කාලගුණ දත්ත රැස්කරන්න සරසවි සිසුන් උඩයැවූ බැලුනය


අහසට යැවූ බැලුනය

 

මෙරට ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාල 18ක සිසු සිසුවියන් ඒකරාශි වී වසර ගණනාවක සිදුකරන ලද පර්​ෙ‌ය්ෂණයක අත්හදාබැලීමේ සුබ අවස්ථාව පසුගියදා දඹුල්ල කණ්ඩලම ඩී.එස්. සේනානායක මහා විද්‍යාලයේ දී සිදුකෙරිණි. 


ඉතිහාසයේ පළමු වරට මෙරට වායුගෝලයේ ඇති විවිධ සංඝටක පිළිබඳවත් කාලගුණික දත්ත පිළිබඳවත් තවත් විශාල කාර්යභාරයන් පිළිබඳ තොරතුරු ගවේෂණය කරන, තොරතුරු දත්ත ලබා දෙන රබර් බැලු‍නයක් ගුවන් ගත කිරීම මෙහි විශේෂත්වය වේ. 


මෙම උත්සාහය දිවයිනේ පළමු වතාවට සිදුකෙරෙන එම ක්‍රියාදාමය පිළිබඳව රට, ලෝකය දැනුවත් කිරීම බැවින් මෙම සටහන පවා ඉතිහාස ගත වනු නොඅනුමානය. 


විශ්වවිද්‍යාල 18ක සිසු-සිසුවියන් දින කිහිපයක් කණ්ඩලම ප්‍රදේශයේ රැඳී සිටිමින් මෙම දෙසැම්බර් 26 දින අලු‍යම 5ට පමණ ආරම්භ කරන ලද අත්හදා බැලීම උදේ 7.30 ට පමණ සාර්ථක ව ගුවන් ගත කිරීම විශේෂත්වයකි. 


 ඇමෙරිකාවෙන් ගෙන්වන ලද විවිධ උපකරණ උපයෝගි කරගෙන දිවයිනේ ප්‍රථම වතාවට රබර් බැලූනයක් ගුවන් ගත කිරීම ඒ තුළ සවි කරන ලද විද්‍යුත් උපකරණ සහ තොරතුරු දත්ත රැස් කිරීමේ පෙට්ටියක්ද සවිකොට මෙය ගුවන් ගත කිරීම සිදුකරනු ලැබූහ. 


මෙම නව තාක්ෂණික ක්‍රමවේදය සාර්ථක වුවහොත් ඉදිරියේ දී මෙරට විශාල වෙනස්කම් රැසක් සිදුකිරීමට හැකිවන බවත් දැනට මෙරට භාවිත කරනු ලබන්නේ 1950 වසරේ තාක්ෂණයෙන් උපයෝගී කරගත් තොරතුරු බව ද විශ්වවිද්‍යාල සිසුහු පවසති. 

 


 ලෝකයේ රටවල් ගණනාවක් එක්ව සිදුකරන ලද මෙවැනි අත්හදා බැලීමකට ලංකාවේ විශ්වවිද්‍යාල 18ක සිසු සිසුවියන් ඒකරාශි වී මෙය සිදුකෙරෙන බව එම සංවිධානය කියති. 


මෙම විශේෂ අත්හදාබැලීමේ බැලූනය කිලෝමීටර් 35 ත් 40 ත් අතර ඉහළ ආකාසේ ගමන් කරමින් ආකාශයේ ඉහළ දී මෙම බැලු‍නය පුපුරා එහි සවිකොට ඇති පැරෂුට් එකක් මගින් ලබාගත් තොරතුරු සියල්ල පොළොවට පතිත වීම සිදුවන බව විශ්වවිද්‍යාල සිසුහු පවසති. 


මෙම අත්හදා බැලීම සාර්ථක වුවහොත් ඉදිරියේදී මෙරට රොකට් උපයෝගී කරගෙන සිදුකරන ලබන සැටලයිට් වෙනුවට බැලූන යොදාගෙන එම දත්ත ලබා ගැනීමට හැකි බව ඔවුහු පවසති. 


