කැරලිකරුවෝ රට පුරා බෝම්බ පුපුරුවති


 

 

සරසවි ​ෙදකක් බෝම්බ කම්හල් වෙයි 

වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙයට ප්‍රථම ජවිපෙ 2වැනි කැරැල්ල - ප්‍රථම කාණ්ඩය මැයින් පිටු 880ක ග්‍රන්ථයක්ද එළිදක්වා තිබිණි. ඉදිරියේදී නිකුත්වන ඔහුගේ දෙවන කාණ්ඩයේ ග්‍රන්ථයට අදාළ මෙම ලිපි මාලාව මෙතක් කිසිදු පුවත්පතක හෝ ග්‍රන්ථයක පළ වී නැති අතර එය කොටස් වශයෙන් පාඨක ඔබ වෙත මෙසේ ගෙන එනු ලබයි. 


පුපුරණ ද්‍රව්‍ය තාක්ෂණය ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඉහළින්ම උකහාගෙන තිබිණි. මෙය කැරලිකරුවන් අතර හැඳින්වූයේ ඊ අංශය කියාය. මේ සඳහා මූලිකත්වය ගත්තේ පේරාදෙණිය සහ මොරටු සරසවිවල ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසකි. එහි ක්‍රියාකාරි දායකත්වය සඳහා මොරටු සරසවියේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමා (එන්ගඩීගටී) පාඨමාලාවේ සහ පේරාදෙණිය ශ‍්‍ාස්ත්‍ර පීඨයේ සිසුන් පිරිසකගේ සුවිශේෂී සහායක් හිමිවිය. බෝම්බ නිෂ්පාදනයේදී කැරලිකරුවන්ගේ ශක්තිය සහ උපක‍්‍රම විවිධාකාර විය. එම සරසවි ඇතුළතම බෝම්බ නිෂ්පාදනය සහ පුහුණුවද සිදුවිය. දිස්ත්‍රික්කවලට ගොස් කැරලිකරුවන් කණ්ඩායම් වශයෙන් පුහුණු කිරීම 1988 මැයි මස ආරම්භ වූ අතර එම පුහුණු වැඩසටහන් ඉලක්කය සපුරාලීම නිසා නිමාවට පත්වූයේ 1989 අගෝස්තු මසය. දෙවැනි කැරලි සමය තුළ කැරලිකරුවන් විසින් බිම් බෝම්බ 300කට ආසන්න ප‍්‍රමාණයක් පුපුරවා හැරි අතර 200කට අධික ප‍්‍රමාණයක් ආරක්ෂක අංශ මගින් පිපිරීමට පෙර සොයාගෙන නිෂ්ක‍්‍රීය කරන ලදී. 


පුපුරන ද්‍රව්‍ය තාක්ෂණ අංශය භාරව සිටියේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ඩී.එම්. ආනන්දය. මේ යටතේ පර්​ෙ‌ය්ෂණ අංශයක්ද කොළඹදී ස්ථාපිත කළ අතර එය තෙවරක් දෙහිවල ස්වර්ණ හංස පදනමේ කාර්යාලයේදී රැස්ව තිබිණි. එම කාර්යාලයේ ප‍්‍රධානී පුන්‍යවර්ධන අල්විස් කියා සිටියේ මේ පිළිබඳ තමා දැන සිටියේ නැති බවකි. මොරටු සරසවියේ යාන්ත‍්‍රික අංශයේ සිසු උදේනි හෙවත් වීරකෝන්, සමන්, මංජුල ඇතුළු 8 දෙනෙකුගෙන් පර්​ෙ‌ය්ෂණ අංශය සමන්විත විය. කොළඹ විදේශ තානාපති කාර්යාලව සේවය කළ කිහිපදෙනෙකුගෙන් ඒ පිළිබඳව අවශ්‍ය පත පොතද පරිශීලනය කරන්නටද අවස්ථාව ලැබිණි. ඩී.එම්. ආනන්ද සමාරම්භක කමිටු රැස්වීමට සහභාගි වූ අතර සෙසු රැස්වීම්වලට 2වැනි කැරැල්ලේ කොළඹ කලාප නායකයෙකු වූ කඳුරුපොකුණ එක්ව තිබිණි. 


