​කොළඹ සුපිරි ඉඩමට ඇමැති දෙදෙනකුගේ පොරයක්


(ජයන්ත සමරකෝන්)  
කොළඹ නගරය මධ්‍යයේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ ඇමැතිවරුන් දෙදෙනකු අතරේ උග්‍ර ගැටුමක් හටගෙන අැති බව වාර්තා වේ.  


රථ ගාලක් පැවැත්වීමට මෙම ඉඩම අවශ්‍ය බව එක් ඇමැතිවරයෙක් බලපෑම් කර තිබෙන අතර, තවත් ඇමැතිවරයෙක් ප්‍රකාශ කර ඇත්තේ දැනට පවත්වන ස්වයං රැකියා වෙළඳ මධ්‍යස්ථානය දිගටම පවත්වාගෙන යායුතු බවයි.  

මෙම භූමිය පර්චස් 25කි.  


ස්වයං රැකියා මධ්‍යස්ථාන 292ක් මෙම ඉඩමේ පවත්වාගෙන යන අතර එයින් නගර සභාවට කුලී ගෙවා ඇත්තේ වෙළඳ කුටි 20ක් පමණක් බව කියති. හිඟ කුලිය රුපියල් කෝටි 8 1/2කි. 2012 සිට මේ දක්වා ගෙවා ඇති කුලී මුදල රුපියල් 5,41,000කි. හිඟ වසර 10 කට ආසන්න කාලයකට මෙම ස්වයං රැකියා ආයතනවලින් කෝටි ගණනක මුදලක් හිඟ හිට තිබෙන බවද සඳහන් වේ.