‘හිස්බුල්ලාගේ සරසවිය’ රජයට පවරා ගනියි?


(අජන්ත කුමාර අගලකඩ)  

කාත්තන්කුඩි පිහිටි ‘බැටිකලෝ කැම්පස්’ ආයතනය රජයට පවරා ගැනීමට අවධානය යොමු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද බැටිකලෝ කැම්පස් ආයතනය පසුගිය කාලයේ දැඩි ආන්දෙ‌ා්ලනයකට ලක්විය.  


සෞදි අරාබියෙන් ලැබුණු රුපියල් කෝටි 300 ක පමණ මුදලක් වැය කරමින් මෙම ආයතනය ආරම්භ කර ඇති බවටත් එම මුදල් ලැබුණු ආකාරය සැක සහිත බවටත්, පසුගිය කාලයේ චෝදනා එල්ල වී තිබිණි.  


 පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙම බැටිකලෝ කැම්පස් ආයතනයට එරෙහිව දැඩි විරෝධයක් මතු වූ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සමුළුවට හිස්බුල්ලා මහතා ද කැඳවනු ලැබීය.  


මේ අතර බැටිකලෝ කැම්පස් ආයතනය පිළිබඳ පරික්ෂණයක් කළ පාර්ලිමේන්තු අධ්‍යාපන ආංශික කාරක සභාව එම ආයතනය රජයට පවරා ගන්නැයි සිය වාර්තාව මගින් ද නිර්දේශ කර තිබිණි.  


 ඒ අනුව එම ආයතනය රජයට පවරා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.