ජීවිතයට නව අරුතක් දෙන නත්තල


කිතුනු භක්තිකයන් මහත් හරසරින් සමරන නත්තල් දිනය යෙදී ඇත්තේ දෙසැම්බර් 25 වැනිදාටය.  


ලෝකවාසී සෑම කිතුනුවකුම ඉතා හරසරින් සමරන ඉතාම වැදගත් මංගල්‍යයකි නත්තල. නත්තල නම් වන ආගමික උත්සවයේදී කිතුනුවන් සමරනු ලබන්නේ දෙවියන් වහන්සේ මිනිසත් බව ගෙන මිනිසුන් අතරට පැමිණීමේ ආශ්චර්යමත් සිදුවීමය.  


මෙම අද්විතීය සිදුවීම නිසා මිනිස් සංහතියටම දේවත්වයේ පංගුකාරත්වයක් ලබා ගැනීමට හැකියාවක් උද‌ාවිය.  


දෙවියන් වහන්සේ මිනිස් වර්ගයාට තිබූ ආදරය පෙන්නුම් කරනු ලැබුවේ අවසාන වශයෙන් උන්වහන්සේගේ ඒක ජනිත පුත්‍රයාණන් මේ ලෝකයට එවීම තුළිනි. ශුද්ධ වූ ජෝන්තුමාගේ ශුද්ධ වූ සුවිශේෂී පළමු පරිච්ඡේදයේ ශුද්ධ වූ ජෝන්තුමා සඳහන් කරන්නේ “වචනය තෙම මහන්සි වුණේය, අප සමඟ වාසය කළේය” යන්නය.   
මෙම වාසය කිරීම හේතු කොට ගෙන මිනිස් ජීවිතයට විශේෂ වටිනාකමක් ලැබුණි. දෙවියන් වහන්සේ මිනිසත් බව ගැනීම නිසා මිනිස් වටිනාකම තව තවත් ඉහළ යන්නට විය.  


දෙවියන් වහන්සේගේ ජීවිතයට පංගුකාරත්වයක් ලබා ගන්නට මිනිසාට හැකියාවක් ලැබුණි.  


ශුද්ධ වූ සුවිශේෂිවල මෙම ක්‍රියාව ඉතා සවිස්තරව මෙන්ම බොහෝ තැන්වල සංකේතාත්මකව සඳහන් කර තිබේ. ඒ සංකේත අප තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය.  
ශුද්ධ වූ සුවිශේෂයේ සඳහන්වෙන පරිදි දේව දූතයා ගොපළුන්ට මෙම සුභ ආරංචිය ප්‍රකාශ කිරීම.   


‘ගොපළුන්’ යනු එද‌ා සමාජයේ සිටි ඉතාමත්ම දුප්පත් මෙන්ම ඉහළ සමාජයෙන් නෙරපා දමන ලද මිනිස් කණ්ඩායමකි.  


මෙම මිනිස් කණ්ඩායමට දෙවියන් වහන්සේගේ මෙම උතුම් ක්‍රියාව ප්‍රථමයෙන්ම ප්‍රකාශ කරනු ලැබීය. මෙම අවස්ථාවේදී ගොපළුන් හෙවත් එඬේරයන් දේව දූතයාගේ වචනය අසා තමා සිටි තැනින් නික්මව, ජේසුතුමාව බැලීමට පැමිණියහ.  


මෙම පුංචි සිද්ධිය දෙස පමණක් අවධානය යොමුකර බැලුවහොත් පෙනී යනවා මෙහි අන්තර්ගත දේවධාර්මික පණිවිඩය.  


දෙවියන් වහන්සේ මිනිසාට උන්වහන්සේගේ වචනය ප්‍රකාශ කළ විට ඒ වචනය ලබාගත් අපගේ ජීවිත වෙනස් විය යුතුය. අප ඉන්න තැනින් නැගිට තව තැනකට ගමන් කළ යුතුය. ජීවත්වන ක්‍රියාපටිපාටිය වෙනස් කළ යුතුය.   


