“සජිත් එනවා” ජන රැලි මාලාවක් රට පුරා


(නිමල කොඩිතුවක්කු)   

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස ඉල්ලමින් “සජිත් එනවා” තේමාවෙන් ඉදිරි සතියේ සිට රට පුරා රැස්වීම් මාලාවක් සංවිධානය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් සැලසුම් කර තිබේ.   

“සජිත් එනවා” තේමාවෙන් බදුල්ල නගරයේ පැවැත්වූ රැළියේ සාර්ථකත්වය පදනම් කරගනිමින් මෙම රැස්වීම් මාලාව සැලසුම් කර ඇත.   


ඒ අනුව මෙහි ඊළඟ රැළිය ලබන 23 වැනිදා මාතර දී සහ මාතලේ දිස්ත්‍රික්ක ඉලක්ක කරමින් පැවැත්වීමට නියමිතය.   


මෙම රැළිවලින් අනතුරුව සෑම දිස්ත්‍රික්කයක්ම ඉලක්ක කරමින් “සජිත් එනවා” ජන රැළි පැවැත්වීමට සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.