ඉපදුණු වේලාව අනුව මැණික් පලඳින්නේ කොහොමද ?


ජ්‍යෝතිෂය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද?

 

 

උපන් මාසයට හා අංක විද්‍යාවට අනුව මැණික් පැලඳවීම් ගැන අපි ඉකුත් සතිවල කතා කළෙමු. මේ ගැන වැඩිදුරටත් විස්තර අපි මෙවර කතා බහ කරමු.   


ඉපදුණු වර්ෂය, මාසය, දිනය තනි අංකයකට එකතු කළ විට ලැබෙන අංකයට දෛව අංකය යැයි කියයි. මෙහිදී ‘0’ ශූන්‍ය අගයක් ලෙස සලකන නිසා ඒ ගැන නොසලකා හරියි. අංක 1 සිට 9 දක්වා අංක පමණක් අංක විද්‍යාවේදී සලකා බැලෙයි.   


දෛව අංකය යනු පෙර භවවල ඔබ රැස් කළා වූ කුසලා කුසල ගැන හඳහනේ නව ග්‍රහයන්ගෙන් පෙන්වනවා සේ තමන්ට සුවිශේෂී අංකයයි. මෙය තමන්ට දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව තමන් පොළඹවන අංකය ලෙසත්, තමන්ට හිමි අංකය ලෙසත් හඳුන්වනවා. 

 
මේ අංකය තමන්ට නොයෙක් ආකාරයෙන් ප්‍රයෝජනය ගැනීමට හැකියාව තියෙනවා. විශේෂයෙන් හඳහනක් නැති කෙනෙකුට එහෙමත් නැති නම් උපන් වේලාවක් නැති කෙනෙකුට මෙයින් ප්‍රයෝජන ගැනීමේ හැකියාවන් බොහෝමයි. මේ ආකාරයෙන් තමන්ගේ ජීවිතයේ පහුගිය සිදුවීම් එක්ක ගළපලා තමන්ට තේරුම් ගන්න පුළුවන් මේ අංකය කොතරම් දුරට තමන්ට සහයෝගය දැක්වූවාද නැද්ද කියලා. මේ කතා කළේ දෛව අංකය ගැනයි.   


1985-08-15 යන උපන් දිනය ගනිමු. මෙහි අවසානයට එන අංක 15 ගැන අපි දැන් බලමු. මාසයක දින අංක එ​ෙක් සිට 28-30-31 දක්වා දිනයන් තියෙනවානේ. මේ මාසය කියන එකයි අපි ඡන්ම අංකය කියලා ගන්නේ.   


අපි මුලින් කී උද‌ාහරණයේ උපන් දිනය එනම් 15 වැනි දිනය අපි ජන්ම අංකය ලෙස ගන්නේ 1+5=6 ලෙසයි. ඉපදුණු දිනය තමයි එතකොට ජන්ම අංකය කියන්නේ. දැන් ඔබ ඡන්ම අංකය දෛව අංකයයි. වෙන වෙනම තෝරාගන්න විදිය දන්නවා.

 

   

 


ජ්‍යොතිෂය සමග අංක විද්‍යාවේ වාසනා අංකය අපි මීළඟට බලමු. වාසනා අංකය හරි තීරණාත්මකයි. වාසනා අංකය ඉබේ හද‌ාගන්න දෙයක් නොවේ. රේල් පීල්ලක පීලි දෙකක් තියෙන්නා සේ එක හා සමාන ගමනක් යෑමට දෛව අංකයට හා ජන්ම අංකයට ගැළපෙන සේ නමක් වැටුණොත් අංක විද්‍යානුකූලව ඒ එකතුත් බලලා අපි එයට වාසනා අංකය කියනවා. එයට අපි ගැළපෙන නමක් උචිත නමක් කියා කියනවා.   


එතකොට ජ්‍යෝතිෂයේදී විවිධාකාර අකුරු දීලා නියම විදියට ශබ්ද දෝෂ ආදී සියල්ල ඉවත් වන ලෙස තමයි නම් ද‌ාන්​ෙන්. අංක විද්‍යාවෙත් එහෙමයි.   


ඒ නිසා යම් ජන්ම හිමියකුට මේ දෛව අංකයට සහ සහයෝගය දක්වන්න පුළුවන් ආකාරයට වාසනා අංකය යොදුණොත් අර රේල් පීලි දෙකක ධාවනය වන දුම්රියක් වගේ වාසනාව උද‌​ා වෙන්න නිතැතින්ම හේතු වෙනවා.   


බටහිර රටවලදී නම් මෙසේ නම් නොගැළපීම් වුවොත් එහෙම ඔවුන් පසුව ඒවා ගැළපෙන ආකාරයට වෙනස් කර ගන්නවා. ලංකාවේ ඒ තත්ත්වය අඩුයි.   


