හිටපු ජනපති දෙදෙනෙක් මහඡන්දයට තරග බිමේ


(අජන්ත කුමාර අගලකඩ)  

ලබන අප්‍රේල් මස අගදී පැවැත්වීමට නියමිත මහමැතිවරණයට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු ද තරග කරනු ඇත.  

ඒ හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ය.  
අගමැති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ද තරග කරන අතර, දෙදෙනාම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන්ම තරග කිරීම විශේෂත්වයකි.  


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 අගෝස්තු මස පැවැති මහ මැතිවරණයට ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ පළමුවැනියා බවට පත්විය.