ජවිපෙ විසින් යුද සහ බෝම්බ තාක්ෂණ පුහුණුව මුල් කාලයේදී ලබාගත්තේ දෙමළ බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ මන්නාරම දිස්ත්‍රික්කයේ කුංජිකුලම් කඳවුරේදීය. ඒ සඳහා මුල් වතාවේ ගිය කණ්ඩායමට ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ යාපනයේ ශාඛාවේ ලිපිකරුවෙකු වූ අශෝක ජයතිලක හෙවත් ජැෆ්නා ජයා, අනුරාධපුරයේ ෆොන්සේකා ඇතුළු 16ක් අයත් විය. 


බිම් බෝම්බවලට අමතරව සාමාන්‍ය බෝම්බ පිපිරවීම් දහස් ගණනින් රට පුරාම සිදුවිය. ඒවා ප‍්‍රාථමික තාක්ෂණය යොදාගෙන ග‍්‍රාමීය මට්ටමින්ම නිෂ්පාදනය කරන ලදී. පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු සිසුවෙකු විසින් ත්‍රීකුණාමලය මුහුදේ සිට ගොඩගත් රසායනික ද්‍රව්‍ය මගින් බෝම්බ රොකට්ද සාර්ථක ලෙස නිපදවා තිබුණු අතර එහි අත්හදාබැලීම් උඩවලවේ කැලෑවේ සිදුවිය. පසුව ඔහු කොට්ටාවේදී ඝාතනයට ලක්විය. 

 

පේරාදෙණිය සරසවියේ සිසුන් වූ අනුරාධපුර පදවියේ උපන් ඉංජිනේරු පීඨයේ සිසුන් වූ පාලිත වික්‍රමසිංහ හෙවත්, ඩී.සී. පාලිත, ෂෙල්ටන් රණසිංහ හෙවත් අයි.පී. ෂෙල්ටන්, ජවිපෙ රණහඬ ගුවන් විදුලියේ තාක්ෂණික ප්‍රධානී උදයංග ​ෙහ්රත් නොහොත් රණා, කුරුණෑගල දොඩම්ගස්ලන්දේ උපන් පේරාදෙණිය ශාස්ත්‍ර පීඨයේ ජයලත් කුලසිංහ හෙවත් බෝම්බ කුලේ, දිවුලංකඩ විහාරගම උපන් මොරටු සරසවියේ බෝම්බ අංශය භාරව සිටි එන්.ඩී.ටී. සිසු ගුණමුනි අනිල් පියරත්න හෙවත් රංජිත් මෙහි වේ. උදයංග සහ අනිල් 1989 අවසානයේදී ඝාතනය වූහ. 

 

 


බොහෝ විට භූ විෂමතා ලක්ෂණ අනුව බිමි බෝම්බ ගණනාවක් පහසුවෙන් පිපිරීමට හැකි වූයේ හම්බන්තොට, අනුරාධපුර කුරුණෑගල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලය. අදාළ ඉලක්කයන් සඳහා බිම් බෝම්බ තැබීමේ ක්‍රියාකාරකම් සිදුවූයේ පෙරදින රාත්‍රී කාලයේ සහ පසු දින අලුයම් කාලයේය. පොලිස් සහ ආරක්ෂක හමුදා ජංගම රථද, ආණ්ඩුවේ දේශපාලන නායකයින්ද ඉලක්ක කරමින් මෙය සිදුවිය. සිය ගණනක් ආරක්ෂක අංශවල පිරිස් බිම් බෝම්බවලින් මරණයට පත්වූහ. 


නැගෙනහිර පළාතේද ඉන්දීය හමුදාවට එරෙහිව කැරලිකරුවන් විසින් බිම් බෝම්බ තැබූ අතර ඉන් මියගිය ඉන්දීය හමුදා භටයින් සංඛ්‍යාව 29කි. එහෙත් ජවිපෙ 1989 සැප්තැම්බර් 05 නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේ කැරලිකරුවන් ඝාතනය කළ ඉන්දීය නිලධාරීන් සහ භටයන් සංඛ්‍යාව 63ක් බවය. 


