ඌන අවධානිත අධි ක්‍රියාකාරිත්වය


බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා සහ නව යොවුන්විය පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍ය  
අපේක්ෂා හේවාගීගන

 

දඟලනවා, දඟලනවා ඉවරයක් නෑ. එක විදිහකට ඉන්නම බෑ. කිරිපණුගාය හැදිලා වගේ.  


බොහෝ දෙමාපියන් තම දඟකාර දරුවන්ට නිතරම චෝදනා කරනුයේ මෙපරිද්දෙනි.  


දඟකාරකම නිරෝගී දරුවෙකුගේ ලක්ෂණයකි. එහි විවාදයක් නැත. නමුත් දරුවෙකු නිරතුරුවම තමාටත්, අන් අයටත් බාධාවක් වෙමින් හැසිරෙන්නේ නම් එය සාමාන්‍ය තත්ත්වයෙන් මිදුණු තත්ත්වයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම ඉතාම වැදගත්ය.   


සෑම දරුවන් සියදෙනෙකුගෙන් හතරදෙනෙකු (100:4) ඌන අවධානිත අධි ක්‍රියාකාරිත්වයෙන් පෙළෙනා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව පෙන්වා දී ඇති අතර ලංකාවේද ළමා මානසික ප්‍රතිකාර සඳහා පැමිණෙන වැඩිම දරුවන් පිරිසක් වාර්තාවෙන්නේ මෙම රෝගයට ලක්වූවන්ය. ගැහැනු දරුවන්ට සාපේක්ෂව පිරිමි දරුවන් අතර බහුලව මෙම රෝගය දක්නට ලැබේ.  


ඌන අවධානිත අධි ක්‍රියාකාරිත්වයට දරුවන් ලක්වීමට මූලිකම හේතූන් ලෙස හඳුනාගෙන ඇත්තේ ජාන සංකලනයකින් ඇතිවන තත්ත්වයක් (ජානමය හේතූන්) ලෙසය. විශේෂයෙන්ම මොළයේ ඇති ස්නායු පරිණත වීමේදී ඇතිවන ගැටලුවකි. එසේ නොමැතිව මව නිසා හෝ පියා නිසා හෝ දරුවා මෙවැනි සංකූලතාවකට පත්වන්නේ යැයි ඍජුවම කිව නොහැකිය.  


රෝග ලක්ෂණ  


ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ විස්තර කෙරේ.  


අනවධානය  


යම්කිසි දෙයක් එකම අවධානයක සිට කිරීමේ හැකියාවක් මොවුනට නැත. සාමාන්‍යයෙන් මනෝවිද්‍යාවේදී පෙන්වා දෙන්නේ පෙරපාසල් වයසේ පසුවන දරුවෙකුට විනාඩි 15ක කාලයකුත්, පළමු වැනි වසරේ සිට හය වසර දක්වා දරුවන්ට විනාඩි 30ක කාලයකුත් සහ ඉන් ඉහළ වයස් කාණ්ඩවල දරුවෙකුට විනාඩි 45ක කාලයකුත් එක් අරමුණක සිට යම් කාර්යයක නිරත විය හැකි බවය. නමුත් එම සාමාන්‍ය තත්ත්වයෙන් මිදී සිටීම රෝගයෙහි මූලික රෝග ලක්ෂණයකි. උදාහරණයක් ලෙසට පන්ති කාමරයේ ගුරුවරයා පාඩමක් කියා දෙන විට වෙනත් අවධානයක සිටීම.  විශේෂයෙන්ම පාසල් වැඩ කිසිවක් මෙවැනි දරුවන්ට පිළිවෙළට කළ නොහැකිය.  


පොත් බෑගය, පොත් මේසය පිළිවෙළට තබා ගැනීම ආදී සුළු කාර්යයන් ද මගහරී.  


කරුණු ගොනු කිරීමට ඇති නොහැකියාව නිසාම රචනා ආදිය නිවැරදිව ලියන්නට නොහැකිවේ.  නිතරම තමා සතු දේවල් නැතිකර ගනී. පැන්සල්, මකන, වතුර බෝතල් පමණක් නොව පොත් බෑගය, සපත්තු දෙක ආදී මතකයෙන් ගිලිහී නොයනා සමහර දේ පවා.  


