නව වසරේ රටේ සහ ලෝකයේ ජ්‍යෝතිෂ අනාවැකි


 

2019 වසර අප රටට ඇති වන්නා වූ බලපෑම කෙරෙහි විමසා බැලීමේදී රටට හිතකර මහජනයාට ශුභවාදී නව නීති ඇතිවීමත් දුබල නීති ඉවත් කිරීමක් ද සිදුවනු ඇත. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා රජය විසින් යම් යම් උපක්‍රම සාර්ථකව යොදවන අතර ආර්ථික වර්ධනයක් වර්ෂ මැද සිට ඇතිවනු ඇත.  


විදේශ ආයෝජන රට තුළ ස්ථාපිත වන අතර සංචාරකයින් වැඩි වශයෙන් රටට පැමිණෙන වසරක් ද වනු ඇත. ආරක්ෂක කටයුතු වෙනුවෙන් ද අධ්‍යාපන, සෞඛ්‍ය කටයුතු ආශ්‍රිතව ද්‍ රජය විසින් සුබවාදී වූ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාවට නංවන වසරක් වේ.  


මූල්‍ය ආයතන ආශ්‍රිතව සතුරු උවදුරු වර්ධනය වීමක් ද මූල්‍ය ආයතනයකින් විශාල මුදලක් කොල්ලකෑමක් ද වසර තුළ සිදුවනු ඇත. දේශපාලන ක්ෂේත්‍ර​ෙය්ද පෙරළිකාර සිදුවීම් සිදුවන වසරක් වන අතර අමාත්‍ය මණ්ඩලයේ වෙනස් වීමක්ද වසර මැද භාගයෙන් පසු සිදුවනු ඇත.  


මහජන නියෝජිතයකුට හදිසි මාරකයක් ද යෙදෙන අතර රාජ්‍ය ප්‍රධානියකුට ද කලා ක්ෂේත්‍රයේ ප්‍රකට රංගන ශිල්පියකුගේත්, චිත්‍රපට අධ්‍යක්ෂවරයකුගේත් අභාවයන් ද සිදුවනු ඇත. විශාල ජල ගැලීමක් වසර ආරම්භයේදීත් මැද දීත් සිදුවන අතර භූමියේ ගිලා බැසීමක් ද නාය යෑමක් හේතුවෙන් ද ජන ජීවිතයේ අඩාළ වීමක් ද දේපළ හා ජීවිත විනාශයට පත් වීමක් ද සිදුවන වසරක් වනු ඇත.  


විදේශීය වශයෙන් විමසා බැලීමේදී අපරාධ ක්‍රියා ත්‍රස්ත ක්‍රියාවන්හි වර්ධනයක් සිදුවන වසරක් වන අතර කර්මාන්තශාලා මහජනයා රැස්වන ස්ථාන සමාජශාලා ආශ්‍රිතව පිපිරීම් ද හදිසි ගිනි ගැනීම් ද සිදුවන වසරක් වන අතර වසර මුලදීත් මැද දීත් රිච්ටර් මාපාංක 7 ඉක්ම වූ භූචලන සිදුවන භූමිය ආශ්‍රිතව සිදුවන විපත් හි වර්ධනයක් ද වන අතර සුළි කුණාටු, ජල ගැලීම්, ගිනිකඳු සක්‍රීය වීම් හා නාය යෑම් ද හේතුවෙන් ජනයාටත් දේපළවලටත් හානි සිදුවෙයි.  


එමගින් 100කට අධික පිරිසක් රැගත් ගුවන් යානා 3ක් ද මගී යාත්‍රාවක් ද හදිසි පිපිරීමකට අනතුරකට ලක්වීමක් ද වසර තුළ සිදුවනු ඇත. හිටපු රාජ්‍ය නායකයකුගේ අභාවයක් ද සිදුවෙනු ඇත.  


මෙම වසර තුළ පවත්වන්නා වූ මැතිවරණවලින් පවතින රාජ්‍යයන් පරාජයට පත්වීම් ද සිදුවන වසරක් වන අතර ප්‍රකට මාධ්‍ය ආයතනයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමක් ද මාධ්‍යවේදීන් හට මාරක ඇතිවීම් ද වාර්තා වන වසරක් වේ.  

 

 

 

 


ජ්‍යොතිෂ්‍යාචාර්ය  
මෙලාන් වික්‍රමසිංහ  
සුවනැණ ජ්‍යොතිෂ පර් යේෂණායතනය  
28, ඔලබොඩුව, ගෝනපල