ශ්‍රී ලංකා යුද හමුදාවේ උසස් නිලධාරීන් බහුතරයක් උතුරේදී මියගොස් ඇත්තේ දෙමළ බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදයේ බිම් බෝම්බවලට හසුවීමෙනි. සිය ක්‍රියාකාරකම් ග‍්‍රාමීය ප‍්‍රදේශවල නිදහසේ පවත්වාගෙන යෑම සඳහා ජවිපෙ කැරලිකරුවන් විසින් යොදාගත් ප‍්‍රබලම අවිය බිම් බෝම්බ විය. ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජංගම මුර සේවයේ යෙදෙන පොලිස් සහ හමුදා ට‍්‍රක් රථවලට මේ හේතුව නිසා මුර සංචාරය අත්හැර දැමීමට හෝ සීමාකිරීමට සිදුවිය. බිම් බෝම්බය කොතරම් මාරාන්තික වුවද එයට නිසි ලෙස හසු නොවේ නම් ඉන් බේරීමට ඇති අවස්ථාවන් නැත්තේම නොවේ. බිම් බෝම්බය ක්‍රියාකරවන්නාගේ ඉලක්කයට හසු නොවන අයුරින් උපක‍්‍රමිකව සහ වේගයෙන් රථය ධාවනයට හැකිනම් ඊට හසුවීම් යම්තාක් දුරකට වැළකිය හැකිය. 


මෙම තාක්ෂණික අංශය සඳහා ක්‍රියාකාරී දායකත්වයක් මොරටු සරසවියේ ඉංජිනේරු සිසු කීර්ති හෙවත් සම්පත් (අවසාන සමයේ කොළඹ ඩී-1 කලාපයේ සන්නද්ධ නායක), මොරටු එන්.ඩී.ටී. දෙවැනි වසරේ සිසු පෝල් ශාන්ත පෙරේරා (කුලියාපිටියේදී 1988 දෙසැම්බර් 17 පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයට ලක්විය. චෝදනාව එල්ල වූයේ උප පොලිස් පරීක්ෂක මෙත්තානන්දටය), පේරාදෙණිය ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේ තංගල්ලේ කපිල, පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ සිසුන් වන ක්‍රිස්ටි, ඩබ්ලිව්.එම්.එස්.ආර්. විජේසිංහල කපිල රංජන් ද සිල්වා, නීල් හේරත්, එන්.එම්. මාරසිංහ, එස්.එම්. ධර්මසේන, නිලන්ත සෙනෙවිරත්න ඇතුළු සිසුන් කිහිප දෙනෙක්ම ලබාදුන්හ. 


මොරටු සරසවියේ බෝම්බ අංශයේ 1989 නායකයෙකු ලෙස කටයුතු කළේ පොළොන්නරුව දිවලංකඩ විහාරගම පදිංචි මොරටු සරසවියේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමා (එන්.ඩී.ටී) පාඨමාලාවේ දෙවන වසරේ සිසු ගුණමුනි අනිල් පියරත්න හෙවත් රංජිත්ය. වසර 1965 ජූනි 04 වැනිදා උපන් අනිල් එන්.ඩී.ටී. පාඨමාවට ලියාපදිංචි වූයේ 1986 ඔක්තෝබර් 10 වැනිදාය. පියා ගොවියෙකු වූ අතර තිදෙනෙකු ගෙන් යුත් පවුලේ දෙවෙනියා ඔහුය. වරෙක අත්අඩංගුවට පත්ව ටිරෝන් ප‍්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පිහිටි රැඳවුම් කඳවුරේ සිටි අනිල් පියරත්න 1989 ජනවාරි මස තවත් ජවිපෙ රටපුරා සැකකරුවන් 300ක් සමඟ ජනාධිපති ප්‍රේමදාසගේ මැදිහත්වීමෙන් නිදහස් විය. ජවිපෙ 2වැනි කැරැල්ලේදී මොරටු සරසවියේ සහ එන්.ඩී.ටී පාඨමාලාවේ සිසුන් 31 දෙනෙක් ඝාතනයට හෝ අතුරුදහන් වීමට ලක්වූහ. 

 

ජවිපෙ රණහඬ ගුවන් විදුලියේ මහවැව පිහිටි පුත්තලම ගුවන් විදුලි සම්ප්‍රේෂණ උපකරණ රැසක් දංකොටුව සහ මාරවිල පොලිස් ඒකාබද්ධ කණ්ඩායමක් විසින් 1988 අප්‍රේල් 14 වැනිදා කැරලිකරුවකු සමග අත්අඩංගුවට ගත් පසු ඊට පසු දින දංකොටුව පොලිසියට පැමිණි විදේශ කටයුතු ඇමැති සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති රංජන් විජේරත්න ඒවා නිරීක්ෂණය කළ අයුරු විදුලිබල සහ බලශක්ති ඇමැති ​ෆෙස්ටස් පෙරේරා ද මෙහි වේ. 