යම්කිසි විදියකින් පෞද්ගලික අංකය ලෙස හඳුන්වන්න අපි පෙළඹෙනවා. මම මේ කියන වාසනා අංකය, නමේ තියෙන එකතුව නියමාකාරයෙන් නොවුණොත් ඒක පෞද්ගලික අංකය. නමුත් පෞද්ගලික අංකය වාසනා අංකය කර ගත යුතුයි. ඒක නිසා හිතුමතේට නම් දැමීම ගැන විශේෂයෙන්ම සැලකිය යුතුයි. අපි නම් ද‌ාන කොට සමහර නම් ද‌ාන්නේ තමන්ගේ ජන්ම අංකයට. දෛව අංකයට සහයෝගයක් නොමැතිව හඳහනම නොදීම නිසා ඒ ජන්මියා උසස් තත්ත්වයකට නම බැබලීමට හේතු සාධක වෙන්නේ නැහැ.   
අපි ඕනෑම කෙනෙකුට නමක් තියෙනවා. සතෙකුට පවා. එතකොට මෙතනදී විශේෂයෙන් නම් ගැන කතා කරන කොට තම නම හොඳින් තිබීම දීප්තිමත්ව තිබීම ඉස්සරහට යෑමට හේතු සාධක වෙනවා. සමහර නම් වල බොහෝම නොගැළපෙන නම් අද සමාජය තුළ තියෙනවා. විශේෂයෙන් විවාහ දෝෂ බහුල අය ‘කා’ යන්නෙන් නම් ඉවර වීම හුඟාක් අසුබ තත්ත්වයක් පෙන්නුම් කරනවා.   

 


ඒවගේම රවි කියන අක්ෂරය යෙදීම නරකයි කියා නොදන්න අය කියනවා. ඒකේ කිසිම නරකක් නැහැ. රවි කියන අක්ෂරය නමකට වැටුණොත් ඒක ඉතාමත් ප්‍රබල තත්ත්වයකට පත් වෙන්න හේතුවක් වෙනවා.   


ලෝක බලවතුන් ගැන අපි උද‌ාහරණ කීපයක් ගනිමු. ‘ර’ යන්නෙන් නම් ඇති උද‌ාහරණ කීපයක් තියෙනවා. උද‌ාහරණයක් ලෙස රටේ නායකයා වන මෛත්‍රීපාල සිරි​ෙස්න කියන නමේ ‘ර’ දෙපළක තියෙනවා. මහින්ද රාජපක්ෂ කියන එකෙත් ‘ර’ තියෙනවා. එතනින් ගියාම රනිල් වික්‍රමසිංහ ‘ර’ යනු දෙකයි. එයාකාරයෙන් ගත්තොත් ඔබට තේරුම් යාවි මේ ‘ර’ යනු යෙදීම තුළ කොයිතරම් ප්‍රබලත්වයක් ගොඩ නැගිලා තියෙනවා කියලා. මේ ගැන කියද්දී මට තවත් ප්‍රබල උද‌ාහරණයක් මතක් වෙනවා.   


1996 දී ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනූ කණ්ඩායම් මුල ඉඳන් පහළට බැලුවොත් ක්‍රීඩකයෝ එකළොස් දෙනාගේම මේ ‘ර’ යන්න තියෙනවා. උද‌ාහරණයක් ලෙස අර්ජුන රණතුංග, ඊළඟට උපනායක වෙච්චි අරවින්ද ද සිල්වා, පිතිහරඹයේ ලොකු හරඹයක් කරපු සනත් ටෙරාන්ස් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඔය වගේ ගණනාවක් ඔබට පෙනී යයි. ඒ නිසා ඔබට මෙහිදී පැහැදිලි විය යුතුයි. ‘ර’ යන්නේ කිසි විදියක නරක අකුරක් නොවෙයි.   


අංක විද්‍යාත්මකව ‘ර’ යන්නේ එකතුව ‘9’ නවය අධිපති වන්නේ අඟහරුට අඟහරුගේ ජීවය, බලය දෙන අය ඉතාම ප්‍රබල තත්ත්වයකට එනවා. ඒ නිසා දෛව අංක, ජන්ම අංක, වාසනා අංක නිසි ලෙස ගැළපීම ඉතාම වැදගත් වෙනවා.   


ඒ නිසා එසේ නොසෑදුවොත් අර දෛව අංකවලට ජන්ම අංකවලට සහයෝගයක් දෙන්න බැරි වෙනවා.   


යම් කිසි විදියකින් හඳහනක් නැති කෙනෙකුට තමන් පොරොන්දම් බැලීමේදී විශේෂයෙන් වාහන මිලදී ගැනීම්, නිවාස වතුපිටි මිලට ගැනීම්, විදේශ රටවලට යෑමේදී තමන්ට සුදුසුකම් ​දේ තොරා ගැනීමේදී තමන්ට මේ අංක විද්‍යාව මේ අංක හරහා හැකියාවක් තියෙනවා.   