නිතරම අවධානය බිඳේ  


අධික ශබ්දයකදී හෝ වෙනයම් හදිසි තත්ත්වයකදී අවධානය බිඳීම සාමාන්‍ය දෙයක් වුවද මෙම මානසික තත්ත්වයෙන් පෙළෙනා දරුවන්ගේ නිතරම අවධානය වෙන තැනකට යොමුවේ. චිත්‍රයක් පාටකරමින් සිටිනා විට එය අතරමග නතර කර වෙනත් දෙයකට යොමුවේ. එයද ටික වෙලාවක් කර තවත් දෙයකට මාරු වේ.  අමතක වීමද නිතරම මෙවැනි දරුවන්ගෙන් දැක ගත හැකිය. පාඩම් වැඩ මතක තබා ගැනීමේ සිට පණිවිඩයක් කීම දක්වා අමතක වේ.  


අධි ක්‍රියාකාරිත්වය 

 
කිරිපණුගාය හැදී ඇති මෙන් නිතරම නළියයි.  


තොර තෝංචියක් නැතිව කියවීමට ප්‍රිය කරයි. ඇතැම් විට අදාළ නොවනා, වයසට උචිත නොවනා කතාවන් නිතරම කරයි.  


තැන්පත් බවින් අඩුය.  


නිතරම ඇවිදීමට ප්‍රියකරයි. පන්ති කාමරයේදී වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා පැයකට දෙතුන් වරක් පන්ති කාමරයෙන් පිටව යයි.  


ආවේගශීලී බව

  
ප්‍රතිඵලය ගැන නොසිතා ක්‍රියාකිරීමටත්, කතා කිරීමටත් පෙළඹේ. උදාහරණයක් ලෙසට සාමාන්‍ය කෙනෙකු වතුර වැටී ඇති තැනක අඩි තබමින් අනතුරක් වේයැයි යන බියෙන් ඇවිද ගියද මෙවැනි දරුවන්ට එවැනි අවදානම් ගැන එතරම් බියක් නැත. වැටෙන තෙක්ම එහි බරපතළකම ගැන නොතේරේ.  


තමාගේ වාරය එනතෙක් සිටීමේ හැකියාවක් නැත. (පෝලිම් පැනීම ආදී)  


සාධාරණ හේතුවක් නොමැතිව රණ්ඩු වීමටත්, අන් අය සමග ප්‍රශ්න ඇතිකර ගැනීමටත් පෙළඹේ.  


රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාර නොකිරීමෙන්  


දරුවාගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වේ.  


අනෙක් දරුවන් අතර කොන් වේ. (කරදරකාරී හැසිරීම නිසාම)  


ආත්මවිශ්වාසය බිඳ වැටේ. (අන් අය කොන් කිරීම නිසා)  


දඩබ්බර වැඩ කිරීම නිසාම දරුණු දේවල් පවා දරුවා අතින් සිදුවේ.  


ප්‍රතිකාර නොගන්නා දරුවන් නව යොවුන් වියට එළඹෙත්ම මත්වතුර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙන අතර සමාජ විරෝධී ක්‍රියාවන් කිරීමට ද මැළිකමක් නොදක්වයි.  


ප්‍රතිකාර (රජයේ රෝහල්වල ඇති මානසික වෛද්‍ය සායනවලින් නොමිලේ ප්‍රතිකාර ගත හැකිය.)  දරුවාගේ රෝගී තත්ත්වය පාලනය කර දරුවාගේ අවධානය දියුණු කිරීමට ඖෂධ ප්‍රතිකාර ලබාදීම කළ යුතුය. මනෝ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ පමණක්ම ඖෂධ භාවිතයට පෙළඹිය යුතු අතර ආරක්ෂාකාරීව, නියමිත මාත්‍රාවෙන් ඔෟෂධ ලබාදීමට වග බලා ගත යුතුය.  


