​පොදු ප්‍රවාහනය අරඹන ඒකමතික තීරණයට අපි විරුද්ධයි


පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංමයේ සභාපති ගැමුණු විජේරත්න  

 

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ලබන සඳුදා (08) සිට පොදු ප්‍රවාහන සේවය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය ගෙන ඇති ඒකමතික තීරණයට දැඩි විරෝධයක් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් එල්ල වෙයි.  

සැලසුමකින් තොරව මෙම ප්‍රවාහන සේවාව ආරම්භ කිරීමට විරෝධය පළ කරන බවත්, මේ මොහොතේ සිට හෝ ප්‍රවාහන සේවය ප්‍රතිව්‍යුහගත කරන ලෙසත්, එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කර සිටියි.  


ප්‍රවාහන සේවය යළි ආරම්භ කිරීමේදී ප්‍රවාහන ඇමැතිවරයා පෞද්ගලික බස් හිමියන් සමග සාකච්ඡා නොකොට වෙනත් පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා කිරීමට දැඩි විරෝධය පළ කරන බව ඔහු සඳහන් කළේය.   


මේ නිසා සෑම අවස්ථාවකදීම දුරස්ථභාවය ආරක්ෂා කරන ක්‍රමවේදය තුළ බස් රථවල දුරස්ථභාවය ආරක්ෂා කිරීම පිළිබඳ ගැටලු රැසක් මතු වී ඇතැයි ද, මගීන් පෞද්ගලික බස් රථවල ගමන් කිරීම ප්‍රතික්ෂේප කරන අතර, දැනට පෞද්ගලික බස් රථ ධාවනය වන්නේ 50%ක් බව ද ඔහු පැවසීය.