ඒ වගේම තමයි තමන් වඩාත්ම භාවිත කළ යුතු වර්ණය, හින්දු දේවතා ක්‍රමය අනුව තමන්ට වඩාත්ම බැල්ම තියෙන දෙවියන් හඳුනා ගැනීමටත් හැකියාව තියෙනවා. ඒ නිසා මේ අංක විද්‍යාව ජ්‍යෝතිෂයත් එක්ක එකතු කරන් ගියොත් තමන්ට වඩාත් හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්.   


ඒ නිසා මම මුලින් කීවේ මැණික් පලඳින විට නිවැරදිව පැලඳිය යුතුයි කියලා. එසේ නොමැතිව කිසිදු සම්බන්ධයක් නැතිව කිසිම දෛව අංකයකට හෝ ජන්ම අංකයකට හෝ වාසනා අංකයකට මැණික් පැලඳීම නුසුදුසු වෙන්නේ ඒකයි.   


ජ්‍යෝතිෂයේ තවත් අංක තියෙනවා තමන්ට යහපත උද‌ාවෙන. තමන්ගේ පෞද්ගලික අංකය ගත්තාම නමේ කොටස් දෙකක් තුනක් තියෙනවා.   


ඒ අනුවත් විග්‍රහ වෙනවා. එතකොට තමන්ගේ දක්ෂකම්වලට පෙළඹවීම් කරන ආත්ම පෙළඹවීම් අංක තියෙනවා.   


ඒ වගේම සෞඛ්‍ය අංකත් තියෙනවා. තමන්ගේ මොන මොන සෞඛ්‍ය පීඩාද තියෙන්නේ කියලා එහි තියෙනවා. එතකොට ජයග්‍රාහී වසර, මාස හඳුනා ගැනීමේ අංක තියෙනවා. එයින් පුද්ගලික වශයෙන් තෝරාගන්න පුළුවනි. මේ මේ කාලසීමාවන් හිදී මේ මේ දේවල් කිරීමට සුදුසු කියලා.   


අංක විද්‍යාව හා මැණික් සම්බන්ධය ගහට පොත්තක් සේ සම්බන්ධයි. අතීතයේ විවිධ රජවරු වැනි යම් යම් චරිත තමන්ගේ නමේ බලපෑම් වෙනස් කරගන්න එය ලියන ක්‍රමය වෙනස් කර ගත්තා. යම් කිසි නමක වරදක් තිබුණොත් කිසිවෙක් අධෛර්යවත් වෙන්න එපා. ඉංග්‍රීසි අක්ෂරවලින් එය ලියන විදියෙත් ඒ දෝෂ තත්ත්වය වෙනස් කර ගන්න පුළුවනි නම් හුඟක් නම්වලට හැකියාවක් ලැබිලා තියෙනවා. විවාහ දෙ​ා්ෂ ඇති කරන දරුවන්ගේ මුරණ්‍ඩුකම් ඇති කරනා ඉගෙනීමට බාධා ඇති කරන, විශේෂයෙන් සෙම ආදී බාධා ඇති කරන, අප්‍රකටභාවය කීර්තියක් ගෙන නොදෙන නම් වැටිලා තියෙනවා. ඒ නිසා ඒවා බලා වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා.   


විශේෂයෙන් උප්පැන්නයෙන් වෙනස් විය යුතු නැහැ. ඒක කතාබහෙන්, තමන් කරන ලිපි කටයුතුවලින් ඒවා වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. මේවා උප්පැන්නයෙන් වෙනස් කර ගැනීමේ අදහසක් වැරදි ලෙස අප සමාජයේ තියෙන නිසා තමයි නම් වෙනස් කිරීම අපේ රටේ ඇති වෙන්න ඇත්තේ.   


ඒ වගේම අපේ අයගේ අදහසක් තියෙනවා යම් කිසි විදියකින් එසේ වෙනස් කරපු නමක් ඇති අයට ඒ නමින් කතා කරන්න කැමති වෙන්නේ නැහැ.   


මම දන්න ප්‍රසිද්ධ සමාගම් තියෙනවා පෙර නමින්ම නැතිව අලුත් නම් භාවිත කරනවා. අපේ ගුවන් සේවයත් එහෙමයි. එතකොට ඒ ලෙස වෙනස් කරලා තිබුණාම මිනිස්සු අලුත් නම කතා කළාට කෙනෙක් තම පුද්ගලික නමක් ඒ ලෙස වෙනස් කර ගත්තම ඒ නමින් අමතන්න කැමති නැහැ. එහෙම වෙනවා නම් හොඳයි. මේ තියෙන දේවල් වෙනස් කරගන්න පුළුවන්. 

 

 

පුෂ්පා වීරසේකර