 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශයක බිම්බෝම්බයක් පුපුරුවා යෑමට පෙර ආරක්ෂක අංශ විසින් සොයා ගැනීමෙන් පසු. 

 

දංකොටුව-නාත්තන්ඩිය ප්‍රධාන මාර්ගයේ පාලම අසල 1989 මාර්තු 25 කැරලිකරුවන් අටවා තිබූ බිම් බෝම්බයක් ආරක්ෂක අංශ හමුදාව විසින් සොයා ගත් අයුරු. 

 

කැරලිකරුවන්ගේ බිම් බෝම්බයකට ගොදුරු වී මැදිරිගිරිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක ආර්. සුමනපාල (1463), පොලිස් රියැදුරු බණ්ඩාරනායක (24957), පොලිස් කොස්තාපල් මුතුබණ්ඩාර, පොලිස් උපසේවා කොස්තාපල් (17450), රෝහිත කුමාරනායක යන මහත්වරු 1989 මැයි 14 මැදිරිගිරිය මීගස්වැව මාර්ගයේදී ගමන් කිරීමේදී මරුමුවට පත්ව සිටියේ මෙසේය. ඔවුනගේ මළ සිරුරුවල බොහොමයක් කොටස් ද පිලිස්සී විනාශ වී තිබිණි. 

 

 

 


පුපුරන ද්‍රව්‍ය තාක්ෂණික අංශයේ පුහුණු වැඩසටහන් 1988 මැද භාගය වන විට දිස්ත්‍රික්ක 19ක ඇරඹිණි. එක්දිනක් හෝ දෙදිනක් පැවති එම පුහුණුවට සහභාගි වූයේ අදාළ දිස්ත‍්‍රික් සන්නද්ධ ලේකම් විසින් යොමුකරන ලද සිය දිස්ත්‍රික්කය තුළ කලාප සහ කොට්ඨාස සන්නද්ධ නායකයින්ය. එය උපරිම වශයෙන් 10කට ආසන්න විය. පුහුණුව ලැබූ අය සිය කලාප සහ කොට්ඨාසයන්හි පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය පිළිබඳව තෝරාගත් කණ්ඩායමකට පුහුණුව ලබාදුණි. කැලණි සරසවියේ රොනී කුමාර් සහ මිල්රෝයි, මොරටු සරසවියේ කණිෂ්ක, ජාගොඩ, සුමිත්, චම්ලි, පේරාදෙණි සරසවියේ මැතිව් ප‍්‍රනාන්දු, කෑගල්ලේ රංජිත් වීරසිංහ, දස්කොන්, පොලොන්නරුව ජයන්තිපුර නලීන් හෙවත් කැළුම්, බද්දේගම ගෝනුපීනුවල කපිල ඇතුළු කිහිප දෙනෙක්ම දිස්ත‍්‍රික්කවලට ගොස් පුහුණුකරුවන් ලෙස කටයුතු කළ බවට ආරක්ෂක අංශ චෝදනා කළේය. පුහුණු වැඩසටහන්වලට සහභාගි වූ කාන්තාවන් අතර නුවර හතරලියද්දේ දර්ශනී, ගාල්ල ඇල්පිටියේ චූලානි (පේරාදෙණිය ශ‍ාස්ත්‍ර පීඨයේ සිසුවියකි), ගාල්ලේ දීපා කාරියවසම් (පසුව ඝාතනය විය), මාතලේ ඕවල ග‍්‍රාමයේ ලලිතා ඇතුළු කිහිපදෙනෙක්ම වූහ. පුපුරන ද්‍රව්‍ය අංශයේ අවසාන දිස්ත්‍රික් පුහුණු වැඩසටහන නිමාවූයේ 1989 අගෝස්තු ගොකරැල්ලේදී පොලිස් කොස්තාපල්වරියකට අයත් නිවසකදීය. 


පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනයේදී හෝ රැගෙන යෑමේදී පිපිරීයෑමෙන් බරපතළ තුවාල ලැබූ මධ්‍යම සහ වයඹ පළාතේ අයට ප‍්‍රතිකාර කරන ලද්දේ කුරුණෑගල ගිරිඋල්ලේ මහවත්තේ පිහිටි නිවසකදීය. අක්කර 400ක පමණ පොල්වත්තක පිහිටි එම නිවස සහ වතුයාය මීගමුවේ දේවස්ථානයකට අයත්ය. එහි වාර්ෂික ආදායම එයට යොමුවන අතර කළමනාකරණ මණ්ඩලයකින් එය පාලනය වේ. එහි පාලකයෙකු වූ පියරත්න ජවිපෙ අයෙකු නොවූවද ඉන්දීය හමුදා ආක‍්‍රමණයට එරෙහි බැවින් මහවත්තේ නිවස රහසිගත ප‍්‍රතිකාර කරන ස්ථානයක් බවට පත්විය. 

