාර්තාව පළවිය.   
මෙම මනෝ සංඳාව පිළිබඳ විමර්ශනයක් මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින් සිදු කිරීමෙන් අනතුරුව ඔහුගේ පර්​ෙ‌ය්ෂණ වාර්තාවකට ද ඇතුළත් කර තිබේ. මෙම ගුවන් යානා අනතුර පිළිබඳ LIFE සඟරාවද විශේෂ ලිපියක් පළකර තිබිණි. එහි සඳහන් වෙන්නේ.   


THE PLANE CRASHED IN TO THE POTOMAC AND ALL ABOARD KILLED. යනුවෙනි.   


මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්​ෙ‌ය්ෂණයේදී එම සංඥාව සිදුවූ කාන්තාවගෙන් ඒ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු විමර්ශනයක් සිදු කරනු ලැබීය. එහිදී ඇය පැවසුවේ. එවර සැමියා, නිවසින් පිටත්ව යන විට ඇගේ මනසට ඇති වූ බිය ඊට​ පෙර කිසි දිනෙක ඇති නොවූ බවය. සැමියා නිවසින් පිටත්ව නොපෙනී ගිය මොහොතේ සිට ඇයට දැනෙන්නට වූයේ මින් පසු සැමියා ජීවත්ව සිටිනු ඇයට දක්නට නොලැබෙන සිතිවිල්ල වූ බවය.   


මෙම මනෝ සංඥාවේ තවත් අතිශය වැදගත් සිදුවීම වී ඇත්තේ බිරිය විසින් සැමියාට දන්වා ඇත්තේ එම ගුවන් යානයෙන් නොයන ලෙස වීමය. ඇයට දැනුණ මෙම සංඥාව TELEPATHIC IMPRESSION යනුවෙන් හැඳින්වෙන මනෝ විද්‍යා පර්​ෙ‌ය්ෂණ අංශයටද අතිශය වැදගත් සිදුවීමක් වී තිබේ. බිරිය විසින් සිදුකළ ප්‍රකාශය සැමියාගේ වචනවලින්ම මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්​ෙ‌ය්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙසේය. 

 
"MY WIFE DID CALL ME AND TELL ME NOT TO TAKE A PLANE FROM BOSTON TO WASHINGTON. I HAD A RESERVATION ON THE PLANE THAT CRASHED INTO THE POTOMAC, BUT CANCELLED THE RESERVATION AT THE LAST MINUTE'' ලෙස එහි දක්වා ඇත. තවත් මෙවැනිම මනෝ සංඥාවක් නොර්වේහිදී පර්​ෙ‌ය්ෂණයකට ලක්වී ඇත.   
1928 ජුනි 23 වැනිදා නෝර්වේහි පළකරනු ලැබූ පුවත්පතක වූ DAGENS NYHETER ප්‍රධාන පුවත මගින් එරට සිදුවූ දුම්රිය අනතුරක් වාර්තා කළේ, එම අනතුරෙන් දුම්රිය මගීන් හය දෙනෙකු මරුමුවට පත් වූ බැව් කියමිනි. මගීන් ගමන් ගත් දුම්රිය වෙනත් දුම්රිය එන්ජිමක ගැටී මෙම අනතුර සිදුවිය.   


එම අනතුර හා සම්බන්ධ කාන්තාවකට ඇති වූ මනෝ සංඥ‌ාවක්ද පර්​ෙ‌ය්ෂණවලට ඇතුළත් වී තිබේ. ස්ටොනෝව් හි පදිංචිව සිටි දෙමාපිය යුවලක් සිය දියණිය සමඟ නෝර්වේ ඥ‌ාතිවරියකුගේ නිවසට ගොස් ටික දිනක් නතරව සිට පැමිණීම සිරිත විය. ඒ අනුව එහි යාම සඳහා නියමිත දුම්රියේ නිදන මැදිරි වෙන්කරවා ගත්හ. ඒ සඳහා ටිකට් පත්ද මිලදී ගත් ඔවුහු ගමන යෑම සඳහා සියල්ල සූදානම් කර ගත්හ.   


ඔවුන් ගමන් කිරීමට නියමිත දුම්රියේ ආසන වෙන්කරවාගෙන තිබුණේ 1928 ජුනි 21 වැනිදාය. සියල්ල සූදානමින් සිටි ඔවුන්ට 20 වැනිදා විදුලි පුවතක් ලැබිණි. එය එවා තිබුණේ ඔවුන් යාමට සූදානමින් සිටි ඥ‌ාතිවරියගෙනි. එහි සඳහන් වූයේ  ‘‘23 වැනිදා එන්න’’ යනුවෙනි. ඒ අනුව ඔවුන් වෙන්කරගෙන තිබූ නිදන මැදිරි ආසන අවලංගු කර 23 වැනිදා දුම්රියේ යාමට යළිත් ටිකට් පත් ලබා ගත්හ.   


පසුදා ඔවුන්ට අසන්නට ලැබුණේ ඔවුන් ගමන් කිරීමට නියමිතව තිබූ රාත්‍රී දුම්රිය අනතුරට පත් වී එහි නිදන මැදිරිවලට තදබල හානි සිදුවූ බවය. යම් විදියකින් ඔවුන් එදා එම දුම්රියේ ගමන් කළේ නම් දැඩි ලෙස තුවාල වීම හෝ මරණය පවා සිදුවීමට ඉඩ තිබිණි. ඥ‌ාතිවරියගේ ඉල්ලීම පරිදි 23 වැනිදා එහි ගිය ඔවුහු හදිසියේම විදුලි පුවතක් එවීමෙන් ගමන කල් දමන ලෙස ඉල්ලා සිටියේ ඇයි දැයි විමසා සිටියහ. එයට පිළිතුරු දුන් ඥ‌ාතිවරිය පැවසුවේ, ‘‘මම දන්නේ නෑ. මට එක් වරම සිතට දැනුනේ ඔබලා එදින දුම්රියෙන් නොපැමිණිය යුතු බවයි. ඒ නිසා විදුලි පුවත එව්වා’’ යනුවෙනි.   

 

 

තිස්ස ජයවර්ධන