‘ලිමොසින්’ වාහනයකින් ඡන්දෙ කරන අපේක්ෂකයෙක්


(දයාසීලි ලියනගේ)  

මෙවර තරග වදින දේශපාලනඥයෙක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලිමොසින් වාහනයක් ඇතුළු වාහන 15 ක් යොදවා තිබෙන බව වාර්තා වේ.  


මෙම වාහන බොහොමයක අපේක්ෂකයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් පවතින බව ද සඳහන් වේ. අද‌ාළ ප්‍රදේශය පුරාම මෙම වාහන අද‌ාළ අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදවා තිබෙන බව ද සඳහන් වේ.  

මෙහිදී සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය වීම පිළිබඳව මැතිවරණ කොමිසමේ කිසිදු නියෝජිතයෙක් පියවරක් ගෙන නැති බවට පැමිණිලි ඇත.