 

අකුරැස්ස ලේනම ගමේ නිවසක බෝම්බ නිෂ්පාදනය කරමින් සිටියදී 1989 සැප්තැම්බර් 07 ඇතිවූ පිපිරීමකදී පාසල් සිසුන් 5ක් සමග මියගිය අකුරැස්ස ඉඹුල්ගොඩ උපන් රුහුණු සරසවි විද්‍යා පීඨ සිසු සුමිත්‍ර කඳනගොඩ, ගම්පහ බ්‍රැන්ඩියමුල්ලේ බෝම්බ නිෂ්පාදන ස්ථානයක් ආරක්ෂක අංශ මගින් 1989 මැයි 18 වැටලීමේදී ඇති වූ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මරුමුවට පත් රත්ගම බෝපාගොඩ උපන් රුහුණු සරසවියේ විද්‍යා පීඨ සිසු ප්‍රියශාන්ත දඩල්ලගේ හෙවත් සමන්, බෝම්බ රැගෙන යමින් සිටියදී නුවර පල්ලකැලේදී බෝම්බයක් පුපුරා බරපතළ තුවාල ලැබූ රත්නපුර ඇලපාත දිනියාය ග්‍රාමයේ උපන් කොළඹ සරසවි නීති පීඨයේ පළමු වසර සිසු අනුර ප්‍රියන්ත ජයසුන්දර, 1989 පෙබරවාරි 14 ඝාතනයට ලක්වූ මොරටුව ශ්‍රී ලංකා ජර්මන් අභ්‍යාස විද්‍යාලයේ ශිෂ්‍ය උපදේශක දයාරත්න බණ්ඩාර හේරත් සහ නුවර මුල් පෙළේ ක්‍රියාකාරිකයකු වූ දිගන රජවැල්ලේ දිනමිත්‍ර ගෙදර තිලක් බන්දුල විජේසිරි හෙවත් දිගන බන්දුල මෙහි වමේ සිටය. බන්දුල හැර අන් අය ඝාතනයට පත්විය. 

 

 

 


කුණ්ඩසාලේ මොරගහකන්ද හමුදා කඳවුරට 1989 සැප්තැම්බර් 07 ප‍්‍රහාරයක් එල්ල කර අවි පැහැර ගැනීමට යාමේදී රැගෙන ගිය බෝම්බ පුපුරා කොළඹ සරසවියේ නීති පීඨයේ පළමු වසරේ සිසු අනුර ප්‍රියන්ත ජයසුන්දර සහ කුරුණෑගල නාරම්මල බන්දුල හෙවත් තඩි බන්දුල බරපතල තුවාල ලැබීමෙන් පසු ප‍්‍රතිකාර කළේද මහවත්තේය. බරපතළ තුවාල ලැබූ බන්දුල හමුදා සෙබළෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී එය අතහැර කැරැල්ලට එක්වූ අයෙකි. මහවත්තේ ප‍්‍රතිකාර කරමින් සිටියදී දරුණු තුවාල හේතුවෙන් පසුව මරණයට පත් වූ බන්දුලගේ සිරුර කැරලිකරුවන් විසින් මා ඔයේ පා කර හරින ලදී. රත්නපුර ඇලපාත දම්බුලුවල දිනියාය ග‍්‍රාමයේ උපන් අනුර ප්‍රියන්තගේ පියා මැණික් කර්මාන්තයේ නිරත වූ විල්බට්ය. මව ඉන්ද්‍රාණිය. අනුර ප්‍රියන්ත සුවය ලබා යළි නිවසට පැමිණ මව සමඟ රත්නපුර රෝහලට ගොස් පැමිණෙමින් සිටියදී 1989 දෙසැම්බර් 23 වැනිදා රත්නපුර නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිටදී කජුගස්වත්ත කාල තුවක්කු හමුදාව මගින් අත්අඩංගුවට ගත් අතර පසුව ඝාතනය විය. ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍යපීඨයේ පළමු වසරේ සිසු විපුල් රාජසිංහ ජයසුන්දර එයට පෙර 1989 නොවැම්බර් 25 බළන්ගොඩ ඇල්ලේපොලදී ඝාතනය විය. 