දෙවියන් වහන්සේ ඉන්න තැනින් නැගිට ගොපළුන් සොයාගෙන යෑම භෞතික වශයෙන් සිදු වුවත් එහි දේවධාර්මික පණිවිඩය වන්නේ, මිනිස් ජීවිතයේ විශාල වෙනසකට දෙවියන් වහන්සේ මිනිසුන්ට ආරාධනා කරන බවය.  


ඒ සත්‍යවූත්, ගැඹුරු වූත් පාඩම ශුද්ධ වූ සුවිශේෂියේ සඳහන් කරන සංකේතාත්මක සිද්ධිය තුළින් මනාව පිළිඹිබු වේ.  


නත්තලේදිී සමරන තවත් කරුණකි ක්‍රිස්තුන් වහන්සේගේ උපත්තියේදී වන්දනාමාන කිරීමට පැමිණෙන රජතුන්කට්ටුව. උන්වහන්සේට වන්දනා නමස්කාර කිරීමට රජතුන්කට්ටුව පැමිණෙන්නේ රාත්‍රී අහසේ පායා තිබෙන තාරකාවක් දෙස බලාය.  


ස්වභාවධර්මයේ සිද්ධාන්තයන් දෙස බලා යම්කිසි සිද්ධාන්තයක් නිරීක්ෂණය කර ලෝක ගැලවුම්කාරයා ඉපදුන බව දැන ගැනීම සිදුවිය.   

 

නත්තලේදී අවධානය යොමු කළ යුතු තවත් සංකේතාත්මක පණිවිඩයක් තිබේ. එනම් ජේසුස් වහන්සේගේ උපත ගව ලෙනක සිදුවීමය. ගවළෙන යනු සතුන් ලගින තැනකි. මෙම සංකේතාත්මක සුවිශේෂී සිද්ධියේදී ද පිළිබිඹු කරනු ලබන්නේ ස්වභාව දහමට සමීප වීමකි. ජේසුස් වහන්සේ ඉපදුනාට පසු මරියතුමිය එතුමාව රෙදි කඩකින් ඔතා පළමුව තැබුවේ ද ගව ඔරුවේය. ගව ඔරුවේ තිබෙන්නේ පිදුරුය. පිදුරු ආහාරයට ගන්නේ ගවයන් ඇතුළු ගව ලෙනේ සිටිනා අනෙකුත් සතුන්ය. එම සතුන්ව ජීවත් කරවන්න ආහාරය ගන්නේ ගව ඔරුවේ ඇති පිදුරුය. මෙම සුවිශේෂී කරුණින් ද පිළිබිඹු කරන්නේ ස්වභාව දහමට සමීප විමකි.  

 


මින් අපට කියාපාන පණිවිඩය වන්නේ විශ්වය දෙස අප සුපරික්ෂාකාරීව බැලීමේදී පෙනී යන්නේ විශ්වය තුළින් දෙවියන් වහන්සේ හමුවීමට යා හැකි බවය.  


ඔවුන් පැමිණ ජේසු ස්වාමීන් වහන්සේට (උපන් ජේසු බිළිඳ‌ාට) ඔප්පු කළේ ඉතාම වටිනා දේවල්ය. එද‌ා තිබූ ආකාරයට.  


දෙවියන් වහන්සේ පැමිණීමේ සුබ ආරංචිය මෙම විශ්වයෙන් සොයා ගන්නටත්, එම විශ්වයෙන් සොයා ගන්නා සුභ ආරංචිය තමා තුළ තබා ගනිමින් තමන් ළඟ ඇති වටිනාම දෙය උන්වහන්සේට ඔප්පු කරන්නට කියාය.  


මෙම දේවධාර්මික පණිවිඩයත් නත්තල සැමරීමේ උතුම් ආගමික මංගල්‍යය තුළ ගැබ්ව තිබේ.  