මෙලෙස ලබාදෙන ඖෂධයක ක්‍රියාකාරිත්වය පැය 4-5 කාලයකට සීමාවෙන බැවින් එම කාලයේදී දරුවාට පාඩම් වැඩ කරන්නට සලස්වන්න.  දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද දරුවාගේ තත්ත්වය තේරුම් ගැනීමට කුසලතා වර්ධනය කරගත යුතුය. (පාඩම් කිරීමට තැනක්, දිනය සැලසුම් කරන කාලසටහනක් ආදී.) 


දරුවා තුළ විනයක් ඇති කළ යුතුය. අවශ්‍ය සෑම වේලාවකම සෙල්ලම් කිරීම වෙනුවට රූපවාහිනිය නැරඹීම වෙනුවට නියමිත කාලයක් වෙන්කරවා විනය පද්ධතියට අනුව කටයුතු කිරීමට මගපාදන්න.  දරුවා කරන හොඳ වැඩ නිතරම අගය කරන්න. පුංචි තෑග්ගක් ගෙනත් දීම, තරු ස්ටිකරයක් ලබාදීම, අත්පුඩි ගැසීම හෝ දරුවා කැමති දෙයකට අවස්ථාව දෙන්න.  


දිනකට අවම වශයෙන් පැය බාගයක්වත් දරුවා ළඟින් සිටිමින් ඔහු කැමති කාර්යයක නිරත වෙන්න. සිප ගැනීම, තුරුලු කරගෙන සිටීම, සෙල්ලම් කිරීම, පාඩම් වැඩ කියා දීම හෝ කතාන්දරයක් කියාදීම වැනි ඕනෑම දෙයක්.  


සැලකිලිමත් වෙන්න  මානසික රෝග කියූ සැණින් උමතු රෝග යන මිත්‍යාව මුල්බැස ඇති නිසාම බොහෝ දෙමාපියන් ළමා මනෝ වෛද්‍ය සායනවලට දරුවන් යොමු කිරීමට මැළිකමක් දක්වති.  නමුත් දරුවාගේ ක්‍රියාකාරිත්වයෙහි වෙනසක් ඇත්නම් එය හඳුනාගෙන දරුවා ප්‍රතිකාර සඳහා යොමු කිරීම දරුවාට මෙන්ම සමස්ත සමාජයටම සිදුකරනා යහපතකි.ක්ෂණයකි. එහි විවාදයක් නැත. නමුත් දරුවෙකු නිරතුරුවම තමාටත්, අන් අයටත් බාධාවක් වෙමින් හැසිරෙන්නේ නම් එය සාමාන්‍ය තත්ත්වයෙන් මිදුණු තත්ත්වයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම ඉතාම වැදගත්ය.   


සෑම දරුවන් සියදෙනෙකුගෙන් හතරදෙනෙකු (100:4) ඌන අවධානිත අධි ක්‍රියාකාරිත්වයෙන් පෙළෙනා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව පෙන්වා දී ඇති අතර ලංකාවේද ළමා මානසික ප්‍රතිකාර සඳහා පැමිණෙන වැඩිම දරුවන් පිරිසක් වාර්තාවෙන්නේ මෙම රෝගයට ලක්වූවන්ය. ගැහැනු දරුවන්ට සාපේක්ෂව පිරිමි දරුවන් අතර බහුලව මෙම රෝගය දක්නට ලැබේ.  


ඌන අවධානිත අධි ක්‍රියාකාරිත්වයට දරුවන් ලක්වීමට මූලිකම හේතූන් ලෙස හඳුනාගෙන ඇත්තේ ජාන සංකලනයකින් ඇතිවන තත්ත්වයක් (ජානමය හේතූන්) ලෙසය.

විශේෂයෙන්ම මොළයේ ඇති ස්නායු පරිණත වීමේදී ඇතිවන ගැටලුවකි. එසේ නොමැතිව මව නිසා හෝ පියා නිසා හෝ දරුවා මෙවැනි සංකූලතාවකට පත්වන්නේ යැයි ඍජුවම කිව නොහැකිය.  


රෝග ලක්ෂණ  


ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ විස්තර කෙරේ.  