පුපුරන ද්‍රව්‍ය අංශය විසින් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස කෝට්ටේ පිහිටි සිරිකොත එජාප මූලස්ථානයට පැමිණි අවස්ථාවකදී එය පුපුරුවා ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කළ සැලසුමක්ද අවසාන මොහොතේ සොයා ගැනීමට ආරක්ෂක අංශවලට හැකි විය. ඒ 1989 ජූලි මසදීය. සිරිකොතට යාබද පිහිටි ගමගේ බේකරිය අසළ නිවසක් මිලට ගත් කැරලිකරුවෝ එම නිවස කඩා අලුත් නිවසක් ඉදිකරන මුවාවෙන් එම නිවසේ සිට සිරිකොත මූලස්ථානය දෙසට භූගත උමගක් කපමින් සිටියහ. අවසානයේදී නිශ්චිත ස්ථානයේ භූගතව බෝම්බ කිහිපයක් වළලා ජනාධිපති පුමුඛ එජාප නායකයින් රැසක් ඝාතනය කිරීම කැරලිකරුවන්ගේ අරමුණ විය. එහෙත් එය සෑහෙන දුරක් කපා තිබියදී ආරක්ෂක අංශවලට හමුවූයේ කොටුවේ දෙවැනි හරස් වීදියේ කඩයක තිබූ මිරිස් ගෝනියක බහා රැගෙන යමින් තිබූ ටී.56 ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමත් සමඟය. ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වූ අමසේන රාජපක්ෂල චන්ද්‍රා වාකිෂ්ඨ, සේනක කුමාරසිංහ ඇතුළු පිරිසක් අයත් වූ බව කියති. 


අනතුරුව එම ස්ථානය වැටලීමේදී මේසන් බාස්වරුන් සහ කම්කරුවන් ලෙස සේවය කරමින් සිටි කැරලිකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර පසුව ඔවුන් වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ විවෘත නොකළ නේවාසිකාගාරයක පොලිසිය මගින් පවත්වාගෙන ගිය වධකාගාරයකට ගෙනයෑමෙන් පසු ඝාතනයට පත් විය. සිරිකොත අසළ අදාළ නිවස පිහිටි ඉඩම පාතාල සාමාජිකයෙකු විසින් පසුව අත්පත් කරගෙන වෙනත් අයෙකුට විකුණන ලද බව කියති. 

 

දංකොටුව-වැටිකොටුව ප්‍රධාන මාර්ගයේ 1989 මාර්තු 10 බිම්බෝ්ම්බයක් අටවා දංකොටුව පොලිස් ස්ථානාධිපති ආනන්ද අල්විස් ඝාතනය කිරීමට කැරැලිකරුවන් සැලසුම් කළ ද, එය පිපිරීයෑමට පෙර සොයා ගත් අවස්ථාව. මෙහි කොට කලිසමකින් සැරසී ගිනි අවියක් අතැතිව සිටින්නේ පොලිස් ස්ථානාධිපතිවරයාය. 

 

තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කපුගමදී 1989 මාර්තු 16 උදෑසන 8.45ට කැරලිකරුවන්ගේ බිම් බෝම්බයක් පුපුරවා පොලිස් නිලධාරින් 2ක් මරුමුවට පත්වීමෙන් පසු එදිනම පෙරවරු 11ට පැමිණි පොලිස් ඇඳුම් ඇඳගත් පිරිසක් විසින් ඒ අවට නිවෙස් ගණනාවක් ගිනි තබා විනාශ කළ අතර, මේ එසේ විනාශ වූ දිවයින මාණ්ඩලික ඡායාරූප ශිල්පී නිහාල් චන්ද්‍රකුමාරගේ නිවසය. 

 

ජවිපෙ කැරලිකරුවන් බොහෝ විට බෝම්බ සවිකර තිබුණේ කිසිවකුට සැක නොසිතන පරිදි මෙවැනි කැලෑ තුළය. මේ පොලොන්නරුවේදී වළලා තිබූ බිම් බෝම්බ ආරක්ෂක අංශ විසින් පිපිරීමට පෙර සොයා ගත් අයුරු. 

