හිටපු ජනපති මහින්දගේ රූපය කූඨ ලෙස ඡන්ද ප්‍රචාරයට යොදාගෙනලු


(දයාසීලි ලියනගේ) 
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපය ඉදිරිපත් කරමින් බුලත් කොළයට ඡන්ද ලබා ගැනීමට මේ රජයේ ඇතැම් දේශපාලනඥයන් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ගෙන යන බැවින් ඒ සඳහා විමසිලිමත් වෙන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලුම ආසන සංවිධායකවරුන්ට උපදෙස් දී ඇත. 


මෙම පක්ෂයේ සියලු කටයුතු විනිවිදභාවයෙන් සිදුවන අතර රජයේ ඇතැම් මැති ඇමැතිවරු වංචනිකව ඡන්දය ලබා ගැනීමේ මෙහෙයුමක නිරත වී සිටින බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීය. 


මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයෙන් නෙරපා හැරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.