අනවධානය

  
යම්කිසි දෙයක් එකම අවධානයක සිට කිරීමේ හැකියාවක් මොවුනට නැත. සාමාන්‍යයෙන් මනෝවිද්‍යාවේදී පෙන්වා දෙන්නේ පෙරපාසල් වයසේ පසුවන දරුවෙකුට විනාඩි 15ක කාලයකුත්, පළමු වැනි වසරේ සිට හය වසර දක්වා දරුවන්ට විනාඩි 30ක කාලයකුත් සහ ඉන් ඉහළ වයස් කාණ්ඩවල දරුවෙකුට විනාඩි 45ක කාලයකුත් එක් අරමුණක සිට යම් කාර්යයක නිරත විය හැකි බවය. නමුත් එම සාමාන්‍ය තත්ත්වයෙන් මිදී සිටීම රෝගයෙහි මූලික රෝග ලක්ෂණයකි. උදාහරණයක් ලෙසට පන්ති කාමරයේ ගුරුවරයා පාඩමක් කියා දෙන විට වෙනත් අවධානයක සිටීම.  විශේෂයෙන්ම පාසල් වැඩ කිසිවක් මෙවැනි දරුවන්ට පිළිවෙළට කළ නොහැකිය.  


පොත් බෑගය, පොත් මේසය පිළිවෙළට තබා ගැනීම ආදී සුළු කාර්යයන් ද මගහරී.  


කරුණු ගොනු කිරීමට ඇති නොහැකියාව නිසාම රචනා ආදිය නිවැරදිව ලියන්නට නොහැකිවේ.  නිතරම තමා සතු දේවල් නැතිකර ගනී. පැන්සල්, මකන, වතුර බෝතල් පමණක් නොව පොත් බෑගය, සපත්තු දෙක ආදී මතකයෙන් ගිලිහී නොයනා සමහර දේ පවා.  


නිතරම අවධානය බිඳේ  


අධික ශබ්දයකදී හෝ වෙනයම් හදිසි තත්ත්වයකදී අවධානය බිඳීම සාමාන්‍ය දෙයක් වුවද මෙම මානසික තත්ත්වයෙන් පෙළෙනා දරුවන්ගේ නිතරම අවධානය වෙන තැනකට යොමුවේ. චිත්‍රයක් පාටකරමින් සිටිනා විට එය අතරමග නතර කර වෙනත් දෙයකට යොමුවේ. එයද ටික වෙලාවක් කර තවත් දෙයකට මාරු වේ.  අමතක වීමද නිතරම මෙවැනි දරුවන්ගෙන් දැක ගත හැකිය. පාඩම් වැඩ මතක තබා ගැනීමේ සිට පණිවිඩයක් කීම දක්වා අමතක වේ.  


අධි ක්‍රියාකාරිත්වය  


කිරිපණුගාය හැදී ඇති මෙන් නිතරම නළියයි.  


තොර තෝංචියක් නැතිව කියවීමට ප්‍රිය කරයි. ඇතැම් විට අදාළ නොවනා, වයසට උචිත නොවනා කතාවන් නිතරම කරයි.  


තැන්පත් බවින් අඩුය.  


නිතරම ඇවිදීමට ප්‍රියකරයි. පන්ති කාමරයේදී වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා පැයකට දෙතුන් වරක් පන්ති කාමරයෙන් පිටව යයි.  


ආවේගශීලී බව  


ප්‍රතිඵලය ගැන නොසිතා ක්‍රියාකිරීමටත්, කතා කිරීමටත් පෙළඹේ. උදාහරණයක් ලෙසට සාමාන්‍ය කෙනෙකු වතුර වැටී ඇති තැනක අඩි තබමින් අනතුරක් වේයැයි යන බියෙන් ඇවිද ගියද මෙවැනි දරුවන්ට එවැනි අවදානම් ගැන එතරම් බියක් නැත. වැටෙන තෙක්ම එහි බරපතළකම ගැන නොතේරේ.  