උතුරේ දෙමළ බෙදුම්වාදී කණ්ඩායමකින් යුද සහ බෝම්බ තාක්ෂණ පුහුණුව ලැබූ ජවිපෙ 16කගේ කණ්ඩායමෙන් දෙදෙනෙක්. වමේ සිට අශෝක ජයතිලක හෙවත් ජැෆ්න 
ජයා සහ ෆොන්සේකා. 

 

 


කැරලිකරුවන්ට ජෙලටීන් කූරු, ඩෙටනේටස්, පිපිරීම සඳහා උවමනා රසායන ද්‍රව්‍ය වන රතු පොස්පරස්, පොටෑසියම්, සයනයිඩ්, සෝඩියම් ලෝහ ඇතුළු සෙසු පුපුරන ද්‍රව්‍ය ලබාගැනීම එතරම් දුෂ්කර නොවීය. එයට හේතු වූයේ කුරුණෑගල කහටගහ සහ කෑගල්ලේ බෝගල පතල් වලින්ද ගාල්ල උණවටුනේ ගල් වැඩපොළවලින්ද පැහැරගැනීම සහ උතුරු නැගෙනහිර දෙමළ බෙදුම්වාදීන් ගෙන් තෙවැනි පාර්ශ්වයක් හරහා ද මිලදී ගැනීමට තිබූ හැකියාවය. 


රත්නපුර සමනල ව්‍යාපෘතියේ ගබඩා 2ක තිබූ වෙඩි බෙහෙත් සහ එහි ආරක්ෂාවට සිටි රජවක හමුදා කඳවුරේ සෙබළුන්ගේ ආයුධ පැහැර ගැනීමට 1989 අගෝස්තු 8 වැනිදා 35 දෙනෙකුගෙන් යුත් කැරලි කණ්ඩායමක් ගත් ප‍්‍රයත්නය හදිසියේ එහි යමින් සිටියදී බෝම්බයක් පිපිරී කැරලිකරුවන් 2ක් මරුමුවට පත්වී 6කට බරපතළ තුවාල සිදුවීමෙන් එම ප‍්‍රහාරය අත්හැර දැමීමට සිදුවිය. 


ජවිපෙ 2වැනි කැරැල්ලේ පරාජයෙන් පසු අවසන් බිම් බෝම්බ පිපිරීම සිදුවූයේ 1990 පෙබරවාරි 18 කෑගල්ල වරකාපොළ පාරේය. ඉන් සිවිල් වැසියෝ 2ක් මරුමුවට පත්වූහ. එමෙන්ම ආරක්ෂක අංශ සමඟ ජවිපෙ කැරලිකරුවන් ගේ අවසාන ගැටුම සිදුවූයේ 1990 ජුනි 09 වැනිදා ඇඹිලිපිටිය ප‍්‍රදේශයේදීය. පොලිස් අත්අඩංගුවට ගැනීමට වැටලූ අවස්ථාවන්හීදි අම්පාර නාමල්ඔය කරුණාපාල ඇතුළු කැරලිකරුවන් කිහිපදෙනෙක් කිසිවක් හෙළි නොකර තමන් විසින්ම බෝම්බ පුපුරුවා ජීවිතක්ෂයට පත්වූහ. 


ජවිපෙ ප‍්‍රචාරක අංශය මෙහෙයවූ රණහඬ ගුවන්විදුලි විකාශනයද භාරව සිටියේ පුපුරණ ද්‍රව්‍ය තාක්ෂණ අංශය විසිනි. රණහඬ විකාශනය සඳුදා හැර සතියේ අන් දිනවල රාත්‍රී 7 සිට මෙගා හර්ට්ස් 4.432 කෙටි තරංග 1 ඔස්සේ විකාශනය විය. මුල් කාලේදී එය එච්.බී. හේරත් අධීක්ෂණය කළ අතර පසුව ඩී.එම් ආනන්ද යටතට පත්විය. පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු සිසුන් පිරිසක් විසින් එහි මූලිකත්වය ගනු ලැබීය. රණහඬ ගුවන් විදුලියේ තාක්ෂණික ප‍්‍රධානියා වූයේ පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ 86 කණ්ඩායමේ සිසු උදයංග හේරත් නොහොත් රණාය. උදයංගගේ පියා ජාඇළ ඒකල විදුලි සංදේශ මධ්‍යස්ථානයේ එකල ඉංජිනේරුවරයෙකු විය. පන්නිපිටියේ පදිංචි උදයංග 1989 ඔක්තෝබර් 27වැනිදා ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්ව පසුව ඝාතනයට පත්විය. 