මෙම ක්‍රියාවලිය පිළිබඳව අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක වන තශ්මිලා අරලිය සිසුවිය. 
 “මේක ලෝකයේ ම ක්‍රියාත්මක වන සංවිධානයක් එක්ක එකතුවෙලා තමයි ආරම්භ කරලා තියෙන්නේ. අපි ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් හැටියට අපේ රට පිළිබඳව මෙන්ම ගවේෂණය කිරීම පිළිබඳව සොයාගත්ත නව ක්‍රමවේදය ලෝක තරගාවලියකට ඉදිරිපත් කරන්නත් සූදානම් වෙලා තියෙන්නෙ.”‍ 


“මෙම බැලු‍නය කිලෝමීටර් තිස් තුනක් හතළිහක් පමණ ඉහළ ආකාශයට ගමන් කරන ආකාරයට සූදානම් කරලා තියෙන්නෙ. ඉහළ ආකාසේ පවතින වායුගෝලයේ විවිධ සංඝටක ලබාගැනීම තමයි අපේ අරමුණ. මේක ක්‍රියාත්මක වුණොත් අතුරු වාසි රැසක් අපි රටක් හැටියටත් ලෝකයක් හැටියටත් ලැබෙනවා. ඒ නිසා අපි කණ්ඩායමක් හැටියට විවිධ වැඩ කොටස් බෙදා හදාගෙන විශාල  මහන්සියක් වෙනවා. මේක අපේ රට වෙනුවෙන් කරන සේවයක්. එවගේම මෙහිදී විශ්වවිද්‍යාල 18ක සිසු සිසුවියන් අපිත් එක්ක එකට වැඩ කරන යෝධ වැඩක්.”‍ 


මෙම ක්‍රියාවලිය පිළිබඳව මුලින්ම සිතට නැගුණු සහ උත්සාහ කළ තරුණයකු බවට පත්වූයේ අමිල සඳුන් බස්නායක මහතාය. 


 “මේක මුළු ලෝකයටම අලු‍ත්ම තාක්ෂණයක් වේවි. විශේෂයෙන් අභ්‍යවකාශයේ විවිධ තොරතුරු දත්ත රැසක් තමයි ඉලක්ක වෙන්නේ. මේ බැලූනය සාර්ථක වුණොත් එහෙම අපේ රට අලු‍ත් පියවරක් ඉදිරියට තැබුවා හා සමානයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙහි දූෂිත වායු තියෙනවා. සාමාන්‍යයෙන් කොළඹ සහ මහනුවර නගරවල වායු දූෂණය වැනි මේ වගේ ඉහළ ආකාශයට ගිහිල්ලා එහි තොරතුරු ලබා ගත්තොත් මොන වගේ ඉන් දූෂිත තත්වයන්ද පවතින්නේ, මොනවගේ පරිමාණවලින්ද පවතින්නේ ඒවා මේකෙන් බලාගන්න පුළුවන්.”‍ 

 

බැලුනය උඩ යැවීම සඳහා සූදානම් වූ අයුරු

 


 “අපට සැටලයිට් එකක් ගුවන් ගත කරන්න ගියොත් රොකට් එකක් පාවිච්චි කරන්න වෙනවා. සමහර විට මේක හොඳ ප්‍රායෝගික අත්දැකීමක් වෙන්න පුළුවන් සැටලයිට් එකක් Launch කරගන්න.”‍ 


“මේක අපි 2018 සැප්තැම්බර් මාසේ තමයි පටන් ගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්. දැන් විශ්වවිද්‍යාල 18ක කණ්ඩායම් ඒ වගේම රජය, පෞද්ගලික ආයතන එකතු වෙලා ඉන්නවා. ඒ වගේම මෙහි නිරීක්ෂණ කටයුතු සහ විවිධ කටයුතුවලට සිසු සිසුවියන් 2000 ක පමණ දැනුම, සහයෝගය ලබාගෙන සංවිධාන ගත වෙලා තියෙනවා. තාක්ෂණය අතින් ගත්තොත් ලංකාවේ තියෙන විශාලතම තාක්ෂණික සංවිධානය මේක කියලයි හිතෙන්නේ.”‍ 


