​පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ඔක්තෝබර් 10 වැනිදා


(අජන්ත කුමාර අගලකඩ)   

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන ඔක්තෝබර් මස 10 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වීමට නියමිත බව එම පක්ෂ ආරංචිමාර්ග කියයි.   

එම ප්‍රතිපත්ති ප්‍රකාශනය වෘත්තියවේදීන් හා විද්වතුන්ගෙන් යුත් කමිටුවක් මගින් මේ වනවිටත් සකස් කරමින් පවතින බව ද එම පක්ෂ ආරංචිමාර්ගවලින් පැවසේ.   


මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන මස 11 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පක්ෂයේ මහ සමුළුවේ දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.   


එදින ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ සහභාගිත්වයෙන් සතියක් පුරා දිවයිනේ ප්‍රධාන පෙළේ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.