හොරපාරෙන් ගෙන ආ කහ ටොන් දසලක්ෂයම වනසන්න යයි ?


වටිනාකම රුපියල් මිලියන 768යි 

(දයාසීලි ලියනගේ)   

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වීමේ හේතුවෙන් ප්‍රතිඅපනයනය කිරීමට නියම කරන ලද කහ ටොන් දසලක්ෂයක් දැන් මෙරටදීම විනාශ කිරීමට යන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි. 

කන්ටේනර් 62 කින් ආනයනය කර ඇති මෙම කහ තොගයේ වෙළෙඳ පොළ වටිනාකම රුපියල් මිලියන 768 ක් බව සඳහන් වේ.   


මෙම කහ තොගය ප්‍රතිඅපනයනය කිරීමේදී අපනයනකරුවන් ගෙවිය යුතු දඩ මුදල මෙතෙක් ගෙවා නැති අතර ඊට අමතරව රාජ්‍ය මට්ටමේ ගැටලු ගණනාවක්ද ඉදිරිපත් වී තිබෙන බව දැනගන්නට ඇත.   
කෙසේ වෙතත් මෙම කහ තොගය ප්‍රතිඅපනයනය කරනවාද? විනාශ කරනවාද යන්න පිළිබඳව පැහැදිලි තීරණයක් ගැනීමට රේගුව අපො​හොසත් වී සිටින බවද දැනගන්නට ඇත.   


ප්‍රතිඅපනයනය කිරීමට නියම කරන ලද මෙම කහ තොගය එසේ නොකිරීම දැනට ගැටලුවක් වී ඇති බව වාර්තාවේ.