ප්‍රතිඵල රහිත මැණික් වර්ග පැලඳවීම


ජ්‍යොතිෂය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද?

 

 

ජ්‍යොතිෂ්‍යය හා මැණික් විද්‍යාව ගැන අපි ඉකුත් සතියක කතාබහ කළෙමු. ප්‍රෞඪත්වය සමාජ හා ආර්ථික තත්ත්වය පෙන්වීමට විවිධ අය මැණික් පැලඳීම කරනවා. සමාජයේ එවන් ආකාරයකට පත්ව තිබෙන මැණික් වර්ගයක් තමයි නවරත්න මැණික. බොහෝ අය මේ නවරත්න මැණික පැලඳීම සිදු කරනවා. නමුත් ඒ අය නවරත්න මැණික ගැන කිසිදු අධ්‍යයනයකින් තොරවයි එය පළඳවල තියෙන්නේ. මේ ගැන සමාජයෙත් ලොකු කතාබහක් තිබෙනවා. අද අපි ඒ පිළිබඳව කතා කරමු.   


මිනිසා හා මැණික් ගොඩනැගිලා තියෙන්නේ රසායනික එකතුවකින්. මේවා අතර සහ සබඳතාවක් තිබෙනවා. ඇඟට අඩු රසායනික වර්ග මැණික් හරහා ලබා ගැනීමෙන් යම් උත්තේජනයක් තිබෙනවා. ඒ වගේම තමයි කිසිම සොයා බැලීමකින්, ජ්‍යෝතිෂ්‍ය උපදෙස්වලින් තොරව මැණික් පැලඳීමෙන් එය පලඳින අයට විවිධ දුෂ්කරතාවලට ලක්වෙන්නත් පුළුවන්.   


නවරත්න මැණිකේ විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. සල්ෆේට්, මැග්නීසියම්, සීලියම්, ඩයොක්සයිඩ්, ඇලුමිනියම් ඔක්සයිඩ්, ෆෙරික් ඔක්සයිඩ් ආදී රසායනික වර්ග රැසක් මෙහි තියෙනවා. මේ රසායනික වර්ග අතර ගැළපෙන වගේම නොගැළපෙන රසායනික වර්ගත් තියෙනවා.   


​මේ ගැන අපි මෙහෙම කීවොත් ඔබට වඩා පැහැදිලි වේවි යැයි සිතනවා. අපි කෝපි පානය කරන විට එයට තේ කහට මිශ්‍රකර පානය කරන්නේ නැහැ. මේ දෙක වෙන වෙනම අවස්ථා දෙකකදී භාවිත කිරීමක් සිදු කළත් ඒවා මිශ්‍රකර භාවිත කිරීමක් කරන්නේ නැහැ.   


ඒ වගේම තමයි නොගැළපෙන රසායනික වර්ග සහිත මැණික් භාවිත කිරීමෙන් එය පලඳින අයට යහපතට වඩා අයහපතක් සිදුවන්නේ. නවරත්න මුද්දෙන් සියලු දෝෂ නිවාරණය වනවා නම් රටේ සියලුම දෙනා එය පැලඳීම මඟින් යහපතක් සිදුවෙනවා වගේම හඳහන් බැලීමක් වත් කළ යුතු නැහැනේ. සියලු යහපතක් සිදු වෙනවානේ.  


නවරත්න මාණික්‍යය ගැන සමාජයේ පවතින මතිමතාන්තර වෙනස් විය යුතු කාලය එළැඹිලා තියෙන්නේ. අපි නම් කියන්නේ මෙය පැලඳිය යුතුම නැති මැණික් වර්ගයක් කියලයි. බොහෝ දෙනෙක් මේ සඳහා යොමුවෙලා තියෙනවා.   


එ් අයගෙන් වැඩි පිරිසක් දැනුම්වත් වීම් කරලා ඒ මැණික් භාවිතයෙන් වැළකිලා තියෙනවා. දැනටත් නවරත්න භාවිත කරන අය වෙනුවෙන් අපි මේ දැනුම්වත් කිරීම සිදු කරන්නේ.   


තවත් අය සමාජ හා ආර්ථික තත්ත්වය අනුව නවරත්න මුදු පලඳිනවා. නවරත්න මුද්දක් භාවිත කරන අයෙක් ඉතා යහපත් ඒ ආර්ථික තත්ත්වයකින් හෙබි යැයි කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔහුගේ ඇතුළාන්තයට එබී බැලුවහොත් පවුල් සබඳතා, පවුලේ බැඳීම් ඉතාම දුර්වල මට්ටමක තිබිය හැකියි. ඒ නිසා නවරත්න මොන රටේ මොන තත්ත්වය යටතේ සිටියත් නොපැලඳ විය යුතු මැණික් වර්ගයක් ලෙස හඳුන්වන්න පුළුවන්.   
නවරත්න මුද්දක් පලඳින අය තම හඳහන පරීක්ෂා කර බලා තමන්ට සුදුසු මැණික් වර්ගයක් හෝ දෙකක්‍ පැලඳීම නම් ඉතාම යහපත් තත්ත්වයක් උද්ගත කරනවා කියන එකයි මගේ අදහස නම්. මොකද අංක විද්‍යාව අනුව ගත්තත් පැලඳිය යුතු මැණික් වර්ග තියෙනවා. ඒවා එකිනෙකට වෙනස්. ඒ වගේම අංක විද්‍යාව පමණක් සැලකිල්ලට අරන් මැණික් වර්ග පැලඳීම එතරම් සුදුසු නැහැ. එමඟින් හානිදායක තත්ත්වයන් රැසක් තමන්ට උද්ගත විය හැකියි. එවන් තත්ත්ව තමාට පමණක් නොවේ. පවුලටත් බලපෑ හැකියි.   