නත්තලේදී අවධානය යොමු කළ යුතු තවත් සංකේතාත්මක පණිවිඩයක් තිබේ. එනම් ජේසුස් වහන්සේගේ උපත ගව ලෙනක සිදුවීමය. ගවලෙන යනු සතුන් ලඟින් තැනකි. මෙම සංකේතාත්මක සුවිශේෂී සිද්ධියේදී ද පිළිඹිබු කරනු ලබන්නේ ස්වභාව දහමට සමීප වීමකි. ජේසුස් වහන්සේ ඉපදුනාට පසු මරියතුමිය එතුමාව රෙදි කඩකින් ඔතා පළමුව තැබුවේ ද ගව ඔරුවේය. ගව ඔරුවේ තිබෙන්නේ පිදුරුය. පිදුරු ආහාරයට ගන්නේ ගවයන් ඇතුළු ගව ලෙනේ සිටිනා අනෙකුත් සතුන්ය. එම සතුන්ව ජීවත් කරවන්න ආහාරය ගන්නේ ගව ඔරුවේ ඇති පිදුරුය. මෙම සුවිශේෂී කරුණින් ද පිළිබිඹු කරන්නේ ස්වභාව දහමට සමීප විමකි. 

 
ලෝකයේ ජීවත්වෙන සෑම දෙනාම ක්‍රිස්තුන් වහන්සේව ආහාරයට ගෙන ජීවිතයට ලබා ගැනීමය. එලෙස ජීවිතයට ලබා ගැනීමෙන්, කිතුනුවන් මහත් වූ ජීවයක්, බලයක් ලබන බව විශ්වාස කෙරේ. එයයි ශුද්ධ වූ ජුවාන්තුමාගේ ශුද්ධ වූ සුවිශේෂීවල සඳහන් වන්නේ. තවද එහි සඳහන් වනවා ‘ජීවනයේ ආහාරය මමය’ යන්න. උන්වහන්සේව අපගේ ආහාරයක් ලෙසට ප්‍රකාශ කරන්නේ අපට ශක්තිය දෙන, අපට ජීවිතය දෙන බලවේගයක් ලෙසටය.  


ස්වභාව දහමට සමීපව, මිනිසාගේ හදවතට සමීප සිදු වූ සිදුවීම් මාලාවක් සංකේත කිරීම මෙම නත්තල තුළ ගැබ්ව ඇත. එදා සිදු වූ සිද්ධීන්, සංකේත සුපරීක්ෂාකාරීව බලා ඒ සියල්ල ජීවිතයට ලබා ගන්නා නත්තල ද ක්‍රිස්තුන් වහන්සේගේ දේව වචනය පිළිපදින්නට එකිනෙකා අධිෂ්ඨාන කර ගත යුතුය. කතෝලිකයන් බොහෝ භක්තියෙන් කියනා යාඥාවකි ‘තුන්කාල ආරාධනාව’. තුන්කාල ආරාධනාව යනු දවසේ තුන්වරක් යාඥා කළ යුතු ආරාධනාවකි.   


වචනමය මාංශ වුණේ අප සමඟ වාසය කෙරේ යන්න.   


වචන යනු මාංශ වී ශරීර ආකාරයෙන් පැමිණ වසර දෙදහස් පන්සියයකට එපිට ඉතිහාසයේදී මාංශගත වුණා වූ ක්‍රිස්තුන් වහන්සේට, අද අවුරුදු දෙදහසකට පසුව ආරාධනා කරනු ලබන්නේ නත්තල සමරද්දී අධ්‍යාත්මික ආකාරයෙන් අපේ ජීවිතයට ලබා ගැනීමය.  


ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මතාවයන් අපේ ජීවිතය තුළ අනුගත කර ඒ ධර්මතාවයන් තුළින් ක්‍රිස්තුන් වහන්සේව ලෝකයට ප්‍රකාශ කිරීමය. උන්වහන්සේ ගෙනා ධර්මය තුළ සමාජය ගොඩනැගීමටය. මේ අර්ථයයි නත්තල තුළදී කිතුණුවන් තුළින් විද්‍යාමාන විය යුත්තේ. මේ පණිවිඩය තුළට, නත්තල සමරද්දී ගමන් කරන්නට පුළුවන. නත්තල සමරන සෑම දෙනාටම මෙන්ම නත්තල සමඟ බැඳී සිටිනා සෑම දෙනාටම ජීවිතයේ අලුත් දෙයක් අත්දැකිය යුතුය.  


එපමණක් නොව මේ නත්තලේදී ජීවිතයට නව අරුතක් ලබන්නට මෙන්ම සමාජයට ලොකු බලයක්, තල්ලුවක් දෙන්නට ඉටා ගත යුතුය.  

 

 

 

සටහන - අසුන්තා එදිරිසූරිය