තමාගේ වාරය එනතෙක් සිටීමේ හැකියාවක් නැත. (පෝලිම් පැනීම ආදී)  


සාධාරණ හේතුවක් නොමැතිව රණ්ඩු වීමටත්, අන් අය සමග ප්‍රශ්න ඇතිකර ගැනීමටත් පෙළඹේ.  


රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාර නොකිරීමෙන්  


දරුවාගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වේ.  


අනෙක් දරුවන් අතර කොන් වේ. (කරදරකාරී හැසිරීම නිසාම)  


ආත්මවිශ්වාසය බිඳ වැටේ. (අන් අය කොන් කිරීම නිසා)  


දඩබ්බර වැඩ කිරීම නිසාම දරුණු දේවල් පවා දරුවා අතින් සිදුවේ.  


ප්‍රතිකාර නොගන්නා දරුවන් නව යොවුන් වියට එළඹෙත්ම මත්වතුර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙන අතර සමාජ විරෝධී ක්‍රියාවන් කිරීමට ද මැළිකමක් නොදක්වයි.  


ප්‍රතිකාර (රජයේ රෝහල්වල ඇති මානසික වෛද්‍ය සායනවලින් නොමිලේ ප්‍රතිකාර ගත හැකිය.)  දරුවාගේ රෝගී තත්ත්වය පාලනය කර දරුවාගේ අවධානය දියුණු කිරීමට ඖෂධ ප්‍රතිකාර ලබාදීම කළ යුතුය. මනෝ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ පමණක්ම ඖෂධ භාවිතයට පෙළඹිය යුතු අතර ආරක්ෂාකාරීව, නියමිත මාත්‍රාවෙන් ඔෟෂධ ලබාදීමට වග බලා ගත යුතුය.  


මෙලෙස ලබාදෙන ඖෂධයක ක්‍රියාකාරිත්වය පැය 4-5 කාලයකට සීමාවෙන බැවින් එම කාලයේදී දරුවාට පාඩම් වැඩ කරන්නට සලස්වන්න.  දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද දරුවාගේ තත්ත්වය තේරුම් ගැනීමට කුසලතා වර්ධනය කරගත යුතුය. (පාඩම් කිරීමට තැනක්, දිනය සැලසුම් කරන කාලසටහනක් ආදී.) 


දරුවා තුළ විනයක් ඇති කළ යුතුය. අවශ්‍ය සෑම වේලාවකම සෙල්ලම් කිරීම වෙනුවට රූපවාහිනිය නැරඹීම වෙනුවට නියමිත කාලයක් වෙන්කරවා විනය පද්ධතියට අනුව කටයුතු කිරීමට මගපාදන්න.  දරුවා කරන හොඳ වැඩ නිතරම අගය කරන්න. පුංචි තෑග්ගක් ගෙනත් දීම, තරු ස්ටිකරයක් ලබාදීම, අත්පුඩි ගැසීම හෝ දරුවා කැමති දෙයකට අවස්ථාව දෙන්න.  


දිනකට අවම වශයෙන් පැය බාගයක්වත් දරුවා ළඟින් සිටිමින් ඔහු කැමති කාර්යයක නිරත වෙන්න. සිප ගැනීම, තුරුලු කරගෙන සිටීම, සෙල්ලම් කිරීම, පාඩම් වැඩ කියා දීම හෝ කතාන්දරයක් කියාදීම වැනි ඕනෑම දෙයක්.  


සැලකිලිමත් වෙන්න  මානසික රෝග කියූ සැණින් උමතු රෝග යන මිත්‍යාව මුල්බැස ඇති නිසාම බොහෝ දෙමාපියන් ළමා මනෝ වෛද්‍ය සායනවලට දරුවන් යොමු කිරීමට මැළිකමක් දක්වති.  නමුත් දරුවාගේ ක්‍රියාකාරිත්වයෙහි වෙනසක් ඇත්නම් එය හඳුනාගෙන දරුවා ප්‍රතිකාර සඳහා යොමු කිරීම දරුවාට මෙන්ම සමස්ත සමාජයටම සිදුකරනා යහපතකි.

 

 

 

සටහන - අසුන්තා එදිරිසූරිය