නවරත්න මුද්දක් පලඳින අය තම හඳහන පරීක්ෂා කර බලා තමන්ට සුදුසු මැණික් වර්ගයක් හෝ දෙකක්‍ පැළඳ වීම නම් ඉතාම යහපත් තත්ත්වයක් උද්ගත කරනවා කියන එකයි මගේ අදහස නම්. මොකද අංක විද්‍යාව අනුව ගත්තත් පැලඳවිය යුතු මැණික් වර්ග තියෙනවා. ඒවා එකිනෙකට වෙනස්. ඒ වගේම අංක විද්‍යාව පමණක් සැලකිල්ලට අරන් මැණික් වර්ග පැලඳවීමත් එතරම් සුදුසු නැහැ. එමඟින් හානිදායක තත්ත්වයන් රැසක් තමන්ට උද්ගත විය හැකියි. එවන් තත්ත්ව තමාට පමණක් නොවේ. පවුලටත් බලපෑ හැකියි.   

 


මැණික් පළඳිනවා. එසේ විලාසිතාවක් විලස මැණික් පැලඳවීම කළ යුතු නම් ජන්ම පත්‍රයට හඳහනට අනුව තම සිරුරේ රසායනික තත්ත්වයන් සොයා බලා එයටත් ගැළපෙන පරිදි තම විලාසිතාවටත් ගැළපෙන විදියට මැණික් පැලඳුව නම් වඩා හොඳයි. 

 
සමහර අය තෑගි දීම නිසා වගේම විශ්වාස මතත් මැණික් පළඳිනවා. ඒ වගේම මැණික් ඔබ්බ වන ලද ආභරණ පලඳිනවා. මම නම් කියන්නේ එවන් ආභරණ යම් වෙලාවකදී උත්සවයකට වගේ පලඳවල එයින් පසු ඒවා ඉවත් කරලා තියෙනවා නම් හොඳයි. එසේ කිරීම මඟින් එවන් මැණික් මඟින් සිදු විය හැකි නරක තත්ත්වයන් වළක්වා ගත හැකියි. ඒ වගේම ශරීරයට සිදුවන බලපෑම් පවා අවම කරගත හැකියි.   


ඉහත ආකාරයට විශ්වාස හෝ විලාසිතා මත මැණික් පලඳින අය වැඩි පිරිසක් පළඳින මැණික් වර්ග කිහිපයක් පවතිනවා. ඒ අතර රතු මැණික් වගේම චන්ද්‍රකාන්ති නිල් මැණික් ටොපෑස් කළු මැණික් වර්ග ප්‍රධාන වෙනවා.   
රතු මැණික් පලඳින්න කීවම සමහර අය ඕනෑම රතු පැහැ මැණික් වර්ගයක් භාවිත කරනවා. ඒක සම්පූර්ණ වැරදි මතයක්. වැඩි දෙනෙක් සඳුගේ අපලයට චන්ද්‍රකාන්ති මැණික් පළඳිනවා. එය නොපැලඳවිය යුතුම මාණික්‍ය වර්ගයක්. එය බොහොම පසුගාමී තත්ත්ව නිර්මාණය කරන මැණිකක්.   


රසායනික සංයුතිය පවා දුර්වලම මැණිකක්, සිරුර දුර්වල කරන සෙම් රෝග ඇති වන කාන්තාවන්ගේ සුද යෑම, පිරිමින්ගේ කායික ශක්තිය අඩු කරන තත්ත්වයන් මේ මැණික් හරහා සිදුවෙනවා.   


ඒ වගේම තමයි සෙනසුරු අපලයට කියා නිල් මැණික් පැලඳීමත්. බොහෝ අය කාක නිල් මැණික් වර්ග පැලඳීම සොයනවා. කාක නිල් කියා මැණික් ගල් වර්ගයක් නොමැති බව අප වසර ගණනාවකට පෙර පටන් පැවසුවා. ඇත්තෙන්ම තද නිල් හා නිල් මාණික්‍යය හා ඉන්ද්‍රනීල මාණික්‍ය වශයෙන් මැණික් තිබුණත් කාක නිල් කියා මැණික් වර්ගයක් නැහැ.   


​සෙනසුරුට එවන් වශයෙන් බියක් වත් ඇති කරගත යුතු නැහැ. ඒ ග්‍රහයාට ගුණ දෙන තුලාවට වෘෂභයට වගේ යෝග කාරකත්වය දරන අයෙකුට නිල් මැණිකක් පැළඳවීමෙන් කිසිදු විපතක් සිදු වන්නේ නැහැ. හරි හැටි නොදන්නා ඇතැම් ජ්‍යෝතිෂඥයන් පවසනවා ඒරාෂ්ඨක කාලවලදී නිල් මැණික් පලඳින්න එපා කියලා. එය අසත්‍යයක්. ඒ රාෂ්ඨක තත්ත්වයන් බාධක තිබෙන විටක එවන් මැණික් පැලඳවීමෙන් ඒ රසායනික වර්ග සිරුරට උරාගන ඒරාෂ්ඨකයන් බාධක ඉවත් කර යහපතක් සිදු කරනවා.

   
යම් කෙනෙකුට තමන්ගේ ජීවිතයේ යම් යම් අවස්ථාවලට මැණික් පැලඳවීම අවශ්‍ය නම් මේ සෑම කාරණයක් ගැනම සිතා බලා සුදුසු මැණිකක් පැලඳීම තමයි වඩා සුදුසු.   

 

 

 

සටහන - 
පුෂ්පා වීරසේකර