 “අපේ තියෙන්නේ 1950 වගේ පාවිච්චි කරන තාක්ෂණය. හැබැයි මේක නිසිලෙස ක්‍රියාත්මක වුණොත් අපට අපේ රටේම රොකට් තාක්ෂණය සැටලයිට් තාක්ෂණය පාවිච්චි කරනවා වගේම ඉතා පහසුවෙන් මෙයින් අරමුණු ඉටුකරගන්න පුළුවන් වේවි. ඒ වගේම තමයි මෙහි තවත් පැති ගොඩක් තියෙනවා. අපට පුළුවන් ගංවතුරක් මොන වගේද පැවැත්වුණේ කියලා දැනගන්න. ඒ වගේම අපේ වන ඝනත්වය කොහොමද එළිවෙන්නේ කියලා හොයන්න පුළුවන්. අපට වන අලි සංගණනය කිරීම වන අලින් ගැවසීම ආදී ක්‍රියාකාරකම් මේකෙන් හොයන්න පුළුවන්.”‍ 


“කොළඹ විශ්වවිද්‍යාලයේ මේ වනවිටත් සැටලයිට් එකක් හදමින් ඉන්නවා. සමහර විට එයට විශාල දායකත්වයක් අපටත් මේ හරහා ලබා දෙන්න පුළුවන් වේවි. ළඟදීම තාක්ෂණය අතින් මුළු රටේම විශාල පෙරළියක් වේවි කියලා තමයි අපි හිතන්නේ.”‍ 

 


 

තිලාන් හර්ෂණ බණ්ඩාර මහතා 


 “මීට පෙර මෙවැනි බැලු‍ම් ගුවන් ගත කරලා තියෙනවා. හැබැයි ඒ සිද්ධ කරලා තියෙන්නේ මුළු ගමනම වීඩියෝ පටිගත කිරීම විතරයි. නමුත් මේකෙදි අපි ගොඩක් පරීක්ෂණ පැත්ත වැඩි කරලා තියෙනවා. මේක අපේ පළමුවැනි ආරම්භය විතරයි. ඉදිරියේදී ගොඩක් ව්‍යාපෘතිවලට මෙය උපයෝගී කරගන්න පුළුවන්.”‍ 
“මෙහි බොහෝ උපකරණ අපි විශාල මුදලක් වියදම් දරලා ඇ​ෙමරිකාව වගේ රටවල්වලින් ගෙන්වල තියෙන්නේ. සමහර විට අපට ඒවා මේ රට තුළම නිෂ්පාදනය කර ගන්නත් පුළුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය දත්ත, ඊට අමතරව අපි සූදානම් වෙලා තියෙනවා ඉහළ අහසේ කිලෝමීටර් හතළිහක් තුළින් වායු ඝනත්වය සහ විවිධ සංඝටක එකතු කරන්න, සම්පූර්ණ ගමනේ ම කාලගුණ දත්ත ගබඩා කරන්න, ලබාගන්න, එයාර් සාම්පල් සංවිධාන ඉල්ලලා තියනවා පර්​ෙ‌ය්ෂණ කරන්න. ඒ වගේම තමයි අපි මෙහි සාර්ථකත්වයත් එක්ක බලාපොරොත්තු වෙනවා කුඩා පරිමාණ සැටලයිට් පාවිච්චි කරන්න හැකියාවක් තියෙයිද කියලා සොයා බලන්න.”‍ 


මේ සාර්ථකත්වය කියන්නේ අපේ රට තාක්ෂණික වෙනසකට යොමුවන ක්‍රියාවලියක ආරම්භය තමයි මේ.”‍

 

 

දඹුල්ල කාංචන කුමාර ආරියදාස