 

හුංගම ගුරුපොකුණේදී 1987 අප්‍රේල් 07 කැරලිකරුවන්ගේ බිම් බෝම්බයක් පුපුරායාමෙන් පොලිස් නිලධාරීන් 4 දෙනකු මරුමුවට පත්වූ අතර, ඔවුන් ගමන් ගත් රථය කුඩුපට්ටම් වී තිබුණේ මෙසේය. 

 

 


රටේ පළාත් කිහිපයක ක්‍රියාත්මක වූ රණහඬ ගුවන්විදුලියේ ප‍්‍රධාන මූලස්ථානය වූයේ පේරාදෙණිය සරසවියේ කෘෂි පීඨයට අයත් කුණ්ඩසාලේ කුකුළු ගොවිපළ ආශ්‍රිත ගොඩනැගිල්ලකි. රණහඬ උප ප‍්‍රධානියෙකු ලෙස කටයුතු කළේ පේරාදෙණි සරසවියේ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ සිසු නිමල් ප්‍රේමතිලක නොහොත් පොලාය, රණහඬ ස්වේච්ඡා කාර්ය්‍ය මණ්ඩලය 10ක් පමණ වූ අතර නිවේදකයින් වූයේ කැලණි සරසවියේ විද්‍යා පීඨයේ සිසු ගැමුණු සෙනෙවිරත්න, නුවරඑළියේ උපන් පොළොන්නරුවේ ජයන්තිපුර පදිංචි ශාමලී, පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ සිසු සන්ධ්‍යා (වර්තමානයේ විදේශගතය) ඇතුළු පිරිසකි. කාර්ය මණ්ඩලයේ සිටි අය අතර පේරාදෙණිය විද්‍යා පීඨයේ සිසුන්වන එස්. වීරවර්ධන, ආනන්ද රාජගුරු, කේ.එස්. වී මාධව ඇතුළු කිහිපදෙනෙක්ම විය. රණහඬ විකාශනය සඳහා අතවශ්‍ය භාණ්ඩ කිහිපයක් පමණක් සිංගප්පූරුවෙන් ගෙන එන ලදී. රණහඬ කාර්ය මණ්ඩලයේ ඇතැම් සාමාජිකයින් ආරක්ෂාව සඳහා නේවාසිකව සිටියේ උඩපේරාදෙණිය මෙගොඩ කළුගමුවේ පදිංචි ප‍්‍රබල එජාප ක්‍රියාකාරිකයෙකු වූ වෛද්‍යවරයෙකු ගේ නිවසේදීය. 


රණහඬ ගුවන් විදුලියේ සම්ප්‍රේක්ෂණ යන්ත‍්‍ර දිස්ත්‍රික්ක 14ක සවිකර තිබිණි. එක් සම්ප්‍රේක්ෂණ ස්ථානයකින් ගුවන් දුර කිලෝමීටර් 13ත් 20ත් අතර රණහඬ විකාශනය විය. ප‍්‍රධාන මූලස්ථානයෙන් සකසන ලද ගුවන් විදුලි නිෂ්පාදන වැඩසටහන කැසට්පට කිහිපයක පිටපත්කර ඊට පසු දින දිවයින පුරා සම්ප්‍රේක්ෂණ යන්ත‍්‍ර තිබෙන ස්ථානයන්ට යොමුකරමින් මෙය ක්‍රියාත්මක විය. පුත්තලම මහවැව විකාශනය 1988 අප්‍රේල් අත්අඩංගුවට පත්වූ පසු එය මදුරන්කුලිය පොල්වත්තක උස්ව පිහිටි පොල් ගසක රඳවන ලද ඇන්ටනාවකින් ක්‍රියාත්මක විය. අනුරාධපුර විකාශනය වූයේ මහඉලුප්පල්ලම ගොවිපොළේ උස් කොහොඹ ගසක රඳවන ලද ඇන්ටනාවකිනි. ගම්පහ ක්‍රියාත්මක වූයේ දිවුලපිටිය පොලිස් වසමට අයත් බල්ලපාන අන්නාසි වත්තේ පිහිටි පොල් ගසක ආධාරයෙනි. 

 

 


හම්බන්තොටදී ඇන්ටනාව ගසා තිබුණේ සිතුල්පව්ව කැලේ උස් කළුවර ගසකය. නුවරඑළිය ආවරණය වූයේ රාගල උස් තැනක පිහිටි තේ වත්තක